දෙවිලොව සටන 02

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    ග්‍රීක දෙවියන්ගේ බිහිවීම ( Age of the Gods )



    ග්‍රීක පුරාවෘත්ත වලට අනුව ලෝකයේ ඉතිහාසය කොටස් 3කට බෙදා දැක්විය හැක. එනම්

    1.දෙවියන්ගේ බිහිවීම සහ විකාශනය (Theogonies,"births of gods")
    මෙම කාලපරිච්චේජය මගින් ලෝකයේ, දෙවියන්ගේ සහ මිනිස් වර්ගයාගේ මූලාරම්භය පිළිබඳව සඳහන්වේ.

    2.දෙවියන් සහ මිනිසුන් (Mortals) එකිනෙකා සමග සම්බන්ද වන කාලපරිච්චේදය.
    මෙමගින් දෙවියන්, දෙවි-මිනිස් දෙමුහුන් (demigods) සහ මිනිසුන් (mortals) අතර පැවති විවිද අන්තර් සම්බන්ධතා පිලිබඳ කතා කෙරේ.

    3. ග්‍රීක වීරයන්ගේ කාලපරිච්චේදය.
    මෙම පරිච්චේදයේදී දෙවියන් පිලිබඳ කතා කිරීම ඉතා අල්ප වන අතර විවිද ග්‍රීක වීරයන්ගේ පුරාවෘත දිග හැරේ. මේවා අතරින් විශිෂ්ථම නිර්මාණය ලෙස සැලකෙන්නේ අවසාන වශයෙන් ලියැවුන Trojan War පිලිබන්ද කතා පුවතයි. සමහරුන් මෙම Trojan War පිළිබඳ ලියැවුන කාලය 4 වන පරිච්චේදය ලෙසද සලකයි

    මේවාට අමතරව Hesiod ගේ "Works and Days" කෘතියට අනුව දෙවියන් විසින් මිනිස් වර්ගයාගේ නිර්මාණය Golden,Silver,bronze සහ iron ලෙස අවධි 4 කට බෙදා ඇත.

    ග්‍රීක දෙවියන්ගේ බිහිවීම (Age of the Gods)

    Hesiods ගේ "Theogony" කෘතියට අනුව පලමුව ලෝකයේ පැවතෙන්නේ Chaos නමින් හැඳින්වෙන ශූන්‍යතාවයයි. Chaos තුලින් පලමු දෙවිවරු 5 දෙනාගෙන් කෙනෙකු ලෙස සැලකෙන Gaea (Mother Earth) ගේ පහල වීම සිදුවිය. ඇය ජීවයෙන් සහ බලයෙන් පරිපූරණ වූ අතර පෘතුවිය මත උස් කඳු (Mountains), ගංගා, ඇළ දොළ, සාගර ( Pontus), පහත් බිම් නිර්මාණය කරන ලදි. ඉන් අනතුරුව Tartarus (the underworld), Erebus (the darkness that covers the underworld), Nyx (darkness that covers Earth), and Eros (Love). යන ඉතිරි දෙවිවරු සතර දෙනාගේ පහල වීම සිදුවිය.

    Gaea සහ Tartarus එකතුව Typhoeus(Typhoon) නම් හිස් සියයකින් යුතු ගිනි පිම්බින විශාල බියකරු සත්වයා නිර්මාණය කරන ලදි.(මොවුන් පිලිබඳ විස්තර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.) Erebus සහ Nyx ගේ එකතුවෙන් Aether (the Atmosphere) සහ Hemera (the Day). බිහිවිය.

    පිරිමි පාර්ශවයක් නොමැතිවම Gaea විසින් Uranus (the Sky) බිහි කරන ලදි. පසුව Gaea සහ Uranus පෙම්වතුන් බවට පත්වුන අතර මොවුන් විශ්වය මත බිහිවූ පලමු පෙම් යුවල ලෙස සැලකේ.


    Uranus / Gaea
    මොවුන්ගේ එකතුවෙන් ටයිටන්වරු (Titans) 12ක් බිහිවිය. එනම් Coeus, Crius, Cronus, Hyperion, Iapetus, Oceanus ලෙස පිරිමි ටයිටන්වරු 6 කුත් Mnemosyne, Phoebe, Rhea, Theia, Themis, and Tethys ලෙස ගැහැණු ටයිටන්වරු 6 ක් වන ලෙසය.මීට අමතරව එක් ඇසක් පමණක් ඇති දැවැන්තයන් වන Cyclopes වරු 3ක් සහ අත් සියයක් ඇති දැවැන්තයින්වන Hecatonchires වරු 3ක් ද ඔවුනට දාව උපත ලැබීය.



    කෙසේ වුවද Uranus තම දරුවන්වූ Cyclopes වරුන්ට සහ Hecatonchires වරුන්ට කැමැත්තක් නොදැක්වීය. එබැවින් ඔහු විසින් ඔවුන්ව අල්ලා Tatarus හි සිර කරන ලදි. මෙයට මව වූ Gaea කෝපවූ අතර තම බාලම සහ නිර්භීතම පුත්‍රයාවූ Cronus යොදා ගෙන Uranus නිදා සිටියදී ඔහුගේ ප්‍රජනන ප්‍රදේශය කපා මුහුදට විසි කරන ලදි.


    Cronus තම පියා වූ Uranus ට පහර දෙන සිතුවමක් මින් ගලා ගිය රුධිරයෙන් Giants , Erinyes (Furies) සහ Meliai (ash tree nymphs) යන ග්‍රීක මිත්‍යා වල එන චරිතවල බිහිවීම සිදුවිය. තවද මුහුදට වැටුන කොටස මගින් Aphrodite දෙවඟන්ගේ බිහිවීම සිදුවිය. මෙයත් සමග Cronus ගේ නායකත්වයෙන් ටයිටන්වරු (Titans) දෙව්ලොව පාලනයට පත්විය.


    Cyclopes Zeus ප්‍රමුඛ ඔලිම්පියන්වරුගේ (Olympians) උපත මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
     
    • Like
    Reactions: akilar25

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    rqGv7GS.jpg


    1126.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැක්සා මචන්.
    සුපිරි ටොපික් එකක්,මම පට්ට ආසයි.
    දිගටම ලියපන්.