දෙවනගල මැනුම් අතහැර දැමේ
පසුගිය 03 වැනි දින මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කල මාවනැල්ල දෙවනගල ඓතිහාසික පුජා භූමියේ පුරා විද්‍යා රක්ෂිත භූමිය නිර්මාණය කිරීමේ මැනුම් කටයුත්තට අන්‍යාගමිකයන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුතු අතහැර දැමීමට සිදුව තිබේ.
එහි මැනීම් කටයුතු කරමින් සිටි නිලධාරීන්ට පොලිස් නිලධාරීන් බලා සිටියදී බැණ තර්ජනය කිරීමට එම ස්ථානයට රැස් වු අන්‍යාගමිකයන් පිරිසක් කටයුතු කර ඇති අතර මැනීම් කටයුතු නවතා දැමීමට සිදු ව ඇත.
මේ අතර කටුගහපිටිය පල්ලියේ පූජක තැනට බැණ තර්ජනය කළ බව පවසා දෙවනගල ජාතික උරුමය සුරැකීමේ ව්‍යාපාරයේ උප සභාපති ගැමුණු කීර්තිරත්න මහතාට හා එකී කාරක සභික අනුර පි‍්‍රයදර්ශන යන මහත්වරුන්ට නොතීසි නිකුත් කර මාවනැල්ල අධිකරණය මගින් අවවාද කර මුදාහැර ඇත.
මාවනැල්ල නගරයේදී දෙවනගල සුරැකීමේ කාර්ය වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අනුරාධපුරේ අමිත ධම්ම හිමියන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර ඇත.
දෙවනගල ජාතික උරුමය සුරැකීමේ ව්‍යාපාරයේ ලේකම් බී.යූ ඩයස් මහතා ප්‍රකාශ කළේ 2006 වර්ෂයේ අධිකරණ තීන්දුව යටතේම මෙම බොදු උරුමය අන්‍යාගමිකයන්ගේ ආක්රමණශීලීත්වයෙන් ගලවා ගැනීමට ඉකුත් 03 වැනිදා දැඩි පරිශ්‍රමයකින් පසු මැනීම් කටයුතු ආරම්භ කළද අන්‍යාගමිකයන් 300ක් පමණ පෙරේදා දෙවනගලට පැමිණ මැනීම් කටයුතු කරමින් සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ගේ කටයුතු අවහිර කළ බවයි.
-LankaCnews-