ධාතු විස්තරය

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .......
    2. බුදුදහමේ ඇතැම් කරුණු පැහැදිලි කරන්න තරම් විදු ඇස දියුණු වෙලා නෑ නේ. ඒක නිසා ඒවා ගැන අපි දැන් තර්ක විතර්ක කරන එක කිසිම තේරුමක් නෑ. අපි බලමු තව අවුරුදු 50කින් විතර ඒ ගැන කතා කරමු.

    ඔව් හැම කරුණක්ම විස්තර කරන්න බෑ අනික අපි දන්න යුරෝපි‍ය පරීක්ශන නිරීක්ශන නිගමන method එකට මේව ඔප්පු කරන්නත් බෑ
    නමුත් අපි මේ කතා කරන ධාතුවල ශක්තීන් ගැන බැරි වෙයිද ? :D

    3. බුදුදහම සමහර ආගම් වගේ මේ සේරම අකුරු දෙයියෝ කියපු දේව වචන , ප්‍රශ්න .......මිනිසුන්ගේ ඇස් විවර කරා කියලා අපි ඉක්මනට නිවන් යන්නෙ නෑ.:no::no:

    මචං මේ , වෙනදාටත් වඩා අද බුදුදහමට (ගොං මෝඩ තර්ක මත පදනම් වුනත්) අභියෝග එල්ලවෙන කාලයක් බව එලකිරියෙ ඇස් කන් තියෙන අපිට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ ? නේද. අන්න ඒකයි අපි කරන කියන හැමදේකම හරවත්බව සහ අවබෝධය කියන එක වෙන කවදාටත් වඩා වැදගත් වෙන්නෙ
    ඕනෙම කෙනේක් ඇහුවොත් ඇයි උඹල මෙහෙම කරන්නෙ අනං මනං කියල ඇහුවොත් ඒ හැමදේකට දෙන්න අපි ගාව ප්‍රභල උත්තර තියෙන්න ඕන නේද මචං ?

    ( පී ඇස්- මේක අපේ සියුස් දෙවියන්ට. ධර්මය තියෙන්නේ අමාරු සිංහලෙන්/පාලියෙන් ......යන්නේ මෙන්න මේ කතාව තමයි- "ලාබෙට අස්පයත් ඕන, නේරංජනා ගගෙන් පන්නන්නත් ඕන" )
    :lol::lol: ඉඳීයාප්ප වලට වඩා ක්ෂණික නූඩ්ල්ස් ජනප්‍රිය ඒකනෙ බං :P:P:P
    මගේ මතය ධර්මය ගැන උනන්දුවක් තියෙන ඕනෙම කෙනෙක්ට ඕනෙම දහම්කරුණක් තමන්ට තේරෙන භාශාවෙන් තියෙන්න ඕනෙ. භාශාව වගේ දේවල් හරස් වෙන්න බෑ අන්න ඒ මතයේ නම් මම තදින්ම ඉන්නව මචං :yes:

    හිතල බලපං ඕනෑම සැදැහැමත් කතෝලිකයෙක් බයිබලයේ ඕනෙම තැනකින් දන්නව මං දන්න විදියට බයිබලය මුලින් ලියවිල තිබ්බෙ වෙන (ලතින් ද මංද)
    භාශාවකින්

    ඔන්න මාත් එක්ක තරහ වෙන්න එපෝ:sorry::sorry::sorry:
    අඬන්නෙපා බං ලඟින් ස්ටින්නම්
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    මෙහෙමයි අක්කෙ මං ක්‍රමානුකූලව පොත්පත් පරිශීලනය කරපු කෙනෙක් නෙවෙයි මොකද. බුදුන්ගෙ පිරිසිදු දහම්කරුණු ලියවුණුපොත් තියෙන්නෙ එක්කො පාලියෙන් නැත්නං කියවද්දි දිව හැපෙන දත කට පූට්ටුවෙන සිංහලෙන්:frown::frown::frown::frown::frown::frown::frown::frown:(මේක ඉතාම අභාග්‍යවන්ත තත්වයක්)

    ඒ වගේම සරල සිංහලෙන් තියෙන පොතබොහෝමයකගෙ දහම් කරුණු එක්ක ඒගොල්ලන්ගෙ මතවාදත් ඔබ්බවල. මට ඔනෙ බුදුන්වහන්සේගෙ පිරිසිදු දහම් පණීවිඩයක මිසක් ඒගොලන්ගෙ විවේචන නෙවෙයි
    මෙහෙමයි මල්ලි, ධර්ම කරුණු වෙනස් වෙලා කියලා තර්ක කරනව නම් ඊට වඩා භයානක තර්ක තියෙනවා. අපි හරියටම දන්නෙ නෑ බුද්ධඝෝෂ හෙළ අටුවා පාලියට පරිවර්තනය කරද්දි මොන මොන වෙනස් කම් කලාද කියලා. නමුත් අපිට ත්‍රිපිටකය තියෙනව භික්ෂූන් වහන්සේලා කටපාඩමින් පරපුරෙන් පරපුරට අරං ආපු. අමාරුවෙන් හරි ත්‍රිපිටකය කියවලා තේරුම් ගන්න. ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි :)

    මං දන්න විදියට භක්තිය කියන්නෙ අක්කෙ කරුණූකාරනා හරි හැටි නොදැන ඇතිවන්නා වූ බිය මිශ්‍ර ගෞරවයක් වගේ දෙයක්. ඔය කතරගම දෙයියො ගැන එහෙම තියෙන්නෙ එහෙම දෙයක් :yes:
    ඉස්සෙල්ලා කතරගම දෙවියො ගැන (කතරගම මහසෙන්) හරියට ඉගෙනගෙන වරෙං මගෙන් ගුටි නොකා :P රාවන ත්‍රෙඩ් එකෙත් පණ යනකම් කිව්වා කතරගම දෙවියො ගැන ....... මේකා ආයෙත් ඔය කතාව කිව්වනෙ කැත නැතුව :frown:

    නමුත් ඒ හැම පෙලහරක් අවසානයේම බුදුරජානන්වහන්සේ කරුණු කාරනා පැහදිළී කළා. ශ්‍රද්ධාව ඇතිකළා
    අද ඒ දේ වෙනවද කියන එක තමා අක්කෙ ප්‍රශ්නෙ :)
    ඉතිං මල්ලි ....... බුදුවරයෙක් කරපු ටික අද ඉන්න භික්ෂූන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ නේද? ඒ අයත් තවමත් කෙලෙස් සහිත මිනිස්සුනෙ. බුදු වරයෙක් තරමට ගැඹුරින් පැහැදිලි කරලා දෙන්නෙ කොහොමද මාර්ගඵල වලටවත් ආවෙ නැති කෙනෙක්? :sorry:

    ඒ උවමනාව නම් මට කරුණු කාරනා හරියට තේරෙන කාලෙ ඉඳන්ම අක්කෙ තියෙන්නෙ. මං ඒ තරම් පොත් කියවන්න ආස කෙනෙකුත් නොවෙන හින්ද උන්වහසේට ඉදිරිපත්කරල කතා කරල විසඳගන්න දිග ප්‍රශ්න ලිස්ට් එකක්ම මං ගාව තියෙනවා :P:P:P
    බුදු වරයෙක් නැති උනාට බුදුන් වහන්සේගෙත් ගුරුවරයා තවම ඉන්නවනෙ (පවතිනවනෙ) මේ ලෝකෙ ...... ධර්මය ...... දැන් නම් ඉතිං පොත පත පරිශීලනය කරන්න පටන් ගත්තොත් හොඳයි වගේ :cool:
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජීවමාන් බුදුන් අපට නති උනත් අද අපට උන්වහන්සෙගෙ නාමයෙන් මේ ධාතු ඉතුරු වෙල තියනව.
    ඉතින් මේ ගැන හිත පහදගෙන බුදුවනහ්සෙගේ ගුන කන්ද සිහියට ගන්නවනම් එයාට තමයි නියම සද්දාව තියෙන්නෙ,
    සද්දාව කියල ධර්මයෙ තිබෙන්නෙ,
    සද්දාහති තතාගතස්ස බොධී, ඒ කියන්නෙ භාග්යවතුවහන්සෙගෙ අවබොදය අදහගැනීම කියන එකයි නත්තම් මෙ අපි කියන පැහැදීම නෙවෙයි, සද්දාව තියන කෙනාට ඊලන්ගට අතිවෙන්නෙ ලෞකික සම්මා දිට්ටිය, එහෙම් කෙනට තමඉ ලොකොත්තර සම්මදිට්ටිය අතිවෙන්නෙත්, මෙ දහම් මග විවර වෙන්නෙත්.
    විමානවත්තුවෙ සන්දහන් වෙනව කස්සප බුදුන් වහන්සෙගෙ සෑයට මල් පූජ කරල දෙව්ලොව සැප වින්දින දෙවිවරු ගැන ඉතින් අපිට මෙ ලැබිල තියෙන්නෙ ලාබයක් නතිව වාදයක් කර කර තමන්ගෙ මතේ හරි කියන්න දන්ගලන වෙලාවක් නෙවේ
    ස්තුතියි යාළුවා සංවාදෙට එකතු උනාට
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මචන් බුදු කෙකෙන්ගෙ පරම ගම්භීර දර්මයක් අපිට තනියෙන් හිතල අවබොද කරන්න බැහැ. එකට තමයි උන් වහන්සෙ දෙශනා කරේ මෙ මුලු සාසනේම පවතින්නෙ කල්යාන මිත්‍රය මත කියල. ඉස්සල්ලම කල්යාන මිත්‍ර සෙවනය පුරුදු වෙයන් තනියෙන් හිතල අමාරුවෙ වැටෙන්න එපා.
    මෙන්න මේ කතාව නම් සෑහෙන්න වටිනවා අපිට :yes:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ධාතු අන්තර්ධානය
    අධිගම – ප්‍රතිපත්ති – පර්යාප්ති – ලිංග අතුරුදහන් වූ කල්හි එකල මිනිසුන්ගේ ශ්‍රද්ධා බුද්ධිය මදවීම නිසා පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනකට වඩිති. කල්යත්ම හැම තැන්හි ම සත්කාර සම්මාන නොවේ. එකල ලක්දිව සෑම සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි දාගැබට වඩිති. එතැනින් නා දිවයින රාජායතන චෛත්‍යයට වඩිති. ඉන්පසු මහබෝමැඩට වඩිති. නා ලොව – දෙව් ලොව ධාතුහු ද වඩිති. සියලු ධාතුන් වහන්සේලා මහාබෝධි පර්යංකයෙහි රැස් වී බුදුරජාණන් වහන්සේගේ වෙස් ගෙන දෙතිස් මහා පුරිස් ලකුණෙන්, අසු අනුව්‍යඤ්ජනයෙන්, ව්‍යාම ප්‍රභාවෙන් සම්පූර්ණව බෝ මැඩ පලක් බැඳ වැඩ සිටිති. සවණක් ඝන බුදුරැස් බඹලොව දක්වා විහිද අනන්ත අපරිමාණ සක්වලට ද දිවන්නේය. එයින් සියලු දෙව් මිනිස්සු රැස්වෙති. අද බුදුහු පිරිණිවෙති. මේ අපගේ අන්තිම දර්ශනය යි හඬා වැලපෙති. එකල් හි ජීවමාන බුදුන් සෙයින් යමක ප්‍රාතිහාර්යය පා පිරිනිවන් පාති.

    ඔන්න ඔහොමයි දැක්වෙන්නෙ. මේ විස්තරය ගත්තෙ සත්මග http://sathmaga.org/2009/05/08/the-life-of-buddhism-only-2447-years-more/

    මෙතෙන්දි රුවන්වැලි සෑයද, මහ බෝමැඩද යනාදී ස්ථාන ගැන සඳහන් වෙන නිසා ආපස්සට තර්ක කරන්න පුලුවනි ඒ වෙනකොට ලෝකෙ විනාශ වෙලා නෑ කියල- එතකොට අර ශම්මිගෙ තර්කය හරි යනව: ධාතූන් වහන්සේලා වැඩ ඉන්නතුරු ලෝකය කිසිම ජගතෙකුට විනාශ කරන්න බෑ කියන එක.

    නා දිවයින කිව්වෙත් අපිටමද දන්නෙ නෑ නේද? සිව් හෙළ ගෝත්‍රයක්නෙ. :D

    මේ විස්තරය කියවද්දි පොඩි අදහසක් ආවා ....ඒ තමයි රුවන්මැලි සෑය පිහිටි භූමිය ගැන වැඩිදුර තොරතුරු සොයන්න, පර්යේෂණ කරන්න (ආයෙ ආවහම බලන්න ඕනෙ).

    ස්වර්ණමාලි චේතිය හදන්න බොහොම ඉස්සර ඉදලත්, ඒ කියන්නෙ බුදුන් වහන්සෙ ජීවමාන කාලෙ ලංකාවෙ හිටපු යක්ෂ ගෝත්‍රික භික්ෂු පරපුර හා සම්බන්ධ ලස්සන ඓතිහාසික සිදුවීම් තියෙනව ඔය ඉසව්වෙ සිදු වෙච්ච. ඊට අමතරව සියළු සර්වඥ ධාතූන් රුවන්මැලි සෑයටම වඩින්නෙ ඇයි? එතන අපි දන්න, අහලා තියෙන කතාවට වඩා වැඩි වටිනාකමක්, පැරණි ඉතිහසයක් තියෙන්න ඕනෙ කියලා හිතෙන්නෙ නැද්ද?

    නා දිවයින - නාග දීපය - යාපන අර්ධද්වීපය ගැනෙ නේද ඔය කියන්නෙ ;)

    සම්බුද්ධ ශාසනේ රැකගන්න භාර දෙන්නෙ උපුල්වන් දෙවියන්ට (ඒ කලෙ එයා දෙවිනුවර උපුල්වන් කියන පාලකයා, දේවත්වයෙන් අදහන්න ගත්තෙ පස්සෙ). උපුල්වන් කියන්නෙ යක්ශ ගෝත්‍රික හෙල පාලකයෙක්. දැන්නෙ විෂ්ණු එක්ක පටලවගෙන ඉන්නෙ අපේ කස්ටිය. හරියට බැළුවොත් බුදු සසුන රැකගන්න භාර වෙලා තියෙන්නෙ සිව් හෙළයෙ අපට ......... කටද ආඩම්බර? හැබැයි ආඩම්බර වෙවී ඉඳලා හරියන්නෑ වැඩේ කරන්නත් ඕනෙ
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මම වාද විවාදවලට සම්බන්ධ වෙන්න අදහස් කරන්නේ නෑ. ඒත් මගේ අදහසක් කියන්න කැමතියි

    1. අපේ අටුවා ටිකා පොත් පත් සියල්ලම බුදුරජාණන්වහන්සේගෙ පරිනීර්වාණයෙන් පස්සෙ ලියවෙච්ච දේවල් නිසා ඇතැම් "සිදුවීම්" ( මතක තියාගන්න සිදුවීම් කියන්නේ බුදුදහමේ හරය ඒ කිව්වේ අරි අට මග, චතුරාර්ය සත්‍යය ආදිය නෙවෙයි) අතිශයෝක්තියෙන් පුහුදුන් මිනිසුන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන අයුරින් රචනා වෙලා තියෙන්න පුලුවන්.

    2. බුදුදහමේ ඇතැම් කරුණු පැහැදිලි කරන්න තරම් විදු ඇස දියුණු වෙලා නෑ නේ. ඒක නිසා ඒවා ගැන අපි දැන් තර්ක විතර්ක කරන එක කිසිම තේරුමක් නෑ. අපි බලමු තව අවුරුදු 50කින් විතර ඒ ගැන කතා කරමු.

    3. බුදුදහම සමහර ආගම් වගේ මේ සේරම අකුරු දෙයියෝ කියපු දේව වචන , ප්‍රශ්න කරන්න එපා, ප්‍රශ්න කරොත් මරං කනවා කියන්නේ නෑ නේ. ලෝකෙ ෆ්ලැට් වගේ මැටි කතා කියලත් නෑ නේ. ඒක නිසා හිතලා බලන්න බුදුදහමේ හරය මට ගැලපෙනවද,මගේ නුවණට වැටහෙනවද කියලා.ගැලපෙනවා නම් හිස ගිනි ගත් අයෙක් වහා එගිනි නිවන්න ට්‍රයි කරනවා වගෙ නොපමාව කුසල් දහම්හි යෙදෙන්න. ඔය වැස්ස වලාහක දෙවි ගොල්ලො කවුරුවත් අපිව නිවනට එක්කගෙන යන්නේ නෑ. ධාතු ගැන භෞතිකවාදී සංකල්ප ඉදිරිපත් කරලා මෝඩ පුහුදුන් මිනිසුන්ගේ ඇස් විවර කරා කියලා අපි ඉක්මනට නිවන් යන්නෙ නෑ.:no::no:

    ස්තුතියි අදහස් වලට
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔව් හැම කරුණක්ම විස්තර කරන්න බෑ අනික අපි දන්න යුරෝපි‍ය පරීක්ශන නිරීක්ශන නිගමන method එකට මේව ඔප්පු කරන්නත් බෑ
    නමුත් අපි මේ කතා කරන ධාතුවල ශක්තීන් ගැන බැරි වෙයිද ? :D

    ධාතුවල ශක්තිය ගැන පැහැදිලි කර ගැනීම අපේ නිවන් මගට උදව් වෙන්නේ කොහොමද??:confused::confused: මම නම් කියන්නේ ඒක අරි අට මගටවත්, චතුරාර්ය සත්‍යයටවත් අදාල නැති නිසා, ඒක ඉස්කිප් කරලා පැහැදිලිව පේන පාරේ යමුද??

    මචං මේ , වෙනදාටත් වඩා අද බුදුදහමට (ගොං මෝඩ තර්ක මත පදනම් වුනත්) අභියෝග එල්ලවෙන කාලයක් බව එලකිරියෙ ඇස් කන් තියෙන අපිට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ ? නේද. අන්න ඒකයි අපි කරන කියන හැමදේකම හරවත්බව සහ අවබෝධය කියන එක වෙන කවදාටත් වඩා වැදගත් වෙන්නෙ
    ඕනෙම කෙනේක් ඇහුවොත් ඇයි උඹල මෙහෙම කරන්නෙ අනං මනං කියල ඇහුවොත් ඒ හැමදේකට දෙන්න අපි ගාව ප්‍රභල උත්තර තියෙන්න ඕන නේද මචං ?
    මෙන්න මේකනම් ඇත්ත. එහෙම කල්පනා කරොත් නම් මේවල අල ගිය මුලගිය තැන් දැනගෙන ඉන්න ඕන තමයි

    :lol::lol: ඉඳීයාප්ප වලට වඩා ක්ෂණික නූඩ්ල්ස් ජනප්‍රිය ඒකනෙ බං :P:P:P
    මගේ මතය ධර්මය ගැන උනන්දුවක් තියෙන ඕනෙම කෙනෙක්ට ඕනෙම දහම්කරුණක් තමන්ට තේරෙන භාශාවෙන් තියෙන්න ඕනෙ. භාශාව වගේ දේවල් හරස් වෙන්න බෑ අන්න ඒ මතයේ නම් මම තදින්ම ඉන්නව මචං :yes:
    මම දන්න විදියට ත්‍රිපිටකයේ බොහො සූත්‍ර සරල සිංහලට හරවලා තියෙන්නෙ.අනිත් එක පාලි එච්චර අමාරු භාශාවක් නෙවෙයි. ලියන්නෙත් සිංහල අකුරුවලින්, මහා ලොකු වියරණත් නෑ. ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් නේ.:confused::confused:

    අඬන්නෙපා බං ලඟින් ස්ටින්නම්
    ඒකනේ අපි යාලුවෝ නේ:love::)
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ඊට අමතරව සියළු සර්වඥ ධාතූන් රුවන්මැලි සෑයටම වඩින්නෙ ඇයි? එතන අපි දන්න, අහලා තියෙන කතාවට වඩා වැඩි වටිනාකමක්, පැරණි ඉතිහසයක් තියෙන්න ඕනෙ කියලා හිතෙන්නෙ නැද්ද?
    අම්මප හිතෙනවනෙ ඒකනෙ මේ රිප්ලයි කරන්නෙ :D
    පළවෙනි කාරනේ ධාතු පරිනිර්වාණය ගැන තියෙන මතය. ඔව් මාත් අහල තියෙනව මේ අන්තිමට
    ධාතු සියල්ල එක තැනකට එකතු වෙලා බුදු ශරීරය මැවිල ඉන් පසුව පංච මහා භූතයන්ට එකතු වෙනව කියල. ඊට අමතරව බ්‍රහ්මයින් වගේ සත්වයින් මේ දවස එනකං බලාගෙන ඉන්නවලු, මේ අසිරිමත් දර්ශනය දැකල පැහැදී නිර්වාණය ලබන්න.
    දැන් මෙතන තියෙන ප්‍රශ්නෙ මේක අතිශෝක්තියක්ද කියන එකනෙ.
    ඔව් අමල්ක කිව්ව වගේ බුදුන් විෂයේ දේවල් අපි කොච්චර තර්ක කළත් අදුරෙ අතපත ගානව විතරයි.
    මේ වගේ දේවල් ගැන සැබෑව සොයාගන්න නං මේ පිලිබදව ථේරවාද දහමෙ කොතනක හරි
    බුදුන් වහන්සේ විසින්ම දේශනා කර තිබෙනවද කියල සොයා බලන්න වටිනව.
    මොකද මගේ තර්කෙ වෙන්නෙ ගෞතම බුදුන්ට කලින් වැඩ සිටි බුදුවරුන්ගෙ ධාතු පරිනිර්වාණය ගැන
    අපේ ගෞතම බුදු හාමුදුරුවො දේශන කරල ඇතිනෙ.
    එහෙම නැතුව අපි ඕන කෙනෙකුට තර්ක කරන්න පුලුවන් මේක මෙහෙම වෙන්න බෑ බොරුවක්,
    එහෙම නැත්තං මේක බොරුවක් නෙමේය කියල. ඒත් නතර වෙන්නෙ පටන් ගත්ත තැනමයි.
    පොත් පත් ගැන නම් වැඩිය ශුවර් තියන්න බෑ මේවගේ දේවල් ගැන. එහෙම නෙමෙයි මම කියන්නෙ
    ත්‍රිපිට‍කයෙ කොහේ හරි බුද්ධ පරිනිර්වාණය ගැන විශේෂයෙන් උන්වහන්සේගේ ශාරීරික ධාතු පරිනිර්වාණය ගැන
    සදහන් වන තැනක් ඇති නෙ.
    අන්න එහෙම දෙයක් කවුරු හරි දන්නවනං මෙතන බෙදා හදා ගන්න එක ගොඩක් පින් සිද්ද වෙන වැඩක්.

