දේශපාලනයේ යථාර්තය

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
දේශපාලනයේ යථාර්තය





2378_S_Suicide-l.jpg






තුවක්කුවේ කට තබාගෙන හිස මතට
ඉතුරු වී ගිය එකම එක මූනිස්සමකින්
ලං කර ගන්නට පෙරාතුව මගේම මරණය
අවාසනාවේ මතක මැවුනේ ඇයි දෑස් ලගම...


කාලෙකට ඉස්සර කොළු වයසේ දවසක
තව කොළු රෑනකගේ හූ හඩට විස්සෝපව
එලව එලවා පහර දුන්නා මතකයි අද වගේම
දෙවියන් යැයි සිතු ජන නායකයාගේ සවියට...


අගේ කර එතුමා මගේ ඒ වීරකම
ලං කරගෙන මාව ඔහුගේ දකුණත විලසට
තෑගි කල ඒ පිස්තෝලයම
මරණයට අත වනමින් අද මගේ හිස ලග...


කාලෙන් කාලෙට එනකොට දහසකුත් කරදර
පිහිට පැතුව නිසා මගෙන් අමතා කාරුණිකව
එකින් එක ඇද වැටෙද්දි නිසළ සිරුරු මහ පොළව මත
මගේ පවු පොත් පිරුණා අහස සේ උසට..


පියවරෙන් පියවර ඔහු යද්දී ඉහලටම
බාර කල නායකකම පාතාලයේ මට
හිතුනනම් දවසක මගේ අවසානයම වෙන බව
හැරෙන්න තිබුනා මේ මගින් තව දුර යන්නට පෙරාතුව...


එරී මේ මඩ වගුරේ දගලද්දී මං ගොඩ යන්න
විස්සෝප උන ඔහු ඇදගෙන යට ගිය ෆයිල් ගොන්නම
එලව එලවා පහර දෙද්දි සුදු රෙදි පොරවගෙන
කොච්චරනම් කෑගැහුවද ඔහු ගැන කියා මම...


එද්දි අළුත් කොළු ගැටවු මාව මරන්න හිතාගෙන
මැවිලා පෙනුනා නෙත් අග මගේ ඒ තරුණ කාලය
හිතුවනම් තව ටිකක් පියවර තබන්නට පෙර මේ මග
මුහුණ දෙන්න තිබුනා සිනහවකින් මට මරණයට...


වෙවුළුවත් දෑත අරගනිද්දි හිස ලගට පිස්තෝලය
ගැහෙන හදවත සාප කලා අද මටම
ඇහිපිල්ලමක දුර රැදුන මගේ මරණයට
අඩගසමි මම උන් එන්නට පෙරාතුව...





 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    දේශපාලනඥයින්ට නැති බලයක් ලබා දෙන පාතාල කෙරුම්කරුවන්ගේ අවසානය.....
    හැමෝටම වෙන්නෙ මේක තමයි....
    අන්තිමට අහිංසක මිනිහත් ඉවරයි..!!!!
    රට කාබාසිනියා කරන යක්කු..........
    :growl::growl::growl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    දේශපාලනඥයින්ට නැති බලයක් ලබා දෙන පාතාල කෙරුම්කරුවන්ගේ අවසානය.....
    හැමෝටම වෙන්නෙ මේක තමයි....
    අන්තිමට අහිංසක මිනිහත් ඉවරයි..!!!!
    රට කාබාසිනියා කරන යක්කු..........
    :growl::growl::growl:

    අන්න ඒක තමා සහෝදරයා මං කියන්න උත්සාහ කරන්නේ...

    මොන තරම් උඩ දාගෙන හිටියත්
    අවිගත්තෝ අවියෙන්ම නැසෙති!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මිලි මිලියන් දසත පෙනෙන්නේ
    බිලි බිලියන් අතේ දුවන්නේ
    කානු දෙකයි තුවක් කුවට ඇත්තෙ
    බලය තියෙන කම් මම එලියෙම ඉන්නෙ


     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මිලි මිලියන් දසත පෙනෙන්නේ
    බිලි බිලියන් අතේ දුවන්නේ
    කානු දෙකයි තුවක් කුවට ඇත්තෙ
    බලය තියෙන කම් මම එලියෙම ඉන්නෙ





    dog_flower.jpg




    ලොම් සිඳුන කල
    ඡන්දේ නැතුවම
    යන්න සිදුවේ
    නකුට හකුලාගෙන



     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හිටියත් සිතාගෙන දිවියම සැපට ඉන්නට..
    එනවා දිනක් ගෙවනට ණය කරපුවට..
    නොසිටි නිසා ජීවිතයම යහපත්ව..
    පුක පුප්පන් ගෙවපන් ණය කරපුවට..
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    හිටියත් සිතාගෙන දිවියම සැපට ඉන්නට..
    එනවා දිනක් ගෙවනට ණය කරපුවට..
    නොසිටි නිසා ජීවිතයම යහපත්ව..
    පුක පුප්පන් ගෙවපන් ණය කරපුවට..






    :rofl::rofl::rofl::rofl:
    ඔය අහගත්තෙ බබා.....

    :rofl::rofl::rofl::rofl:


    මේකත් නිකන් බබාටම කිව්ව වගේනේ...
    ;););)
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    හිටියත් සිතාගෙන දිවියම සැපට ඉන්නට..
    එනවා දිනක් ගෙවනට ණය කරපුවට..
    නොසිටි නිසා ජීවිතයම යහපත්ව..
    පුක පුප්පන් ගෙවපන් ණය කරපුවට..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: