දේශීය බඩු වලින් කොක්ටේල්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    දේශීය බඩු වලින් කොක්ටේල්

    ලංකාවෙ අපේ අය හුඟක් අය ප්‍රිය කරන්නෙ මේ කියපු බීම වර්ග සැරටම පාවිච්චි කරන්නයි. ඉතින් සෝඩා හරි කෝක් හරි ඇබින්දක් එක්ක මුසුකරගෙන ඉක්මනින්ම බෝතලෙත් මත්බවේත් පතුලෙ කිමිදෙන්නයි අපේ බහුතරයක් පුරුදු වෙලා ඉන්නෙ.
    නිතරම බොන ඒ වගේ බීම වලට පොඩි වෙනසක් යෝජනා කරන්නයි අනිවා අපි අද සූදානම් වෙන්නෙ. හැමදාම එකම විදිහට බොන්නෙ නැතුව මේ ජාතිවල රසය තරමක් වෙනස් කරලා හදා ගන්න පුලුවන් වෙනස් රසවලින් යුතු කොක්ටේල් කීපයක් ඔයාලට හඳුන්වා දෙන්නයි අපි මේ හදන්නෙ.

    1. ෆැරැක්



    Cocktails01-768x403.jpg


    ෆැරැක් එක හදාගන්න එක හරිම ලේසියි. මෙන්න මේ දේවල් ටික තමයි මේ කොක්ටේල් එක හදාගන්න ඕනෙ වෙන්නෙ:

    1. Old Arrack (ඕල්ඩ් රිසර්ව් වඩාත් ගැලපෙයි)
    2. පැෂන් ෆෘට් ජූස්
    3. සීනි
    4. අයිස්
    උස වීදුරුවක් ගෙන ඕල්ඩ් ඇරැක් එක් කොටසකට පැෂන් ජූස් කොටස් 2ක් වන ලෙස දමන්න (ඔන්න වදින්න කියල ගොඩක් දාගන්නව එහෙම නෙමෙයි Old මිලිලීටර් 50කට පැෂන් ජූස් මිලිලීටර සීයක් වගේ උපරිම). එයටම සීනි තේ හැඳි 2ක් සහ අයිස් එකතු කොට මිශ්‍ර කරගන්න. පැෂන් වල ඇඹුල් රසය සමග මුසුවූ ඕල්ඩ් ඇරැක් රසයේ වෙනස රසවිඳ බලන්න.


    2. පොල් අඩි



    Cocktails02-768x403.jpg



    පොල් අඩි කියන්නෙත් ජනප්‍රියම කොක්ටේල් එකක් තමයි. මෙන්න මේ දේවල් තමයි පොල් අඩ්ඩ හදාගන්න ඕනෙ කරන්නෙ:

    1. ගල් හෝ පොල් අරක්කු
    2. බියර් හෝ ස්ටවුට්
    3. අන්නාසි ජූස්
    4. දොඩම් යුශ
    5. අයිස් කැට (කූල්වට බොන්න කැමතිනම්)
    මේක හදන ක්‍රමයත් හරිම ලේසියි. අපි ඉහත කියපු දේවල් ඔක්කොම සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කරගන්න විතරයි තියෙන්නෙ. හැබැයි මැච් එකේ පොල් අඩි නෙලනව වගේ ඇස් පියාගෙන නෙලාගෙන යන්නෙ නැතිව හිමීට රසවිඳින්න ඕනෙ හරි?


