ධර්ම චක්රය යනු නැවේ සුක්කානමද??එසේත් නැත්&#350

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ධර්ම චක්රය යනු නැවේ සුක්කානමද??එසේත් නැත්&#350

    මේක බුකියෙ තිබ්බෙ. බෞදාගමේ මට වගේම අනිත් යාලුවන්ටත් වැදගත් වෙයි කියල හිතුන මේක.
    මේකෙ අයිතිකාර මහත්මයට පින්සිද්ද වේවා!!

    ගොඩක් වටින තොරතුරු ගොඩක් තියනව මේකෙ අපිට දැනගන්න.කියවලම බලන්න.
    බුදු සරණයි!!


    14c9t2v.jpg

    පින්වත් මිතුරනි,
    ධර්ම චක්‍රය කිව්වාම නොදන්නා කිසිවෙක් මේ ලක්දිව නැත. ධර්ම චක්‍රය රාජ්‍ය ලාංඡනයේ ඉහලින්ම තිබෙන්නේ මෙය බෞද්ධ රටකි කියා කියන්නටය. ඕනෑම පන්සලක මෙම ලාංඡනය දැකගතහැක. කිසිම දවසක කිසිවෙක් සිතුවාද? මොකද්ද මේ ධර්ම චක්‍රය කියලා කියන්නේ? සමාජයේ මේ ගැන ඇසුවොත් හරසුන් නොයෙකුත් මිත්‍යාවන් ගොන්නක් ඇදබාන්නට පටන්ගනීවි. ඒවයෙන් වැඩක් නොමැත. කෙලින්ම ඒ ගැන ඔයාලාට කියලා දෙන්නම්.

    ධර්ම චක්‍රය යනු ධර්ම රාජයන් වහන්සේ විසින් අවබෝධකරගත් උතුම් ශ්‍රී සද්ධර්මයයි. තව විදියකට කිව්වොත් චතුරාර්‍ය සත්‍ය ධර්මයයි, තවත් විදියකින් කිව්වොත් සත් තිස් බෝධිපාක්ශික ධර්මයන් වලටයි ධර්ම චක්‍රය කියන්නේ.
    භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධකරගත් ධර්ම චක්‍රය කුමක්ද යන වගට මුලින්ම ලෝකයට හෙළි කලේ ඉසිපතන මිගදායේදී පස්වග භික්ශූන් වහන්සේලාටය. අවබෝධකරගත් ධර්මය කෙටියෙන් සංශිප්තව ඉදිරිපත් කිරීම තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් කරන්නේ. සෑම බුදු කෙනෙකුම ධර්මචක්‍ර දේශනාවෙන් තමයි බුද්ධකෘත්‍යය ආරම්භ කරන්නේ.

    මෙවිට පොලොවේ සිට අකනිට්ට බ්‍රහ්ම ලෝකය දක්වා දෙවියන් විසින් "අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන නම් මිගදායේ අනුත්තර වූ ධම්ම චක්‍රය පවත්වන ලදි. මෙය වනාහි ශ්‍රමණයෙකුට හෝඅ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝඅ ලෝකයෙහි වෙන කිසිවෙකුට වෙනස් කළ නොහැක්කේය" කියා සාධුකාර පැවැත්වීය.

    ඉතින්, ඒ එදා හෙළි කල ධර්මචක්‍රය තමයි විස්තර වශයෙන් නොයෙක් අයුරින් භාග්‍යවතුන් වහන්සේ වසර 45ක් පුරාවට දේශනා කලේ.
    ඉතින් මෙම ධර්මචක්‍රය මුලින්ම ලාංඡණයක් ලෙස නිර්මාණය කලේ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේය. අශෝක අධිරජු විසින් බුදු රජුන්ගේ ධර්ම චක්‍රය කෙබඳුදැයි අසන ලද පැණයට පිළිතුරු ලෙස උන්වහන්සේ වදාලේ ගෞතම බුද්ධ රාජ්‍යයේ සම්පූර්ණ ධර්මස්ඛන්ධය හකුළුවා දක්වන වචන දෙකයි. එනම් "චතුරාර්‍ය සත්‍යය"යි.

    එම ධර්ම චක්‍රයට ගරාදි 24ක් ඇත.

