ධම්මික_සිංගර් මිළට ගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා පැරණිම පාරිභෝගික භාණ්ඩ කර්මාන්තයේ නිරත සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට ශ්‍රී ලංකාවේ තවත් දැවැන්ත සමාගම් සමූහයක් වන හේලීස් ඉදිරිපත් වී තිබේ.
මේ සම්බන්ධ අවසාන තීන්දුවට සමාගම් ද්විත්වය විසින් අද (13) සවස් භාගයේ දී පැමිණ ඇත. ඒ අනුව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ බහුතර කොටස් හිමියා වන Retail Holdings (Sri Lanka) BV සතු ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 231,864,362 ක් මිල දී ගැනීමට හේලීස් සමූහය තීරණය කර තිබේ. එය සිංගර් ශ්‍රී ලංකා හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 61.73% කි. එහිදී එක් කොටසකට රු. 47.00 ගෙවීමට හේලීස් සමූහය සූදානම් අතර ඒ අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම රු. 10,897,625,014.00 ක් වේ.
Retail Holdings (Sri Lanka) BV සමාගම, සිංගර් ශ්‍රී ලංකා හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 71.19% කට හිමිකම් කියනු ලබන අතර පෙර කී ගනුදෙනුවෙන් පසු තවදුරටත් සිංගර් ශ්‍රී ලංකා හි කොටස් 35,562,883 කට ඔවුන් හිමිකම් කියනු ඇත.
කෙසේ වෙතත් හේලීස් පීඑල්සී හි සභාපති/ ප්‍රධාන විධායක, මොහාන් පණ්ඩිතගේ මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ ඉදිරි මාස 12 – 15 ක කාලයක් තුළ දී මෙම ඉතිරි කොටස් 35,562,883 ද මිල දී ගැනීමට හේලීස් සමූහය සූදානමින් පසුවන බවයි.
මේ අනුව හේලීස් - සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් 12,569,080,515.00 කි.
හේලීස් සමාගමේ බහුතර කොටස් අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුවන අතර එය තම නමින් සහ තම සමාගම්වලට අයිති හේලීස් කොටස්වල එකතුව අනුව 50% ඉක්මවා තිබේ.
AdaderanaBIZ

First capital eke sihiyen hitiye