දැන් මේ දොස්තර GMOA එකෙක් නෙවෙයිද?
ඒ අත්සන් කරන්නේ සැත්කම සාර්තකවීමේ සම්භාවිතාවයට... එහෙම නැතුව අපරික්ෂාකාරීවීමෙන් එන ප්‍රතිපල වලට නෙවෙයි..ඕවට නඩු දාන්න පුලුවන්ද බං? සාමාන්‍යයෙන් ඕනම සැත්කමකට කලින් භාරකරු අත්සන් කරනවනෙ මොනාහරි අවුලක් ගියොත් ඩොකා සහ හොස්පිටල් එක වගකීමෙන් නිදහස් කරනව කියල![]()

Ow මේක තමා ඇත්ත. Teamwork කියන්නේ ඒකයි ....GMOA- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.
රජයේ හොස්පිටල් එකක තියෙන සුරක්ෂිතකම තමයි ප්‍රොසීජර්ස්... දොස්තරලා හිටියට හෙද සේවයේ අය තමා ඔක්කොම චෙක් කරන්නේ... ගණන් කරනවලු තියටර් ගෙනියපු හැම දෙයක්මත්... ඒත් වැරදුනු අවස්තා තියෙනවනේ කලාතුරකින්..
දොස්තර තනියම කරනවා නෙවෙයි... රාජ්‍ය අංශයේ වැදගත්කම තමයි ඒ දේ...

sure එකට SITAM පොරක් වෙන්න ඇති.
හොඳ වැඩේ.
රජයේ campus වලින් අපු අයගෙන් නම් මෙහෙම වැරදි කවදාවත් වෙන්නේ නෑලු.
ඒ නිසා අද ඉඳන් අපි SITAM ඩොකාලා වර්ජනය කරමු.![]()
අපේ උන් දොස්තරලා ලඟට එන්නේ බුදු මහත්තයෝ මාව බේරා ගන්න නැතිනම් මගේ ඥාතියා බේරා ගන්න කියමින්. ගොඩක් උන් යනකොට යන්නේ දොස්තරලාට අමු තිත්ත පට්ට බැනුම් බනිමින්. ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ හැටි.

I agree
the woman must have seen the doctor like god before the surgery
because he was gonna save her from the pain of childbirth
and now she is complaining about cotton wool
its ok to complain but 100 million
doesn't seem fair
සිසේරියන් සැත්කමකදී නොසැලකිලිමත් ලෙස තම කුස තුළ විශාල පුළුන් ගුලියක් තැබිමෙන් ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ඊයේ (14) 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.
කැලණිය දලුගම ජෝනික්වත්තේ අංක 669/5 දරන නිවසේ පදිංචි එම්.සී.ටී.ඩී. පෙරේරා මහත්මිය මෙම පැමිණිල්ල ගොනු කළාය.
කොළඹ පෞද්ගලික රෝහලකට හා එහි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සී. වර්ණසූරිය මහතා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කොට ඇත.
තමන් තම දෙවන දරුවා ප්‍රසූත කිරීම සඳහා 2016 ජනවාරි මස 03 වැනි දින අදාළ පෞද්ගලික රෝහලට ඇතුළු වූ බවත් වගඋත්තරකාර විශේෂඥ වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකින් දරුවා පිටතට ගත් බවත් ඇය පවසයි.
දින කිහිපයකට පසු උදරයේ අධික වේදනාවක් නිසා වගඋත්තරකාර වෛද්‍යවරයා හමුවී පැමිණිලි කළ විට වේදනා නාශකයක් පමණක් දුන් බවත් දිගින් දිගටම වේදනාව වැඩි වූ නිසා වෙනත් වෛද්‍යවරයකු ලවා සිදු කරගත් ස්කෑන් පරීක්ෂණයකදී යමක් කුස තුළ ඇති බව අනාවරණය වූ බවත් ඇය පවසයි.
ඒ අනුව ඒ බැව් වගඋත්තරකාර වෛද්‍යවරයාට නැවත ගොස් දන්වා සිටියද ඒ පිළිබඳව ඔහු කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් පවසන ඇය අනතුරුව වෛද්‍ය මහාචාර්ය අර්ජුන සිල්වා මහතා ස්කෑන් වාර්තාව පිරික්සා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන්ද සිල්වා මහතාට යොමු කළ බවත් එහිදී 2014 අප්‍රේල් මස 01 වැනි දින සිදු කළ සැත්කමකින් ෙසෙල වර්ධනය වී මසටම යාවී තිබූ පුළුන් ගුලිය පිටතට ගත් බවත් පවසයි.
එම සැත්කමේදී එය බඩවැලට බද්ධ වී තිබූ නිසා බඩවැලේ කොටසක්ද ඉවත් කළ බවත් ඇය පැමිණිල්ලෙන් කියා සිටී.
මේ සැත්කමින් පසු බඩවැලේ වර්ධනය සිදුවන තෙක් දින 45ක් පමණ කාලයක් මල මූත්‍රා පිට කිරීම පවා ශරීරයෙන් පිටතදී සිදුකිරීමට සිදුවූ බවත් යළි 2016 මැයි මස 15 වැනි දින තවත් සැත්කමකින් පසුව ඒවා යථා තත්ත්වයට පත් වූ බවත් ඇය පවසයි.
මේ තත්ත්වය මත තම කුලුඳුල් දරුවා වන අවුරුදු එකයි මාස හතරක් වයසැති දරුවාද අතිමහත් අසීරුතාවකට මුහුණ දුන් බවද තම දරුවාට මාස පහක් යනතුරු මව්කිරි දීමටද නොහැකි වූ බවත් ඇය පවසයි.
කමල් මහේන්ද්‍ර වීරරත්න



මේ කතාව ඇත්ත.GMOA- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.
රජයේ හොස්පිටල් එකක තියෙන සුරක්ෂිතකම තමයි ප්‍රොසීජර්ස්... දොස්තරලා හිටියට හෙද සේවයේ අය තමා ඔක්කොම චෙක් කරන්නේ... ගණන් කරනවලු තියටර් ගෙනියපු හැම දෙයක්මත්... ඒත් වැරදුනු අවස්තා තියෙනවනේ කලාතුරකින්..
දොස්තර තනියම කරනවා නෙවෙයි... රාජ්‍ය අංශයේ වැදගත්කම තමයි ඒ දේ...
ඕවට නඩු දාන්න පුලුවන්ද බං? සාමාන්‍යයෙන් ඕනම සැත්කමකට කලින් භාරකරු අත්සන් කරනවනෙ මොනාහරි අවුලක් ගියොත් ඩොකා සහ හොස්පිටල් එක වගකීමෙන් නිදහස් කරනව කියල![]()

අයි බන් ඔහොම doctors ලගෙයි හොස්පිටල් එකෙයි නම් media වල දන්නේ නැට්ටේ නොදකින්