    ==>. දුක්ක සත්‍යය (කරුණු 12යි )
    1. ඉපදීම
    2. ජරාවට පත්වීම
    3. ලෙඩ වීම
    4. මරණය
    5. ප්‍රියයන්ගෙන් වෙන් වීම
    6. අප්‍රියයන් හා එක් වීම
    7. කැමති දේ නොලැබීම
    8. රූප උපාදානස්ඛන්ධය
    9. වේදනා උපාදානස්ඛන්ධය
    10. සඤ්ඤා උපාදානස්ඛන්ධය
    11. සංස්කාර උපාදානස්ඛන්ධය
    12. විඤ්ඤාණ උපාදානස්ඛන්ධය

    විභංගප්රකරණයේ සච්ච විභංගයට අනුව මෙය මෙසේද දක්වා තිබෙනවා.

    1. ජාති
    2. ජරා
    3. මරණ
    4. සෝක
    5. පරිදේව
    6. කායික
    7. මානසික
    8. උපායාස
    9. අප්රිය සම්ප්රයෝගය
    10. ප්රිය විප්රයෝගය
    11. කැමති දේ නොලැබීම
    12. පඤ්ච උපාදානස්කන්ධය


    ==> දුක්ක සමුදය සත්‍යය
    13. කාම තණ්හා
    14. භව තණ්හා
    15. විභව තණ්හා

    ==> දුක්ක නිරෝධාර්‍ය සත්‍යය
    16. දුක හටගන්නා හේතුව නැති කල දුක නැත යන අවබෝධය

    ==> දුක්ක නිරෝධ ගාමණී පටිපදා ආර්‍ය සත්‍යය
    17. සම්මා දිට්ඨිය
    18. සම්මා සංකල්පය
    19. සම්මා වාචා
    20. සම්මා කම්මන්ත
    21. සම්මා ආජීවය
    22. සම්මා වායාම
    23. සම්මා සති
    24. සම්මා සමාධි
    ඔන්න ඔය කරුණු විසි හතර තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්රය. මේ ඔක්කෝම ගරාදි ටික එකතු වෙලා තියෙන්නේ කල්යාණ මිත්රයා කියන එකම එක කඩ ඇණය මත. දිනක් අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට "භාග්‍යවතුන් වහන්ස මට හිතෙන්නේ මේ සසනයේ භාගයක්ම තිබෙන්නේ කල්‍යාණ මිත්‍රයා මත කියලා" යැයි පවසන විට. භාග්‍යවතුන් වහන්සේ විසින් " හා හා ආනන්ද එහෙම කියන්න එපා, මේ සම්පූර්ණ බුද්ධ සාසනයම පවතින්නේ කළ්‍යාණ මිත්‍රයා මත" යැයි වදාළා. ඉතින් කඩ ඇණය නිසා එම ගරාදි යම් සේ එකතුව පවතින්නේද කඩ ඇණය නැති කල චක්‍රය බිඳී යන්නේය. ඒ වාගේම මේ නිවන් මඟ කියලා දෙන කළ්‍යාණ මිත්‍රයා සිටින්නේ කොතරම් කලක්ද එතෙක් බුද්ධ සාසනය පවතිනවා. . ඒකමයි නිතරම අසත්පුරුශයා බැහැර කරන්න සත්පුරුශයා ඇසුරු කරන්න කියනා කියන්නේ. ඒක තමයි පළමුවන සහ දෙවන මංගල කරුණත්. නිවන් මඟ අහුරණ අසත්පුරුෂ බාලයා බැහැර කිරීමත් නිවන් මඟ කරුණාවෙන් පෙන්වා දෙන සත්පුරුෂ පණ්ඩිතයා ඇසුරු කිරීමත්.

    ඉතින් බෝධිසත්ව ගුණපිරි අම්බෙඩ්කාර් තුමා තම්යි මේ ගරාදි 24න් යුතු ධර්ම චක්රය ඉන්දියන් කොඩියේ මැදට දැම්මේ. අශෝක අධිරාජයා තමයි මේ ලාංඡනය ලස්සනට කොටලා සෑම අශෝක කුළුණකම ප්රදර්ශණය කලේ.

    අවාසනාව කියන්නේ ධර්ම දීපය කියාගන්න ලංකාවේ මිනිස්සු නැවේ සුක්කානම ධර්ම චක්රය ලෙස සැලකීමයි. ඔච්චර ධර්ම මාත්රයක් දකින්නට අද නැති හින්දු ඉන්දියාවේ කොඩියේ නිවැරදි ධර්ම චක්රය ප්රදර්ශණය වෙනවා.
    අනිත් එක තමයි නැවේ සුක්කානම බිම තබා පෙරලා හැරිය නොහැකි වීම. ප්රවර්තනය වෙන්නේ නැහැ.

