Wimal's son to England
තුම්මුල්ලේ සොමෙ යන බය පක්ෂපාත ආමන්ත්‍රණයෙන් ජනතාව අමතන්නේ ඔවුන්ගේ වීරයා වූ ලෝකෙටම පාට් දැමූ විමල් වීරවංශ වය. විමල් වීරවංශගේ දේශපේ‍්‍රමිත්වය බලා ගත හැකිව තිබු හොදම තැන තුම්මුල්ලෙ ගණංකාරකම ලෙස සමහරු හැදින්වුව ද අප නම් හිතන්නේ එතුමන් ඊට වඩා දේශපේ‍්‍රමී කටයුත්තකට අත ගසා ඇති බව ය.
ඒ මුල්‍ය අරමුදල ඉදිරියේ හිගා කා ලබා ගත යුතු විදේශ විනිමය වඩා නම්බුකාර විදිහකට මෙරටට ගෙනෙන කටයුත්තකට ය.
ඇත්තටම විමල් වීරවංශ තමන්ගේ පුතනුන්වන්ට විදෙස් අධ්‍යාපනයක් ලබා දෙන්නට තීරණය කරන්නේ ඒ අනුව ය. යනවා නම් අරාබියට නැතිව හොද රටකට යාම හොද ය. පඩි වැඩිය. එතකොට විදේශ විනිමය ද වැඩිය.
තවමත් පාසල් යන කොලුවා ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු අතේ ලන්ඩනයට යැවෙන්නේ ඒ අනුව ය. සමහරු නම් කියන්නේ නෑදෑයින් බැලීම සදහා දරුවා එතෙර සංචාරයක නිරත වූ බව ය.
(මෙහි ඇත්ත නැත්ත දන්නා කෙනෙක් ඉන්නවා නම් අප වෙත ලියා එවුවොත් යහපත් ය. අප මෙ තොරතුරු ගත්තේ ලංකානිව්ස්වෙබ් අඩවියෙනි.)
විමල්ට ඉන්නා අපි නොදන්න රට නෑදෑයින් ය. අනේ මෙහෙම කට කැඩිච්ච කතා කියන්නේ මන්ද? විමල් මෙහෙම බොරු කියනවා යයි අපි නම් හීනෙකින් වත් හිතන්නේ නැත. ඔහු එහෙම ජාතියේ කෙනෙකු නොවේ.
(විමල් එසේ කියනවා යයි ඔහු අවට ඉන්නා මිතුරන් මෙන් වෙස්වලා ගෙන සිටින සතුරන් කියන්නේ එමගින් විමල් හා ජනතාව අතර පරතරයක් ඇති කිරීමට විය හැකි ය. එංගලන්තයේ නෑයන් ඉන්නවා යයි කීමම දේශපේ‍්‍රමී ප්‍රතිරූපයට හොද නැත. මෙ හදන්නේ අමාරුවෙන් ගොඩ නගා ගත් ඒ ප්‍රතිරූපය කඩා කප්පල් කරන්න ය.)
කෙසේවුව ද මේ නිසා කොලුවාට තම පියාට රජතුමා වතුර පොවනවා බලන්නට වාසනාව නැතිවූයේ ය. ආච්චි අම්මාගේ මරණයට සහභාගිවන්නට ද නොහැකි වූයේ ය.
රටට හොදක් වෙනවා නම් විමල් එහෙම පුද්ගලික අලාභයන් තකන්නේම නැත.
මුලදී ටිකක් විතර විදේශ විනිමය වියදම් කිරීමට සිදුවුව ද පසු කලෙක කොල්ලා ලොකු මහත් වි රස්සාවක් කරන කොට ඒවා රටට එවිමෙන් පොලියත් සමග විදේස විනිමය ලැබෙනු ඇත්තේ ය.
නලින්ද සිල්වා ගුණදාස අමරසේකර වැනි සියලු දේශප්‍රේමීන් තම පුතුන් පිටරට යවා තිබියදී දේශප්‍රේමී ආඩම්බර තාත්තා කෙනෙකුට එසේ නොකර සිටීමට බැරි ය.

Last edited:

විමලයා වගේ එවුන් තවම ජේ.වී.පී එකේ ඉන්නවා ලොකු පෝස්ට්ස් වල.මම කියන්නේ උන්ගේ දේශපාලන බල මන්ඩලයේ.