ඔව්
ද්රිෂම් මුලින්ම හැදුවේ මලයාලම් බසින්.
එහි රගපාන්නේ මෝහන්ලාල් ඇතුලු පිරිස.
පස්සේ කොපිරයිට් විකුනා දමනවා. හින්දි ඇතුලු අනිත් බාසාවලින් හැදනේනේ ඉන් පසුවයි.
මට අනුව නම් සියලුම රීමෙක් අතුරින් හොද මලයාලම් මුල් කෘතිය...
මලයාලම් මධ්යපාන්තික නව සිනමා රැල්ල ඉන්දියාවම හොල්ලලා ඉවරයි. බොලිවුඩය අඩු කුලේට දාන්න තරම් ශක්තිමත් හැකියාවක්.
කොපි කිරිල්ල නම් කොහෙත් අඩු වැඩි ලෙස තියනවානේ බං.
සිංහල කොපියේ තත්ත්වය නොබැලු නිසා කියන්න බැ. සිංහල සිනමාවේ පුරෝගාමි යුගයේ ඉදන්ම අපි ඉන්දියාව කොපි කලා. පික්චර් හැදුවේ ඉන්දියාවේ. අදටත් රසායනාගාර කටයුතු රැදිලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ රසායනාගාර මත.
පුරෝගාමි යුගයේ ඉදන්ම අපි කොපි කලේ දකුණු ඉන්දියානු සිනමා කලාවේ දුර්වලම උප කුලකය වෙච්ච දෙමල සිනමාව. කොච්චර කොපි කිරිල්ල දරුණුවට ගියාද කියනවානම් ඉන්දිය සිනමාවේ තවත් භාෂාවක් කියන තරමටම කොපිකලා.
දැන් ටිකක් හොදයි. නමුත් පුරෝගාමි යුගයේ ගැටලු එසේමයි.