දේශපාලනයේ යථාර්තය
තුවක්කුවේ කට තබාගෙන හිස මතට
ඉතුරු වී ගිය එකම එක මූනිස්සමකින්
ලං කර ගන්නට පෙරාතුව මගේම මරණය
අවාසනාවේ මතක මැවුනේ ඇයි දෑස් ලගම...
කාලෙකට ඉස්සර කොළු වයසේ දවසක
තව කොළු රෑනකගේ හූ හඩට විස්සෝපව
එලව එලවා පහර දුන්නා මතකයි අද වගේම
දෙවියන් යැයි සිතු ජන නායකයාගේ සවියට...
අගේ කර එතුමා මගේ ඒ වීරකම
ලං කරගෙන මාව ඔහුගේ දකුණත විලසට
තෑගි කල ඒ පිස්තෝලයම
මරණයට අත වනමින් අද මගේ හිස ලග...
කාලෙන් කාලෙට එනකොට දහසකුත් කරදර
පිහිට පැතුව නිසා මගෙන් අමතා කාරුණිකව
එකින් එක ඇද වැටෙද්දි නිසළ සිරුරු මහ පොළව මත
මගේ පවු පොත් පිරුණා අහස සේ උසට..
පියවරෙන් පියවර ඔහු යද්දී ඉහලටම
බාර කල නායකකම පාතාලයේ මට
හිතුනනම් දවසක මගේ අවසානයම වෙන බව
හැරෙන්න තිබුනා මේ මගින් තව දුර යන්නට පෙරාතුව...
එරී මේ මඩ වගුරේ දගලද්දී මං ගොඩ යන්න
විස්සෝප උන ඔහු ඇදගෙන යට ගිය ෆයිල් ගොන්නම
එලව එලවා පහර දෙද්දි සුදු රෙදි පොරවගෙන
කොච්චරනම් කෑගැහුවද ඔහු ගැන කියා මම...
එද්දි අළුත් කොළු ගැටවු මාව මරන්න හිතාගෙන
මැවිලා පෙනුනා නෙත් අග මගේ ඒ තරුණ කාලය
හිතුවනම් තව ටිකක් පියවර තබන්නට පෙර මේ මග
මුහුණ දෙන්න තිබුනා සිනහවකින් මට මරණයට...
වෙවුළුවත් දෑත අරගනිද්දි හිස ලගට පිස්තෝලය
ගැහෙන හදවත සාප කලා අද මටම
ඇහිපිල්ලමක දුර රැදුන මගේ මරණයට
අඩගසමි මම උන් එන්නට පෙරාතුව...
තුවක්කුවේ කට තබාගෙන හිස මතට
ඉතුරු වී ගිය එකම එක මූනිස්සමකින්
ලං කර ගන්නට පෙරාතුව මගේම මරණය
අවාසනාවේ මතක මැවුනේ ඇයි දෑස් ලගම...
කාලෙකට ඉස්සර කොළු වයසේ දවසක
තව කොළු රෑනකගේ හූ හඩට විස්සෝපව
එලව එලවා පහර දුන්නා මතකයි අද වගේම
දෙවියන් යැයි සිතු ජන නායකයාගේ සවියට...
අගේ කර එතුමා මගේ ඒ වීරකම
ලං කරගෙන මාව ඔහුගේ දකුණත විලසට
තෑගි කල ඒ පිස්තෝලයම
මරණයට අත වනමින් අද මගේ හිස ලග...
කාලෙන් කාලෙට එනකොට දහසකුත් කරදර
පිහිට පැතුව නිසා මගෙන් අමතා කාරුණිකව
එකින් එක ඇද වැටෙද්දි නිසළ සිරුරු මහ පොළව මත
මගේ පවු පොත් පිරුණා අහස සේ උසට..
පියවරෙන් පියවර ඔහු යද්දී ඉහලටම
බාර කල නායකකම පාතාලයේ මට
හිතුනනම් දවසක මගේ අවසානයම වෙන බව
හැරෙන්න තිබුනා මේ මගින් තව දුර යන්නට පෙරාතුව...
එරී මේ මඩ වගුරේ දගලද්දී මං ගොඩ යන්න
විස්සෝප උන ඔහු ඇදගෙන යට ගිය ෆයිල් ගොන්නම
එලව එලවා පහර දෙද්දි සුදු රෙදි පොරවගෙන
කොච්චරනම් කෑගැහුවද ඔහු ගැන කියා මම...
එද්දි අළුත් කොළු ගැටවු මාව මරන්න හිතාගෙන
මැවිලා පෙනුනා නෙත් අග මගේ ඒ තරුණ කාලය
හිතුවනම් තව ටිකක් පියවර තබන්නට පෙර මේ මග
මුහුණ දෙන්න තිබුනා සිනහවකින් මට මරණයට...
වෙවුළුවත් දෑත අරගනිද්දි හිස ලගට පිස්තෝලය
ගැහෙන හදවත සාප කලා අද මටම
ඇහිපිල්ලමක දුර රැදුන මගේ මරණයට
අඩගසමි මම උන් එන්නට පෙරාතුව...