    අනිත් කාරනේ රුවන් වැලිය. ඔය රුවන්වැලි සෑය (රුවන් වැලි ද රුවන් මැලි ද කියල හරියටම මම දන්නෙ නෑ. මොකද්ද හරි එක?)
    ගැන මුලින්ම අනාගත වාක්‍යයක් කිව්වෙ මිහිදු හාමුදුරුවොනෙ. කවදා හරි දවසක එම ස්ථානයේ
    දුටුගැමුණු නම් රජ කෙනෙක් මෙබදු චෛත්‍යයක් තනවනව කියල. ‍එම ස්ථානයේ මීට පෙරත් බුදුවුනු
    බුදුවරුන් සමාධි සුවයෙන් වැඩ විසූ තැනක් කියල.
    දැන් මේ ප්‍රකාශය මිහිදු හිමියන් කළාට උන් වහන්සේට තුන්කල් දකින නුවණක් තිබුණ කියල මගේ දැනුමට
    අනුව නම් මම අහල නැහැ. තිබුණද දන්නෙත් නැහැ.
    එහෙම නම් මේකට මූල බීජය වැටෙන්න ඇත්තෙ කොතනක හරි බුද්ධ දේශනාවක සදහනකින් නේද?
    ඒ කියන්නෙ බුදු හාමුදුරුවො කලින් මේ ගැන සදහන් කරල තියෙනව.

    උපුටා ගැනුම http://www.elakiri.com/forum/showthread.php?t=601548

    /////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
    අනාගතයේ මෛත්‍රී බුදුන් මෙලොව පහළ වීමෙන් පසු කාලයා ගේ ඇවෑමෙන් ලෝක විනාශයක්‌ සිදු වන බවට ඉඟියක්‌ බෞද්ධ පොත පත ඇසුරින් අපට ද ලබාගත හැකි ය.

    මේ විශ්වාසය මෙරට ආදි බෞද්ධයන් අතර ද තිබූ බවට සාක්‌ෂියක්‌ ලෙස රුවන්වැලි සෑ මළු විහාරයේ අතීතයේ ඉදි කොට ඇත්තා වූ දැනටත් පැහැදිලිව දැකගන්නට ඇති කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම බුදුන් වහන්සේලා සතර නම ගේ සහ මෛත්‍රී බෝසතුන් ගේ කිරිගරුඩ පිළිම ගැන සඳහන් කළ හැකි ය. පැරැන්නන් එම පිළිම ඉදි කළ විශේෂ හේතුව ලෙස වියතුන් දක්‌වා සිටින්නේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම යන බුදුවරුන් වහන්සේලා සිව් නම ම රුවන්වැලි සෑ භූමියට වැඩම කොට නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි බැවින් එය පූජනීය බිමක්‌ වන බවත්, අනාගතයේ මෛත්‍රී බුදුන් ද එහි වැඩම කොට නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩහිඳින බවයි.

    මෙහි දී වැදගත් ම කාරණය වන්නේ අපට අට විසි (28) බුද්ධ සංකල්පයක්‌ තිබිය දී කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී බුදුන් වහන්සේ ලා පස්‌ නම පමණක්‌ විශේෂයෙන් රුවන්වැලි සෑ මළුවේ කිරිගරුඬ ගලින් අඹා තිබීමයි. මෙහි දී අපට සඳහන් කළ හැක්‌කේ මේ මහා භද්‍රකල්පයට අයත් බුදුරජාණන් වහන්සේලා පස්‌ නම පමණක්‌ පැරැන්නන් විසින් රුවන්වැලි සෑ මළුවේ අඹනු ලැබීමට විශේෂ හේතුවක්‌ ඇති බවයි. කකුසඳ බුදුන්ට පෙර ලෝක විනාශයක්‌ සිදු වූ බැවින් උන්වහන්සේට පෙර බුදුන්වහස්‌සේලාට මෙන්ම, මෛත්‍රී බුදුන් ගෙන් පසු නැවත ලෝක විනාශයක්‌ සිදු වන බැවින් උන්වහන්සේට පසුව බුදු බව ලබන බුදුන්වහන්සේලාට ද දැනට පවතින රුවන්වැලි සෑ මළුවට වැඩම කොට නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටීමට අවස්‌ථාව නො ලැබෙන බව ද අපට පහසුවෙන් අවබෝධ කරගත හැකි ය. එනම් රුවන්වැලි සෑ භූමිය ද මේ ලෝකය ප්‍රතිනිර්මාණය වීමත් සමග ආරම්භ වූවක්‌ වන අතර මෛත්‍රී බුදුන් පහළ වීමෙන් පසුව සිදු වන ලෝක විනාශයත් සමග එම භූමිය ද විනාශ වන බව ද අපට වටහාගත හැකි ය.

    ///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////http://www.elakiri.com/forum/showthread.php?t=601548
     
    • Like
    Reactions: Amalka101

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    අනිත් කාරනේ රුවන් වැලිය. ඔය රුවන්වැලි සෑය (රුවන් වැලි ද රුවන් මැලි ද කියල හරියටම මම දන්නෙ නෑ. මොකද්ද හරි එක?)

