දේශීය බඩු වලින් කොක්ටේල්
ලංකාවෙ අපේ අය හුඟක් අය ප්රිය කරන්නෙ මේ කියපු බීම වර්ග සැරටම පාවිච්චි කරන්නයි. ඉතින් සෝඩා හරි කෝක් හරි ඇබින්දක් එක්ක මුසුකරගෙන ඉක්මනින්ම බෝතලෙත් මත්බවේත් පතුලෙ කිමිදෙන්නයි අපේ බහුතරයක් පුරුදු වෙලා ඉන්නෙ.
නිතරම බොන ඒ වගේ බීම වලට පොඩි වෙනසක් යෝජනා කරන්නයි අනිවා අපි අද සූදානම් වෙන්නෙ. හැමදාම එකම විදිහට බොන්නෙ නැතුව මේ ජාතිවල රසය තරමක් වෙනස් කරලා හදා ගන්න පුලුවන් වෙනස් රසවලින් යුතු කොක්ටේල් කීපයක් ඔයාලට හඳුන්වා දෙන්නයි අපි මේ හදන්නෙ.
1. ෆැරැක්
ෆැරැක් එක හදාගන්න එක හරිම ලේසියි. මෙන්න මේ දේවල් ටික තමයි මේ කොක්ටේල් එක හදාගන්න ඕනෙ වෙන්නෙ:
2. පොල් අඩි
පොල් අඩි කියන්නෙත් ජනප්රියම කොක්ටේල් එකක් තමයි. මෙන්න මේ දේවල් තමයි පොල් අඩ්ඩ හදාගන්න ඕනෙ කරන්නෙ:
3. රා සැරය (Spicy Toddy)
මේ කියන්න යන බීමටනම් නියමිත නමක් නෑ. ඉතින් අපි තීරණේ කලා (Spicy toddy) එහෙමත් නැත්නම් රා සැරය කියල මේක හඳුන්වන්න. මේක මුහුදුබඩ පලාත්වලනම් තරමක් ජනප්රිය බීමක්. හදාගන්නනම් ටිකක් වෙලා ගතවෙනව. වෙලා ගියාට මොකද රසවත් බීමක් හැදෙනවනම් නේද?
මෙන්න මේ දේවල් තමයි වැඩේට ඕනෙ වෙන්නෙ:
පැය 4ක් ගත උනාට පස්සෙ වීදුරුවක් අරන් ඒකෙ කට වටේට ලුණු කුඩු තවරගන්න. රා මිශ්රනයට දාපු දේවල් පෙරාගෙන වීදුරුවට දමා චියර්ස් කියන්න.
4. වයිට් ඇන්ඩ් බියර් හෙවත් වයර්
වයිට් ඩයමන්ඩ් කියන්නෙ ලංකාවේ තවත් ජනප්රිය බීමක්. අපි මේ කියල දෙන්න හදන්නෙ වයිට් ඩයමන්ඩ් බියර් එක්ක මුසු කරල රසවත් බීමක් හදාගන්න හැටියි.
හරි, ගන්න මෙන්න මේ කියන දේවල්:
5. පොල් ඇන්ඩ් කිතුල්
පොල් අරක්කු සහ කිතුල් පැණි මිශ්ර කරල හදාගන්න පුලුවන් රස පානයක් තමයි මේක. මේ දවස් වල කැවිලි පෙවිලි හදන්න ගෙනහල්ලා ඉතිරි උන පැණි බෝතලුත් ගෙවල වල ඇතිනෙ. ඒවයින් වැඩක් ගන්නත් එක්ක මේක හදල බලමුද?
හරිම ලේසියි. ගන්න මෙන්න මේ ටික:
* බීල වයර් මාරු කරගන්න එපා. Drink Responsibly. *
http://www.aniwa.lk/2016/04/28/5-snazzy-cocktails-using-local-ingredients/

- Old Arrack (ඕල්ඩ් රිසර්ව් වඩාත් ගැලපෙයි)
- පැෂන් ෆෘට් ජූස්
- සීනි
- අයිස්
2. පොල් අඩි
පොල් අඩි කියන්නෙත් ජනප්රියම කොක්ටේල් එකක් තමයි. මෙන්න මේ දේවල් තමයි පොල් අඩ්ඩ හදාගන්න ඕනෙ කරන්නෙ:
- ගල් හෝ පොල් අරක්කු
- බියර් හෝ ස්ටවුට්
- අන්නාසි ජූස්
- දොඩම් යුශ
- අයිස් කැට (කූල්වට බොන්න කැමතිනම්)
3. රා සැරය (Spicy Toddy)
මේ කියන්න යන බීමටනම් නියමිත නමක් නෑ. ඉතින් අපි තීරණේ කලා (Spicy toddy) එහෙමත් නැත්නම් රා සැරය කියල මේක හඳුන්වන්න. මේක මුහුදුබඩ පලාත්වලනම් තරමක් ජනප්රිය බීමක්. හදාගන්නනම් ටිකක් වෙලා ගතවෙනව. වෙලා ගියාට මොකද රසවත් බීමක් හැදෙනවනම් නේද?
මෙන්න මේ දේවල් තමයි වැඩේට ඕනෙ වෙන්නෙ:
- රා
- රතු ලූනු ගෙඩි කිහිපයක්
- රම්පෙ කොල දෙකක්
- ගම්මිරිස්
- ටිකක් වැඩිපුර වදින්න ඕනෙනම් විතරක් සීනි හැඳි 2 3ක්
පැය 4ක් ගත උනාට පස්සෙ වීදුරුවක් අරන් ඒකෙ කට වටේට ලුණු කුඩු තවරගන්න. රා මිශ්රනයට දාපු දේවල් පෙරාගෙන වීදුරුවට දමා චියර්ස් කියන්න.
4. වයිට් ඇන්ඩ් බියර් හෙවත් වයර්
වයිට් ඩයමන්ඩ් කියන්නෙ ලංකාවේ තවත් ජනප්රිය බීමක්. අපි මේ කියල දෙන්න හදන්නෙ වයිට් ඩයමන්ඩ් බියර් එක්ක මුසු කරල රසවත් බීමක් හදාගන්න හැටියි.
හරි, ගන්න මෙන්න මේ කියන දේවල්:
- වයිට් ඩයමන්ඩ් හෝ වයිට් ලේබල් අරක්කු
- බියර් (ලයිට් ඒව හොඳඳ? ස්ටෝංග් නම් හිතන්නවත් එපා)
- ලෙමන් හෝ දෙහි ගෙඩියක්
5. පොල් ඇන්ඩ් කිතුල්
පොල් අරක්කු සහ කිතුල් පැණි මිශ්ර කරල හදාගන්න පුලුවන් රස පානයක් තමයි මේක. මේ දවස් වල කැවිලි පෙවිලි හදන්න ගෙනහල්ලා ඉතිරි උන පැණි බෝතලුත් ගෙවල වල ඇතිනෙ. ඒවයින් වැඩක් ගන්නත් එක්ක මේක හදල බලමුද?
හරිම ලේසියි. ගන්න මෙන්න මේ ටික:
- පොල් අරක්කු
- කිතුල් පැණි
- දෙහි යුෂ
- සීත කල ජලය