පින්වත් asliyanage,
පිහියකින් ප්‍රයෝජන ඇති අයෙක් එම පිහියේ මිටෙන් අල්ලා එම කාරිය කලොත් පිහිය එම පුද්ගලයාට යහපත් දෙයක්. නමුත් පිහි තලයෙන් අල්ලා එම කාරිය කරන්න ගියොත් පිහිය එම පුද්ගලයාට අයහපත් දෙයක්. ඒ වගේ තමයි මේ දෙව් ලොව හිත පිහිටුවීම යන කාරණාව. දෙව් ලොව හිත පිහිටුවීම්න් දෙව් ලොව මාර්ගඵල ලාභී දෙවිවරුන් සිටින නිසා ඔවුන්ගෙන් ධර්මය අසා නිවන් ලැබීමේ අවස්ථාව උදා කර ගැනීමේ අදහස පිහි තලයෙන් අල්ලා පිහියකින් ගත යුතු ප්‍රයෝජනය ගන්න යනවා වැනි වැඩක්.
බුදු රජානන් වහන්සේ නකුලමාතුමනාපකායික සූත්‍රයේ http://thripitaka.org/view/sp/sp16/229 මෙන් බොහෝ දහම් දේශනා කර තිබෙනවා.
බුදු රජානන් වහන්සේ යවකලාපී සූත්‍රයේ http://thripitaka.org/view/sp/sp10/409 මෙන් ලෙසත් දහම් දේශනා කර තිබෙනවා.
මේ සූත්‍ර දෙකම හොදින් කියවා බලා දෙව් ලොව හිත පිහිටූවීම යන කාරණාව ගැන මේ සූත්‍ර දෙක ඇසුරෙන් ඔබට වැටහෙන ආකාරය විස්තර කරන්න.
Skylark
Skylark, ඔයා මේ ත්‍රෙඩ් එකේ ලියපු දේවල් වලින් හුඟක් දේවල් ඉගෙනගත්ත.. ඔයාට හුඟක් පින්.. වැරදි ධර්මය සහ නිවැරදි ධර්මය අතර අතරමන් වෙලා ඉන්න උදවියට ඔයා ලියපු දේවල් ටික හුඟක් වටිනවා. මගේ හිතෙත් ලොකු සැකයක් තිබ්බ දේවතානුස්සතිය කියන දේ ගැන. තව දුරටත් ඒ ගැන හොයාබලන්න ඕන.
පින්වත් polwattacom,
ඔබටත් පින්.
ඔබ තව දුරටත් ඒ ගැන සොයා බලනවානම් මේ සූත්‍රත් බලන්න:
1. තෙවිජ්ජ සූත්‍රය http://thripitaka.org/view/sp/sp1/610 - මෙහි බඹ ලොව ඉපදීම පිණිස දහම් දෙසන්න කීවාම බුදු රජානන් වහන්සේ එයම පවසා එයිට එහා දෙයක් නොපවසා තිබෙනවා. සූත්‍රය නම් දිගයි හැබැයි වැදගත් කරුණු බොහෝමයක් තියෙන සූත්‍රයක්.
2. චෙතොඛිල සූත්‍රය http://thripitaka.org/view/sp/sp4/272 - සම්පූර්ණ සූත්‍රයම කියවන්න. සූත්‍රයේ ඇති පස්වන චිත්තවිනිබන්ධය දෙව් ලොව හිත පිහිටුවීම්න් දෙව් ලොව මාර්ගඵල ලාභී දෙවිවරුන් සිටින නිසා ඔවුන්ගෙන් ධර්මය අසා නිවන් ලැබීමේ අවස්ථාව උදා කර ගන්න හිතන අයට නිවන පමා වන්නේ ඇයි දැයි වටහා ගැනීමට උදව් වේවි.
Skylark
පින්වත් polwattacom,
හොද, නරක, සහ සත්‍යාවබෝධය යන ත්‍රෙඩ් එකේ [ http://www.elakiri.com/forum/showthread.php?t=1735930 ] postcount #5 හිදී දෙව් ලොව ඉපදීම පිණිස අන් අයව යොමු කිරීම ගැන ලෝහිච්ච සූත්‍රය ඇසුරෙන් මම යමක් සදහන් කර තිබෙනවා. මම ලියා ඇති දෙයත්, ලෝහිච්ච සූත්‍රයත් කියවා බලන්න.
දහම් දෙසන අය කවර ලෙසින් දෙව් ලොව ඉපදීම පිණිස අන් අය යොමු කල යුතුද යන්නත්, දහම් අසන අය කවර ලෙසින් එම කරුණු වටහාගෙන කටයුතු කල යුතුද යන්නත්, දෙපිරිසම පටලවාගත්තොත් කුමක්ද සිදුවන්නේ යන්නත් වඩාත් නිරවුල්ව තේරුම් ගන්න ලෝහිච්ච සූත්‍රයත් අපට උපකාරී වෙනවා.
Skylark