දෙවන ලෝක යුද සමයේ ප්‍රචාරක පෝස්ටර්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක යුද සමයේ ප්‍රචාරක පෝස්ටර්

    QKHSEMF.jpg

    අද මෙන් විද්‍යුත් මාධ්‍ය නොතිබූ දෙවන ලෝක යුද සමයේ ජනතාව අතර ප්‍රචාරක කටයුතු සිදුකරන ලද්දේ මුද්‍රිත මාධ්‍ය ඔස්සේය.ඒ අතරින් ප්‍රචාරක පෝස්ටර් සහ පත්‍රිකා වැදගත් තැනක් ගනියි.පහත දැක්වෙන්නේ දෙවන ලෝක යුද සමයේ ප්‍රසිද්ධ කල එවැනි පෝස්ටර් කිහිපයකි.මෙහි නාසි විරෝධී පෝස්ටර්,සෝවියට් ප්‍රචාරක පෝස්ටර්ද අඩංගුය.



    ඒකාධිපතියන් දෙදෙනෙක්ගේ ප්‍රතිරූප ඔසවා තබන්නට ගත් වෑයමක්

    bWqsSJ6.jpg




    මෙහි දැක්වෙන්නේ මිත්‍ර පාශ්වික රටවල ප්‍රසිද්ධ කල පෝස්ටර් කිහිපයකි.ජර්මනිය ඇතුලු සතුරු රාජ්‍යයන්ගේ ඔත්තුකරුවන් සම්බන්ධව ජනතාව දැනුවත් කරන්නත් තැන නොතැන බලා නොකල යුතු කතා නොකරන්නත් කියා මෙම පෝස්ටර් නිර්මාණය කර තිබේ.

    0Jcs0So.jpg


    kuR1KTH.jpg





    සමහර විට ඔබ නොදැන ඔබේ මේසය යට හිට්ලර් සිටිය හැක.එසේම ඔහු ඔබේ දුරකතන සංවාදවලට ඇහුම්කම් දෙනවාද විය හැකිය.

    B7JiF4r.jpg


    sxovZ9f.jpg





    මිත්‍ර පාර්ශ්වික පැරෂූට්කරුවන්ට යුරෝපයේදී අත්වූ ඉරණම ගැන සඳහන් කරමින් පළකල පෝස්ටරයක්

    leK0HAh.jpg


    3f8KvnW.jpg




    යුද සමයේ සම්පත් අධි භාවිතා නොකර ඉතිරි කරන්න කියා ජනතාව දැනුවත් කල පෝස්ටර්​

    v1ateeM.jpg


    uKO0k5P.jpg


    i7x9p6q.jpg





    හිට්ලර් උපහාසයට ලක් කල පෝස්ටර්.දකුණු පස දැක්වෙන්නේ ජර්මනියට බ්‍රිතාන්‍ය-ඇමෙරිකා බෝම්බ හෙළීමේ සිදුකරන සමයේ පළකල පෝස්ටරයකි.

    W62p6Sj.jpg




    හිට්ලර් අමනුෂයෙක් ලෙස පෙන්වා දුන් සෝවියට් පෝස්ටර්​

    Erglhff.jpg





    හිට්ලර් මිනීමස් කන්නෙක් යැයි පෙන්වූ බ්‍රිතාන්‍ය පෝස්ටරයක්(දකුණු පස). හිට්ලර්ගේ විකෘති කල රූපයක් දැක්වෙන සෝවියට් පෝස්ටරයක්(වම්පස)

    3iWiY2x.jpg





    බ්‍රිතාන්‍යයන් පළකල තම මාර්ගයේ තිබෙන සියලු දේ විනාශ කරමින් යන හිට්ලර්ගේ පෝස්ටරයක්(දකුණු පස). චෙකස්ලෝවැකියාව ජර්මනියට ලබා දීම සම්බන්ධව සෝවියට් දේශය නිර්මාණයක කල පෝස්ටරයක්(වම්පස)

    b1ADmNF.jpg





    සියලු දිශාවලින් ජර්මනියට පහර දෙන අයුරු පෙන්වන පෝස්ටර්

    eVbhkXd.jpg


    bWdKWcj.jpg




    තම මවු බිමෙන් ධනවාදී ඒකාධිපති හමුදාවන් පලවා හරින වික්‍රමාන්විත රතු හමුදාව පෙන්වන පෝස්ටර්​

    h58EYbo.jpg


    ks79GSn.jpg





    සෝවියට් පෝස්ටර් කිහිපයක්

    y9Igxva.jpg





    සෝවියට් රතු හමුදා සහ ස්ටාලින් නිරූපිත පෝස්ටර්

    bgQGy62.jpg





    වැඩෙන්න ,පුංචි යෝධයෝ! සෝවියට් හමුදාව ඔබව ආරක්ෂා කරනවා!

    T2qjLzW.jpg




    සෝවියට් චිත්‍ර ශිල්පීන් නිර්මාණය කල නැපෝලියන්ට සහ හිට්ලර්ට විරුද්ධව රුසියානුවන් නැඟී සිටින අයුරු දැක්වෙන පෝස්ටර්​

    b7OxggV.jpg





    යුක්‍රේන දේශප්‍රේමීන් නාසීන් සමග එකට වැඩ කරන බව පෙන්වන සෝවියට් පෝස්ටරයක්(වම්පස). යුක්‍රේන දේශප්‍රේමීන් ඊට ප්‍රතිචාර ලෙස පළ කල පෝස්ටරයක්(දකුණුපස)

    xDBShUv.jpg





    නාසි ජර්මනිය කොමියුනිස්ට් රුසියාවට එරෙහිව නිර්මාණය කල පෝස්ටර්.

