බුදු හාමුදුරුවෝ වැඩ සිටි කාලයේ රාමා දෙවියන් ඉතාමත් ඉහළින් භක්තියෙන් යුතුව අදහමින් තම කාලය ශ්‍රමය මුදල් ඉතා විශාල වශයෙන් රාමා දෙවියන් වෙනුවෙන් පුද පූජා, දේවාල තැනීමට වෙන් කළ එක්තරා පුද්ගලයෙක් සිටිය මෙම පුද්ගලයා දෙවියන් වෙනුවෙන් තම ජීවිතේ බොහෝ දේවල් කැප කළා දවසක් මෙම පුද්ගලයාට දෙවියන් කියා කෙනෙක් ඇත්තටම සිටිනවාද කියා පොඩි සැකයක් මතු වුණා. ඔහු අඳුරන ගොඩක් දෙනෙක් ඔහුට කිව්වා අවබෝධයට පත් වුනු උතුමෙක් අපේ ප්‍රදේශයේ වැඩසිටිනවා ඔබට ඔහුගෙන් මෙම සැකය දුරු කරගන්න පුලුවන් වෙයි කියලා. ඒ අනුව මෙම පුද්ගලයා බුදුහාමුදුරුවෝ හම්බෙන්න ගිහින් උන්වහසෙගෙන් මෙහෙම ඇහුවලු "ස්වාමීනි දෙවියන් යැයි කෙනෙක් සිටිනවාද?". බුදු හාමුදුරුවෝ පොඩි වේලාවක් නිශ්ශබ්දව සිට ඉතා කෙටි උත්තරයක් දුන්නා ඒ තමයි "නැත" කියලා. ඉතින් මේ බුදුහාමුදුරුවන්ගෙන් ලැබුණු උත්තරයට මෙම පුද්ගලය ගොඩක් සතුටු වුනාලු මොකද දැන් ඔහුට දෙවියන් ගැන හිත හිත බය වෙන්න අවශ්‍ය නැති නිසා. ඔහු ගමේ අනිත් අයටත් මේ ගැන කිව්වලු දෙවියෝ කියලා කෙනෙක් නැති නිසා ඒගොල්ලන්ට දැන් බය වෙන්න දෙයක් නෑ කැමැති දෙයක් කරන්න පුළුවන් කියලා. මේ ගැන ඒ කාලේ හිටපු අදේවවාදියෙක් එහෙමත් නැත්නම් භෞතිකවාදියෙක්ට ආරංචි වුණා ලු ඔහු ඔහුගේ මුළු ජීවිත කාලෙම කළේ දෙවියන් කියා කෙනෙක් මේ ලෝකෙ නැති බව අනිත් මිනිස්සුන්ට පවසමින් ගමින් ගමට ගමන් කරපු එක ඉතින් ඔහුටත් කලින් මනුස්සයා වගේම පොඩි සැකයක් මතු වුණාලු ඔහු මුළු ජීවිත කාලය ම කළේ දෙවියන්ට අපහාස කරපු එකයි දෙවියන් කියා කෙනෙක් මේ ලොව නෑ කියා ඔප්පු කිරීමට උත්සාහ කරපු එක යි. නමුත් ඇත්තටම දෙවියන් කියා කෙනෙක් සිටියොත් ඔහුට කුමක් සිදුවේදැයි ඔහුට බියකුත් ඇති වුණා මොකද දෙවියන් දෙන දඩුවම් වලින් හොදම ඒවා ඔහුට ලැබෙයැයි ඔහුට සිතුනා. ඒක නිසා දෙවියන් නැති බව තහවුරු කර ගැනීමට ඔහු බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියා. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඇසූවා "ස්වාමීනි දෙවියන් කියා කෙනෙක් සිටිනවා ද?" බුදුරජාණන් වහන්සේ පෙර පරිදි ම මඳක් නිහඬව සිට ඉතා කෙටි පිළිතුරක් දුන්නා ඒ තමයි "ඔව්" කියලා.
Last edited:

By crap I mean money, love, honesty, appraisal, approval, religion, prayers, fruits, chains, logos, colors, or YOU!!! 

