දෙවන ලෝක යුද්ධයේ විශ්මිත අවි - German Side 2
V-1 මිසයිලය සාර්ථක වීමත් සමග ජර්මානුවන් එහි ඊළඟ අදියරයට යොමුවිය.එය V-2 මිසයිලයයි.මෙය ලොව ප්‍රථම දිගු දුර බැලස්ටික් මිසයිලය මෙන්ම උප කක්ෂය(කි.මි. 100 සීමාව තරණය කිරීම) වෙත යෑමට සමත්වූ මිනිසා විසින් නිපදවූ ප්‍රථම වස්තුවයි.මෙයට සැතපුම් 200ක් දුරක් රාත්තල් 2150 බර පුපුරණ ද්‍රව්‍ය ශීර්ෂයක් ගෙන යා හැකිවිය.එය ගමන් කලේ මිනිත්තුවට සැතපුම් 2500ක් වේගයෙන් ගමන් කල නිසා අතරමගදී අන්තර්ඛණ්ඩනය කිරීම අසීරු අතර ශබ්දයේ වේගයෙන් ලබා දී තිබූ ඉලක්කය මත ගැටුණි.මේ නිසාම මිසයිලය යොදාගෙන සිවිල් ජනතාව තුල මහත් භීතියක් ඇති කරන්නට හැකියාව ලැබිණි.මෙම V-2 මිසයිල ජංගම මිසයිල දියත්කරණ යොදාගෙන දියත් කල නිසා ප්‍රහාරයට පෙර සහ පසුව තිබෙන්නේ කොහේ දැයි සොයා ගැනීම අසීරු විය. මිසයිල 3000ක් පමණ මිත්‍ර පාර්ශ්වික හමුදා ඉලක්ක කරගෙන එල්ල කෙරිණි.එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් සෙබලුන් ඇතුලු 7000ක් මරණයට පත් විය.මෙම රොකට් ප්‍රහාරවල තර්ජනය අවසන් වූයේ මිසයිල දියත් කරන සීමාව අතහැර ජර්මන් හමුදාවට පසු බැසීමට සිදුවු පසුවයි.
V-2 මිසයිල නිපදවීම අධික වියදම් සහිත වූවා පමණක් නොව ඒවා ගෙන ගියේද පුපුරණ ද්‍රව්‍ය සහිත කුඩා ශිර්ෂයකි.තවද මිසයිල පතිත වීම නිවැරදි ඉලක්කයට සිදු නොවීය.නමුත් ජර්මානුවන්ට එය දියුණු කරන්න වැඩි කාලයක් ලැබුණේ නම් දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලය බොහෝසෙයින් වෙනස් වෙන්නට ඉඩ තිබිණි.ඔවුන්ට මිසයිල තුලට න්‍යෂ්ඨික ශීර්ෂ ඇතුලු කරන්නට සහ ඔවුන් පර්යේෂණ කරමින් සිටි ජීව විද්‍යාත්මක සහ රසායනික අවි මිසයිල සමග යොදා ගන්නට ඉඩ නොලැබුණේ වාසනාවකටය.යුද්ධයේ අවසන් දිනවල ජර්මනියට සරීන්,ටබින් සහ සොමන් ආදී රසායනික අවි ලැබුණද ඔවුන් කිසිදාක ඒවා පාවිච්චි නොකලහ.
සබ්මැරීනයක පිටුපස සවිකල දියත්කරණයක් යොදාගෙන උතුරු ඇමෙරිකාව ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කරන්නට ජර්මානුවන් සැලසුම් සකස් කර තිබිණි.ඔවුන් ඒවා ඉතා සාර්ථකව පරීක්ෂාවට ලක් කල අතර විද්‍යාඥයින් පවා සපථ කර සිටියේ V-9 රොකට් ඔස්සේ එම ඉලක්කය ජය ගත හැකිබවයි.මෙම මිසයිල සංස්කරණයේ සැබවින්ම නියමුවෙක් සිටියේය.අවසන් මිනිත්තුවේදී පැරෂුටයකින් පනින්නට හැකි ලෙස එය සැලසුම් කර තිබුණු අතර ඔහුව සබ්මැරීනයක් මගින් බේරාගනු ලැබේ.V-9 මිසයිලය ටොන් එකක පුපුරණ ද්‍රව්‍ය ශීර්ෂයකින් සමන්විත සේම මිනිත්තු 5කින් යුරෝපයේ සිට ඇමෙරිකාවට ළඟා විය හැකි සේ එය සැලසුම් කර තිබිණි.
දෙවන ලෝක සංග්‍රාමය අවසානයේදී ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය සහ සෝවියට් දේශය විසින් ජර්මනියේ අවි රැසක්,වැඩ අවසන් නොකල ව්‍යාපෘති සහ සැලසුම්වල පිටපත් මෙන්ම ව්‍යාපෘති භාරව සිටි ජර්මන් විද්‍යාඥයන් පවා අත්පත් කරගන්නා ලදි.අභ්‍යාවකාශ තරඟයේදී මෙලෙස අල්වා ගත් රොකට් තාක්ෂණවේදීන් සහ විද්‍යාඥයින් විශාල කාර්යභාර්යක් ඉටුකල අතර 1969 වසරේදී එක්සත් ජනපදයට මිනිසෙක් සඳ මතට ගෙනයාමට ඔවුන් විශාල සහයක් ලබා දුනි.
ජර්මානුවන්ගේ සමහරක් ගුවන් යානා සැලසුම් කඩදාසියකට පමණක් සීමා නොවි සංග්රාම සඳහාද යොදාගත්හ.නමුත් ඔවුන්ට යුද්ධය තමන්ට කැමති ලෙස වෙනස් කරන්නට හැකි යානා ප්‍රමාණයක් නිපදවන්නට නොහැකි විය.Messerschmitt Me 163 යනු දෙවන ලෝක යුද සමයේ පාවිච්චි කල රොකට් බලය යොදාගත් එකම ප්‍රහාරක යානයයි.නමුත් සංග්‍රාමයේදී මෙම යානයෙන් බිම හෙළීමට හැකි වුනේ සතුරු යානා සුලු සංඛ්‍යාවකි.
ප්‍රථම ටර්බෝජෙට් ප්‍රහාරක යානය වූයේ Messerschmitt Me 262 යි.එය පළමුවරට යුරෝපා අහසට පිවිසියේ 1944 වසරේදීය.නමුත් එය සංග්රාම භුමියට පැමිණියේ බොහෝ ප්‍රමාද වී නිසා යුද්ධයේ වෙනසක් ඇතිකරන්නට නොහැකිවිය.නමුත් මෙම ජර්මන් යානාවට තමන්ගේ යානා 100ක් පමණ බිලි දී සතුරු යානා 500කට වඩා වනසන්නට හැකි විය.
1944 වසරේ Dornier නම් සමාගම විසින් නිපදවූ මෙහි ඉදිරිපස සහ පිටුපස කෙළවරයන්හි අව අවරපෙති තිබේ.දෙවන ලෝක යුද සමයේ ජර්මනිය සතුව තිබූ වේගවත්ම පිස්ටන් එන්ජින් වලින් බල ගැන්වූ ගුවන් යානය මෙයයි.
Messerschmitt Me 262 යානයේ සාර්ථකත්වය නිසා දෙවන ලෝක සංග්‍රාමයේ අවසන් සමයේ වා උමං තුල පමණක් Focke-Wulf Ta-183 නම් ප්‍රහාරක ජෙට් යානය පරීක්ෂාවට ලක් කරන්නට ජර්මානුවන්ට හැකිවිය.කෙසේවුවත් මෙම යානයේ මූලාකෘතියක් 1945 වසරට පසුව ආර්ජන්ටිනාවේදී දියුණු කරන ලදි.රුසියාවේ MiG-15 යානා මෙම ජර්මන් යානය සහ ඒවාහි සැලසුම් පදනම් කරගෙන නිර්මාණය කල බව කිය වුනද රුසියානු ඉතිහාසඥයින් ඒවා ප්‍රතික්ෂේප කරති.
Bachem Ba 349 යනු පරීක්ෂණාත්මක මට්ටමේ තිබූ රොකට් බලැති අතුරුවාරකයකි(rocket-powered interceptor).මේ ඔස්සේ ජර්මානුවන් අදහස් කලේ අන්තරායදායි ගුවන් පථ ඔස්සේ කරන තිරස් ගුවන් ගත වීම වෙනුවට සිරස් සෘජු ගුවන් ගත කිරීමක් සිදු කිරීමටය.ජර්මනියේ අදහස වූයේ මිනිසෙක් රහිතව ගුවන් ගතවන මිසයිලයක් ලෙස මෙය යොදාගන්නටය.Bachem Ba 349 යානය යොදාගෙන සතුරු බෝම්බ හෙළන යානා විනාශ කිරීම අභිප්‍රාය විය.එසේ වුවද ඉලක්කයට ලඟාවූ විට යානයේ තිබෙන රොකට් මුදාහැරීමට නියමුවෙක් අවශ්‍ය විය.නියමුවාද මරණයට පත් පළමු සහ අවසන් පරීක්ෂණ ගුවන් ගමන 1945 මාර්තු මස සිදුවිය.
DFS 346 නම් වන මෙම අධිවේගී රොකට් බලැති පර්යේෂණ ගුවන් යානයේ මූලාකෘතිය ජර්මනිය යටත්වන තුරු ඔවුන්ට සම්පුර්ණ කරන්නට නොහැකි විය.නමුත් වසර කිහිපයකට පසුව සෝවියට් දේශය මෙම යානය නැවත නිපදවා සාර්ථකව පරික්ෂණ ගුවන් ගත කිරීම් කිහිපයක් සිදුකරන ලදි.
Heinkel He 162 යනු තනි එන්ජිමේ ජෙට් යානයකි.මෙම යානය නිපදවීමට වැඩි වශයෙන්ම දැව යොදාගෙන තිබේ.එම කාලයේදී යනු මුල් කාලීන ජෙට් යානා අතර වේගවත්ම එක විය.Heinkel He 162 යානය interceptor aircraft එකක් මෙන්ම dive-bomber වේ.මෙය කිසිම දිනෙක සංග්රාම භූමියට පියාසර කලේ නැත.
Arado 234 යනු ලොව පලමු ජෙට් බලැති බෝම්බ හෙළන යානයි.එම කාල සමයේ එය අතිශය දියුණු යානයකි.Arado 234 යානය ස්වයංක්‍රීය නියමුවෙක්ගෙන්,හදිසි අවස්ථාවක නියමුවා යානයෙන් ඉවත් කරන ආසනයක් සහ ද්විත්ව ජෙට් එන්ජිම්වලින් සමන්විත විය.එය මිත්‍ර පාර්ශ්වික යානාවල ප්‍රහාරවලට ලක්නොවන්න තරම් වේගවත් විය.
Silbervogel නමින් හැඳින්වූ මෙම යානයේ ඉංග්‍රීසි නාමය සිල්වර්බර්ඩ්ය.රොකට් බලයෙන් පියාසර කල හැකි උප කක්ෂීය බෝම්බ හෙළන යානයක් වූ මෙය වා උමං තුල පමණක් පරීක්ෂාවට ලක් කල කිසිදාක නිෂ්පාදනය නොකල යානයකි.කෙසේ නමුත් මෙය ස්පේස් ෂටලවල(Space Shuttle) පුර්වගාමියා ලෙස හැඳින්විය හැකිය.
මෙම යානයට අත්ලාන්තික් සාගරය හරහා ඇමෙරිකාවට රාත්තල් 8800ක බෝම්බයක් ගෙන ගොස් පැසිෆික් සාගරයේ ඔවුන්ගේ මිත්‍ර රාජ්‍යය වූ ජපානයට ගොඩ බැසිය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන ලදි.යානයට එතරම් දුර යාමට හැකියාව ලැබෙන්නේ එය සිදුකරන ලබන පැන්නීම් මාලාවක් ඔස්සේය.සැතපුම් 2ක් දිග රේල් පාරක් දිගේ රොකට් බලයේ උපකාරයෙන් පැයට සැතපුම් 1200ක වේගයක් ලබාගැනීමෙන් පසුව අහසට නගින යානය රොකට් එන්ජිම් ක්‍රියාත්මක කිරීමෙන් පැයට සැතපුම් 14,000ක් වේගයක් සැතපුම් නමයක් තුල ලබා ගන්නා අතර ඉන් පසු එය සෙමින් අපරිවර්තී ගෝලයට වැටේ.එහි ඇති ඉහළ වායු ඝනත්වය යානයට තම උස වෙත යළි ලඟාවීමට පොළා පැනීමක් ලබාදෙයි.සෑම අවස්ථාවකම පොලා පැනීමේ ප්‍රමාණය වැඩි වේ.නමුත් ජර්මන් තාක්ෂණවේදීන්ගේ අදහස් වූයේ යානය සැතපුම් 12000-15000ක් අතරදී කඩා වැටීමේ හැකියාව වැඩි බවයි.
Horten Ho-IX යනු වර්ගයේ බෝම්බ හෙළන සහ ප්‍රහාරක යානයකි.මෙහි මූලාකෘති දෙවන ලෝක යුද්ධයේ අවසන් කාලයේ නිර්මාණය කරන ලදි.පහත දක්වා තිබෙන්නේ Gotha සහ Horten ව්‍යාපෘතීන්ය.
මුල් කාලීන හමුදා හෙලිකොප්ටර් ජර්මනිය විසින් නිපදවා මධ්‍යධරණී ප්‍රදේශයේ සේවයේ යොදවන ලදි.තවත් සුලු ප්‍රමාණයක් ඊජියන් සහ බෝල්ටික් මුහුදු ප්රදේශවලද පාවිච්චි කරන ලදි.Flettner 282 සහ Focke Achgelis 223(රූපයේ දක්වා ඇත.) යන හෙලිකොප්ටර් විශාල සංඛ්‍යාවලින් නිපදවීමට අවස්ථාව නොලැබුණේ ඒවා නිෂ්පාදනය කල කර්මාන්තශාලා මිත්‍ර පාර්ශ්වික හමුදා විසින් බෝම්බ දමා විනාශ කල නිසාය.
ජර්මන් විද්‍යාඥයින් විසින් දියුණු කල පුදුමසහගත සංකල්පයන් සහ සොයා ගැනීම් වන්නේ
-සුර්ය කාලතුවක්කුව(sun cannon)
-සුළි සුළං අවිය( vortex gun)
-අතිධ්වනි කාලතුවක්කුව(sound cannon)
-වා කාලතුවක්කුව (wind cannon)
සුර්ය තුවක්කුව(sun cannon) සතුව විශාල පරාවර්තකයක් තිබේ.එය සතුරු ගුවන් යානා දෙසට එල්ල කර විනාශ කිරීම මෙහි අරමුණයි.දෙවන ලෝක යුද සමයේ ජර්මන් විද්‍යාඥයින් පිරිසක් මෙවැනි අවියක් ගැන පර්යේෂණ සිදු කර තිබේ.ලෝහමය සෝඩියම් වලින් තැනූ වර්ග කි.මී. 9ක් වූ අතිවිශාල පරාවර්තකයක් අභ්‍යාවකාශයේ රැඳවීම ඔවුන්ගේ සැලසුම විය.ඉන් පරාවර්තනය වන සුර්යාලෝකය නගරයක් ගිනි තබා විනාශ කිරීමට තරම් ප්‍රබලබව සඳහන් වේ.යුද්ධය අවසානයේ පරික්ෂණ සඳහා නිපදවූ එම අවියේ ආදර්ශකයක් සොයාගන්නට ඇමෙරිකානුවන් සමත්වේ.එය යොදාගෙන යුද්ධය සමයේ හෝ ඉන් පසුකාලයේ පරීක්ෂණ සිදුකලේද යන්න අනාවරණයවී නැත.
vortex gun යනු වාතය කැළඹීමකට ලක් කර විශාල පරිමාණය ගුවන් යානා බිම හෙළීම සහ ඒවා කැබලි වලට කඩා දැමිමට භාවිතා කල හැකි අවියකි.මෙම අවියේ උණ්ඩයක මධ්‍යයේ ගල් අඟුරු දුහුවිලි සහ මන්දගාමීව දැවෙන පුපුරණ ද්‍රව්‍ය අඩංගුය.එයින් කෘත්‍රීම සුළි සුළඟක් හෝ ටෝර්නේඩෝ තත්ත්වයක් ඇති කිරීම අරමුණ විය.මෙම අවිය අත්හදා බැලීමේදී නියම තත්ත්ව යටතේදී හොඳින් ක්‍රියා කල බව සඳහන් වේ.ඉන් ඇති කරන පීඩනය ගුවන් යානාවල ව්‍යුහාත්මක දෝෂයන් ඇති කරන්නේද යන්න පැහැදිලි නැත.නමුත් යානාවල තටු මත ඉන් ඇති කරන තෙරපුම පෙනෙන හැටියට ඉතාම ඉහළය.එම ප්‍රබල තෙරපුම් බලයම යානයක් බිම හෙළීමට ප්රමාණවත්ය.නමුත් මිත්‍ර පාර්ශ්විකයන්ගේ වාසනාවකට නාසීන් මෙම අවිය සංග්‍රාමයේදී භාවිතා නොකලේය.
wind cannon අවිය නිපද වූයේ සම්පීඩිත වායුව යොදාගෙන ජෙට් යානා බිම හෙළීමටය.මෙම අවිය අමුතුම ස්වරූපයක් ගන්නා බව පහත රූපයෙන් පෙනේවි.අවිය පරීක්ෂා කිරීමේදි මි.මී. 25ක් ඝනකම දැවමය ලෑල්ලක් මීටර් 600ක් දුරට විසි කරන්නට සමත් විය.නමුත් ඉන් ගමන් කරන යානයකට කල හැකි හානිය යම් තැනක ස්ථිරව තිබෙන වස්තුවකට කල හැකි හානිය සමග සැසඳීම කල නොහැකිය.මේ නිසා සැලසුම් කල පරිදි එම අවියෙන් ප්‍රයෝජනයක් නොලැබිණි.යුද්ධය අවසන් වන සමයේ මෙම අවිය එල්ලෙන පාලමක අටවා තිබුණද ගුවන් යානා බිම හෙළීමට ඊට නොහැකි විය.
sound cannon අවියෙන් සිදු කිරීමට බලාපොරොත්තු වූයේ ඔක්සිජන් සහ මීතේන් පුපුරවා හැර නිකුත්වන ශබ්දයෙන් යම් අයෙක් මරා දැමීමයි.ඉතා ඉහල විස්තාරයක් සහිත ශබ්ද තරංගයක් මුදා හැරිය විට ඉන් මිලිබාර් 1000ක පීඩනයක් අඩි 150ක් දක්වා ඇතිකල හැකි අතර ඊට නිරාවරණය වීම මාරන්තික වේ.ඉතා දුරින් සිටින සෙබලෙක් තුල පවා මේ හේතුවෙන් විශාල වේදනාවක් ඇතිවන අතර ඔහු අප්‍රාණික ස්වභාවයකට පත් කරයි.මෙම අවිය සංග්‍රාමයේදී යොදා නොගත් අතර මිනිසුන් යොදාගෙන එය පරීක්ෂා කල බවක් හෝ සඳහන්ව නැත.අනෙක් ධ්වනික අවිය වූයේ විශාල කාලතුවක්කුවකින් අති ධ්වනි ශබ්ද තරංග කම්පනයක් ලෙස පාවිච්චි කර විශාල බෝම්බ හෙළන යානා විනාශ කිරීමයි.
මෙම අවි සියල්ල ඉතාම කෙටි කාල සීමාවක් තුල මෙන්ම බරපතල යුද තත්ත්වයක් යටතේ සැලසුම් කල සහ නිපදවූ ඒවාය.ජර්මනියේ විශිෂ්ඨත්වය කොතරම් දැයි සිතා ගන්නට මෙම හමුදා අවි සහ තාක්ෂණයන්ම ප්‍රමාණවත් යැයි මා සිතමි.කෙසේ නමුත් ජර්මනිය දෙවන ලෝක සංග්‍රාමයේදී සංවර්ධනය කල සැලසුම් කල යානාවලින් ,අවිවලින් සහ තාක්ෂණයන්ගෙන් දියුණු කල බොහෝදෑ වර්තමානයේදී එක්සත් ජනපදය ඇතුලු රටවල් භාවිතා කරයි.
මෙහි දී සඳහන් කල සියලුම අවි තහවුරු කල ඒවාය.එසේම නාසින් හා බැදුණු විවිධ මිත්‍යා මතද තිබේ(නාසින්ගේ පියාඹන පිරිසි ව්‍යාපෘතිය. හිට්ලර්ගේ මරණය,පියාඹන පිරිසියකින් පළා යෑම,1960 දශකය තෙක් දකුණු ඇමෙරිකාවේ ජීවත් වීම ආදිය.)ඒ සම්බන්ධව සොයා බැලීම ඔබට භාරයි.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-
දෙවන ලෝක යුද සමයේ ජර්මානුවන්ගේ විශ්මිත නිර්මාණකරණය ගැන පළ කල ලිපියේ දෙවන කොටස
විශ්මිත අවි අංක 06 - දිගු දුර බැලස්ටික් මිසයිලයේ මූලාකෘතිය

විශ්මිත අවි අංක - 07 Rocket-powered fighter plane රොකට් බලැති ප්‍රහාරක යානය

විශ්මිත අවි අංක 08 - sub-orbital bomber - උප කක්ෂීය බෝම්බ හෙළන යානාය
Silbervogel නමින් හැඳින්වූ මෙම යානයේ ඉංග්‍රීසි නාමය සිල්වර්බර්ඩ්ය.රොකට් බලයෙන් පියාසර කල හැකි උප කක්ෂීය බෝම්බ හෙළන යානයක් වූ මෙය වා උමං තුල පමණක් පරීක්ෂාවට ලක් කල කිසිදාක නිෂ්පාදනය නොකල යානයකි.කෙසේ නමුත් මෙය ස්පේස් ෂටලවල(Space Shuttle) පුර්වගාමියා ලෙස හැඳින්විය හැකිය.
1) Pressurized Cockpit 2) Oxidant Tanks 3) Fuel Tanks 4) High-Pressure Combustion Chamber of 100 Tons Thrust 5) Auxiliary Rocket Chambers 6) Wedge-Shaped Wing 7) Retracted Undercarriage 8) Free-Falling Bomb
1) Captive Rocket Booster of 600 Tons Thrust 2) Sänger Amerika Bomber of 100 Tons Thrust 3) 3 Km (1.9 miles) Long Monorail Track 4) Sled Carriage
මෙම යානයට අත්ලාන්තික් සාගරය හරහා ඇමෙරිකාවට රාත්තල් 8800ක බෝම්බයක් ගෙන ගොස් පැසිෆික් සාගරයේ ඔවුන්ගේ මිත්‍ර රාජ්‍යය වූ ජපානයට ගොඩ බැසිය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන ලදි.යානයට එතරම් දුර යාමට හැකියාව ලැබෙන්නේ එය සිදුකරන ලබන පැන්නීම් මාලාවක් ඔස්සේය.සැතපුම් 2ක් දිග රේල් පාරක් දිගේ රොකට් බලයේ උපකාරයෙන් පැයට සැතපුම් 1200ක වේගයක් ලබාගැනීමෙන් පසුව අහසට නගින යානය රොකට් එන්ජිම් ක්‍රියාත්මක කිරීමෙන් පැයට සැතපුම් 14,000ක් වේගයක් සැතපුම් නමයක් තුල ලබා ගන්නා අතර ඉන් පසු එය සෙමින් අපරිවර්තී ගෝලයට වැටේ.එහි ඇති ඉහළ වායු ඝනත්වය යානයට තම උස වෙත යළි ලඟාවීමට පොළා පැනීමක් ලබාදෙයි.සෑම අවස්ථාවකම පොලා පැනීමේ ප්‍රමාණය වැඩි වේ.නමුත් ජර්මන් තාක්ෂණවේදීන්ගේ අදහස් වූයේ යානය සැතපුම් 12000-15000ක් අතරදී කඩා වැටීමේ හැකියාව වැඩි බවයි.
විශ්මිත අවි අංක 09 - flying-wing bomber - වල්ග රහිත බෝම්බ හෙළනය
Horten Ho-IX යනු වර්ගයේ බෝම්බ හෙළන සහ ප්‍රහාරක යානයකි.මෙහි මූලාකෘති දෙවන ලෝක යුද්ධයේ අවසන් කාලයේ නිර්මාණය කරන ලදි.පහත දක්වා තිබෙන්නේ Gotha සහ Horten ව්‍යාපෘතීන්ය.
මුල් කාලීන හමුදා හෙලිකොප්ටර් ජර්මනිය විසින් නිපදවා මධ්‍යධරණී ප්‍රදේශයේ සේවයේ යොදවන ලදි.තවත් සුලු ප්‍රමාණයක් ඊජියන් සහ බෝල්ටික් මුහුදු ප්රදේශවලද පාවිච්චි කරන ලදි.Flettner 282 සහ Focke Achgelis 223(රූපයේ දක්වා ඇත.) යන හෙලිකොප්ටර් විශාල සංඛ්‍යාවලින් නිපදවීමට අවස්ථාව නොලැබුණේ ඒවා නිෂ්පාදනය කල කර්මාන්තශාලා මිත්‍ර පාර්ශ්වික හමුදා විසින් බෝම්බ දමා විනාශ කල නිසාය.
විශ්මිත අවි 10 - Wind Cannon & Vortex Gun