යාපනය සරසවි සිසුන් මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් කලු ජූලිය සමරයි…
July 26, 2020 at 4:40 pm | lanka C news
1983 ජූලි 23 වනදා ඇරඹුනු කලු ජූලිය හේතුවෙන් මිය ගිය දෙමළ ජනතාව සිහිපත් කරමින් 37 වන කලු ජූලිය සැමරුම් වැඩසටහනක් යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් සමරනු ලැබීය.
පසුගිය වසරවලදී කලු ජූලි සැමරුම වෙනුවෙන් යාපනය සරසවියේ සිසුන් විශාල පිරිසක් සහභාගී වුවද මෙවර කොරෝණා අවධානම හේතුවෙන් සරසවි සිසුන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වී සරසවියේ ශාලාවක් තුලදී සැමරීම සිදු කෙරිණි.
කලු ජූලියේදී මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් මෙතෙක් සාධාරණයක්ද ඉටු නොවූ බවටත් යුද්දෙන් මිය ගිය හා අතුරුදහන් වූ ජනතාවටද කිසිදු සාධාරණත්වයක් ඉටු නොවී ඇති බැවින් හැකි ඉක්මනින් ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන ලෙසට කලු ජූලි සැමරුම සිදු කරන ලද සිසුන් වැඩි දුරටත් පැවසූහ
– වන්නි රොමේෂ් මධුෂංඛ