දෙවිනුවර ඇසළ උත්සවය

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    දෙවිනුවර ඇසළ උත්සවය

    දෙවිනුවර ඇසළ උත්සවය


    79467538.jpg


    40682543.jpg


    dsc08335.jpg


    dsc_0411.jpg



    ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම සුවහසක් බැතිමතුන්ගේ ‍වන්දනාමානයට පත්වුනේ අනාදිමත් කාලයක පටන්යය.

    වර්තමානයේද අතීතයේ මෙන්ම දෙවිනුවර පුද බිම බැතිමතුන්ගේ ‍වන්දනාවට පාත්‍ර වෙති. පුද බිමට අරක්ගත් උප්පලවන්න හෙවත් උපුල්වන් දෙවියන්ගේ බැල්ම පුදබිම අරා පැතිර තිබේ උපුල්වන් දෙවියන්ගේ දේවාලය පිහිටි දෙවිනුවර පුද බිමේ ඉතිහාසය රාම රාවණා යුග දක්වා අතීතයට දිවයයි. රාම රාවණා යුද්ධය සිදුවු ස්ථානය ලෙස සැලකෙන්නේද මෙම පුද බිමයි. ප්‍රදේශයේ ඇති ජනප්‍රවාද හා එහි ගම්නම් ව්‍යවහාරයන් ඒ සඳහා සාක්ෂි සපයයි.

    කතරගම දෙවිඳුන් ගොඩබට ස්ථානයද පිහිටා තිබෙන්නේ දේවිනුවරයි. එය මඟුල් වැල්ල ලෙස හඳුන්වයි. එලෙස දෙවිනුවර පිළිබඳ පවතින පුරාණෝක්ති වංශ කථා මෙන්ම පුරාවිද්‍යාත්මක සාධකද දෙවිනුවර ඉපැරණිම නගරයක් බව සනාථ කරයි. ඇතැම් ඉතිහාස‍සේවීහු දිවයීනේ පිහිටි පුරාණතම නගරය ලෙසින් සලකන්නේද දෙවිනුවරය

    දැනට භාවිත කෙරෙන ඉපැරණිම ලෝක සිතියම ක්‍රි.ව. 140 දී පමණ නිර්මාණය කලේ ග්‍රික ඩාතින ටොලමි විසිනි ඔහු දෙවිනුවර හදුන්වා ඇත්තේ දෙවියන්ගේ භූමිය අර්ථවත් කරන නමිනි. එකල සිටම දේවත්වයෙන් පාරිශුද්ධ වු භුමියක් ලෙස දෙවිනුවර සලකා ඇත. සිරිලකට අරක්ගත් සතර වරම් දෙවියන් ගෙන් උප්පලවන්න දෙවිදුන්ට කැප වු පුද බිම දෙවිනුවරයි.

    දීප වංශය සිංහලයේ පැරණිතම ඉතිහාස ග්‍රන්ථයයි. උපුල්වන් දෙවියන් පිළිබද එහි මෙලෙස සටහන් වී තිබේ.

    ඒ ශාස්තෘන් වහන්සේ එම්බා ශක්‍රය, තොප ලංකාද්විපය රැක ගැනීමට පමා නොව යැයි, දේවේශ්වර වු ශක්‍රයා, අමතා වදාළ සේක. සුජාතා දෙවගනගේ ස්වාමි හෙවත් ප්‍රජාපතී වු සක් දෙව් රජ තම සම්‍යක් සම්බුද්ධයන්ගේ වදන් අසා උප්පලවන්නා දෙවිහට ලක්දිව ආරක්ෂා කිරීමට කරුණු කීවේය. මහත්වු සෘද්ධී ඇති ඒ උප්පලවන්නා දෙවිතෙමේ සක්දෙවි රජුගේ වදන්අසා පිරිවර දෙවියනි සහිතව ලක්දිව ආරක්ෂාවට එළඹසිටියේ.

    දෙවිනුවර පුද බිම පුජ්‍යත්වයට පත් ‍ෙකරුණු අප්පල වන්නා දේවාලයේ ඉදිකර වීම දක්වා කතා පුවත ආශ්චර්යමත්ය. දෙවිනුවර සිරිසුනන්ද නාහිමියන් විසින් රචනා කරන ලද ඓතිහාසික දෙවිනුවර මහ පුද බිම ගුන්ථයේ එම ජනප්‍රවාදය සඳහන්කොට ඇත්තේ මෙලෙසින්ය.

    උප්පල වන්නා දෙවියෝ මහත් කිහිරි කඳක වේශයෙන් පැමිණියේය. මුහුදේ වෙරළට ආසන්නව පාවෙමින් තිබූ කිහිරි කඳ දුටු මිනිස්සු වෙරළට රැස්වුහ, ඇතැමෙක් හකිහිරි කඳ ගන්නටද උත්සාහ කළහ. මිනිසුන් ළංවෙත්ම කිහිරි කඳ ඈත්වෙයි මිනිසුන් ගොඩට එත්ම පෙරළා වෙරළට ලංවේ මේ අත්භූත ප්‍රවෘත්තිය ඇසු දාපුළුසෙන් රජ්ජුරුවෝද එතැනට පැමිණියහ. ඔවුන් එත්ම කිහිරි කඳ වේගයෙන් ඇදී අවුත් වෙරළේ මුතු පටයක් වැනි වැලි පිට පිහිටියේය. රජ්ජුරැවෝ එතැන සුදුසු පුද සත්කාර පවත්වා කිහිරිකඳින් දේව රූපයක් කරවන්නට සිතා ඊට සුදුස්‍සකු සොයන්නට වුහ. එහෙත් ඉන් දේව රූපයක් නෙළිය හැකි කම් කරුවන් මුළු ලංකාද්විපයේම නොවීය. රජ්ජුරුවෝ සිතුවිල්ලෙන් සිටින අතර වයෝවෘද්ධයෙක් පැමිණ දෙවිරුවක් තැනීමට තමා පොහොසත් බව කියා සිටියේය.

    රජ්ජුරුවෝ ප්‍රීතීව රජ පිරිස් පිරිවරා වෘද්ධයා සමඟ වෙරළට ගොස් ඔහු දැක්වු ස්ථානයේ මන්ඩපයක් කරවා කිහිරි කඳ එතැනට පමුණුවා දුන්හ. වෘද්ධයා පමණක් එහි රැදිණි. සිල්ලොම වෙන්ව ගියහ.

    පසුදින රජ්ජුරුවෝ එතැනට පැමිණියහ. වෘද්ධයා එහි නොසිටියේය. කිහිරි කඳ හෝ ඉන් කපා හල දෑ එහි නොවිය.ජීවමාන ආකාරයෙන් වැඩ සිටි දේව රූපයක් පමණක් එහි විය. සියල්ලෝ විශ්මයට පත්වුහ. විශ්වකර්මයා පැමිණ කිහිරි කඳින් දේව රූපය නෙළා දී ගිය බව පෙනණි.

    මෙම ජනප්‍රවාදය පිළිබඳ වු සිදුවිම් බැහැර කිරමට නොහැක. පැරකුම්බා සිරිතද මෙම කතා පුවත ප්‍රකාශ කරයි.

    වර්ථමානයේ දැක්වෙක උප්පල වන්නා දේමාලය පසු කාලයේ ඉදිකරන ලද්දකි. පෘතුගීසින් විසින් 1587 දී මුල් දේවාලය විනාශකොට ඇත. තෙමහල් දේවාලයේ උපුල් වන් දේව ප්‍රතිමාව දෙපස දැඩිමුණ්ඩ සහ සූනියම් දේව ප්‍රතිමාද වෙති. පිටත මාලයේහි ඊශ්වර සහ කතරගම දේව රූපයන්ය. එමෙන්ම විශ්ණු දෙවියනිගේ දස අවතාරද තවත් දේව රූප රසක්ද සදෙහි සොළොස් කලා නිර්මාණද මෙහි සිතුවම්‍ කොට තිබේ, දෙවි නුවර දේවාලය සහ ශ්‍රී විශ්ණු උප්පලවන්නා දෙවියන් උදෙසා සිදු කරනු ලබන අසිරිමත්ම ඓතිහාසික මංගල්‍යය ඇසළ පෙරහරයි. ඒ හා බැඳුණු සිරිත් විරිත්ය.

    දඹදෙණියේ රජ පැමිණි දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රාජ සමය දක්වා ඉතිහාසයක් දෙවිනුවර ඇසළ පෙරහරට වෙයි. චන්ද්‍රබානු නැමැති ජාවක රජුගෙන් සිංහලය බේරා ගැනීමට උප්පලවන්නා දෙවිඳුන්ට සිදුකළ භාරයක් අනුව මෙ‍ම පෙරහැර ඇරබු බවට විශ්වාසයක් ඇත. එමෙන්ම එතුමාට කැළඳුන රෝගයක් සුව කර දෙන ලෙස දෙවියන්ට කැප කළ භාරයක් අනුව පෙරහැර ඇරඹූ බවටද තවත් විශ්වාසයක් ඇත.

    ක්‍රි.ව.1257 දී පමණ ආරම්භ කරනලද දෙවිනුවර ඇසළ පෙරහැර පේළි පෙරහැර හයකින් සහ රන්දෝලි පෙරහැරකින් වර්තමානයේදී පැවැත්වෙයි.

    දෙවි නුවර ඇසළ උත්සව සමයට බැතිමත්හු ඒ සඳහා කල් ඇතිවම පේ වෙති. මිදුලේ පාන් පැලක් බැඳ පහන් දල්වා බාරහාර වෙනුවෙන් පූජා කරන පඩුරු තබා උපුල්වන් දෙවියන්ට පිං දෙයි.

    දෙවිනුවර ඇසළ පෙරහැරට කතරගම දෙවියන්ද වැඩම කරන බව බැතිමත්හු විශ්වාස කරති.
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    kawadda awasana pearahera.issaranam aniwaryen awsana perahaera balanawa.dan wenne na.