දොස්තර කෙනෙක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ටීචර් කෙනෙක් (දවසේ වරුවයි වැඩ, weekends, poya day නිවාඩු.)
    නැත්නම් ගෙදර ඉන්න කෙනෙක් බැදපන්.
    ජීවිතේ සුන්දර වෙයි ගොඩාාාක්.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ටීචර් කෙනෙක් (දවසේ වරුවයි වැඩ, weekends, poya day නිවාඩු.)
    නැත්නම් ගෙදර ඉන්න කෙනෙක් බැදපන්.
    ජීවිතේ සුන්දර වෙයි ගොඩාාාක්.
    පොනිල් කිව්වා දෑවැද්ද නැතිකරනවා කියල පොර බල්යට ආපුවම කෝ දැන් ගෙදර ඉන්න ගැණියෙක්ට කෝටි 3ක් වත් දෑවැද්දක් ගන්න වෙයි.:D
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ටීච කෙනෙක් බදින්න ආස මම විතරද එතකොට :P:P


    මාත් කැමතියි බං......... :P හැබැයි english ........ සිංහල එහෙම නං ඕන නෑ........:baffled:
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    මමත් කැමති මේ ලෝකේ ඉන්න ඔක්කොම ගනු ටික කසාද බදින්න,
    කෝ ඉතින් එකට අපේ ගනී කැමති නැනේ :baffled: :baffled:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මටත් ආසයි බන් දොස්තර කෙනෙක් බදින්න
    පත්තරේවත් නැද්ද බන් ??

    Doctor රනිල් වික්‍රමසිංහවත් try කරලා බලපන්:rofl:
     

    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. උබ ලෙඩෙක්ද දොස්තර කෙනෙක්ව බදින්න​ :lol::lol::lol:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වෙතින්, වෛද්‍ය වැඩ වර්ජනය පැවති මැයි මස පස්වන දින, නවලෝක රෝහලේදී, පුද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට රන්ජන් රාමනායක මන්ත්‍රී වරයා මුදල් ගෙවා ඇති රිසිට් පත පසුගිය දින සමාජ ජාල මාධ්‍ය තුල සංසරණය විණ.

    මේ සම්බන්ධව පාදෙණිය මහතාගේ ප්‍රතිචාරය වුයේ එදින ඔහු විසින් පුද්ගලික වෛද්‍ය සේවා අවලංගු කර ඇති නමුත් අදාළ රෝහල ඒ පිළිබඳව යාවත්කාලීන නොවී සේවා සඳහා ඇනවුම් ලබාගෙන ඇති බවය.

    වෛද්‍ය පාදෙණිය මහතා එදින පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදුන බැවින් ඔහුගේ ප්‍රකාශය සත්‍ය බව පිළිගන්නා සදාචාරාත්මක මතයක සිට මේ ලිපිය ලියන්නෙමු.

    රට තුල නිරතුරුව පවත්වන වෛද්‍ය වැඩ වර්ජන හේතුවෙන්, පුද්ගලික වෛද්‍ය සේවා, වැඩ වර්ජන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ සැක සංකා මතු වේ.

    මේ අදහස් විමසුම සයිටම් විරෝධී අරගලය ගැන නොවේ. මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිරතුරුව පවත්වන සමස්ථ වැඩ වර්ජන ක්‍රියාදාමය සම්බන්ධව නිසා ගොඩනැගී ඇති කරුණු සහ අදාළ වෛද්‍ය සේවා ඇනවුම පිළිබඳව කෙරෙනා විමසුමකි. තවද රන්ජන් රාමනායක මහතා වෙත ලබා දී ඇතැයි කියෙව්න බිල් පත සම්බන්ධව නීතිමය වශයෙන් වැදගත් කරුණු රැසක් ද මතු වෙයි. ඒ සම්බන්ධව රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

    1.0 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කෙරෙනා විමසුම්

    1.1. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී නැතිද?

    1.2. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේඛම් වෛද්‍ය නලින්ද හේරත් මහතා, මාධ්‍ය ප්‍රකාශක නන්ද සොයිසා මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජිකයන් වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී නැතිද?

    1.3. මින් පෙර වෛද්‍ය වැඩ වර්ජන දිනවල ඉහත පුද්ගලයන්ගෙන් කිසිවකු වැරදීමකින් හෝ පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී තිබුනේ නමුත් මින් පසුව වැඩ වර්ජන දිනවල පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදී සිටිනා බවට සහතිකයක් දෙන්නේද?

    1.4. වැඩ වර්ජන වලට තම සාමාජිකයන් පොළොඹවන සංගමයේ නිළධාරීන් අදාළ දිනවල තම සාමාජිකයන් පුද්ගලික සේවයේ යෙදීම වලක්වනවාද?

    මේ විමසුම් වලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිතුරු දෙන්නේ යයි බලාපොරොත්තු වෙමු.


    2.0 රජයේ බලධාරීගෙන් කෙරෙනා විමසුම්

    2.1. වැට් (VAT) ලියාපදිංචි අංකයක් නොමැති බිල් පතකින් වැට් බද්දක් අය කිරීම නීත්‍යානුකුල ද? නීත්‍යානුකුල නොවන්නේ නම් බිල් පත නිකුත් කළ Digital Health (Pvt) Ltd ආයතනයට විරුද්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගන්නා පියවර කුමක්ද?

    2.2. නීත්‍යානුකුල නොවන ආකාරයට හෝ රෝගීන්ගෙන් අයකරනා ලද වැට් බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත Digital Health (Pvt) Ltd ආයතනය විසින් ලබා දුන්නේද? නැතිනම් එම මුදල වෛද්‍යවරයා හෝ රෝහල වෙත ලබා දුන්නේද? අවසානයේ රෝගියා ගෙවනා ලද බදු මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන්නේද?

    2.3. ඉහත ආකාරයෙන් අයකරගන්නා වැට් බදු මුදල පදනම් කරගෙන වෛද්‍යවරුන් ගේ ආදායම ගණනය කර ඔවුන්ගේ පුද්ගලික ආදායම් බදු අයකරගෙන තිබේද?

    2.4. ප.ව. 4.00 ට සේවා මුරය අවසන් කොට රිජ්වේ ආර්‍යා ළමා රෝහලෙන් පිටවන වෛද්‍යවරයාට ප.ව. 4.05 ට නවලෝක රෝහල වෙත ප්‍රායෝගීකව පැමිණ බිල් පතේ හයවන ඇනවුම් අංකය සඳහන් රෝගියා පරීක්ෂා කල හැකිද? එලෙස වැරදි ඇනවුමක් ලබා ගැනීම සම්බන්ධව පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය කුමන පියවරක් ගන්නේද?

    2.5. වෛද්‍යවරුන් රෝහලෙන් බැහැර වන විට ඇඟිලි සලකුණු යන්ත්‍රයක පිටවීම සටහන් කරනවාද?

    2.6. වෛද්‍යවරුන් සේවා මුරය අවසන් වන්නට පෙර රෝහලෙන් බැහැර වුයේදැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව යාන්ත්‍රණයක් තිබේද?

    2.7. වෛද්‍ය පාදෙණිය විසින් අවලංගු කරනා ලද ඇනවුමට අදාළ රු. 1925.00 ක්වූ මුළු මුදල ගෙවීම් කරනා ලද රෝගීන් සියළු දෙනාට ප්‍රතිපුරණය කර තිබේද? එසේ නොමැති නම් එයට විරුද්ධව බලධාරීන් ගන්නා පියවර කුමක්ද?

    2.8. වැරදි වෙලාවක් සහිත රෝගී පරික්ෂා ඇනවුමක් ලබාදී එයට තමන්ගේ වගකීමක් නොමැති බව බිල් පතෙහි සටහන් කිරීමට Digital Health (Pvt) Ltd ආයතනයට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? එය පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ පනතට එකඟද?

    මේ සියළු විමසුම් වලට රජයේ අදාළ බලධාරීන් සහ ආයතන විසින් නිසි පියවර ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අපේ ස්කොලේ සර් කෙනෙකුත් බැන්දා .ආයුර්වේද ඩොක්ට කෙනෙක්.එයා නම් චැනල් කරන්නේ නෑ
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    සල්ලි තියෙයි. මෑරෙනකන් කාලා ඈදලා ඉන්න පුලුවන් වෙයි. ඒත් පවුල් ජීවිතේකට ලෑබෙන්න ඕන ගොඩක් දේවල් නෑති වෙනවා. ටික කාලයක් යද්දි උබටම එපාවෙයි. අනික 90%ක් ලේඩි ඩොක්ටර්ස්ලගේ බබ්බු හම්බවෙනකොටම නෑතිවෙනවා ( මිස්කෑරේජ් වෙනවා )

    මගේ උපදෙස.. උබ ඩොකෙක් නෙමෙයි නම් ඩොකෙක් බදින්න එපා.!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ඩොකියක් බඳින්න පුලුවන්... පස්සෙන් ඇවිත් අහනව බඳිමුද කියල. මොකද කියන්නෙ හා කියන්නද බෑ කියන්නද?
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සල්ලි තියෙයි. මෑරෙනකන් කාලා ඈදලා ඉන්න පුලුවන් වෙයි. ඒත් පවුල් ජීවිතේකට ලෑබෙන්න ඕන ගොඩක් දේවල් නෑති වෙනවා. ටික කාලයක් යද්දි උබටම එපාවෙයි. අනික 90%ක් ලේඩි ඩොක්ටර්ස්ලගේ බබ්බු හම්බවෙනකොටම නෑතිවෙනවා ( මිස්කෑරේජ් වෙනවා )

    මගේ උපදෙස.. උබ ඩොකෙක් නෙමෙයි නම් ඩොකෙක් බදින්න එපා.!

    ah??? hitha kaduwa.