    ‍එම ස්ථානයේ මීට පෙරත් බුදුවුනු බුදුවරුන් සමාධි සුවයෙන් වැඩ විසූ තැනක් කියල.
    දැන් මේ ප්‍රකාශය මිහිදු හිමියන් කළාට උන් වහන්සේට තුන්කල් දකින නුවණක් තිබුණ කියල මගේ දැනුමට
    අනුව නම් මම අහල නැහැ. තිබුණද දන්නෙත් නැහැ.
    එහෙම නම් මේකට මූල බීජය වැටෙන්න ඇත්තෙ කොතනක හරි බුද්ධ දේශනාවක සදහනකින් නේද?
    ඒ කියන්නෙ බුදු හාමුදුරුවො කලින් මේ ගැන සදහන් කරල තියෙනව.

    රුවන්වැලි, රුවන්මැලි දෙකම හරි වගේ

    මං අහලා තියෙනවා මහ සෑය හදන්න කලින් ඔතන තිබුණෙ ස්වර්ණමාලි දේවියගෙ දේවාලයක් කියලා. ඇය තමයි කතරගම මහසෙන් රජුගෙ බිසව රත්නවල්ලි (අපි වල්ලි අම්ම කියන්නෙ එයාට තමයි). බොහෝ දුරට රුවන්මැලි සෑයත් දුටුගැමුණු රජුගෙ භාරයක් ඔප්පු කරන්න හැදුව වෙන්ට පුළුවන්. කතරගම දෙවියන්ට වැඩහිටි කන්දෙ දේවාලය හදන්න පොරොන්දු උනා වගේ බිසවගෙ නමින් දේවාලය තිබුණ තැන චෛත්‍යය හදන්න ඇති.

    ඔය දේවාලය හදන්න කලින් ඔතන තමයි කවිලාශපාලි තෙරණිය බුදුන් වහන්සේ වෙනුවෙන් පහනක් දල්වලා තිබ්බෙ. අවුරුදු 40 ගානක්ම දැල්වුණා කියන එ පහන නිමෙන්නෙ කුසිනාරාවෙදි බුදුන් වහන්සේ පිරිනිවන් පානකොට. ඔන්න ඕවා කියනකොට තමා තව තව කතන්දර කරළියට එන්නෙ ..... ලංකාවෙ මුල්ම භික්ෂුන් වහන්සේ හා භික්ෂුණිය බුදුන් වහන්සෙට සමකාලීන යක්ෂ ගෝත්‍රිකයන් බව ගොඩ දෙනෙක් දන්නෙ නැහැනෙ. මේවා කියන්න ගියොත් ඕෆ් ටොපික් යනවනෙ ..... එ නිසා ආයෙ ධාතු ගැන කතා කරමු. ;)

    අනාගතයේ මෛත්‍රී බුදුන් මෙලොව පහළ වීමෙන් පසු කාලයා ගේ ඇවෑමෙන් ලෝක විනාශයක්‌ සිදු වන බවට ඉඟියක්‌ බෞද්ධ පොත පත ඇසුරින් අපට ද ලබාගත හැකි ය.

    මේ විශ්වාසය මෙරට ආදි බෞද්ධයන් අතර ද තිබූ බවට සාක්‌ෂියක්‌ ලෙස රුවන්වැලි සෑ මළු විහාරයේ අතීතයේ ඉදි කොට ඇත්තා වූ දැනටත් පැහැදිලිව දැකගන්නට ඇති කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම බුදුන් වහන්සේලා සතර නම ගේ සහ මෛත්‍රී බෝසතුන් ගේ කිරිගරුඩ පිළිම ගැන සඳහන් කළ හැකි ය. පැරැන්නන් එම පිළිම ඉදි කළ විශේෂ හේතුව ලෙස වියතුන් දක්‌වා සිටින්නේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම යන බුදුවරුන් වහන්සේලා සිව් නම ම රුවන්වැලි සෑ භූමියට වැඩම කොට නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි බැවින් එය පූජනීය බිමක්‌ වන බවත්, අනාගතයේ මෛත්‍රී බුදුන් ද එහි වැඩම කොට නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩහිඳින බවයි.

    මෙහි දී වැදගත් ම කාරණය වන්නේ අපට අට විසි (28) බුද්ධ සංකල්පයක්‌ තිබිය දී කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී බුදුන් වහන්සේ ලා පස්‌ නම පමණක්‌ විශේෂයෙන් රුවන්වැලි සෑ මළුවේ කිරිගරුඬ ගලින් අඹා තිබීමයි. මෙහි දී අපට සඳහන් කළ හැක්‌කේ මේ මහා භද්‍රකල්පයට අයත් බුදුරජාණන් වහන්සේලා පස්‌ නම පමණක්‌ පැරැන්නන් විසින් රුවන්වැලි සෑ මළුවේ අඹනු ලැබීමට විශේෂ හේතුවක්‌ ඇති බවයි. කකුසඳ බුදුන්ට පෙර ලෝක විනාශයක්‌ සිදු වූ බැවින් උන්වහන්සේට පෙර බුදුන්වහස්‌සේලාට මෙන්ම, මෛත්‍රී බුදුන් ගෙන් පසු නැවත ලෝක විනාශයක්‌ සිදු වන බැවින් උන්වහන්සේට පසුව බුදු බව ලබන බුදුන්වහන්සේලාට ද දැනට පවතින රුවන්වැලි සෑ මළුවට වැඩම කොට නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටීමට අවස්‌ථාව නො ලැබෙන බව ද අපට පහසුවෙන් අවබෝධ කරගත හැකි ය. එනම් රුවන්වැලි සෑ භූමිය ද මේ ලෝකය ප්‍රතිනිර්මාණය වීමත් සමග ආරම්භ වූවක්‌ වන අතර මෛත්‍රී බුදුන් පහළ වීමෙන් පසුව සිදු වන ලෝක විනාශයත් සමග එම භූමිය ද විනාශ වන බව ද අපට වටහාගත හැකි ය.

