දෙරණ රාවණාට බුද්දගෝෂ බෞද්දයෝ කිපෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කලු සුද්දොයි එන්ගලන්තේ ලොකු කරගෙන ඉන්න සුද්දොයි කොහොමත් රාවණා පිලිගන්නේ නෑ .ඒකට හේතු කිහිපයක් තියනවා .රාවණා යුරෝපේ හිටියනම් මුන් පිලිගන්නවා .ආසියාතික රටක මෙතරම් බලවතෙක් හිටියයි කියලා පිලිගත්තොත් සුද්දගේ මාන්නෙටයි පහර වදින්නේ .අනික චීනයට හිතවත් රටක මෙතරම් බලවතෙක් හිටියයි කිව්වොත් මේ රටේ හීනමානේ අයින්වෙලා රට දියුණු වෙලා බටහිරට අභියෝග කරන රටක් බවට පත් වෙනවා . අනික ශබ්ද විද්යාව, කුණ්ඩලනී ,අධිමානසික හැකියා ගැන සුද්දෝ දන්න බම්බුවක් නෑ . :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2500 එහා දියුණු අතිකයක් තිබ්බා කියලා පිලිගන්න සුද්දට රෙද්ද උස්සපු අච්චිලාගේන් පැවත එන මුණුබුරන් කැමති නැහැ යාළුවා ඒවට කියන්නේ ජානමය ලක්ෂණ කියලා:D:D:D:P

    :yes::yes::yes:
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    මම මේකේ ට්‍රෙලර් එක බලල නාට්‍යය ගැන ගොඩක් බලාපොරුතු තියං හිටිය ඇත්තටම. තාම එක එපියයි බැලුවෙ හිතපු තරං ගතියක් නෑ:rolleyes: කොහොමත් නිර්මාණයට වඩා ට්‍රේලර් එක ලස්සන වෙන වෙලාවල් තියෙනවනෙ.

    වැදගත්ම කාරණාව තමයි රාමානයන කියන්නෙ හර්කියුලිස් වගේ epic ගණයට අයිති වෙන කතාවක් විතරයි. ඒක ලිව්වෙ වාල්මිකී කියන කතුවරය. කතාවෙ දුෂ්ඨය ට විශේෂ බලයන් තියෙන කොට තමයි කතාව රසවත් වෙන්නෙ ඒ නිසා රාවණාට අරුම පුදුම බලයන් තියෙන කෙනෙක් බවට පත්කළා. රාවණා ලාංකික රජකෙනෙක් කියල කිව්ව නිසා අපේ සමහර අය චූන් වුනා. රාමායනය මහා භාරත් වගේ ඉන්දියන් වීර කාව්‍ය ලස්සනයි ඒත් ඒක ලංකාවෙ ඉතිහාසයත් එක්ක පටලවා ගන්න. එපා විජය රජතුමා එන්න කලින් අපට ශිෂ්ඨාචාරයක් තිබුන නමුත් රාවණ මිත්‍යාව, හුදු මිත්‍යාවක්ම මිස කිසිඳු ඓතිහාසික පසුබිමක් නොමැති ලේඛකයෙකුගේ ප්‍රබන්ධයක්ම වන නිසාය. පැහැදිලි පුරා විද්‍යාත්මක සාධක වලින් මේ ප්‍රබන්ධය ඔප්පු කිරීමට අද වන තුරු කිසිඳු පුරා විද්‍යා පර්යේෂකයෙකුට හැකි වී නැත. නාට්‍යය හොඳින් රස විදින්න නමුත් මේක හෙලයන්ගේ ඉතිහාසය කියල බොරුවට පුරාජේරු කියන්න නං එපා..
    :baffled:

    සිරා බන්. රාවණා ඇත්ත එකෙක් කියලා හිතන්නේ සමහර එවුන්
    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    සිරා බන්. රාවණා ඇත්ත එකෙක් කියලා හිතන්නේ සමහර එවුන්
    :lol::lol::lol::rofl::rofl::rofl:

