දේශපාලන වාසියට කරන ඇනුම් බැණුම් නිසා ජනතා
දේශපාලන වාසියට කරන ඇනුම් බැණුම් නිසා ජනතා සේවය නතර කරන්නේ නෑ
ජනතාව වෙනුවෙන් කරන කිසිදු කාර්යයක් දේශපාලන අවශ්‍යතා මත කෙරෙන ඇනුම් බැණුම්, චෝදනා නිසා නතර කරන්නට තමන් සුදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කෙළේය.
ආණ්ඩු පිහිටුවන්නේ පැල්පතේ ජීවත්වන පුද්ගලයා සදාකාලිකවම පැල්පතේ තැබීමට නොවන බව පැවැසූ ජනාධිපතිවරයා මෙවැනි දේ වෙනස් කරද්දී තමන්ට දොස් කීවත් ජනතා සේවය නතර නොකරන බව අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ‘ජනසෙවණ’ නිවාස දස ලක්ෂයේ නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට එක්වෙමිණි.
එහි දී තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය. අප ඉතිහාසයේ දැකපු නිවාස යෝජනා ක්‍රමවලට වඩා ජනසෙවණ වෙනස්. එදා උළුවස්සක් තියලත් නිවෙසක් හැදූ බවට අමාත්‍යාංශය ලකුණු කරගත්තා. එහෙත් ජන සෙවණ කියන්නේ සැබෑ ලෙසම නිවාස තනන ව්‍යාපෘතියක් බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කීය.
හිසට සෙවණක් අහිමි ජනතාවට නිවෙසක් ලබාදීමේ ජනසෙවණ ව්‍යාපෘතිය යටතේ මේ වසර තුළ නිවාස 60000ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා යටතේ ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මේ ජනසෙවණ ව්‍යාපෘතිය පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ක්‍රියාත්මක වේ.