    සිව් මහා බුදු වරුන් (කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, ගෞතම) රුවන්මැලි භූමියේ වැඩ සිටියාය කියන කතාව මමත් අහලා තියෙනවා. ඒකෙන් තව දෙයක් ඔප්පු වෙනවා .... ඔය හැම බුදු වරයෙක්ම ලංකාවට වැඩියා කියන එක. බුදු කෙනෙක් ලංකාව මිස ඉන්දියාවෙන් පිට වෙනත් රටකට වැඩි බවක් මම නම් අහලා නෑ.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    රුවන්වැලි, රුවන්මැලි දෙකම හරි වගේ

    මං අහලා තියෙනවා මහ සෑය හදන්න කලින් ඔතන තිබුණෙ ස්වර්ණමාලි දේවියගෙ දේවාලයක් කියලා. ඇය තමයි කතරගම මහසෙන් රජුගෙ බිසව රත්නවල්ලි (අපි වල්ලි අම්ම කියන්නෙ එයාට තමයි). බොහෝ දුරට රුවන්මැලි සෑයත් දුටුගැමුණු රජුගෙ භාරයක් ඔප්පු කරන්න හැදුව වෙන්ට පුළුවන්. කතරගම දෙවියන්ට වැඩහිටි කන්දෙ දේවාලය හදන්න පොරොන්දු උනා වගේ බිසවගෙ නමින් දේවාලය තිබුණ තැන චෛත්‍යය හදන්න ඇති.

    ඔය දේවාලය හදන්න කලින් ඔතන තමයි කවිලාශපාලි තෙරණිය බුදුන් වහන්සේ වෙනුවෙන් පහනක් දල්වලා තිබ්බෙ. අවුරුදු 40 ගානක්ම දැල්වුණා කියන එ පහන නිමෙන්නෙ කුසිනාරාවෙදි බුදුන් වහන්සේ පිරිනිවන් පානකොට. ඔන්න ඕවා කියනකොට තමා තව තව කතන්දර කරළියට එන්නෙ ..... ලංකාවෙ මුල්ම භික්ෂුන් වහන්සේ හා භික්ෂුණිය බුදුන් වහන්සෙට සමකාලීන යක්ෂ ගෝත්‍රිකයන් බව ගොඩ දෙනෙක් දන්නෙ නැහැනෙ. මේවා කියන්න ගියොත් ඕෆ් ටොපික් යනවනෙ ..... එ නිසා ආයෙ ධාතු ගැන කතා කරමු. ;)

    :nerd::nerd::nerd:ලංකාවෙ මුල්ම භික්ෂුන් වහන්සේ හා භික්ෂුණිය බුදුන් වහන්සෙට සමකාලීන යක්ෂ ගෝත්‍රිකයන් කියන කතාව මීට කලින් අහල නෑ.... විස්තර ටිකක් කියන්න පුලුවන්ද off topic උනත්........ :nerd::nerd::nerd:?
     
    • Like
    Reactions: Amalka101

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :nerd::nerd::nerd:ලංකාවෙ මුල්ම භික්ෂුන් වහන්සේ හා භික්ෂුණිය බුදුන් වහන්සෙට සමකාලීන යක්ෂ ගෝත්‍රිකයන් කියන කතාව මීට කලින් අහල නෑ.... විස්තර ටිකක් කියන්න පුලුවන්ද off topic උනත්........ :nerd::nerd::nerd:?
    මේ විස්තරේ සඳහන් වෙන්නෙ වර්ගපූර්ණිකාව කියන යක්ෂ ගෝත්‍රය ගැන ලියවුණ ග්‍රන්ථයේ.

    බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කරන කොට ලංකාවෙ රිටිගල පාලනය කලේ ගිරිභද්‍ර කියන පාලකයා. ඔහුගෙ බිරිඳ තමයි කවිලාශපාලි. ඇය භාවනා සහ ධ්‍යාන වඩලා ගොඩක් සිත දියුණු කල කෙනෙක් බව කියවෙනවා. ඉන්දියාවෙ ඉඳලා ලංකාවට වෙලඳාමෙ ආ කෙනෙකුගෙන් බුදුන් වහන්සේ ගැන අහලා දැනගත් ඇය එම වෙලෙන්දටම කියල බුදුන් වහන්සේගෙ පින්තූරයක් අන්දවාගෙන වෙළෙන්දගෙන්ම අහගෙන බුද්ධානුස්සති භාවනාව වඩලා මාර්ගඵල ලැබුවා කියලා කියවෙනවා. ඉන්පසු බුදුන් වහන්සේ ලංකාවට වැඩම කල වෙලේ ඇය මහණ වෙනවා ලක්දිව පළමු භික්ෂුණිය හැටියට. පළමු භික්ෂුව ලෙස සඳහන් වෙන්නෙ විභිෂභද්‍ර තෙරුන්.

    බුදුන් වහන්සේ මහියංගනයේදි යක්කුන්ට බණ දේශනා කලේ (විශකුම්භණ සූත්‍රය ) විශකුම්භණ කියලා යක්ෂ ගෝත්‍රිකයන් භාවිතා කල ඖෂධ පැලෑටියක් උපමා කරගෙන බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා

    පූජ්‍ය මානෑවේ විමලරත්න හාමුදුරුවන්ගෙ "යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු" කියන පොතේ මේ ගැන වැඩි විස්තර සඳහන් වෙනවා
     
    • Like
    Reactions: DX-

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අර ධාතු අන්තර්ධානය ගැන කියවෙන කොටසෙ රුවන් වැලි සෑය ගැන සඳහන් වෙන්නෙ, ඒ විස්තරය පසු කාලෙක ලියවුණු නිසා වෙන්න ඕනෙ නේද? ඇත්තටම බුදු හිමියන් මේ ගැන සඳහන් කළ තැනක් තියෙනවද කියල හොයල බලන එක වටිනවා.

