ධීවර_උකුස්සන්ගේ_විස්මිත_දස්කම්!
ලෝකයේ සාගරබදව, මුහුදු ආශි‍්‍රතව, විල්, වැව්, ගංගා දිය කඩිති අසල ජීවත්වෙන කුරුල්ලන් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය කර ගන්නේ මසුන්. ඒ අතර කෑමට මසුන් අල්ලා ගන්නා උකුස්සන්, කුරලයන්, රාජාලියන්, සරටකුස්සන් ආදීන් ප්‍රධානයි.
එයින් උකුසු කුලයට (ACCIPTRIDAE) අයත් කුරලයන් (Osprey) මසුන් ඇල්ලීමට හරිම දස්සයි. සත්ව විද්‍යා නාමය පැන්ඩියන් හැලියාටුස් (Pandion haliaetus) වේ. මේ වර්ගයේ වැඩුණු කුරුල්ලකු සෙ.මී. 55ක් පමණ දිගයි. කිරිල්ලිය කුරුල්ලාට වඩා ප්‍රමාණයෙන් ලොකුයි.
සිරුරේ පිටත කළුවන් දුඹුරු පැහැයක් ගනියි. හිස සහ යටි කය සුදු පාටයි. ඉතා පැහැදිලි කළු පළල් ඉරක් ඇස හරහා ගෙල තෙක් විහිදෙයි. ළයෙහි තද පැහැති පටියකි.
නිතර මසුන් දඩයමේ යෙදෙන්නෙකි. පියසැරිය අතරතුර නිතරම ගුවනේ පාවෙයි. මෙසේ පාවෙන අතරතුරු පහළ මසුන් ගැවසෙන තැන් නිරීක්ෂණය කරයි.
කුරලයකුට ඉහළ අහසේ සිට ගංගාවක දියයට අඩි දෙක තුනක් යට පිහිනමින් සිටින මාළුවකු හොඳින් පෙනේ. හරියටම ඉලක්කය නිශ්චිත කර ගත් වහාම හීයක වේගයෙන් පහළට ඇදී එයි. ඒ පිම්ම කෙළින් දියයට යයි. නිමේෂයකින් මාළුවා සිය අත්පසුරුවලින් අල්ලා ගෙන ජලයෙන් උඩට මතු වෙයි.
සමහර විට කුඩා මසුන් අහුරක් දෙකක් වරක් දෙවරක් පහත් වෙමින් අල්ලා ගැනීමට ඌ දක්ෂයි. එසේම තමාට සමාන බරක ගොදුරක් වුවත් ඔසවාගෙන පියාසර කිරීමට ඌ ඉතා දක්ෂයි. මාළුන් ආහාරයට ගෙන ජීවත්වෙන කුරුල්ලන් අතර මේ ධිවර උකුස්සන්ට හිමි වන්නේ සුවිශේෂ තැනකි.
කුරලයා මසුන් දඩයම් කරන විස්මිත ආකාරය ඔබට පහත වීඩියෝවෙන් නරඹන්නට පුළුවන්.
පළමුවන රූප පෙළෙන් ඔබ දකින්නේ කුරලයකු එක්වරම මසුන් 6ක පමණ පොකුරක් අල්ලා ගෙන පියාසර කරන අයුරුයි.
දෙවන රූප පෙළෙන් දැක්වෙන්නේ තවත් කුලරයකු ගැඹුරට කිමිද දියයට දී ගොදුර අල්ලා ගන්නා අන්දමයි.
තුන්වන කුරලයා ටිකක් චණ්ඩියකු පාටයි. ඌ තමන්ට ඔසවා ගෙන යාමට නොහැකි තරම් ලොකු මසකු ඔසවා ගෙන යයි. බර නිසා ඌට එවරම අහසට නැගීමට අපහසුයි. ඒත් ඌ ගොදුර අත් අරින්නේ නැත.
ගත්තේ'' මල් කැකුළු'' එකෙන් http://www.malkakulu.com/

thadi maluwekwa ussan uamawa hena gemak dila