    K9AurWN.jpg




    දකුණුපස දැක්වෙන්නේ නොමැන්ඩි සටනෙන් පසුව යුරෝපයට ඇතුලුවූ ඇමෙරිකන්-බ්‍රිතාන්‍ය හමුදාවල චිත්ත ධෛර්යය හීන කරන්නට ජර්මන් ගුවන් හමුදා හෙළන ලද පත්‍රිකාවකි.වම්පස දැක්වෙන්නේ ජර්මන් නගරවලට අනුකම්පා විරහිතව මිත්‍ර පාර්ශ්වික හමුදා බෝම්බ හෙළද්දී ජර්මානුවන්ගේ චිත්ත ධෛර්යය නොබිඳී පවත්වා ගන්නට ජර්මනිය නිර්මාණය කල පෝස්ටරයකි.

    JDm62jv.jpg




    ජර්මන් හමුදා වික්‍රමාන්විත කර්මාන්තශාලා සේවකයන් මත යැපෙන බව පෙන්වන ජර්මන් පෝස්ටරයක්(වම්පස). රුසියානු කම්කරුවන් වෙනුවෙන් නිර්මාණය කල පෝස්ටරයක්(දකුණුපස)​

    u0EZTcP.jpg





    නෙදර්ලන්ත වැසියන් නැගෙනහිර පෙරමුණේ කොමියුනිස්ට්වාදීන්ට එරෙහිව සටන් කරන්නට පෙළඹවීමට ජර්මනිය නිර්මාණය කල පෝස්ටර්

    YtbWxjE.jpg




    ඉතාලි සංග්‍රාමය.රෝමයේ දකුණු වෙරළ තීරයට මිත්‍ර හමුදා ගොඩ බසින්නට සැරසෙන විට අනතුරු ඇඟවීමට නිර්මාණය කල ජර්මන් පෝස්ටරයක් වම්පස දැක්වේ.ජර්මන් නාවික හමුදාවට එක්වන ලෙස දැන්වූ පෝස්ටරයක් දකුණු පසඉන් දැක්වේ.​

    XWq8Q4m.jpg





    ජර්මන් විරෝධී ඇමෙරිකානු පෝස්ටර්

    ZmqFXfH.jpg





    ඇමෙරිකානු යුධෝපකරණ නිෂ්පාදනය දිරිගැන්වීමට කල නිර්මාණයන්

    XDcUbzS.jpg





    ඇමෙරිකානුවන් නිදහස වෙනුවෙන් 1778 සහ 1943 දී සටන් කල අයුරු දැක්වෙන පෝස්ටරයක් වම්පසින් දැක්වේ.දකුණුපස දැක්වෙන්නේ 1917දී පළකල පෝස්ටරයකි.

    cwKZ81V.jpg




    දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සංග්‍රාමය ගැන සඳහන් පෝස්ටර්.දකුණුපස පෝස්ටරයේ පසෙකින් ජර්මන්,ඉතාලි සහ ජපන් ධඡයන් ලෙළදෙන අතර ජර්මන් සමුරායි සටන්කරුවෙක් ඇමෙරිකානු යුද නෞකා වනසන අයුරු දැක්වේ.දකුණුපස දැක්වෙන්නේ ජපානය ඕස්ට්‍රේලියාව ආක්‍රමණය කරාවි යැයි තිබූ බිය ප්‍රදර්ශනය කල පෝස්ටරයකි.

    ObCDrq0.jpg




    ඉතාලි නගර මිත්‍ර හමුදාවල ගුවන් ප්‍රහාරවලට ලක්වූ පසු නිර්මාණය කල ඇමෙරිකානු විරෝධී පෝස්ටරයක් වම්පස දැක්වේ.ජර්මනිය විසින් යුරෝපය කොමියුනිස්ට්වාදයෙන් බේරාගන්නා බව පෙන්වන පෝස්ටරයක්(දකුණුපස)

    BT93iUU.jpg




    හිට්ලර් විමුක්තිදායකයෙක් බව පෙන්වන පෝස්ටරයක් වම්පස පෙන්වයි(යුක්‍රේනය ,1942) ස්ටාලින් රාක්ෂයෙක් යැයි කියන පෝස්ටරයක්(පෝලන්තය ,1940)​

    p5mvHq1.jpg





    ජර්මන් පෝස්ටරයක්(1944)

    lnzKM6a.jpg





    ලිපිය අවසන් කරන්නට සීතල යුද සමයේ සෝවියට් පෝස්ටරයක් තෝරාගත්තා.ඇමෙරිකාවේ අධිරාජ්‍යවාදී ව්‍යාප්තිය ගැන කියවෙන 1980 දශකයේ සෝවියට් පෝස්ටරයක්.

    bp58O63.jpg





    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,189
    113
    උබට යුද්ධෙම තමා නේද.:Dආමි එකේ හිටියද?:oo:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට මචන්.. කොහොමද මේවා හොයා ගත්තේ??

    තව ත්‍රෙඩ් දාපන්. වෙලා තියන් වෙලාවට මචන්..