දෙවන ලෝක යුද්දය සිට දිගු ගමනක් ආ "ජීප් පුරාවත"

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    RgKVuhJ.jpg


    ජීප් පුරාවෘත්තය ආරම්භ වූයේ 1940 නොවැම්බරයේ දී, දෙවන ලෝක යුද්ධයේ මුල් දිනවල, එක්සත් ජනපදය යුද්ධයට අවතීර්ණ වීමට වසරකට පෙර යි. කුඩා, රෝද හතරේ ඩ්‍රයිව් මූලාකෘතියක් වන Willys Quad එක්සත් ජනපද හමුදාවට භාර දී තිබෙනවා. එහි ඩෙල්මාර් “බාර්නි” රූස් විසින් වැඩි දියුණු කරන ලද විලීස් “Go-Devil” එන්ජිම අන්තර්ගත වුණා.

    n1vLWNU.jpg
    43iH5He.jpg

    Willys Quad රථයක් සහ “Go-Devil” එන්ජිම


    අශ්වබල 60ක් සහ රාත්තල් 105ක Torque අගයක් සහිතව එය හමුදාවේ අවශ්‍යතාවය ඉක්මවා ගියා පමණක් නොව, බැන්ටම් [ Bantam] රථය (83 pounds feet torque) සහ ෆෝඩ් රථය [Ford] (85 pounds feet torque) අභිභවා ගියා.


    XcD5BN2.jpg
    S0ZHF7i.jpg

    බැන්ටම් සහ ෆෝර්ඩ් රථයක්


    “Quad” යනු MB, CJ සහ රැන්ග්ලර් මොඩලවල පළමු නිශ්පාදනය යි. විලීස්, ක්වාඩ් මොඩලය වැඩි දියුණු කළ අතර විලීස් MA මාදිලියේ රථ 1,500ක් නිෂ්පාදනය කෙරුනා. ඒවායින් බොහොමයක් දෙවන ලෝක යුද්ධයේ දී භාවිතා කර තිබෙනවා.

    xAqhtv5.jpg

    Willys MA

    1941 සිට 1945 දක්වා, විලීස් සමාගම විසින් MB මාදිලිය නිපදවනු ලැබුවා. ඕනෑම තැනක ඕනෑම දෙයක් කළ හැකි වාහනයක් වූ එය “ජීප්” යන අන්වර්ථ නාමයෙන් ද ප්‍රසිද්ධ වුණා. දෙවන ලෝක යුධ සමයේ දී ප්‍රසිද්ධියට පත් විලීස් MB වාහන 300,000ක් නිපදවා තිබෙනවා. ඇමරිකානු හමුදාවේ සෑම අංශයක් විසින්ම ජීප් රථයන් විශාල වශයෙන් භාවිතා කරන ලද අතර, එක්සත් ජනපද හමුදාවේ සෑම පාබල රෙජිමේන්තුවකටම ජීප් 144ක් ලබා දී ඇති බව යි කියැවෙන්නේ. එසේම එක්සත් ජනපදය විසින් ජීප් රථ විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයේ සහ රුසියාවේ මිත්‍ර හමුදාවන්ට නැව්ගත කර තිබෙනවා. එය මුළු ජීප් නිෂ්පාදනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් බවයි සඳහන් වන්නේ.

    agNyrCc.jpg

    Willys MB

    පසුව MB මාදිලි "MB M-38" මිලිටරි ආකෘතියට පරිණාමය වූ අතර, එය ජල ආරක්ෂිත ජ්වලන පද්ධතියකින් සමන්විත වුණා. 1950 සිට 1951 දක්වා, විශේෂයෙන් කොරියානු යුද්ධයේ දී භාවිතා කිරීම සඳහා මේවා නිෂ්පාදනය කර තිබෙනවා. එම ගැටුම අතරතුර, විලීස් සමාගම M-38 ප්‍රතිනිර්මාණය කළ අතර එය දිගු රෝද සහිත චැසියක්, මෘදු ගමනක්, වඩා බලවත් එන්ජිමක් සහ නව වටකුරු හැඩයක් සහිත M-38 A 1 බවට පත් වුණා.

    3NAMGos.jpg

    විලීස් MB M-38 මාදිලිය

    1962 කාලය තුළ නිෂ්පාදනයේ දී, විලීස් විසින් M -170 නිෂ්පාදනය කරන ලද අතර, එය විවිධ පැකේජ කිහිපයකට සැලසුම් කෙරුනා. ඉන් එක් මාදිලියක් සැහැල්ලු හමුදා වාහනයක් බවයි සඳහන් වන්නේ. පෙර මාදිලි හා සසඳන විට මඟීන් තරමක් ආරක්ෂිත වන ලෙස සැලසුම් කර ඇති නිසා M -170 ක්ෂේත්‍ර ගිලන් රථයක් ලෙස ද භාවිතා කර තිබෙනවා.