    Suddo godak Atlantis Aththa kiyala hithanawa. Indian Sub eke Ravan Rama Aththa kiyala hithanawa. Mokada ginnak nathiwa dumak naginne nathi nisa. Hemadema parikalpanaya karana liyana manakkalpitha kathaa sampradayak a kale thibbe nathi nisa. 50%k hoa aththak Athi. Purawidyathmaka sakthi ithuru wenne na ek shishtacharayak uda thawath ekak goda negunama. Anthima ekata thamai okkoma account wenne. Adath warthamana shishtacharaye purawidhya niithi riithi sanskruthika watinakam naththam ruwanweli seya kadala ethanath gewal hadala. Ehema unanam ape un kiyay ruwanweli seya kiyanne mithyaawak ehema ewa thibbe na kiyala.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අනේ මේ මෝඩයෝ මේ සුරංගනා කතාවක් අල්ලගෙන කොහේ හරි තඩි ගල් ගෙඩියක ඉරක් ගිහින් තිබ්බත් රාවණාගේ air port එක කියනවා! :rofl:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අනේ මේ මෝඩයෝ මේ සුරංගනා කතාවක් අල්ලගෙන කොහේ හරි තඩි ගල් ගෙඩියක ඉරක් ගිහින් තිබ්බත් රාවණාගේ air port එක කියනවා! :rofl:

    sira kathawa
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ මේ මෝඩයෝ මේ සුරංගනා කතාවක් අල්ලගෙන කොහේ හරි තඩි ගල් ගෙඩියක ඉරක් ගිහින් තිබ්බත් රාවණාගේ air port එක කියනවා! :rofl:
    සිරා කතාව මචන්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රාවණ කියන්නේ බොරුවක් කියලා කවුරු හරි කියනවනම් ඒක මහ ගොන් කමක් , දෙයක සාක්ශි හරියටම හොයාගෙන ඔප්පු කලේ නෑ කියලා ඒක බොරුවක් කියලා කියන්න බෑ , රාවන සම්බන්ධයෙන් ඕනාතරම් මූලාශ්‍ර තියෙනවා , පිටරටකනම් මොකක් හරි වීඅර කාව්‍යක් හම්බුනොත් ගොඩක් උන්ට ඒක වටිනවා , අපේ වීඅර කාව්‍යක් හම්බුනාම ජාන කලු සුද්දො වෙච්ච පොන්න වේසිගෙ පුතාලා ඒකට බනිනවා. නොදකින් කාලකන්නි
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දෙවැනි ඉනිම, මේ ආදරයයි වගේ කසිකබල් බලන ඉතිහාසෙ නොදන්නා මුග්දයින් බහුතරයක් ඉන්න රටකට මොන ඉතිහාස කතාද බං.

    හරියට හරි මචං කසිකබල් විදින අවුන්ට මොනා සහිත්‍යද බන්, අපේ රටේ කසිකබල් tv චැනල්
    කීයක් හරි වැඩිපුර හම්බ කරගන්න ගේන්නේ මෙලෝ රහක් නැති ඉන්දියාව වගේ ගොන් රටක
    ගොන්නු චුන් කරන ජරාවක්,
    අපේ අවුන් ලෝකේ දිහා බලන්නේ ඔය වගේ ගොන් කතා වල ඉදලා,
    සෝමාලියාව වෙන එක වැඩි ඈතක නැ අපේ රට
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    විජය රජතුමා එන්න කලින් අපට ශිෂ්ඨාචාරයක් තිබුන නමුත් රාවණ මිත්‍යාව, හුදු මිත්‍යාවක්ම මිස කිසිඳු ඓතිහාසික පසුබිමක් නොමැති ලේඛකයෙකුගේ ප්‍රබන්ධයක්ම වන නිසාය. පැහැදිලි පුරා විද්‍යාත්මක සාධක වලින් මේ ප්‍රබන්ධය ඔප්පු කිරීමට අද වන තුරු කිසිඳු පුරා විද්‍යා පර්යේෂකයෙකුට හැකි වී නැත.:baffled:

    මහාචාර්ය සුරිය ගුණසේකර මහතා සාක්ෂි ඇතුව ඔප්පු කරනවා. ඔබ තුමාට වැඩි විස්තර අවශ්‍ය නම් එතුමා සම්බන්ද කරගන්න, කොහොමත් අපේ රටේ ඉති හාසේ ලිය වෙන්නේ එක පටන් අරන් අවරුදු ගානකට පස්සේ, ඒ නිසා ඕනෑතරම් ඒවා වෙනස් වෙන්න අවස්ථා තියෙනවා.

