mchn mama kalin mu gana thread ekak damma, godak un kiyanawa mu hoda ekek neme kiyala...
oya pahala tiyena article eka ada mama kiewwa, eke tiyena comment tikak thama me; oya kiyala tiyena de theruma mokakda ? mu kohomada stock market eka nathi kare ??
"හැමෝම ගොඩක් සතුටු වෙනව කියල පේනව.ඒත් ඇත්ත තත්වෙ මේක නෙමෙයි. ධම්මික පෙරේරා කියන්නේ දැනට අවුරුදු ගාණක ඉදන් plan කරල stock market එක විනාස කරපු මනුස්සයෙක්.එවගේ ප්‍රතිඵල තමයි මේ පේන්නෙ. වෙළද ඒකාධිකාරියක් කියන එකේ බරපතල කම තාම කාටවත් දැනිල නෑ.ඒකයි හැමෝම සතුටුවෙන්නෙ. මෙයා අවුරුදු ගානක ඉදල කොටස් වෙළදපොල ඇන්දුව.මේවට රජයේ ඉහල මිනිස්සුත් හවුල්.මෙයා කරන්නෙ සමාගම්වල කොටස් වෙන අයට ගන්ඩ දෙන්නැතුව hold කරල කොටස් මිල අඩුකරන එක, පස්සෙ සමාගම වැටෙන්ඩ යනකොට සේරම කොටස් ගන්නව කුණුකොලලෙට. සාමාන්‍යයෙන් මෙවා නීතියෙන් තහනම්.එත් දැන් නීතියක් නෑනෙ රටේ...කොහොම උනත් දැනට ලංකාවෙ කොටස් වෙළදපොළ වැඩිහරියක් පාලනය කරන්නෙ මෙයා තමයි.දැන් කියයි කට්ටිය කමක් නෑ හම්බයෙක් නෙමේනේ සිංහල එකෙක්නෙ කියල. .. එත් මෙයා මෙයාගෙ ඒකාධිකාරියෙන් රටට සෙල්ලම් දානකාලෙ එනකොට වැඩියෙනම රිදෙන්නෙත් හම්බයන්ට නෙමේ සිංහල අපිටමයි..... (මම කියපුවා වැරදියි වගේනන් පහුගිය අවුරුදු වල කොටස් වෙලදපල සම්බන්ධ news හොයාගෙන බලන්න)"
"සතුටු වෙන්න නම් දෙයක් නැහැ, දන්න මිනිස්සු දන්නවා. පොලේ එළවලු විකුණන වට්ටි අම්මගේ ඉඳං ප්‍රින්සිපල් මහත්තයට යනකම් අයගේ පඩියෙන් බාගයක් යන්නේ මේ මනුස්සයට. සාධාරණව හම්බු කරානම් මේ මනුස්සයට මල් තියල වැන්දත් කමක් නැහැ. නමුත් මේ රටේ ගසාකන සල්ලි ඔක්කොම සුදු සල්ලි කරන්නේ මේ මනුස්සය. (money laundry) නැත්නම් වැලේ වැල් නැතුව හිටපු බුවා අද ලංකාවේ ලොකුම ධනවතා. හැබැයි මේ රටේ හරියට දියුණු උන මිනිස්සු ඉන්නවා. D. සැම්සන්(DSI), මැලිබන් මුදලාලි, උපාලි වගේ මිනිස්සු. අන්න ඒ අයටයි ගරු කරන්න ඕන."
"කොටස් වෙළදපොලේ වෙන නියාමන කටයුතු හරියට වෙනවානම් මෙහෙම වෙන්ඩ බෑ. මොහු නිසා තමයි නියාමන නිලධාරීන් ඉල්ලා අස්වෙන්නේ. මොහුට ආණ්ඩුවේ රැකවරණ තියෙනවා"