    CYBDUwT.jpg

    විලීස් MB M-170 ගිලන් රථ මාදිලිය




    විලීස් සිවිල් ජිප් ඉතිහාසය

    දෙවන ලෝක සංග්‍රාමය අවසන් වන විට විලීස් සමාගම තේරුම් ගත්තේ, තම යුධ කාලීන කීර්තිය ඉහළ නැංවිය හැකි බවත් සහ දැනටමත් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් යටතේ පාරිභෝගික වාහන වෙළඳපොළට ඇතුළු විය හැකි බවත්. එනයින් නිපදවුණු පළමු “සිවිල්” ජීප් රථය “යුනිවර්සල්” ලෙස ද හැඳින්වෙන CJ-2 A ය. මිලිටරි MB මාදිලියේ ටේල්ගේට්, පැත්තෙන් සවිකර ඇති අමතර ටයරය, ඉහළ වින්ඩ්ෂීල්ඩ් සහ විශාල හෙඩ් ලයිට් ඇතුළු විශේෂාංග එහි ඉදිරිපත් කර නැති අතර, සිල්ලර මිල ඩොලර් 1,090ක් වුණා. CJ -2 A, 1945 වසරේ සිට 1949 දක්වා නිෂ්පාදනය කර තිබෙනවා.

    dpVv3us.jpg

    විලීස් CJ-2 A මාදිලිය

    CJ ශ්‍රේණිය ආරම්භය

    පළමුව සීජේ -3 ඒ (1948 – 1953), වැඩි දියුණු කරන ලද වාතාශ්‍ර පද්ධතියකින් සහ තනි වින්ස්ක්‍රීනයක් සහිතව පහළ රාමුවට සවිකළ වයිපර ද අඩංගුව මහජනයා වෙත පැමිණියා. සීජේ -3 බී (1953 සිට 1965 දක්වා) සඳහා වඩා බලවත් “හරිකේන්” මොඩලයේ ඕවර්හේඩ් වැල්ව් හතරක එන්ජිමක් යොදාගෙන තිබෙනවා.

    fzGyKMI.jpg

    සීජේ -3 බී

    CJ-3B නිෂ්පාදන ධාවන කාලය තුළ දී විලීස් විසින් DJ-3A නොහොත් “ඩිස්පැචර්” මාදිලිය ඉදිරිපත් කෙරුනා. එය CJ-3A හි රෝද දෙකේ අනුවාදයක් වන අතර එය දෘඩ වහලය, හැකිලිය හැකි වහලය, සහ අර්ධ හා පූර්ණ වහලය පවතින මාදිලිවලින් ලබා ගත හැකිව තිබෙනවා. එය බොහෝ විට නිවර්තන නිවාඩු නිකේතන ගමනාන්තවල නිවාඩු කුලියට දෙන වාහනයක් ලෙස භාවිතා කෙරුනා.



    CJ ශ්‍රේණි පරිණාමය

    1955 සිට 1983 දක්වා සීජේ -5 ජනප්‍රිය ආකෘතියක් වූ අතර ජීප් කැම්පර්, 462, රෙනෙගාඩ්, සුපර් ජීප්, ගෝල්ඩන් ඊගල්, සහ ටක්සෙඩෝ පාර්ක් ඇතුළු විශේෂ සංස්කරණ ඇතුළත් වුණා. 1974 දී ඩීජේ -5 නම් රෝද දෙකේ අනුවාදයක් ද හඳුන්වා දී තිබෙනවා. සීජේ -5 මාදිලිය සමග අතිච්ඡාදනය වූයේ සීජේ -6 යි. එහි දිග 20″ක දිගු රෝද සහිත චැසියක් වුණා.

    aabo4Is.jpg


    නූතන ජීප් රථ වෙත සමීප වෙමින් සීජේ -7 1976 දී හඳුන්වා දෙන ලද අතර එය වසර 10ක ඉතා සාර්ථක ධාවනයක් වුණා. රෝද පරතරය 10″ (සීජේ -6 ට වඩා කෙටි) අතර, මෙය මෙතෙක් පැවති හොඳම හැසිරවීමේ හා සුමටම ධාවනයකින් යුත් ජීප් රථය වනවා. එය අදටත් ජනප්‍රිය වී තිබෙන්නේ ඒ නිසා යි. සීජේ -8 නොහොත් ස්ක‍්‍රම්බ්ලර් නමින් විවෘත පිකප් අනුවාදයක් මෙම කාලයේම නිර්මාණය කරන ලද අතර එය සීජේ -7 ට වඩා දිගු වුණා (එහි අර්ථය එය සීජේ -6 හා සමාන රෝද පරතරයක් ඇති බව යි). සීජේ -8 සඳහා දෘඩ වහලය, හැකිලිය හැකි වහලය යන මොඩල දෙකම ලබා ගත හැකි වුණා.

    fz3olI2.jpg



    ජීප් රැන්ග්ලර් මාදිලිය​

    m9RXk4T.jpg


    RS5Y93a.jpg


    ජීප් සීජේ මාලාව 1986 දී නිෂ්පාදනය නවතා දැමුණු අතර අලුතින් නිර්මාණය කරන ලද ජීප් රැන්ග්ලර් මාදිලියට එය මඟ පෑදීය. සීජේ මාදිලි සාර්ථක මිලිටරි වාහන මත පදනම් වූ සිවිල් අනුවාදයන් වූ අතර ජීප් රැන්ග්ලර් නිපදවා ඇත්තේ හිතාමතාම සාමාන්‍ය දෛනික භාවිතය සඳහා යි.

    Dzs6pMh.jpg


    olSjshw.jpg


    ජීප් රැන්ග්ලර් මාලාවේ පළමු වාහනය ජීප් වයි, පුළුල් රෝද පරතරයක් සහ අඩු බිම් නිෂ්කාශනයක් සහිත වෙනත් සීජේ ශ්‍රේණියේ මාදිලියකට වඩා සැප පහසු ගමනක් ලබා දුන්නා. දැන් එහි තුන්වන පරම්පරාව වන ජීප් රැන්ග්ලර් අදටත් නිෂ්පාදනයෙහි පවතිනවා. නවතම 2016 ජීප් රැන්ග්ලර් හි නවීන වාහනයක සියලු සැප පහසුකම් ඇතුළත්. එය WWII සඳහා සාදන ලද මුල් විලීස් ක්වාඩ් ආකෘතියෙන් බොහෝ වෙනස් වී තිබෙනවා. එහෙත්, අද අප දන්නා ආකාරය වන ජීප් කෙරෙහි බලපෑම් කළේ එම මුල් විලීස් ආකෘතිය යි. 1940 ගණන්වල දී ජීප් රථය සිවිල් වෙළඳපොළට ව්‍යාප්ත වීම අද දක්වාම මෝටර් රථ ලෝකයට විශාල බලපෑමක් එක්කර තිබෙනවා.


    pqdzbuj.jpg



    මූලාශ්‍රයයන්:
    trexautoparts.com
    blogger shan Viraj
    Roarmedia
    blog.jeep.com
    silodrome.com

    kaiserwillys.com
    pictures for internet
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,663
    113
    TFS මචං. වටිනා ලිපියක්.

    මේකට ජීප් කියලා නම දාලා තියෙන්නේ General Purpose එක කෙටි කරලා එන GP අකුරු දෙක ඇසුරින් කියලා කියනවා.

    දැන් නම් Jeep lineup එකේ තත්වය හරිම ශෝචනීයයි. Reliability, durability අතින් අන්තිමයි.

    මම wrangler එකක 1800km trip එකක් ගියා. එකෙන් සැළකිය යුතු දුරක් ගියේ කැලෑබද බොරලු පාරවල් වල. සැපපහසුව නම් හොදයි. එන්ජිම powerful. දොරවල්, hood එක එහෙම තමන්ටම ගලවලා customize කරන්න පුළුවන්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    TFS මචං. වටිනා ලිපියක්.

    මේකට ජීප් කියලා නම දාලා තියෙන්නේ General Purpose එක කෙටි කරලා එන GP අකුරු දෙක ඇසුරින් කියලා කියනවා.

    දැන් නම් Jeep lineup එකේ තත්වය හරිම ශෝචනීයයි. Reliability, durability අතින් අන්තිමයි.

    මම wrangler එකක 1800km trip එකක් ගියා. එකෙන් සැළකිය යුතු දුරක් ගියේ කැලෑබද බොරලු පාරවල් වල. සැපපහසුව නම් හොදයි. එන්ජිම powerful. දොරවල්, hood එක එහෙම තමන්ටම ගලවලා customize කරන්න පුළුවන්.
    ඔව් දැන්නම් ඉතින් wrangler නඩත්තු වියදම් වැඩිම වාහන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ පහුගිය අවුරුදු වල කරපු Customer Satisfaction Surveys අනුව
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,663
    113
    cupiriyak
    දැන් jeep indian නෙ
    Jeep එක හදන්නේ Chrysler. ඉන්දියාවේ හදන්නේ Mahindra එක Jeep එකෙන් copy කරපු මොඩ්ල් එකක් නිසා Chrysler එක නඩු දැම්මා. Jeeps Chrysler එකෙන් තාම USA plants වල හදනවා. ඉන්දියාවේ Chrysler plant එකකින් Jeep හදනවා කියලා නම් දන්නේ නෑ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Jeep එක හදන්නේ Chrysler. ඉන්දියාවේ හදන්නේ Mahindra එක Jeep එකෙන් copy කරපු මොඩ්ල් එකක් නිසා Chrysler එක නඩු දැම්මා. Jeeps Chrysler එකෙන් තාම USA plants වල හදනවා. ඉන්දියාවේ Chrysler plant එකකින් Jeep හදනවා කියලා නම් දන්නේ නෑ.
    Tata company එකෙන් manufacture කරනව කියල news එකක් දැක්ක. not confirm