ධාතු විස්තරය

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ඒක මං quote කළේ shamme අක්කගෙ post එකෙන් මචං :)

මටත් ඔය ගැන විශ්වාසයක් නෑ :) පුළුවන් නම් දළදා වහසේ වැඩම කළාම වැස්ස ලැබෙන හැටි කියල දෙනවද ?
දලදා මාලිගාවෙ අය දළදාව වඩම්මවන්නෙ වැහි ලැබෙන කාලයක් බලල වෙන්නත් පුළුවන් :eek:
මචන් උඹ ලන්කාවෙද ඉන්නෙ? :eek:
දළදා ප්‍රදර්ශන එහෙම ගොඩක් තිබ්බෙ ලංකාවට නියංකාලයක් ආවම. මිසක් වහිනකන් බලන් ඉදල දලදාප්‍රදර්ශන තියල නෑ. ;)
ඒගැන දන්නෙ නැත්නම් කාගෙන් හරි අහගන්නකො.
අනික මන් අහල තියෙන විදිහට යම් බුදු වරයෙකුගෙ දාතූන් වහන්සේලා ඊලග බුදු වරය බුදු උනාම නැති වෙලා යනව. පාරිභෝගික දාතූන් පමණයි ඉතුරු වෙන්නෙ.
කියවන්න කැමතිනම් මං කරුනු ටිකක් හොයල දෙන්නම්කො කියවල දැනගන්න.
 
Last edited:

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
කේශ ධාතු

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පසු පළමුවන දානය පිරිනැමුයේ තපස්සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනාය. බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාට වන්දනය පිණිස කේශධාතු මිටක් දුන් බව ථූපවංශයේ මෙසේ සඳහන් කර ඇත.

බුදු වූ දවසට එකන් පණස් දවසැ ශක්‍රයා ගෙනා නාලිය දැවටු දඬු වළදා තපස්සු භල්ලුක යන ව්‍යාපාරිකයන් දෙදෙනා දුන් මී පිඬු සතරවරම් මහරජ දරුවන් එළ වූ මුංවන් ශෛලමය පාත්‍ර සතර තමන් වහන්සේ ගේ අධිෂ්ඨානයෙන් එකක් කොට ඒ පාත්‍රයෙන් පිළිගෙන වළඳා ඒ දෙදෙනා බුත්සරණ දහම් සරණ ගන්වා ඔවුන් නිත්‍යයෙන් පූජා කරනු පිණිස තමන් වහන්සේගේ කේශධාතු දී - ථූපවංශය (67 පිටුව).

ලලිත විස්තරයේ මේ දෙදෙනා හඳුන්වා ඇත්තේ ත්‍රපුෂ , භල්ලික යන නම් වලිනි. තපස්ස භල්ලුක දෙදෙනා ඉදිකළ කේශධාතු චෛත්‍යය පිළිබඳ චීන, බුරුම සහ ලාංකික බෞද්ධයන් අතර පවතින මත එකිනෙකට වෙනස්ය.

චීනයේ හියුංසාං හිමියෝ ඇෆ්ගනිස්ථානයේ සිට දඹදිවට පැමිණෙන විට බාහ්ලුක (බල්ක්) ප්‍රදේශයේ තිබුණ තපස්සුභල්ලික දෙදෙනා විසින් කරවන ලද කේශධාතු දාගැබ වැඳ පුදාගත් බව සඳහන්ය. ඔර්ස්සා ප්‍රදේශයේ ලෙන් ලිපියක කේශ ථූප යන වචනය සඳහන්ව ඇති බව ජායි ප්‍රකාශ් මහතා දක්වයි.

බුරුම බෞද්ධයෝ තපස්සු භල්ලුක තැනූ කේශධාතු දාගැබ ස්වේදගොන් චෛත්‍යය බව විශ්වාස කරති. ලාංකිකයෝ ත්‍රිකුණාමලය තිරියාය ගිරිහඬු සෑයේ කේශධාතු තැන්පත් කර ඇතැයි කියති. එහි තිබෙන සංස්කෘත ලිපියක ද ඒ බව දක්වා ඇත. ගිරිහඬු සෑය ගැන මහා වංශයේ සඳහන් කර නැත. ඒ එම පූජනීය ස්ථානය මහායානික භික්ෂූන් සතුව පැවති නිසා විය හැක. පූජාවලියේ ගිරිහඬු සෑය පිළිබඳ මෙවැනි සඳහනක් තිබේ.

‘ස්වාමි දරුවෝ ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැද කේශධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔවුහු රුවන් කරඬුවකින් ඒ කේශ ධාතු පිළිගෙන රථයෙහි තබා සිය නුවරට ගෙන ගොස් පූජා කරන්නාහු කළෙක ජල යාත්‍රාවෙහි ඇවිද ශ්‍රී ලංකා ද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දා කරඬුව ගල පිට තබා බත් පිස කා යන කල දා කරඬුව තිබූ පළින් සොලවා ගෙත නොහී මේ උත්තම ස්ථානයක් වනැයි දැන පුදා පාෂාණ ගොඩකින් වසා මල් පුදා ගියහ.’ ලක්දිව සමන්ත කූටවාසී සුමන දෙවි රජුහට කේශධාතු ලැබුණු ආකාරය මහා වංශයේ සඳහන් වන්නේ මෙසේය.

‘සමන්තකූට පර්වතවාසී මහාසුමන නම් දෙව් රජතෙම සෝවාන් ඵලයට පැමිණ පූජාභ වූ සර්වඥයන් වහන්සේගෙන් පූජනීය වූ කිසිවක් ඉල්විය. සත්වයන් කෙරෙහිත වූ නීල නිර්මල කේශවත් වූ සර්වඥතෙම හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප්‍රදනය කළ සේක. ඉක්බිත්තෙන් හෙතෙම එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින් ගත්තේ සර්වඥයන් වහන්සේ වැඩහුන් තන්හි කරන ලද්දා වූ අයම් විතරින් සත් රියන් වූ අවටින් එක් විසිරියන් නන් වැදෑරුම් රුවන් රැසෙහි තබා හෙතෙම ඉන්ද්‍රනීලමය වූ ථූපයකින් වසා නමස්කාර කළේය’.

මහාවංශය (පිටුව 03)

හික්කඩුවේ ශ්‍රී‍්‍ර සුමංගල හිමි

රත්නාකර පොත් සමාගම

කොළඹ - සිවුවන මුද්‍රණය - 1946

අනුරාධපුර ජේතවන චෛත්‍යයේදී කේශධාතු තැන්පත් කර තිබෙන බව ජේතවනථූප වන්දනා ගාථාවෙහි සඳහන් ය.

පතිට්ඨ පෙත්වා ජිනකාය බන්ධනං - සකේශ ධාතුං සහදේහ ධාතුයෝ
මහා මහාසේන නරින්ද කාරිතං - සුචේතියං ජේතවනන්ති විස්සුතං

බුදුරජාණන් වහන්සේගේ කයෙහි බඳ පටියද, කේශධාතුද, ශාරීරික ධාතු ද තැන්පත් කොට මහසෙන් රජතුමා තැනූ දාගැබ ජේතවන නම් වෙයි.

ශිලාකාල (ක්‍රි.ව. 518 - 531) රජදවස දෙවන වරට ලක්දිවට කේශධාතු වැඩම කර වූ බව මහාවංශයේ සඳහන් ය.

‘තමා ගෙනා කෙස් දා මොනවට පිදී’

මහාවංශය (22) පිටුව - 40 පරිච්ඡේදය - 2 කෙටස
 
  • Like
Reactions: Zeus

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ගී‍්‍රවා ධාතුව (මයියංගනය)

‘සව¢ඥයන් වහන්සේ පිරිනිවන් කල්හි ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහත් සෘඞ් ඇති සරභූ නම් ස්ථවිර තෙම දර සෑයෙන් සව¢ඥ ගී‍්‍රවා ධාතුව සෘධියෙන් රැගෙන මෙහි (මයියංගන) ගෙණවුත් එම චෛත්‍යයෙහි තබා ‘ මහා වංශය (03 පිටුව)

අශෝක රජ දවස

ධර්මාශෝක රජතුමා විසින් අජාසත් රජතුමා නිදන් කරවනලද සව¢ඥ ධාතුන් වහන්සේ ලබා ගෙන දඹදිව පුරා 84,000ක් චෛත්‍ය ඉදි කරවන ලදී. මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට පැමිණි දින සුමන සාමනේරයන් වහන්සේ ධර්මා ශෝක රජතුමා වෙත යවා එතුමා ළඟ තිබුණ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේද එය පුරා සව¢ඥ ධාතුන් වහන්සේ ද මෙහි ගෙන්වා ගත්හ.

දකුණු අකු ධාතුව (ථූපාරාමය)

සුමන සාමණේරයන් වහන්සේ තම මුත්තනුවන් වූ ධර්මාශෝක රජතුමා වෙත ගොස් පාත්‍රා ධාතුව සහ සව¢ඥ ධාතුන් ලබාගෙන හිමාලයෙහි තබා සක්දෙව් රජ හමුවට ගියහ.

එහිදී උන්වහන්සේ සක්දෙව් රජුගෙන් සිළුමිණ සෑයේ තිබෙන දකුණු දළදාවහන්සේ එහි තිබියදී දකුණු අකුධාතුව ඉල්ලාගෙන හිමාලයේ තැබූ පාත්‍රා ධාතුවද ගෙන සෑගිරියට පැමිණියහ. එහිදී මිහිඳු මහරහතන් වහන්සේ එය ගෙන පාත්‍රය එහි තබා දකුණු අකු ධාතුන්වහන්සේ ගෙන මහා නාගවනයට පැමිණියහ. එසේ ගෙන එන ලද අකුධාතුව ථූපාරාමයෙහි තැන්පත් කරන ලදී.

‘ශක්‍ර දේවේන්ද්‍ර තෙම සිළුමිණ සෑයෙන් දකුණු අකුදාව ගෙන හෙරණුවන්ට දුන්නේය. සුමන සාමණේර යති තෙම ඒ අකුදාව සහ පාත්‍රය ද ගෙන එතැනින් සෑගිරියට අවුත් ස්ථවිරයන් වහන්සේ ට දුන් සේක. - මහා වංශය (73 පිටුව)

පාත්‍රාධාතුව - (මිහින්තලය - අම්බස්ථලය)

සිව්වරම් රජදරුවන් බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූ පාත්‍ර සතර එකක් වීමට උන්වහන්සේ අධිෂ්ඨාන කළහ. එකක් වූ එම පාත්‍රයේ පාත්‍ර සතර සම්බන්ධ වූ සියුරේඛා සතරකි. ශෛලමය ඉඳුනිල්වන් වූ එම පාත්‍රය. සැහැල්ලුය. අලංකාරය. මෙම පාත්‍රාධාතුන් වහනසේ තැන්පත් කර ඇත්තේ මිහින්තලයේ අම්බස්ථල චෛත්‍යයේ ය.

‘පාත්‍රා ධාතුව අඹතලා ගලේ’ යනුවෙන් ඒ බව ජන කවියෙහිද සඳහන් වෙයි.

ඌර්ණ රෝම ධාතුව (මිහින්තලය)

බුදුරජාණන් වහන්සේගේ උර්ණ රෝම ධාතුව මිහින්තලයේ නිදන්කර ඇතිබව රාජරත්නාකරයේ දැක්වෙයි. දෙවන අග්බෝ රජතුමා උණුලොම් ගෙයක් තැන වූ මහා වංශයේ 40 පරිච්ඡේදයේ සඳහන් වුවත් එය පැහැදිලි නැත.
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ලලාට ධාතුන් වහන්සේ (සේරුවාවිල)

ද්‍රෝණ බමුණා සර්වඥධාතු බෙදන විට ලලාට ධාතුන් වහන්සේ මල්ලරජ දරුවන්ට ලැබුණි. පසුව එය කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරපුර සතුවිය. අවසානයේදී ලලාට ධාතුව හිමිවූයේ මහා දේව රහතන් වහන්සේටය. රුහුණු රට මහානාග රජ දවස මාගම හත්තොට්ඨ ජනපදයේ කුක්කුට පර්වතයට වැඩම කළ උන්වහන්සේ ලලාට ධාතුව ආරක්ෂා කරන්නට එහි විසූ මහාකාල නමැති අයෙකුට භාරදී ඇත. මාගම පරපුරේ පූජනීය වස්තුවක් වූ ලලාට ධාතුවට අවසන් උරුමකරු වූයේ කාවන්තිස්ස රජතුමාය. එතුමා සේරුවිල මංගල සෑය කරවා ලලාට ධාතුන්වහන්සේ එහි තැන්පත් කළ බව ලලාට ධාතු වංශයේ දැක්වෙයි. මේ සඳහා සෝමනුවර ගිරි අභය, සේරුනුවර සිව සහ ලෝණ නුවර මහානාග යන ප්‍රාදේශීය රජවරුන්ගේ සහාය එතුමාට ලැබුණි.

තිස්සමහාරාමය - තිස්ස මහාරාම දාගැබෙහි ලලාට ධාතුන්වහන්සේ තැන්පත් කර ඇතැයි කෙනෙක් විශ්වාස කරති. එයට හේතුව ලලාට ධාතුව සේරුනුවරට වැඩම කරවීමට පෙර එය තිස්ස මහාරාමයේ මණ්ඩපයක තැන්පත් කර තැබීමයි. තිස්ස මහාරාම චෛත්‍යයේ පෙර තුන් බුදුවරුන්ගේ ධාතු නිදන් කර ඇත

යට වම් අකු ධාතුව - මෙය තිස්ස මහාරාම දාගැබෙහි තැන්පත් කර තිබෙන බව 1960 කිරිඳිඔය ප්‍රදේශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගන්නා ලද සෙල් ලිපියක දැක්වෙයි.

නිය ධාතුව - දීඝවාපී චෛත්‍යයේ ඇතිබව විශ්වාස කෙරේ.

දහදිය බිදු - (මුතියංගන)

බුදුරජාණන් වහන්සේ ගේ සිරුරෙන් වැටුණ දහදිය බිඳු මුතු බවට පත් වූ බවත් එම භූමිය මුතියංගන වූ බවත් සඳහන්ය. ඉන්දික දෙවියන් ඒවා තැන්පත් කර තැනූ චෛත්‍යය මුතියංගනයයි.

පටී ධාතුව (කාය බන්ධනය ) අභයගිරිය

දළදා වහන්සේ

එකාදාඨා තිදස පුරෙ - එකා නාග පුරෙ අහු
එකා ගන්ධාර විසයෙ - එකාසි පුන සීහලෙ

එක් දළදාවහන්සේ නමක් තුසිත දෙව් ලොවය. එකක් නාලොවය. තව එකක් ඉන්දියාවේ ගන්ධාර දේශයේය. අනෙක සිංහල ද්වීපයේය.
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
වම් දළදාව (මහනුවර)

ඛේම මහරහතන් වහන්සේ වම් දළදාව රැගෙන කළිඟුරට බ්‍රහ්මදත්ත රජුට දුන්හ. එයින් පසු එය ඔහු පුත් කාසිටද ඔහු පුත් සුනන්දටද හිමිය. පසුව දළදා වහන්සේ දන්තපුර ගුහසිව රජුට අයත් විය. එතුමා එය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට සිය දියණිය හේමමාලා සහ බෑණා වූ දන්ත කුමරු අත ලංකාවට එවීය. මෙය ගන්ධාර දේශයේ දළදා වහන්සේය.

දකුණු දළදාව (පොළොන්නරුව - සෝමාවතී චෛත්‍යය)

සධාතුක කුන්තය (මිරිසවැටිය දුටුගැමුණු රජතුමා අත තිබූ කුන්තය (සෙංකෝලය) සැරටිය නිධන්කර මිරිසවැටි චෛත්‍යය ඉදිකරන ලදී.

රුවන්වැලි - සෑයෙහි සර්වඥධාතුන් වහන්සේ විශාල ප්‍රමාණයක් නිදන් කරන ලදී. එය අජාසත් රජතුමා නිදන් කිරීමට නොගෙන තැබූ සර්වඥධාතුය. එම ධාතු ද්‍රෝණයක් පමණි. රාමගාමයේ නයින් විසින් ආරක්ෂා කරන ලදී. රජතුමා එය නොගත්තේ මතු ලක්දිව මහාසෑයෙහි තැන්පත් කරන ලද බව දැන සිටි නිසාය. එම ධාතුන් වහන්සේ මෙහි ගෙන එන ලද්දේ සෝණුත්තර නම් භික්ෂූන් වහන්සේ විසිනි.

අභයගිරි- විහාරයෙහිද බුදුරජාණන් වහන්සේගේ සව¢ඥ ධාතු තැන්පත් කර ඇත. ලක්දිව නිධන් කර තිබෙන සර්වඥ ධාතුන් වහන්සේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට චෛත්‍ය වන්දනා ගාථාවලින් උපකාර ලබා ගැනීමට පුළුවන.

බුද්ධං ධම්මං සංඝං සුගත තනුභවා ධාතුයෝ ධාතු ගබ්භේ
ලංකාය ජම්බුදීපේ තිදස පුරවරේ නාගලෝකේච ථූපේ
සබ්බේ බුද්ධස්ස බිම්බේ සකල දස දිසේ
කේස ලෝමාදිධාතුං
වන්දේ සබ්බේපි බුද්ධං දස බල තනුජං බෝධි චේතිං නමාමි


(සියලු චෛත්‍ය වැදීම)


ශාස්ත්‍රවේදී
අධ්‍යාපන ඩිප්ලෝමා
එන්. කරුණාරත්න
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් උඹ ලන්කාවෙද ඉන්නෙ? :eek:


    අන්තිම පාඅරට නැගිටිද්දි නං ලංකාවෙ හිට්ටෙ :P
    දළදා ප්‍රදර්ශන එහෙම ගොඩක් තිබ්බෙ ලංකාවට නියංකාලයක් ආවම. මිසක් වහිනකන් බලන් ඉදල දලදාප්‍රදර්ශන තියල නෑ. ;)
    නෑ නෑ මං අදහස් කළේ නියං කාලය ඇවිල්ල ආපහු වැසි සමය ලඟ එන කාලය බලල දළදාව ප්‍රදර්ශනය කරනවද දන්නෙ නෑ කියල ;)
    අපේ අය කම්මුල්ගායට අලි හක්ක උරච්චි කරල මූණේ ගානව වගේ
    ගෑවත් නොගෑවත් නිසි කලට ඒ ලෙඩේ හොඳවෙනවනෙ ? :)


    ඒගැන දන්නෙ නැත්නම් කාගෙන් හරි අහගන්නකො.
    අනික මන් අහල තියෙන විදිහට යම් බුදු වරයෙකුගෙ දාතූන් වහන්සේලා ඊලග බුදු වරය බුදු උනාම
    නැති වෙලා යනව. පාරිභෝගික දාතූන් පමණයි ඉතුරු වෙන්නෙ.
    මෙන්න මේ වගේ දේවල් නං පිළිගන්න අමාරු එක තමා ප්‍රශ්නෙ :eek:

    කියවන්න කැමතිනම් මං කරුනු ටිකක් හොයල දෙන්නම්කො කියවල දැනගන්න.[/QUOTE]
    :D
     
    Last edited:

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land

    අන්තිම පාඅරට නැගිටිද්දි නං ලංකාවෙ හිට්ටෙ :P
    නෑ නෑ මං අදහස් කළේ නියං කාලය ඇවිල්ල ආපහු වැසි සමය ලඟ එන කාලය බලල දළදාව ප්‍රදර්ශනය කරනවද දන්නෙ නෑ කියල ;)
    අපේ අය කම්මුල්ගායට අලි හක්ක උරච්චි කරල මූණේ ගානව වගේ
    ගෑවත් නොගෑවත් නිසි කලට ඒ ලෙඩේ හොඳවෙනවනෙ ? :)

    මෙන්න මේ වගේ දේවල් නං පිළිගන්න අමාරු එක තමා ප්‍රශ්නෙ :eek:
    කියවන්න කැමතිනම් මං කරුනු ටිකක් හොයල දෙන්නම්කො කියවල දැනගන්න.
    :D[/QUOTE]
    එහෙම වැසිකාලෙ එන එක හරියටම කියන්න පුළුවන් නම් මරුනෙ. ඕක අපෙ කාළගුන විද්යා එකට වත් තාම හරියට කියාගන්න බැරි එකනෙ ;)
    මෙකයි මල්ලි, කම්මුල් ගාය කියන්නෙ වෛයිරස් ලෙඩක් නේ. අපේ පැරැන්නො ඒ බව හොදට දැනගෙන හිටිය. ඒකයි එයාල එව්වට දෙයියන්ගෙ ලෙඩ කිව්වෙ. මොකද වෛරස් ලෙඩ වලට ලේසියකින් බෙහෙත් කරන්න බැරිබ ව එයාල දැනගෙන හිටිය නිසා. අලි හක්ක ගාල කරන්නෙ අපේ ඇග තුලින්ම ඇතිවෙන ප්‍රතිශක්තිය වර්ඩනය කරන එක වෙන්න ඔන. කොහොබ කොල එහෙම පවිච්චි කලෙ විශබිජ නාශක විදිහට. මතක තියාගන්න විද්යාව යන්තමින් අතපත ගාල අපෙ පැරනි වෙදකම් ක්‍රම වැරදියි කියල කියන්න බෑ. මොකද විද්යාවෙන් සුව කරන්න බැරි ලෙඩ පවා අපෙ පැරනි වැදකම් වලින් සුව කරල තියෙනව, අදටත් ඒක වෙනව.
    ඒ නිසා ඒවගෙ දේවල් විවේචනය කරන්න කලින් ටිකක් ඒගැන හොයල බලන්න.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එහෙම වැසිකාලෙ එන එක හරියටම කියන්න පුළුවන් නම් මරුනෙ. ඕක අපෙ කාළගුන විද්යා එකට වත් තාම හරියට කියාගන්න බැරි එකනෙ ;)[/QUOTE]


    දළදාව වඩම්මලා දවස් කීයකින් වගේ වර්ශාව ඇති උනාද ? . ඒක දවස් 2,3, වගේ දීර්ඝ නම් කාලගුණය අනාවැකි බලල කරා වෙන්නත් පුළුවන්.

    ඔක්කොටම කලින් හොයල බලන්න ඕනෙ
    දළදාව වැඩම කරපු සෑම අවස්ථාවකදිම වර්ශාව ඇති උනාද කියල :)එහෙම ඇති උනා නම් අර කාලගුණ කතා අදාල වෙන්නෙ නෑ :no:

    මෙකයි මල්ලි, කම්මුල් ගාය කියන්නෙ වෛයිරස් ලෙඩක් නේ. අපේ පැරැන්නො ඒ බව හොදට දැනගෙන හිටිය. ඒකයි එයාල එව්වට දෙයියන්ගෙ ලෙඩ කිව්වෙ. මොකද වෛරස් ලෙඩ වලට ලේසියකින් බෙහෙත් කරන්න බැරිබ ව එයාල දැනගෙන හිටිය නිසා. අලි හක්ක ගාල කරන්නෙ අපේ ඇග තුලින්ම ඇතිවෙන ප්‍රතිශක්තිය වර්ඩනය කරන එක වෙන්න ඔන.

    හ්ම්ම් ඒක පැරණි වෙදකමක් බව මං දැනන් හිටියෙ නෑ:no:. අමල් කුක්කල ඔයාල aragon yasas අයියල අමිල අයියල නිසා පැරන්නොන්ගෙ දියුණූව ගැන තිබුණු සැක නැතිවෙලා ගොඩක් කල් අනු අයියෙ :D

    කොහොබ කොල එහෙම පවිච්චි කලෙ විශබිජ නාශක විදිහට. මතක තියාගන්න විද්යාව යන්තමින් අතපත ගාල අපෙ පැරනි වෙදකම් ක්‍රම වැරදියි කියල කියන්න බෑ.

    ඔව් මං අහල තියෙනව ජලභීතිකාව පවා සුව කරන වෛද්‍යවරු ගැන. දියවැඩියාව,හෘර්දයාබාද පවා නිට්ටාවට සුවකරන අය ගැන

    මොකද විද්යාවෙන් සුව කරන්න බැරි ලෙඩ පවා අපෙ පැරනි වැදකම් වලින් සුව කරල තියෙනව, අදටත් ඒක වෙනව.
    ඒ නිසා ඒවගෙ දේවල් විවේචනය කරන්න කලින් ටිකක් ඒගැන හොයල බලන්න.

    බලන්න මං කිසිම තැන කිසිම දෙයක් බොරුයි කියල කියල තියෙනවද කියල :D විශ්වාස කරන්න අමාරු බව කියල තිබුණත්
    මේක විවේචනය කිරීමක් නෙවෙයි අනු අයියෙ විමසීමක් :D
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හරිම වැදගත් සටහනක්... යම්කිසි සංවාදයකුත් ගොඩ නැගිලා හැඩයි. සම්පූර්ණයෙන් කියවන්නෙ නැතිව අදහස් පල කරන්න බැහැනේ....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරිම වැදගත් සටහනක්... යම්කිසි සංවාදයකුත් ගොඩ නැගිලා හැඩයි. සම්පූර්ණයෙන් කියවන්නෙ නැතිව අදහස් පල කරන්න බැහැනේ....

    ඔය කියන්නෙ සමහර විට මම අදාල වෙන සංවාදය වෙන්න ඇති :)
    වෙලාවක් තියෙනවනං පස්සෙ කියවල බලල අදහසක් දෙන්න. වැරදුනා කියල බනින අය මෙතන නෑ :D
    කොටින්ම මම තනිකර නැට්ට පාගගෙන වෙන්න පුළුවන් :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔය කියන්නෙ සමහර විට මම අදාල වෙන සංවාදය වෙන්න ඇති :)
    වෙලාවක් තියෙනවනං පස්සෙ කියවල බලල අදහසක් දෙන්න. වැරදුනා කියල බනින අය මෙතන නෑ :D
    කොටින්ම මම තනිකර නැට්ට පාගගෙන වෙන්න පුළුවන් :D
    නෑ නෑ මචන් මාත් බැලුව කියවල උඹ අහපු දේවල් ගැන
    මම උඹේ ක්‍රමේට කැමතියි
    කෙනෙක් දෙයක් කිව්ව පලියට ඒක විශ්වාස නොකර හොදට හොයල බලල ඒව තමාට ගෝචරනම් අදාල කරගන්න එක තමා නුවණක්කාරකම :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නෑ නෑ මචන් මාත් බැලුව කියවල උඹ අහපු දේවල් ගැන
    මම උඹේ ක්‍රමේට කැමතියි
    කෙනෙක් දෙයක් කිව්ව පලියට ඒක විශ්වාස නොකර හොදට හොයල බලල ඒව තමාට ගෝචරනම් අදාල කරගන්න එක තමා නුවණක්කාරකම :)

    බොහෝම ස්තූතියි මචං :D
    සෑහෙන කාලෙකට පස්සෙ දකින්න ලැබුණූ එකත් ලොකු දෙයක් :D
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම දැන් වෙලා අරගෙන මුල ඉදලම මේකේ සටහන් කියවගෙන ආවා. අපේ සියුස් සහෝදරයා නගලා තියෙන ප්‍රශ්න ඕනෙම විචාරාත්මක කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රශ්න නිසා මම දන්න කාරණා කීපයකුත් මෙතැනට එකතු කරන්න හිතුවා.

    මේ සටහනෙ මුලින්ම සදහන් වෙලා තියෙන ශාරීරික ධාතුන් අතරින් ඉතා වැදගත් කමක් නුවර දළදා මාලිගාවෙ වැඩ සිටින දන්ත ධාතූන් වහන්සේටත් සෝමාවතියෙ වැඩ හිටින දන්ත ධාතූන් වහන්සේටත් හිමි වෙනවා. එයට හේතුව තමයි බුදු රජාණන් වහන්සේ ලොව සනහාලන ශ්‍රී ධර්මය වදාලේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්. වර්ථමාන ශබ්ද විද්‍යාව අනුවත් පිළිගන්නා සංකල්පයක් වන ගණ නියම පරිදි පිහිටුවලා, එසේ පිටවුනු හැම ධර්ම ස්ඛන්ධයක්ම ඔය ශ්‍රී දන්ත ධාතුන් වල ස්පර්ශ වෙලා තියෙනවා. ඒ කාරණයත් එක් හේතුවක් මෙම දන්ත ධාතූන් වලට පූජනීයත්වයක් ආරෝපණය වෙන්නට.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මතු වෙලා තියෙන අනෙක් කාරණය තමයි දන්ත ධාතූ ප්‍රදර්ශනත් වැස්සත් අතර තියෙන සම්බන්ධතාවය...

    ඇත්තම කියන්න ඔය ගැටලුව මටත් තියෙනවා. එහෙම කිසිදු ආකාරයක සම්බන්ධයක් විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැහැ. නමුත් මගේ ජීවිත කාලෙදි වුනු දන්ත ධාතූ ප්‍රදර්ශන දෙකෙදීම ඔය කාරණය සත්‍යය වුනා.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ........ එසේ පිටවුනු හැම ධර්ම ස්ඛන්ධයක්ම ඔය ශ්‍රී දන්ත ධාතුන් වල ස්පර්ශ වෙලා තියෙනවා. ඒ කාරණයත් එක් හේතුවක් මෙම දන්ත ධාතූන් වලට පූජනීයත්වයක් ආරෝපණය වෙන්නට.

    ම්ම්ම්ම් :yes:
    අපි මේ මෙහෙම කතා කළාට මේක ගොඩාක් ගැඹුරුයි. මං ඒක දන්නවා. නමුත් එහෙමයි කියල මුකුත් නොදැන ඒවාට ඒ තරම් තැනක දෙන්න මගේ නම් ඒ තරම් කැමැත්තක් නැත.

    බොහෝම ස්තූතියි අදහසට මච්ං :)

    මතු වෙලා තියෙන අනෙක් කාරණය තමයි දන්ත ධාතූ ප්‍රදර්ශනත් වැස්සත් අතර තියෙන සම්බන්ධතාවය...

    ඇත්තම කියන්න ඔය ගැටලුව මටත් තියෙනවා. එහෙම කිසිදු ආකාරයක සම්බන්ධයක් විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැහැ. නමුත් මගේ ජීවිත කාලෙදි වුනු දන්ත ධාතූ ප්‍රදර්ශන දෙකෙදීම ඔය කාරණය සත්‍යය වුනා.
    ඒකෙ ප්‍රතිපල ක්ශණිකව වුනා කියලද කියන්නෙ ? :)
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඒකෙ ප්‍රතිපල ක්ශණිකව වුනා කියලද කියන්නෙ ? :)

    පුදුමය කියන්නෙ ඔව්... ඒ අවස්ථා දෙකෙන් එක අවස්ථාවක පාස් එකක් හම්බවෙලා මමත් ගියා ධාතු ප්‍රදර්ශනය බලන්න. සාමාන්‍යයෙන් ධාතු ප්‍රදර්ශනය පටන් ගන්නෙ දවල් එකට විතර. උදේ ඉදලා හොදට අව්ව පායලා තිබුනා. එකට විතර පෝලිම් ඉස්සරහට යන්න පටන් ගන්නවත් එක්කම අහස කලු කරන්න ගත්තා. ටික වෙලාවකින් මහ වැස්සක් ඇදන් වැටුනා. ඒක එදා විතරක් වෙච්චි දෙයක් නෙවෙයි. ඒ ධාතූ ප්‍රදර්ශනය තිබුනු කාලය පුරාම සිදු වෙච්චි දෙයක්... ආපේ අම්මා කියන්නෙ ධාතු ප්‍රදර්ශනයෙදි පමණක් නෙවෙයි, දන්ත ධාතූන් වහන්සෙ සෙලවුනොත් මහ වැසි වහිනවා කියලයි..

    ඔයාට සමහර විට මතක ඇති අවසන් වරට තිබුනු ධාතු ප්‍රදර්ශනය රූපවාහිනියෙ පෙන්නනකොට මිනිස්සු පෝලිමට කුඩ උස්සගෙන රේන් කෝට් දාගෙන ඉන්නවා පෙන්නුවා.

    අනේ මන්දා ඒ තමයි මම දැකලා තියෙන දෙය.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හොඳ සංවාදයක් ඇරඹිලා තියෙන්නෙ :D

    දෙයිය ඉතිං ප්‍රශ්න පත්තරයක්නෙ :P හොඳයි හොඳයි ....දිගටම සංවාදෙ කරගෙන යන්න
    මටත් මෙතනට එන්න ආසයි ඒත් අද වැඩ වැඩියි :nerd: ....... බලමුකො ඉස්සරහට
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පුදුමය කියන්නෙ ඔව්... ඒ අවස්ථා දෙකෙන් එක අවස්ථාවක පාස් එකක් හම්බවෙලා මමත් ගියා ධාතු ප්‍රදර්ශනය බලන්න. සාමාන්‍යයෙන් ධාතු ප්‍රදර්ශනය පටන් ගන්නෙ දවල් එකට විතර. උදේ ඉදලා හොදට අව්ව පායලා තිබුනා. එකට විතර පෝලිම් ඉස්සරහට යන්න පටන් ගන්නවත් එක්කම අහස කලු කරන්න ගත්තා. ටික වෙලාවකින් මහ වැස්සක් ඇදන් වැටුනා. ඒක එදා විතරක් වෙච්චි දෙයක් නෙවෙයි. ඒ ධාතූ ප්‍රදර්ශනය තිබුනු කාලය පුරාම සිදු වෙච්චි දෙයක්... ආපේ අම්මා කියන්නෙ ධාතු ප්‍රදර්ශනයෙදි පමණක් නෙවෙයි, දන්ත ධාතූන් වහන්සෙ සෙලවුනොත් මහ වැසි වහිනවා කියලයි..

    ඔයාට සමහර විට මතක ඇති අවසන් වරට තිබුනු ධාතු ප්‍රදර්ශනය රූපවාහිනියෙ පෙන්නනකොට මිනිස්සු පෝලිමට කුඩ උස්සගෙන රේන් කෝට් දාගෙන ඉන්නවා පෙන්නුවා.

    අනේ මන්දා ඒ තමයි මම දැකලා තියෙන දෙය.
    ඔව් ඒ රූපවාහිනියෙ පෙන්නපු වෙලේ නං මමත් දැක්ක වගේ යාන්තමට මතකයි. අවස්ථා 2,3 නැතුව 5,6 කදි වගේ එකදිගටම මේ දේ උනා නං මචං
    ආයෙ කතා දෙකක් නෑ මං දීප පොර ටෝක්ස් වලින් වැඩකුත් නෑ:P
    දන්ත ධාතූන්වහන්සේට සතු යම් බලයක් හරි වැසි වස්සනවන්නට අදාල දෙයක් තියෙනවා . මං ඒක ඕන වෙලාවක දණ නමල පිළිගන්න ලෑස්තියි:yes:

    මොකද දන්නෙ නෑ මේ ගැන හරි හමං පරීක්ෂණයක් නොවෙන්නෙ:eek:

    හොඳ සංවාදයක් ඇරඹිලා තියෙන්නෙ :D

    දෙයිය ඉතිං ප්‍රශ්න පත්තරයක්නෙ :P හොඳයි හොඳයි ....දිගටම සංවාදෙ කරගෙන යන්න
    මටත් මෙතනට එන්න ආසයි ඒත් අද වැඩ වැඩියි :nerd: ....... බලමුකො ඉස්සරහට

    අනෙ අම්මේ ලොකු දෙයක්. මං හිතුව මගෙත් එක්ක මළ නිසාද reply නොකරන්නෙ කියල :P
    නිදහස් වෙලාවක් හොයාගෙන. මට ඇප නැතිවෙන්න කියල දෙන්න. මටත් ඕන ඒ දේ එහෙම වෙනව දකින්නයි :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අනෙ අම්මේ ලොකු දෙයක්. මං හිතුව මගෙත් එක්ක මළ නිසාද reply නොකරන්නෙ කියල :P
    නිදහස් වෙලාවක් හොයාගෙන. මට ඇප නැතිවෙන්න කියල දෙන්න. මටත් ඕන ඒ දේ එහෙම වෙනව දකින්නයි :D
    හොඳ සංවාද වලට මගෙත් විරුද්ධත්වයක් නෑනෙ හලෝ, ඔහේ ඒක දන්නවනෙ :P

    මං වෙලාවක මේ පෝස්ට් ටික කියවල බලලා රිප්ලයි එකක් දෙන්නම්, නමුත් මං හිතන්නෙ බොහෝ දුරට ඕන කරන උත්තර ටික ලැබිල ඇති දැනටම. දැනට පොඩි දෙයක් කියන්නම්



    මොකද දන්නෙ නෑ මේ ගැන හරි හමං පරීක්ෂණයක් නොවෙන්නෙ:eek:
    ඔය වගේ දේවල් ගැන පර්යේශණ කරන්න මං හිතන්නෙ විද්‍යාව පවා තාමත් ලාබාළ වැඩියි කියලා. නමුත් අපි නිතරම කියන දෙයක් තමයි යම්කිසි දෙයක් අපට ගෝචර නොවන පලියට ඒක ලෝකෙ පවතින්නෙ නෑ කියලා අපට කියන්න බැහැ කියන එක. බුදුන් වහන්සේ පවා එවන් මිනිසාට ගෝචර නොවන දේවල්, ජීවීන් ගැන එහෙම දේශනා කරලා තියෙනවා (කොතනදිද කියන එකනම් මට මතක නෑ කොළුවො මේ වෙලාවෙ). ඒ වුනාට බටහිරින් නම් තමන්ට හා විද්‍යාවට ගෝචර නැති දේවල් ප්‍රතික්ශේප කරනවා කැත නැතුව. අපිට ඒක කරන්න බැරි අපේ සංස්කෘතිය හා ආගමත් එක්ක ඊට වඩා හොඳට හිතන්න පුළුවන් කමක් අපට තියෙන නිසයි. මෙවන් ප්‍රාතිහාර්‍ය මුළාවක් කියලා අපෙ මිනිස්සු අතහරින්නෙ නැත්තෙ නූගත්කම නිසා නෙමෙයි.

    අනික තමා ධාතූන් කෙරෙහි ජනතාව තුල ඇති ශ්‍රද්ධාව. ධාතු ප්‍රදර්ශනවලදි වහිනකොට ජනතාව සාදුකාර දෙනහැටි දැකලා ඇතිනෙ සමහර විට. කොහොමද ධාතුන් වහන්සේ හා වැස්ස වැටීම අතර සබඳතාව කියලා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කලොත් ඕකට ........ මං හිතනවා කෙනෙකුගේ ශ්‍රද්ධාවට හානියක් උනොත් අපි අතින් එහිදී වැරැද්දක් වෙනවා කියලා. කෙනෙක්ට ධර්මයට වඩා බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පහල වෙනවනම් ධාතූන් වහන්සේලා, සොළොස්මස්ථාන වගේ දේ වලින් (එකිනෙකාගේ බුද්ධි මට්ටම හා ධර්මය ග්‍රහණය කරගැනීම වෙනස් නෙ) අපි ඊට අවහිර කරන්න නරකයි. මොකද ශ්‍රද්ධාව නිසාත් ඔවුන් කරන්නෙ පින් රැස් කිරීමයි ..... අමතක කරන්න එපා ධර්මය අවබෝධ වෙන්නත් පින් කරලා තියෙන්න ඕන බව. බුදුන් වහන්සේ අප්‍රමාදව කුසල් රැස් කරන්න කියලා අන්තිම මොහොතෙත් කියන්නෙ ඒකයි. මේ වැඩේට මොලේ විතරක් තිබිලා මදි නිසයි. ;) ...... ඒක නිසා මම උනත් කැමතියි ඔය වගේ දේවල් ප්‍රාතිහාර්‍යයන් ලෙසටම අපේ සංස්කෘතියෙ පවතිනව නම් ..... අනික එහෙම තියෙන එක ඕවා අපි අතර දීර්ඝ කාලයක් පවතින්නත් උදව් වෙනවා ....... පැහැදිලි කිරීමක් කලාට පස්සෙ මිනිස්සු ඔය දේවල් අතහරිනව ලේසියෙන්ම.

    හෆොයි ..........හිතුවට වඩා ගොඩක් ලියවුණා :cool: