දෝරෙ ගලන මාධ්‍ය නිදහස

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දෝරෙ ගලන මාධ්‍ය නිදහස

    "උඹලා දන්නෙ නෑ මං කවුද කියලා බලාපල්ලා උඹලට කරන දේ"
    උසාවි භූමියේදී ධම්මික රණතුංග මාධ්‍යවේදීන්ට ගොරවා පිංතූරත් ගනී



    අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ වැඩිමහල් සොහොයුරු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග ඊයේ (16 දා) උදැසන කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්‌ථාවේ කොළඹ දිස්‌ත්‍රික්‌ වාර්තාකරු එස්‌. ගුණරත්නම් මහතා ඇතුළු මාධ්‍යවේදීන්ට මරණීය තර්ජන එල්ල කරමින් බැණ වැදුණේය.

    රක්‍ෂිත සිර භාරයේ පසුවන නිශාන්ත රණතුංග මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රතිශෝධන අයදුම්පත පිළිබඳ නියෝගය ඊයේ පෙරවරුවේ කොළඹ අංක 7 මහාධිකරණයේදී නිකුත් කිරීමට නියමිතව තිබූ අතර එම නඩුව වාර්තා කිරීමට මාධ්‍යවේදීහු රැසක්‌ අධිකරණයට පැමිණ සිටියහ. මාධ්‍යවේදීන් අධිකරණ සංකීර්ණයේ සිට එම නඩුව සඳහා නීතිඥයන් හා පෙත්සම්කාර පාර්ශ්වයේ පිරිස අධිකරණයට පැමිණෙන අයුරු වීඩියෝ ගත කරමින් සිටියදී මාධ්‍යවේදී එස්‌. ගුණරත්නම් මහතා අසලට පැමිණි ධම්මික රණතුංග නමැත්තා "එක එක්‌කෙනාගේ මුහුණු වීඩියෝ කරන්න උඹලාට කවුද අවසර දුන්නේ. උඹලට ඕන විදිහට එහෙම අපේ මුහුණු වීඩියෝ කරන්න පුළුවන්දැයි ඔහුගෙන් ඇසුවේය.

    "මහත්තයෝ අපි කරන්නේ අපේ රක්‍ෂාව. ඒකට අපිට ඔබතුමාගෙන් අවසර ගන්න ඕනේ නෑ. වරදක්‌ කළානම් ඔබතුමා ඒකට විරුද්ධව පියවරගන්න යෑයි" එවිට එම මාධ්‍යවේදීයා ඔහුට උත්තර දුන්නේය.

    "වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම් යෑයි එවිට මාධ්‍යවේදීන්ට තර්ජනාත්මකව පැවැසූ ධම්මික රණතුංග ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් එහි සිටි මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ලබා ගත්තේය.

    ඉතා ආවේගශීලීව හා අසංවර ලෙස අධිකරණ භූමිය තුළ හැසිරුණු ඔහු සමග විවාදයට නොගිය මාධ්‍යවේදීහු මරණීය තර්ජනය පිළිබඳ අධිකරණ සංකීර්ණයේ ආරක්‍ෂාව භාරව සිටින පොලිස්‌ මුරපළේ නිලධාරීන් දැනුවත් කර නඩු කටයුත්ත අවසන් වූ පසු කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගත්හ. මාධ්‍යවේදී එස්‌. ගුණරත්නම් මහතා කළ එම පැමිණිල්ල සනාථ කරමින් එම අවස්‌ථාවේ එහි සිටි තවත් මාධ්‍යවේදීහු තිදෙනෙක්‌ පොලිසියට ප්‍රකාශ ලබා දුන්හ.

    එම සිද්ධියෙන් පසුව මාධ්‍යවේදීන් හමුවට පැමිණි ඔහුගේ මව සිය පුත්‍රයාගේ අසංවර හැසිරීම පිළිබඳව මාධ්‍යවේදීන්ගෙන් සමාව අයෑද සිටියාය.

    http://www.divaina.com/2016/03/17/news07.html

    # පවුල් පාලනය # මාධ්‍ය නිදහස #වෙනස

     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    එම සිද්ධියෙන් පසුව මාධ්‍යවේදීන් හමුවට පැමිණි ඔහුගේ මව සිය පුත්‍රයාගේ අසංවර හැසිරීම පිළිබඳව මාධ්‍යවේදීන්ගෙන් සමාව අයෑද සිටියාය.

    පව් බං ඒ අම්මා :(
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    "වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම්"

    Mehema kiyan naa ne :rolleyes:

     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අරූට එච්චර පොටෝ ගහල පුරුද්දක් නෑ වගේ.
     
    • Like
    Reactions: toi

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    ධම්මික රණතුංග අලුත් phone එකක් අරන් යකෝ :P :D :baffled:.පව් අහිංසකය :lol::lol::lol: