දොන් ජෙරොනිමෝ ද අසවේදු Don Jerónimo de Azevedo
16 වන සියවසේ මුල්භාගයේදී (1505) සිදුවූ මෙරට පෘතුගීසි ආක්රමණය මෙරට ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඉතිහාසයට අනුව මෙරටට පැමිණි මුල්ම අපරදිග ජාතිය වන්නේ පෘතුගීසින් ය. අහම්බෙන් මෙරටට ගොඩබට පෘතුගීසින් ලාංකේය සංස්කෘතියට, ආගමට, භාෂාවට මෙන්ම පරිපාලනයට ද සිදුකළ බලපෑම සුළුපටු නොවේ. ලංකාව තුල කටයුතුකළ පෘතුගීසි ජාතිකයන් අතර දොන් ජෙරොනිමෝ ද අසවේදු Don Jerónimo de Azevedo කැපීපෙනෙන චරිතයක් විය.
1594 සිට 1612 දක්වා ලංකාවේ ප්රධාන පෘතුගීසි කපිතාන් වරයා වශයෙන් කටයුතු කළ අසවේදු ඉතා සුක්ෂ්ම ප්රයෝගකරුවකු වශයෙන් ප්රකට විය. ලංකාවේ මුල්වරට කතෝලික භෞථිස්මය ලද රජෙකු (දොන් ජුවන් ධර්මපාල) බිහිකර ඔහුගේ අවෑමෙන් කෝට්ටේ රාජධානිය නීත්යානුකුලව සිය පාලනයට නතුකර ගැනීමේ පුරෝගාමීයා ඔහු විය.
පෘතුගීසි නීතිය, ආගම හා සංස්කෘතිය ක්රමයෙන් රට තුල ව්යාප්තකිරීමට කටයුතුකළ අසවේදු වටා ගෙතී ඇති ජනප්රවාද රාශියකි. මහත් විනොදකාමියකු වූ ඔහු පෘතුගීසි බයිලා මෙරට ප්රචලිත කිරීමට ද පසුබිම සැකසීය. දැඩි කාන්තා ලෝලියකු වූ ඔහු පවසා තිබුණේ ලංකාවේ කාන්තාවන්ගේ රුපශ්රීය ලොව අන් කිසිවකුට නොපරදින බවය. "ගෝවේ ගෑනු පරාදයි!"