දොස්තරට රිදිලා
ටැක්ස් ෆ්‍රී කාරය අහිමි වීම නිසා ‘දොස්තර කුලයට‘ රිදිලා: දොස්තර වර්ජනයකට සැරසේ
(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.28, ප.ව.11.30) තමන් සාමාන්‍ය ජනතාවට වඩා උසස් කුලයක අය යැයි සිතා කටයුතු කරමින් ‘දොස්තර කුලයක්‘ නිර්මාණය කරගෙන සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරි දින කිහිපය තුළ අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළැකී වර්ජනයක නිරත වීමට සූදානම් වේ.
ඊයේ (27) රැස් වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මේ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ ඇති අතර ඊට හේතු වී ඇත්තේ මෙවර අයවැයෙන් ඇමැතිවරුන්ගේ සිට රජයේ නිලධාරීන් ඇතුළු සියළු දෙනා දක්වා මෙතෙක් රජයෙන් ලබා දුන් බද්දෙන් තොරව සුපිරි වාහන ආනයනය කිරීමට දෙන බලපත්‍රය අහෝසි කිරීමයි. ඊට වැටුප් ප්‍රශ්නයක් ද එල්ලා සටන සාධාරනීකරණය කර ගැනීමට මෙම ‘දොස්තර කුලයේ‘ පිරිස සූදානම් වේ.
රජයේ සේවයේ නිරත වන අතරේ පුද්ගලික සේවයේ යෙදී ඕනෑ තරම් හම්බ කර ගැනීමට ශ්‍රී ලංකාවේ ‘දොස්තර කුලයේ‘ අයට අවසර දී ඇත. රජයේ නීතිඥයෙකුට රජයේ ඉංජිනේරුවෙකුට මෙකී වරප්‍රසාදය නැත. එංගලන්තය වැනි තරු පහේ ප්රජාතන්ත්රවාදය තිබෙන රටක පවා රජයේ වෛද්‍යවරයෙකුට පුද්ගලික සේවයේ යෙදිය නොහැකිය. අඩුම ගණනේ තමන්ගේ පවුලේ දරුවෙකුට හෝ පුද්ගලිකව ප්‍රතිකාර කළ නොහැකිය. එසේ වී නමුත් ඇති පදම් හම්බ කර ගැනීම සඳහා සුවිශේෂී වරප්‍රසාද විඳින නිදහස් අධ්‍යාපනයෙන් මහජනතාවගේ මුදලින් වෛද්‍යවරුන් වූ මෙම බහුතරයක් ‘දොස්තර කුලයේ‘ පිරිස වත්මන් රජය ගෙන ඇති ජනතා හිතවාදී යෝජනාව සලකා තිබෙන්නේ තමන්ගේ ‘ඉහල කුලයට‘ සිදුවූ හානියක් ලෙස වීම නින්දා සහගත ය.

kohomath loku eka okunge henata..hoda wade..

okun kiyana ewa karannama wenawa godak welawata 