    3. රා සැරය (Spicy Toddy)



    Cocktails03-768x403.jpg


    මේ කියන්න යන බීමටනම් නියමිත නමක් නෑ. ඉතින් අපි තීරණේ කලා (Spicy toddy) එහෙමත් නැත්නම් රා සැරය කියල මේක හඳුන්වන්න. මේක මුහුදුබඩ පලාත්වලනම් තරමක් ජනප්‍රිය බීමක්. හදාගන්නනම් ටිකක් වෙලා ගතවෙනව. වෙලා ගියාට මොකද රසවත් බීමක් හැදෙනවනම් නේද?
    මෙන්න මේ දේවල් තමයි වැඩේට ඕනෙ වෙන්නෙ:

    1. රා
    2. රතු ලූනු ගෙඩි කිහිපයක්
    3. රම්පෙ කොල දෙකක්
    4. ගම්මිරිස්
    5. ටිකක් වැඩිපුර වදින්න ඕනෙනම් විතරක් සීනි හැඳි 2 3ක්
    රා ලීටරයකට ගම්මිරිස් තේ හැඳි 2ක් සහ රම්පෙ කොල 2ක් එකතු කරන්න. රතු ලූනු ගෙඩි 5ක් පමන දෙකට පලාගෙන එයටම එකතු කරන්න. දැන් මේ මිශ්‍රණය පැය 4ක් පමණ තිබෙන්න හරින්න(තිබෙන්න හරින්න කිවුවෙ තිබෙන්න හරින්න හරිද?)
    පැය 4ක් ගත උනාට පස්සෙ වීදුරුවක් අරන් ඒකෙ කට වටේට ලුණු කුඩු තවරගන්න. රා මිශ්‍රනයට දාපු දේවල් පෙරාගෙන වීදුරුවට දමා චියර්ස් කියන්න.


    4. වයිට් ඇන්ඩ් බියර් හෙවත් වයර්



    Cocktails04a-768x403.jpg


    වයිට් ඩයමන්ඩ් කියන්නෙ ලංකාවේ තවත් ජනප්‍රිය බීමක්. අපි මේ කියල දෙන්න හදන්නෙ වයිට් ඩයමන්ඩ් බියර් එක්ක මුසු කරල රසවත් බීමක් හදාගන්න හැටියි.
    හරි, ගන්න මෙන්න මේ කියන දේවල්:

    1. වයිට් ඩයමන්ඩ් හෝ වයිට් ලේබල් අරක්කු
    2. බියර් (ලයිට් ඒව හොඳඳ? ස්ටෝංග් නම් හිතන්නවත් එපා)
    3. ලෙමන් හෝ දෙහි ගෙඩියක්
    උස බියර් වීදුරුවක් ගෙන එයට කපාගත් දෙහි තීරු දමන්න. ඉන්පසුව වීදුරුවේ තුනෙන් දෙකක් පමණ වන්නට බියර් පුරවා ගන්න. වයිට් ඇරැක් මිලිලීටර් 25ක් හෝ 50ක් එයටම වත් කරන්න. වීදුරුවේ තව ඉඩ තිබේනම් ඒ ඉඩ නැවත බියර් වලින් පුරවාගන්න.


    5. පොල් ඇන්ඩ් කිතුල්



    Cocktails05-768x403.jpg


    පොල් අරක්කු සහ කිතුල් පැණි මිශ්‍ර කරල හදාගන්න පුලුවන් රස පානයක් තමයි මේක. මේ දවස් වල කැවිලි පෙවිලි හදන්න ගෙනහල්ලා ඉතිරි උන පැණි බෝතලුත් ගෙවල වල ඇතිනෙ. ඒවයින් වැඩක් ගන්නත් එක්ක මේක හදල බලමුද?
    හරිම ලේසියි. ගන්න මෙන්න මේ ටික:

    1. පොල් අරක්කු
    2. කිතුල් පැණි
    3. දෙහි යුෂ
    4. සීත කල ජලය
    පොල් අරක්කු මිලි ලීටර් 50කට කිතුල් පැණි මිලි ලීටර් 25ක් මුසු කරන්න. අයිස් වතුර මිලි ලීටර් 50ක් සහ දෙහි යුෂ මිලි ලීටර් 25කුත් එයටම එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ඉතින් සුබ මොහොතින් පානය කරන්න.

    * බීල වයර් මාරු කරගන්න එපා. Drink Responsibly. *


    http://www.aniwa.lk/2016/04/28/5-snazzy-cocktails-using-local-ingredients/





     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    බියර් එක්ක කලවන් ගහල කබ්බා සෙට් වෙයි ද බන්...???