    ඔබ තුමා නිකමට හිතල බලන්න, ගිය අව්රුද්දෙ ජනවාරි පළවෙනිදා ඔබතුමාගේ දවස ගෙවනේ කොහොමද කියල කොලයක් දීල ලියන්න කිව්වොත් කියන්න පුළුවන් ද ?
    ඊයත් එහාට ගිහින් තව අවරුදු 50කට පස්සේ ඔබතුම නැති දවසක පුතෙක් හෝ මුනුපුරෙක්ට කියන්න කිව්වොත් එය ඔබතුමාගේ පරණ 4to, දිනපොත් එහෙම බලල වගේ දේවල් වලින් හොයල මොකක් හරි ලියල දෙවි. හැබැයි ඒ ලියපු එකයි, ඇත්තටම උන දේවලුයි කොයි තරම් දුරට ගැලපෙවිද ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ මේ මෝඩයෝ මේ සුරංගනා කතාවක් අල්ලගෙන කොහේ හරි තඩි ගල් ගෙඩියක ඉරක් ගිහින් තිබ්බත් රාවණාගේ air port එක කියනවා! :rofl:
    :yes::yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    රාවණා ඇත්තක් - මෙන්න සාක්ෂි :cool:

    වර්ගපූර්ණිකා පුස්කොලපොතට අනුව යාපනය රාවණාගේ පුත් කේවේශස්ථ කුමරුට අයත් වූ අතර එය කේවේෂස්ථ මන්ථක පදියම නම් විය . 1982 දී රාජ් සොමදේව කල කැනීමෙන් යාපනයෙන් කෙවෙත නම් ලෝහ තහඩු ලැබුණි . මින් වාර්ගපූර්නිකාව සත්යයක්බව ඔප්පු වීමෙන් බුද්දගෝෂ බෞද්දයන් ප්‍රමුඛ වික්ටොරියානු කලුසුද්දන් අදිකව කෝපවිය .අවසන් ප්‍රතිපලය වූයේ වත්මනේ රාජ් සෝමදේවගේ කැනීම් බලපත්‍රය අහෝසි වීමයි .කේවේශස්ථ නාමයෙන් කන්කසන්තුරේ නාමය බිහිවිය .:cool:

    මම දන්න රාමායණයට අනුව නං රාවණාට බිසවුන් තුනයි පුත්තු හතයි
    • ඉන්ද්‍රජිත් (මේඝනාද)
    • අඨිකාය
    • අක්ෂේකුමාර
    • දේවන්ඨාක
    • නරන්ඨාක
    • ත්‍රිෂීර
    • ප්‍රහස්ථ

    හැබැයි ඔය කියන කේවේශස්ථ කෙනෙක් ගැන අහල නෑ පස්සෙ මම ගූගල් කරල බැලුව රිසල්ට් එකට ආවෙ මේ ත්‍රෙඩ් එක විතරයි:angry: පස්සෙ මම වෙන විදියට ඉංග්‍රීසියෙන් ගැහුවත් නෝ රිසල්ට්ස්:baffled: ඔබතුමාට schizophrenia එහෙම නෑ නැ්ද?:confused:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වර්ගපූර්ණිකාව කියන්නේ ගොඩක් පරන පුස්කොල පොතක්. අද ඊයේ ලියපු පොතක්නෙමේ එකේ..රාමායණය බලා ලියපු පොතකුත් නෙමේ ඒක . ඒ නිසා විවිධ පරස්පරතා රාමායණයත් එක්ක එනවා. අනික රාමායණය කියන්නේ ප්‍රශස්ථියක් .එතන වර්නනා කරන්නේ රාමාව. එවැනි කොටස් 100%ක් ඇත්ත කියලා පිලිගන්න බෑ .නමුත් ඉන් රාවණා බොරුවක් කියලා කියන්නත් බෑ . කේවේශස්ථ කියන්නේ රාවණා ගේ පුතෙක් හෝ මුනුබුරෙක් කියලා තමයි මතය..

    පොලිමක500 දෙනෙක් තියනවා .අපි පොලිමේ ඉස්සරහින්ම ඉන්න එකාට කියනවා x නම්වූ පුද්ගලයට හොදටම අසාධ්යයි කියලා ..ඕක 500 වෙනියගෙන් ඇහුවම කියන්නේ x මලා කියලා . නමුත් එකෙන් කියන්න බෑ x කියලා එකෙක් හිටියේ නෑ කියලා .. රාවණා සහ ඊට සම්බන්ද ජනප්‍රවාද ගැනත් කියන්න තියෙන්නේ ඔය ටික තමයි ..
    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මහාචාර්ය සුරිය ගුණසේකර මහතා සාක්ෂි ඇතුව ඔප්පු කරනවා. ඔබ තුමාට වැඩි විස්තර අවශ්‍ය නම් එතුමා සම්බන්ද කරගන්න, කොහොමත් අපේ රටේ ඉති හාසේ ලිය වෙන්නේ එක පටන් අරන් අවරුදු ගානකට පස්සේ, ඒ නිසා ඕනෑතරම් ඒවා වෙනස් වෙන්න අවස්ථා තියෙනවා.

    ඔබ තුමා නිකමට හිතල බලන්න, ගිය අව්රුද්දෙ ජනවාරි පළවෙනිදා ඔබතුමාගේ දවස ගෙවනේ කොහොමද කියල කොලයක් දීල ලියන්න කිව්වොත් කියන්න පුළුවන් ද ?
    ඊයත් එහාට ගිහින් තව අවරුදු 50කට පස්සේ ඔබතුම නැති දවසක පුතෙක් හෝ මුනුපුරෙක්ට කියන්න කිව්වොත් එය ඔබතුමාගේ පරණ 4to, දිනපොත් එහෙම බලල වගේ දේවල් වලින් හොයල මොකක් හරි ලියල දෙවි. හැබැයි ඒ ලියපු එකයි, ඇත්තටම උන දේවලුයි කොයි තරම් දුරට ගැලපෙවිද ?

    :yes::yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Suddo godak Atlantis Aththa kiyala hithanawa. Indian Sub eke Ravan Rama Aththa kiyala hithanawa. Mokada ginnak nathiwa dumak naginne nathi nisa. Hemadema parikalpanaya karana liyana manakkalpitha kathaa sampradayak a kale thibbe nathi nisa. 50%k hoa aththak Athi. Purawidyathmaka sakthi ithuru wenne na ek shishtacharayak uda thawath ekak goda negunama. Anthima ekata thamai okkoma account wenne. Adath warthamana shishtacharaye purawidhya niithi riithi sanskruthika watinakam naththam ruwanweli seya kadala ethanath gewal hadala. Ehema unanam ape un kiyay ruwanweli seya kiyanne mithyaawak ehema ewa thibbe na kiyala.

    :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මහාචාර්ය සුරිය ගුණසේකර මහතා සාක්ෂි ඇතුව ඔප්පු කරනවා. ඔබ තුමාට වැඩි විස්තර අවශ්‍ය නම් එතුමා සම්බන්ද කරගන්න, කොහොමත් අපේ රටේ ඉති හාසේ ලිය වෙන්නේ එක පටන් අරන් අවරුදු ගානකට පස්සේ, ඒ නිසා ඕනෑතරම් ඒවා වෙනස් වෙන්න අවස්ථා තියෙනවා.

    ඔබ තුමා නිකමට හිතල බලන්න, ගිය අව්රුද්දෙ ජනවාරි පළවෙනිදා ඔබතුමාගේ දවස ගෙවනේ කොහොමද කියල කොලයක් දීල ලියන්න කිව්වොත් කියන්න පුළුවන් ද ?
    ඊයත් එහාට ගිහින් තව අවරුදු 50කට පස්සේ ඔබතුම නැති දවසක පුතෙක් හෝ මුනුපුරෙක්ට කියන්න කිව්වොත් එය ඔබතුමාගේ පරණ 4to, දිනපොත් එහෙම බලල වගේ දේවල් වලින් හොයල මොකක් හරි ලියල දෙවි. හැබැයි ඒ ලියපු එකයි, ඇත්තටම උන දේවලුයි කොයි තරම් දුරට ගැලපෙවිද ?

    රාවනා හිටියේ කොයි කාලේද? ක්‍රි.පු කියේද?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්දගෝෂ kiyanne katada?

    පාලි සාහිත්‍ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. අද ත්‍රිපිටක ධර්මය කියවා තේරැම් ගැනීමට, භාවනා කිරීමට අපහසු වී තිබෙන්නේ මේ විනාශය හේතුවෙනි.

    බුධ්ධඝෝෂ දමිල සම්භවයක් ඇති ඉන්දියාවේ සිට ආ පුද්ගලයෙකු වේ, ඔහු ගේ මුල් නම “සඛනි” යයි යම් අයකු ඉන්දියානු මුලාශ්‍ර ඇසුරෙන් සොයාගත හැක. මොහු මෙහි පැමිණ, පන්සල් ආශ්රිඅතව ජීවත් වී පැවිද්දෙකු ලෙසින් සිටියදී වේද ග්‍රන්ථ කට පාඩමින් ගයනා කිරීමෙන් මොහු ගේ කට හඬ, බුදුන් ගේ කට හඬ තරම් මිහිරි යයි මහා නායක ස්වාමින් වහන්සේ පවසා බුදුන් ගේ ශබ්දය ඇත්තා, බුද්ධ ගෝෂ ලෙස නම් තබන ලදී, නමුත් ඔහුගේ යම් යම් ක්රිසයාවලි නිසා කුපිත වූ ඇතැම් එකල ස්වාමීන් වහන්සේලා සහ ආචාර්යවරු, ඔහු කොටලුවෙකුගේ හඬක් ඇත්තා , අශ්ව ඝෝස ලෙස ආමන්ත්‍රණය කර තිබෙනවා ( ථූප වංශය ඉපැරණි සැකසීම / සද්ධම්ම සංග්‍රහය) කෙසේ හෝ මොහු පැමිණියේ මෙහි පවතී හෙළ අටුවා විනාශ කිරීමට බව නම් සැබෑවක්, මෙහි හෙළ අටුවා තිබියදී පාලි බසට හැරවීමට ඔහු පෙළඹුනේ ඇයි ? එවිටත් අපගේ සිංහල බුදුදහම යහතින් සුරකෙමින් පැවතුනු අතර, ඉතා පිරිසිදු නිර්මල දහම අපගේ අටුවා වල ලිය තබන ලද්දේ මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු රහතන් වහන්සේලා ය.

    එසේ නම් මෙහි ඔහු පැමිණියේ යම්කිසි යටි අරමුණකින් බව සැබෑය, බුද්ධඝෝෂ හිමිව සුද්ද කරන්නේ මහාවංශය පමණි, එයද ලියා තිබෙන්නේ ඉන්දියානු සම්භවයක් ඇති මහානාම තෙරුන් වේ, මා සඳහන් කල පරිදි බුදුගොස් හිමියන් පරිවර්තනයේදී පටලවා ඇත, විශේෂයෙන් අභිදර්මය පටලවා ඇත්තේ මොන අරමුණක් නිසාද යන්න ප්රශ්නයකි…. ඉන් පසු අප හෙළ පොත් ගිනි තබා ඉන්දියාවට පලා ගොස් තිබේ.. මහා විහාරය පොළොවට සමතලා කර උඳු වපුරණ ලදී... අන්‍යාගමිකයන්ගේ කුමන්ත්‍රණ සාර්ථකත්වයට පත් වන්නේ මෙලෙසය...

    මහාවංසය දක්‌වන විස්‌තරයට අනුව බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය නම් පොත තුන්වතාවක්‌ ලියන ලද්දක්‌ බව පෙනේ. අවස්‌ථා දෙකකදීම එම පොත බුධඝෝශ විසින් සගවා පසුව එලියට ගැනුනු බව කියවේ. පසුව දෙවියන් විසින් අතුරැදහන් කලේ යයි බොරැ කියා ඇත.

    බුද්ධඝෝෂ හිමි රචනා කරන විසුද්ධිමාර්ගයේ පටිච්ච සමුප්පාදය හරි හැටි විස්තර නොකරන බව එය කියවූ ඕනම කෙනෙකුට ප්‍රත්‍යක්ශ වන කරුණකි. බුද්ධ ඝෝෂ හිමියන්ද පෘථග්ජනයෙකු වු තමා ට පටිච්චසමුප්පාදය විග්‍රහය හරි හැටි කිරීමට නොහැකි වූ බව ඔහු විසින්ම ලියා ඇති නිසා ඒ ගැන තවත් තර්කයක් නොමැත. අනිත් කරුනනම් විපස්සනාවයි. විසුද්ධි මාර්ගය තුල විපස්සනාවට වැඩි තැනක් දී නොමැත. විපස්සනාවේ ගැබුරු තැන් විසුද්ධි මාර්ගයේ විග්‍රහ කර නොමැත. බුද්ධ ඝෝෂ හිමි අනාර්ය ධ්‍යාන හැදෑරූ පුද්ගලයෙකු නිසාදෝ හේ වැඩි අවධානය යොමු කර ඇත්තේ සමතය කෙරෙහිය.

