ධර්ම දේශනා.::පිළිකුල් භාවනාව වඩන්න

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::පිළිකුල් භාවනාව වඩන්න

    පිළිකුල් භාවනාවට මුලපුරන්නේ කෙසේද

    මහා සථිපට්ඨාන භාවනාවට අයත් කායානුපස්සනාවෙ හි පිළිකුල් භාවනාවට මුලපුරන්නේ කෙසේද

    සම්මා සම්බුදු රජාණන්වහන්සේ මෙලෙස දේශනා කළ සේක; යලිදු භික්ෂුව පා පතුලෙන් උඩ, කෙස් වලින් යට, සමින් වට වී ඇති මේ නා නා ආකාර අසුචියෙන් පිරී තිබෙන මේ කය මෙසේ නුවණින් සලකා බලන්නේය;

    මේ ශරීරයේ කෙස් ඇත, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩ දිව (බඩ වැල්), පපු මස (පෙණහැලි ), අතුනු වැටි, ඇතුනු බහන්, නොදිරවූ ආහාරය, මල, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳ මිදුළු, මුත්‍ර යන කුණුපයෝ ඇත.

    පිරුණු මල්ලක ඇති ධාන්‍ය ලෙස මනාව ඉහත කුණුපයන් ගේ ලක්ෂණ හඳුනාගෙන පිළිකුල් භාවනාව වැඩිය යුතු වන්නේය.

    සතිපට්ඨානයේ මූලික න්‍යායයන් පටලවා නොගෙන, යෝනිසෝමනසිකාරයෙන් කායානුපස්සනාව වඩන්නේ කෙසේද

    පිළිකුල් භාවනාවේදී ඔබ විදර්ශනාවට සමවැදුන බව දැනගන්නේ කෙසේද ?

    2012 වෙසක් මස 09 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: පේරාදෙණිය හිඳගල මහකන්දේ ශ්‍රී සමාධි මාවතේ, ශ්‍රී සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක, ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරය හා ඌව පරණගම ලූනුවත්ත සිළුමිණි විහාරය යන උභය විහාරාධිපති, ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ත්‍රිපඨක ධර්මවේදී කම්මට්ඨානාචර්‍ය පූජ්‍යපාද මහමෙවුනාවේ මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Bump-620x303.png
    :):)