දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක්

    559511_176773875782818_119519538174919_271949_381369847_n.jpg


    තිස් තුන් කෝටියක් දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක් අද දින (2012/05/19) පරම වීර විභූෂණයෙන්(PWV) පිදුම් ලද වගයි.

    දේශයක් වෙනුවෙන් කල උදාර මෙහෙවර උදෙසා කෙලෙස ආචාර කරම්ද මා නොදනිමි ආදරණීය විරුවනි. සෑදුවොත් පිලිරුවක් ඔබගේ, ලක්පුතුන් මල් තබා වදිනවා ඔබට නොඅනුමානයි විරු දරුවනේ
    ඔබ වෙනුවෙන් පදක්කමක් ගෙන යන්නට ආදරණීය මවත්, පියාත්,බිරිඳත්, දරුවනුත් පැමිනියා විරුවානනි!!!

    යලිත් වරක් හැකිනම් උපදිනු මැන මේ ලක් දෙරණේ, ඔබයි මා දුටු සැබෑ දෙවිදුන්....

    ආදරෙයි පුතුනේ මේ ආඩම්බරය වෙනුවෙන් පිදුවාට දිවි........

    01.ලුතිනන් කර්නල් (උතුම්) ලලිත් ජයසිංහ (PWV)
    02.මේජර් (උතුම්) K.A. ගමගේ (PWV)
    03.ලුතිනන් (උතුම්) U.G.A.S. සමරනායක (PWV)
    04.මාණ්ඩලික සැරයන් (උතුම්) බංඩාර (PWV)
    05.කපිතාන් (උතුම්) H.G.M.K.I. මේඝවර්ණ (PWV)
    06.සැරයන් (උතුම්) සුරංග (PWV)
    07.සැරයන් (උතුම්) චන්ද්‍රසිරි බංඩාර (PWV)
    08.කෝප්‍රල් (උතුම්) නිලන්ත පුෂ්පකුමාර (PWV)
    09.කෝප්‍රල් (උතුම්) චන්දන .K (PWV)
    10.කෝප්‍රල් (උතුම්) අබේසිංහ .A.M.N.P (PWV)
    11.ලාන්ස් කෝප්‍රල් (උතුම්) දයානන්ද .T.G.D.R (PWV)
    12.ලාන්ස් කෝප්‍රල් (උතුම්) රත්නායක R.M.D.M (PWV)
    13.ලාන්ස් කෝප්‍රල් (උතුම්) අබේරත්න බංඩා (PWV)
    14. (උතුම්) K.G. ශාන්ත (PWV)
    15.වින්ග් කමාන්ඩර් (උතුම්) T.G.S. විල්ලපුල්ලේ (PWV)


    ආදණීය මව්නි, පියානෙනි,භාර්‍යාවනි, පුංචි දරුවනි, ඔබලාගේ ඒ ආඩම්බර කාරයා මැරුනා නොව, නොමැරුනු දෙවි කෙනෙකු බවට පත්වුනා නිසැකයි. දුකට ඇඬුවත්, සතුටුවන්න ඔබත් මේ රට වෙනුවෙක් විශාලම කැප කිරීම කල අයෙක් බව. විරුවන්හට කරන ආචාරයම නලලට අත තබා ඔබට පුදන්නම් ආදණීය මව්නි, පියානෙනි,භාර්‍යාවනි, පුංචි දරුවනි, අප ඔබට සදා ණය ගැතියි....!!!!

    ජාති, ආගම් බේද නොතකා දේශය වෙනුවෙන් ලේ,දහදිය, ජීවිත කැප කල දේශ‍යේ සැබෑ ආඩම්බර කාර පුතුන් හට රණ්විරු දිනයේ කරන ආදරණීය උත්තමාචාරයයි මේ.....!!!!!!
     

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    Sarath fonsekata kade yana ayata pennanna one thawath heroes la innawa kiyala. thamange family eka thamange jeewithaya amathaka karala koti bunkers walata wahana walata bomba aran penala jeewitha pooja karapu meyala thama weerayo.