යුවරාජ්ට සුපිරි Audi මෝටර් රථ තෑග්ගක්
දෝණිට Ferrari 599 GTO රථයක්
1985 දී ඉන්දියාව ලෝක කුසලානය දිනූ අවස්ථාවේ එම තරගාවලියේ වීරයා වූ රවී ශාස්ත්‍රි වෙත සුපිරි අවුඩි 100 මෝටර් රථයක් තෑගි කළා සේම මෙවර තරගාවලියේ වීරයා වූ යුවරාජ් සිං වෙතත් සුපිරි අවුඩි මෝටර් රථයක් තෑගි කිරීමට අවුඩි මෝටර් රථ නිෂ්පාදන සමාගම සූදානම් වේ.
ජර්මන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන අවුඩි සමාගමේ ඉන්දීය ශාඛාවේ නියෝජිතයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ යුවරාජ් ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම සුපිරි ත්‍යාගය ඔහු වෙත ලබාදීමට තීරණය කර තිබෙන බවයි.
මෙය සමාගම විසින් 1985 දී ඇතිකළ සම්ප්රදාය තවදුරටත් ඉදිරියට රැගෙන යාමක් බව සඳහන් කර තිබේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී යුවරාජ් ලකුණු 362 ක් රැස්කළ අතර කඩුළු 15 ක් බිඳ දැමීමට සමත්විය.
වාර්තා වන්නේ සුපිරි අවුඩි මෝටර් රථයට අමතරව ඔහුට Hyundai Verna Rb මෝටර් රථයක්ද Hyundai සමාගම විසින් තෑගි ලෙස ලබාදීමට යන බවයි.
මීට අමතරව, ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි වෙත සුපිරි Ferrari 599 GTO මෝටර් රථයක් තෑගි ලෙස ලබාදීමට යන බවත් එහි ඉදිරිපස ඉන්දීය ධජය පින්තාරු කර තිබෙන බවත් වාර්තාවේ.
ඡයාරූපයේ දැක්වෙන්නේ දෝණිට ලබාදීමට යන මෝටර් රථයයි