    පාලි සාහිත්ය‌ රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු රහතන් වහන්සේලා විසින් ලියන ලද හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. බුද්ධ ඝෝෂ හිමියන්ට අ‍ටුවා පාලියට පරිවර්තනය කිරීමට ඉඩදුන් ස්වාමීන්වහන්සේලා අපේ හෙල අ‍ටුවා වලට මෙවන් ඛේදනීය තත්වයක් උදාවනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

    හෙළටුවා විනාශ වීම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් විනාශ කිරීමක් බඳු බව අප හැඟීමයි. හෙළටුවා විනාශ වීමෙන් අනතුරු ව බෞද්ධයාට ඉතිරිවූයේ පෘථග්ජනයෙක් වූ බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කරන ලද පාලි අටුවා පමණි. රහතන් වහන්සේලාගේ පැහැදිලි කිරීම් වෙනුවට බුද්ධ ගෝෂ හිමියන්ගේ අදහස් පමනි. භාවනා ක්‍රම අතුරැදහන් වූ නිසා රහතන් වහන්සේලා ද නැති විය. වසර දහසක් පසු වන මාරයාගේ බලපෑම නිසා ධර්මය විනාශ වන බවට දේශනා කල බුද්ධ වචනය සත්‍යක් විය.

    මේ හෙල අ‍ටුවා විනාශ කිරීමේ කාර්යට මහානාම හිමියන්ද උඩගෙඩි දී ඇතිබව මහාවංශයෙන් ඔහු කරන විග්‍රහයේදී පැහැදිලිය. හෙල අ‍ටුවා ගැන හෝ ඒවා ලියූ අ‍ටුවාචරීන්වහන්සේලා පිලිබදව මහාවංශයේ හෙලිකර නැත. නමුත් ඒවා පරිවර්තනයට පැමිනෙන බුද්ධඝෝෂ හිමි පිලිබදවනම් මහා වරුනාවක් ලියා ඇත. හෙල අ‍ටුවා ගැන සදහන් කිරීම කෙසේ වෙතත් භික්ශුවක් වූ මහානාම හිමියන්ට ත්‍රිපිටකයට වඩා වැදගත් වී ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්වය. අනාදිමත් කාලයක පටන් මුඛ පරම්පරාවෙන් ගෙන ආ ත්‍රිපිටක ධර්මය අලුලෙනේදී ග්‍රන්ථාරූඪ කර ඇතිබව අප දනිමු. මහාවංශ කතුවරයා බුද්ධඝෝෂ හිමි පිලිබදව බොහෝ ඉඩ වෙන් කලද ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම වැනි උතුම් කටයුත්ත සදහන් කිරීමට හේ යොදාගෙන ඇත්තේ ගාථා දෙකක් පමනි.
    එමෙන් ම අටුවා හෙළ බසින් ලියැවීම ලාංකේය අපට වැදගත් භාෂාත්මක වර්ධනයකි. එය හෙළ බසින් ම අන්තර්ජාතිකත්වයට යා නොදී පාලි භාෂාවට පරිවර්තනය කර අන්තර්ජාතික කීර්තියට පත් කිරීමෙන් හෙළ බසට නිසි ගෞරවය නොලැබී යාම ද මේ විනාශයේ තවත් පැත්තකි.

    ත්‍රිපිටකයට සින්හල අර්ථ සැපයූ වත්මන් බුද්දගෝෂ චීවරදාරින් අත්පොත ලෙස භාවිතා කලේ විසුද්දි මාර්ගයයි .මේනිසා,

    අනිච්ච = අනිත්ය ලෙසත්,
    අනත්ථ = අනාත්ම ලෙසත් ධර්මය විකුර්ති කිරිමෙන් සoඝබේදය සිදුකරගත් මේ චීවරදාරීන් නිසා බුදුදහම අතුරුදන් විය .........නිවන් මග වැසුණි.අනිත්ය ,අනාත්ම සoකල්පය හින්දු අදහසක් බව o/l ලමයෙකුට උවද වැටහේ

    මේරට රාවණා විරෝදීන් ගෑන කල සමීක්ෂණ වලදී මට ඔප්පු වූයේ ඔවුන් වික්ටොරියානු යටත්විජිත සබ්යත්වයට ආවඩන කලු සුද්දන් සහ බුද්දගෝෂ සහ මහානාම යන ඉන්දියානුවන්ගේ වැදිබණ කරපින්නාගත් පිරිස බවය.
    මොවුන්ට අනුව බටහිර හෝ ඉන්දියාව පරයන පුද්ගලයෙක් හෝ ශිෂ්ටාචාරයක් මේ දූපත තුල තිබිය නොහැක .මොවුන්ට පොදුවේ බුද්දගෝෂ බෞද්ධයන් යැයි හදුන්වයි
    .
    :yes:
     
    Last edited: