ධම්මිකගේ ධනය දවසක දී කෝටි 1,500 කින් ඉහළට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    YLELop4.jpg


    මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී හි කොටස් මිල ගණන් අද දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ යාම හේතුවෙන් එම සමාගම් හි ප්‍රධානතම කොටස් හිමියා වන මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් අද දිනය තුළ දී පමණක් රු. බිලියන 15.33 කින් හෙවත් රු. කෝටි 1,533 කින් ඉහළ ගොස් ඇත.

    වැලිබල් වන් පීඑල්සී 63.478% ක් හෙවත් කොටස් 689,726,471 ක් ධම්මික පෙරේරා ඉදිරියෙන් ලියැවී ඇත. වැලිබල් වන් සමාගමේ කොටසක මිල ඊයේ (20) දිනයේ දී රු.44.50 ක් ලෙසින් වාර්තා වූ අතර එය අද (21) දිනයේ දී රු. 55.50 ක් දක්වා ඉහළ යන ලදී. මේ අනුව ධම්මික පෙරේරා ගේ වැලිවල් වන් හි ආයෝජන වටිනාකම අද දින තුළ දී ඉහළ ගොස් ඇති ප්‍රමාණය රු. බිලියන 7.58 කි.

    මේ අතර හේලීස් පීඑල්සී හි 51.01% ක කොටස් හිමිකාරීත්වයක් ඔහු සතු වන අතර එය කොටස් 38,259,697 කින් සමන්විත වේ. ඊයේ දිනයේ දී හේලීස් කොටසක මිල දැක්වුණේ රු. 577.50 ක් ලෙසිනි. හේලීස් පීඑල්සී ඇතුළුව සමූහයේ සමාගම් 14 ක් විසින් අද දින ප්‍රකාශයට පත් කළ කොටස් අනුබෙදුම් (Sub-division) හේතුවෙන් එකී සියලු සමාගම්වල කොටස් මිල ගණන් අද සීඝ්‍ර වර්ධනයක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී හේලීස් කොටසක මිල වාර්තා වූයේ රු. 780.00 ක් ලෙසිනි. ඒ අනුව ධම්මික පෙරේරා ගේ හේලීස් ආයෝජනයේ වටිනාකම අද දිනය තුළ දී රු. බිලියන 7.74 කින් වැඩි වී තිබේ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    up

    Sub-division කලින් දැනගන්නෙ කොහොමද බන්??
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    up

    Sub-division කලින් දැනගන්නෙ කොහොමද බන්??
    you cant
    thats like knowing lottery numbers in advance 😂
    poddak hithapan if someone invested 100,000 in haycarb yesterday they would hv roughly 175,000 by now
     
    • Dislike
    Reactions: jay-shan

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මේ දවස් වල කොටස් වෙළඳ පලට මොකද්ද ඇත්තටම වෙන්නේ


    මෙහෙම ගණන් යන්නේ කොහොමද මේවා කිසිම හේතුවක් නැතුව
     
    • Like
    Reactions: eksudda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,930
    113
    මේ දවස් වල කොටස් වෙළඳ පලට මොකද්ද ඇත්තටම වෙන්නේ


    මෙහෙම ගණන් යන්නේ කොහොමද මේවා කිසිම හේතුවක් නැතුව
    Hehehe