    යක්ෂ ගෝත්‍රිකයන්ගෙ අප්‍රකට තොරතුරු නේද? හ්ම්. හොයාගෙන කියවන්න ඕනෙ.
     
    • Like
    Reactions: Amalka101

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    සර්වඥ ධාතුන්වහන්සේලා - සාදු ! සාදු !! සාදු !!!

    d1.jpg

    d2.jpg

    d3.jpg
     
    • Like
    Reactions: YasasSudaraka
    Jan 24, 2009
    3,532
    130
    0
    මැට්‍රික්ස් මේ මොන ධාතු කොටස් ද?? මට පේන්නේ මැණික් කැට වගේ:baffled::baffled::baffled:
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0

    .

    ඔය දේවාලය හදන්න කලින් ඔතන තමයි කවිලාශපාලි තෙරණිය බුදුන් වහන්සේ වෙනුවෙන් පහනක් දල්වලා තිබ්බෙ. අවුරුදු 40 ගානක්ම දැල්වුණා කියන එ පහන නිමෙන්නෙ කුසිනාරාවෙදි බුදුන් වහන්සේ පිරිනිවන් පානකොට. ඔන්න ඕවා කියනකොට තමා තව තව කතන්දර කරළියට එන්නෙ ..... ලංකාවෙ මුල්ම භික්ෂුන් වහන්සේ හා භික්ෂුණිය බුදුන් වහන්සෙට සමකාලීන යක්ෂ ගෝත්‍රිකයන් බව ගොඩ දෙනෙක් දන්නෙ නැහැනෙ. මේවා කියන්න ගියොත් ඕෆ් ටොපික් යනවනෙ ..... එ නිසා ආයෙ ධාතු ගැන කතා කරමු. ;)

    අවුරුදු 40 ගානක් දැල්වුනා කියන්නෙ, බුද්ධත්වයෙන් මුල්ම කාලෙද මේ සිද්දිය වෙලා තියෙන්නෙ අක්කෙ.
    සතර බුදු වරුන් ලන්කාවත වැඩි බව සන්දහන් වෙන්නෙ මහා වන්ෂයෙ, ඒක දෙසනාකරන්නෙ මිහින්දු මහ රහතන් වහන්සෙ දෙවන පෑතිස් රජු හට.
    නමුත් බුදුන් වහන්සේ ලන්කාවෙන් පිටට වැඩි බවක් දැක්වෙන කොටසක් ත්‍රිපිතකයෙන් උපුටා දක්වන්න පුලුවන් එක තමයි, සූනාපරන්ථවාසී පුන්න ථෙරනුවන්ගෙ කථාව.
    භාග්යවතුන් වහන්සෙ පුන්න තෙරුන්ගෙ ආරාධනාවෙන් යෝනක පුරයට වැඩි බව සන්දහන්.එහිදී සිර්පථුලක් ප්‍රතිස්තාපනය කලබවථ් ඉතිහාස ග්‍රන්තවල සන්දහන්.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ධාතුවල ශක්තිය ගැන පැහැදිලි කර ගැනීම අපේ නිවන් මගට උදව් වෙන්නේ කොහොමද??:confused::confused: මම නම් කියන්නේ ඒක අරි අට මගටවත්, චතුරාර්ය සත්‍යයටවත් අදාල නැති නිසා, ඒක ඉස්කිප් කරලා පැහැදිලිව පේන පාරේ යමුද??

    මෙහෙමයි බං ස්කිප් කරනවනං කරන්න ගොඩාක් දේවල් තියෙනවා :yes: නමුත් මේග අපේ දහමට අදාල දෙයක් නිසයි ඒ හැම දෙයක් ගැනම ful clear පින්තූරයක් තියෙන එක වැදගත් වෙන්නෙ :yes:

    මම දන්න විදියට ත්‍රිපිටකයේ බොහො සූත්‍ර සරල සිංහලට හරවලා තියෙන්නෙ.

    එච්චරයි මට ඕනෙ :)

    අනිත් එක පාලි එච්චර අමාරු භාශාවක් නෙවෙයි. ලියන්නෙත් සිංහල අකුරුවලින්, මහා ලොකු වියරණත් නෑ. ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් නේ.:confused::confused:

    අපි හැමතිස්සෙම පුරුදුවෙලා ඉන්නෙ ලේසිම ක්‍රමය නෙවෙයි නෙ බං ?
    මං කියන්නෙ උනන්දුව තියෙන ඕනෙම දහම ගැන තේරුම්ගන්න තියෙන බාධා අවම වෙන්න ඕනෙ

    උඹේ ක්‍රමයට

    • උනන්දුව තියෙන්නත් ඕනෙ
    • පාලි ඉගෙනගෙන තියෙනෙත් ඕනෙ

    මගේ ක්‍රමයට තියෙන්න ඕනෙ උනන්දුව විතරයි

    මං කියන්නෙ මේ හැම අකුරක්ම තනිකර සිංහලට ඉංග්‍රීසියට හෝ අදාල වෙන හැම භාශාවකටම පරිවර්ථන කරන්න ඕනෙ. පාලි අකුරක් ජීවිතේට දැකල නැති මිනිහෙක්ටත් දහම තේරුම්ගන්න අවස්ථාව තියෙන්න ඕනෙ

    බුදුන්වහන්සේ නේපාලයේ ඉපදිල පාලි කතා කළා. ඒ වෙනුවට උන් වහන්සෙ වෙන රටක ඉපදිල වෙන භාශාවක් කතා කළා නම් උඹ කියයි ඒ භාශාව ඉගෙනගන්න කියල. :yes:

    ඒකනේ අපි යාලුවෝ නේ:love::)

    ;) :D

    Damn I cant give u rep :eek: