දෙවතාවෝ සදිව්යුලොකයෙන් රථ සයක් ගෙනවුත්
දුටුගැමුණු මහරජ අනෙක ප්ර්කාර කුශල සම්භාරයන් රැස් කරමින් සූවිසිඅවුරුද්දක් මුළුල්ලෙහි දශරාජධර්ම යෙන් රාජ්ය්ය කොට ආයුකෙළවරැ මරණමඤ්චකයෙහි වැදහොත්තේ ය. එකල්හි ඒ ඒ විහාරවලැ වැඩහුන් මහාසඞ්ඝයාවහන්සේ රජ්ජුරුවන් ගිලන්බව අසා සුවඳක් විචාරනු පිණිස අවුත් රජ්ජුරුවන් හා කථා කොට අවස්ථා බලා ගණසජ්ඣායනා වසයෙන් බණ පිරිවහන්ට පටන්ගත්සේක.
එකල්හි දෙවියෝ සදිව්යටලොකයෙන් රථසයක් ගෙනවුත් පිළිවෙළින් තබා රජ්ජුරුවන්ට කියන්නාහු එම්බා රජ්ජුරුවෙනි, අපගේ දව්ය්ලොකය ඉතා රමණීය ය, අපගේ දිව්යාලොකයෙහි ආයුසත් බෙහෙව, එසේ හෙයින් අපගේ දෙව්ලොවට පලා එව යී කියා වෙන වෙන ම රජ්ජුරුවන්ට යාච්ඤා කළහ. දෙවියන් කියන බස් අසා රජ්ජුරුවෝ යම් තාක් මම බණ අසම් ද, ඒ තාක් කල් ඉවසව යි දකුණත ඔසවා දෙවියන්ට සංඥා කළහ. ඒ දැක මහාසඞ්ඝයාවහන්සේ පිරිවහමින් සිටි බණ තබා වදාළසේක. එවේලෙහි රජ්ජුරුවෝ බණ තිබුවා දැක ස්වාමීනා, බණ නො පිරිවහා තිබුයේ කුමක් නිසා දැයි විචාළහ. එබසට සඞ්ඝයාවහන්සේ මහරජ, තොප අතින් සංඥා කොට වැළකූයෙහිනැයි වදාළසේක.
එ තෙපුල් අසා රජ්ජුරුවෝ ස්වාමීනි, මම පිරිවහන බණ වැළැකූයෙම් නො වෙමි. දෙවතාවෝ සදිව්යුලොකයෙන් රථ සයක් ගෙනවුත් සිට තම තමන්ගේ දෙව්ලොවට මා කැඳවති. එසේ හෙයින් යම් තාක් මම බණ අසම් ද, ඒ තාක් බලව යි සිතා සංඥා කෙළෙමි දැන්වූහ.
ඒ අසා සමහර කෙනෙක් සිතන්නාහු මේ දුටුගැමුණු මහරජ මරණභයවත් ව නන්දොඩයි. එබැවින් මරණට නොබාන කෙනෙක් නම් නැතියි සිතූහ. ඔවුන්ගේ අදහස් දැන ථෙරපුත්තාභය නම් මහතෙරුන්වහන්සේ කිමෙක් ද මහරජ, දිව්යනලොකයෙන් රථසයක් ගෙනාහ යි යනු කෙසේ අදහාගත හැකි දැයි වදාළසේක. ඒ අසා රජ්ජුරුවෝ ආකාශයට මල්දම්සයක් දැම්මූහ. ඒ මල්දම්සය ගොසින් වෙනවෙනම රථහිස්වලැ එලුනේ ය. එවේලෙහි මහාජනයෝ රථහිස්වලැ එලෙන්නා වූ මල්දම් දැක සැක දුරු කළහ. ඉක්බිති රජජුරුවෝ ස්වාමිනි, සදෙව්ලොවින් කවර දෙව්ලොවෙක් යහපත් දැයි විචාළහ.
එකලැ මහතෙරුන්වහන්සේ එම්බා මහරජ, තුෂිත භවයට යහපත. මතු බුදු වීමට කල් බලා හිඳිනා මෛත්‍රෙය බොධිසත්ත්වියෝත් එහි ම වෙසෙති යි වදාළසේක.
එ තෙපුල් අසා රජ්ජුරුවෝ තුෂිතභවනයෙහි ඇල්ම උපදවා තමන් බැඳවූ රුවන්වැලිමහසෑය වැඳ බලබලා ඔත්තාහු එයින් මිස නිදා පිබිදියාක්හු මෙන් තුෂිතභවනයෙන් ගෙනා රථයෙහි ඔපපාතිකදිව්යනපුත්රප ව ඉපද තමන් කළ කුසලයෙහි විපාක විශෙෂය මහජනයාට ප්රකකාශ කොට දක්වනු පිණිස රථයෙහි ම සිට සැටගැලක් පුරාලන පමණ දිව්යාාභරණයෙන් සැරැහී බොහෝදෙනා බලබලා සිටියදී රථයෙන් බැස තුන්විටෙකැ රුවන්වැලිමහසෑය වැඳ ප්රදදක්ෂිනණා කොට භික්ෂූීසඞ්ඝයා වහන්සේ වැඳ අවසර ඉල්වාගෙන තමන් මල් තිස්සකුමාරයන් ඇතුළු වූ රාජ්යසවාසීන්ට තමන් ලද්දා වූ දිව්‍ය සම්පත් බලා රෑ දෙවෙහි නොපමා ව කුසල් කරන සේ අවවාද කොට සියල්ලවුන් ම බලබලා සිටියදී ම දිවසෙනඟ පිරිවරා තුෂිතදිව්ය ලොකයට ම ගියහ.
මෙසේ ශ්රතද්ධාවන්තසත්පුරුෂයෝ පළමු තමන් කළ කුසලයෙන් හස්තගත ව සිටියා වූ දිව්යදලොකසම්පත්තියෙහි ආලය හැර වඩවඩා කුසල් කරනු සඳහා ම මිනිස්ලොවැ ඉපද එබඳු රාජ්යැසම්පත්තියක් ලැබත් සැප සේ රජඉසුරු විඳුම්හ යි නො සිතා සුපරිශුද්ධ වූ බුද්ධශාසනය පන්දහසක් අවුරුදු නිර්මැල ව පවත්නා පරිද්දෙන් චිරස්ථියී කරනු කැමැති ව නිරන්තර වීය්ය්ර කිරීමෙන් අනෙකප්රාකාර වූ මහදුක් විඳ ලෝසසුන් වවා රැදෙවෙහි නොපමා ව ඇමදවස් ම සාදරසිතින් උතුම් උතුම් වූ අපමණ කුශලසම්භාරයන් රැස් කොට ගෙන දෙව්ලොවැ ඉපද මහත් වූ දිව්යමසම්පත් ලබන්නාහු ම ය. එබැවින් මේ කථාප්රලබන්ධ ය ඇසූ සත්පුරුෂයන් විසින් අප්‍ර මාද ව කුසල් කොට මතු දිව්යකමනුෂ්යමසම්පත් විඳ අමාමහනිවන් දකින්නට උත්සාහ කළ මැනැවි .

සද්ධර්මාලඞකාරය