    ඉතින් මේකත් මහමෙව්නාවේ නිර්මාණයක් කියලා නින්දා කරන්නේ නැතිව මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි අශෝක අධිරජු නිර්මාණය කල නිවැරදි ධර්ම චක්රය භාවිතයට ගනිමු. නැවේ සුක්කානම ඉවත් කරමු. කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා වෙන මේ ලංකාවේ සම්ප්‍රදාය ආරක්ශා කරන්න කියලා ඕනෑම පැලිච්ච බෙරයකට ඇණයක් දෙකක් ගහලා ඇණ ටිකකට තඩිබාමින් යන්නම ඕන කියන අයට පුළුවනි ඔය සුක්කානමේ ගරාදි අටට ඕක තමයි අෂ්ඨ ලෝක ධර්මය කියලා අරුත්ගන්වා බෙල්ලේ එල්ලාගන්න. නමුත් ඉන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මචක්‍රය පිළිබිඹුවන්නේ නැත.රාජ්ය ලාංඡනයේ ඉහලින්ම තිබෙන සුක්කානමේ පිහිටෙන්වත් රට හරි මගට ගන්නට නැවියන් බිහි වේවා.

    විශේෂ පුණ්යණුමෝදනාව: කට කැඩෙනකන් නිවැරදි ධර්මචක්‍රය භාවිතයට ගන්න කියලා කියලා අහන්නේම නැතිකල නිහඬව සිට අපවත් වී වදාල අපමරපුර මහ නිකයේ උත්තරීතර මහා නායක පරම පූජනීය මඩිහේ පඥ්ඥාසීහ මහ නායක ස්වාමින් වහන්සේට.

    තෙරුවන් සරණයි.
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    අශෝක අදිරජ්ජ්‍ය තමන්ගේ රජයේ සංකේතය ලෙස ධර්ම චක්‍රය බාවිතා කරනවා පුතා වෙච්ච මිහිදු හිමි දේවානම් පියතිස්ස රජ දවස ලංකාවට බුද්දාගම ගේනවා
    බුද්දාගම විතරක් නෙමේනේ එන්නේ කලා ශිල්පවගේ දේවලුත් එනවනේ .
    මහාවංශය වැදගත්ම රජතුමා තම දුටුගැමුණු රජතුමා එතුමාගේ පරිච්චේද වල එලරව නම් කරන්නේ රටේ බිහි වෙච්ච ධර්මිකම පාලකයා විදිහට
    දුටුගැමුණු එලරත් එක්ක යුද්ද කරන්නේ බුද්දාගමේ චිරස්ට්ඨිය උදෙසා කියල යුද්දෙට යන්නේ සංගාය වහන්සේලා පෙරටුකරගෙන
    දේශපාලනය අනුව ආගමේ හැඩය තීරණය වෙනවා උපතින්ම හින්දු සම්ප්‍රදායන් උරුමකරගත්ත අශෝක, අදිරාජ්‍ය ගොඩනගන්න බුද්දාගම
    පාවිච්චිකරනවා දුටුගැමුණු රටේ බී වුන කියන දර්මිකම පාලකයත් එක්ක යුද්ද කරන්න බුද්දාගම පාවිච්චිකරනවා.
    වළගම්බා රජතුමා තමන්ට යුද්දෙදි උදව් කරපු හිමි නමකට අබයගිරිය හදල දීල එතෙක් පවතී මහාවිහාර සම්ප්‍රදායට කෙලිනවා .
    හරියට ඉංග්‍රීසින් රටවල් අල්ලගන්න කඩුවත් එක්ක කුරුසෙත් ගෙනිච්ච වගේ එදා අශෝකල දුටුගමුනුල දේශපාලනය සදහා බවිතකරපු ආගම දැන් ඉන්න අයත් හොදට පාවිච්චි කරනවා
    අද එතනින් එහාට ගිහිල්ල කප්පන්ගන්න,චිත්රපටි පෙන්නන්න,බඩු ගහන්න දේශපාලන වරප්‍රසාද විදින්න ආගම හොදටම පාවිච්චිකරනවා
    ආගම කියන්නේ දේශපාලනය අනුව වෙනස්වෙන දෙයක් කියන එක සෑම ආගමකම අතීත වර්තමාන ක්‍රියාකාරකම් වලින් පේනවා
    මෙහෙම තිබිලත් සමහරුගේ මිත්‍යා මතයක් තියනවා රටක නීතිය දේශපාලනය මේ හැමදෙයකටම උඩින් ආගම තියන් ඉන්න ඕනි කියල
    එක හරිම ගෝත්‍රික මතයක් හම්බයෝන්ගෙන් අපු ආකල්පයක්