කෙටියෙන් කියනවනම්, ඊට කලින් මේක බුද්ධ වචනයක්ද කියල ස්ථිර වෙන්න ඕන.
මෙහෙමනේ මචන්. මෙන්න මේකයි මෙතන පරහ.
අපි දන්න විදියට බුද්ධ දේශනාවක හැම වචනයක්ම නිවන සඳහාම දේශිත දේවල්. මම ඒක තදින්ම විශ්වාස කරනවා. ඒ නිසා බුද්ධ වචනයක් දැක්කම ඒක ඔස්සේ හොයාගෙන යන්න, හිතන්න, කල්පනා කරන්න පුළුවන්. අන්න එකයි මේක ගත්තේ කොහෙන්ද කියල අහන එකේ වැදගත්කම . මේක ත්රිපිටකයේ තියෙන එකක් නම්, අපි මේ ගැන හොයන්න වෙලාව වැය කලාට කමක් නැහැ. මොකද මේක නිවන සඳහා කියපු දෙයක්.
මේක සද්ගුරුගේ කතන්දරයක් නම් (ත්රිපිටකේ නැත්නම් ), මේක මේ ලෝකේ ජීවත් වෙන්න ඕන විදිය ගැන කියන තව එක කතාවක්. බොරුවට වෙලාව නාස්ති කරන්න ඕන නැහැ මේක ඇතුලේ නිවන ගැන හොයන්න.