දේශපාලන හත්දින්නත් තරු
ඔයාලා ඊයෙ රෑ ස්වර්නවාහිනියෙ ගියපු 'හත්දින්නත් තරු' වැඩසටහන බැලුවද? මට ඒක බැලුවම අපි දේශපාලනේ ගැන හිතන් හිටපු හැටි ගැන වැරදිද කියලා හිතුනා. ඒ වැඩසටහනට සහභාගි උනේ දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, මර්වින් සිල්වා, සී.බී. රත්නායක, රන්ජන් රාමනායක, රෝහිත අබේගුනවර්ධන, එඩ්වඩ් ගුනසේකර යන මැති ඇමතිවරු.
ඡන්දය ඉවර උනාට පස්සෙ අද වෙනකම් මිනී කීයක් මැරුනද?ගෙවල් කීයක් කැඩුවද?පිච්චුවද?පහරදීම් කොයි තරම් වෙනවද?
ඒත් මේ මැති ඇමතිවරු කොයි තරම් සතුටෙන් ඇවිල්ලා සිංදුවක් කියලා පරන දේවල් කතාබහ කරලා හිනා වෙලා යනවද? මේක කොයි තරම් හොදද? ඒ අයට එහෙම ඉන්න පුළුවන් නම් ගමේ හැමදාම ඉන්න මිනිස්සු ඇයි රන්ඩු වෙන්නේ?
තමන් තමන් කැමති පක්ෂයට/අපේක්ෂකයට ඡන්දය දෙන්න. වැඩ කරන්න. ඒත් තමන්ගේ විරුද්ධ පාක්ෂිකයත් එක්ක කිසිම ප්රශ්නයක් ඇති කරගන්න එපා. ඊයේ ඒ මැති ඇමති වරු කිව්වෙත් ඒ අය පාර්ලිමේන්තුවේ, වේදිකා වල කොයිතරම් බැන ගත්තත් ඒවා මතවාද වලට පමණක් සීමා වෙනවා කියලා. ඒක කොච්චර හොදද? ඒ අය පුදුම විදියට යාලුකමෙන් හිටියෙ, මට හිතාගන්නත් බැරි උනා.
ඉතිං මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඡන්ද කාලෙට විතරක් එන පක්ෂ දේශපාලනේ නිසා ඔයාලගේ අසල්වැසියා, හිතමිතුරා, නෑයා එක්ක ප්රශ්න ඇති කරගන්න එපා. අපි අපි කැමති කෙනාට වැඩ කරමු, ඡන්දේ දෙමු. සමගියෙන් ඉමු.
ඔබට ජය වේවා!!!

බුදු සරණයි! ජේසු පිහිටයි! අස් සලාම් මලික්කුම්! දෙවි පිහිටයි!