දෙමළ ජනතාව SF දිනවිය යුතුයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
දෙමළ ජනතාව SF දිනවිය යුතුයි

රට විනාශය කරා යන ගමන වළක්‌වා ගැනීමට දෙමළ ජනතාව ජෙනරාල් දිනවිය යුතුයි - සම්බන්ධන් දේශීය 2010 ජනවාරි 22 වෙනි සිකුරාදා, 07:46
sambandan.jpg
රට විනාශය කරා යන ගමන වළක්‌වා ගැනීමට මෙම මැතිවරණයේ දී දෙමළ කතා කරන සියලු දෙනාම සරත් ෆොන්සේකා දිනවීම සඳහා ඡන්දය පාවිච්චි කළ යුතුයි යනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධානය මගින් "ත්‍රිකුණාමලය දෙමළ භාෂාව කතා කරන ජනතාව ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කළ යුත්තේ කාටද?" යන මැයෙන් ත්‍රිකුණාමල නගර ශාලාවේදී ඉකුත් 20 වැනිදා පැවැත්වූ රුස්වීමකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.


මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා සුළු ජාතීන්ගේ සිතුම් පැතුම් ගැන වචනයට පමණක්‌ සීමාකර කටයුතු කරනවා. 2011 දක්‌වා ඔහුට බලයේ සිටීමට හැකි වුණත් කඩිනමින් ජනාධිපතිවරණය කැඳවූවා. යුද්ධය ඉවර කළ පමණින් දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ සියලු ප්‍රශ්න ඉවරයි කියා හිතුවා.

දෙමළ ජනතාව ජනාධිපති අපේක්‍ෂකයන්ට විකිණෙන්නේ නැහැ. මහින්ද ජනාධිපතිවරයා සමගත් විපක්‌ෂ නායකයා ඇතුළු ජනරාල් ෆොන්සේකා සමගත් අපි කිහිප විටක්‌ කතා කළා. රජය දෙමළ භාෂාව කතා කරන ජනතාව ගැන එතරම් වගකීමකින් කතා කළේ නෑ. දෙමළ ජාතික සන්ධානය ඡන්ද පදනමක්‌ නොමැති බවට සිතුවා. උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය ගැන පූර්ණ විශ්වාසයකින් කටයුතු කරනවා.

අද වාකරේ, කදිරවේලි, සාම්පූර්, කුච්චවෙලි ප්‍රදේශවල දමිළ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්කරලා. ලක්‌ෂ ගණනක්‌ අනාථ කරලා. ජනතාවගේ ඉඩම් කොල්ල කාලා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවා මේවාට යහපත් ප්‍රතිචාර. නමුත් හරිහැටි පිළිතුරක්‌ ලැබුණේ නෑ. දැන් යුද්ධ අවශ්‍ය නෑ. 1983 ට කලින් පැවැති තත්ත්වය දෙමළ භාෂාව කතා කරන ජනතාව සිටින ප්‍රදේශවල ඇති කළ යුතුයි."