නගා මැරූ අල ඕනි බෙහෙතකට

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    නගා මැරූ අල ඕනි බෙහෙතකට

    මගේ යාළුවෙකුට බෙහෙතකට නගා මැරූ අල ඕනිවෙලා තියෙනවා...දන්න කෙනෙක් ඉන්නවනම් හොයලා දෙනවද?
     

    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    naga-maru-ala.jpg


    නගා මැරූ අල යන නාමය මෙම ශාකයට ලැබෙන්නේ කෙසේදැයි යන්නට මෙරට ආයුර්වේද සාහිත්‍යය තුලින් යම් හෝඩුවාවක් ලැබේ. ආයුර්වේද සාහිත්‍යයට අනූව නගාමැරූ අල යන නාමය මෙම ශාකයට ලැබෙන්නේ ඉතිහාසයේ සිදුවුවා යැයි සඳහන් වන එක් අවාසනාවන්ත සිදුවීමක් පාදක කරගෙනය. මෙම සිදුවීම කොතෙක් දුරට සැබවින්ම ඉතිහාසයේ සිදුවු සත්‍ය සිදුවීමක්දැයි පැවසිමට සාක්ෂි නොමැති අතර ආයුර්වේද ජන සාහිත්‍යය තුල පමණක් අන්තර්ගත වී ඇත. එම නම බිහිවීම සම්බන්ද එක් කතා පුවතක් මෙසේය.

    අතීතයේ එක්තරා වකවානුවක මෙරට එක් නියම් ගමක තම ගම්මානය අසල වනයට දිනපතා ගොස් කෑමට ගත හැකි ඵලවැල මීපැණි ආදිය සොයා ගෙන ඒමට පුරුදුව සිටි තරුණයෙක් වාසය කලේය. මෙම තරුණයාට සුරතල් වයසේ පසුවන එක් සුන්දර බාල නැගණියක්ද සිටියේය. නිවසේ සියල්ලන්ගේම සහ අවට නිවැසින්ගේද ආදරය යහමින් දිනා ගත් මෙම සිඟිති දියණියට සොහොයුරාද අප්‍රමාන ලෙස ආදරය සෙනෙහස දක්වන ලදි. වනයට ගොස් පැමිනෙන විට නොයෙක් වර්ගයේ රසවත් පළතුරු වර්ගද විසිතුරු මල් වර්ගද තම එකම නැගණිය වෙනුවෙන් සොයා රැගෙන ඒම මෙම තරුණයා කිසි දිනක අමතක කලේ නැත. මෙසේ කාලය ගෙවෙමින් යන අතර තුර එක් දිනක් මෙම නැගණිය තම සොහොයුරාගෙන් එක් අපූරු ඉල්ලීමක් කරන්නට යෙදුනේය. එනම් වනාන්තරයේ සුන්දරත්වය සියැසින්ම දැක ගැනීම සඳහා තමාවද දිනක් වනයට කැටුව යන ලෙසයි. පළමුව තම ආදරණිය නැගණියගේ එම අහිංසක ඉල්ලීම පිළිගැනීමට මදක් අදිමදි කල තරුණයා පසුව එයට එකඟ වන්නේ සහෝදරියගේ සිත සුළුවෙන් හෝ රිදවීමට ඇති බලවත් අකමැත්ත නිසාවෙනි. නියමිත දින දෙමාපිය වැඩිහිටි පා වැද අවසර ගෙන නැගණියද කැටුව තරුණයා වනයට පිවිසෙන්නේ තම දිවි දෙවැනි කොට තම නැගණිය වනය තුලදි රැක ගන්නා බවට දෙමාපියන්ට වු පොරොන්දුව සිහිකරමිනි.

    … තම සුපුරුදු මාවත ඔස්සේ වනය තුලටම ගමන් කරමින් තම නැගණියට වනයේ සුන්දරත්වය පෙන්වමින් යන අතරතුර එක් ස්ථානයකදී මොවුන් දෙදෙනාට මින් පෙර කිසිදු දිනෙක දැක නොමැති ඉතා අලංකාර මල් වලින් ගැවසි ගත් ශාකයක් දැක ගන්නට ලැබේ. දුටු වන් නෙත් සිත් වශී කරන මෙම මල් පදුර දකිනා නැගණිය එය තම ගෙවත්තේ අනිවාර්යයෙන්ම තිබිය යුතු මල් පදුරක් යැයි තීරණය කරයි. ඇය තම සොහොයුරාට පවසන්නේ මලුත් සමගම එම පදුර ගලවා දෙන ලෙසයි. තම නැගණිය සමග වනයට පැමිණි පළමු දිනයේම කිසි දිනෙක තමා දැක නොමැති අලංකෘත මලක් ඇස ගැටීමත්, එය තම නැගණියට තිළිණයක් ලෙස ලබාදීමට ලැබීම ගැනත්, අප්‍රමාන සතුටට පත්වන තරුණයා වහ වහා ඉතා ප්‍රවේශමෙන් මල් පඳුර ගලවා ගනී. පඳුරේ මුල් අතර සැඟවී තිබෙනා අසමාන ප්‍රමාණ වලින් යුත් කුඩා අල දෙකක්ද මේ අතර තරුණයාගේ ඇස ගැටේ. මල් වල අලංකාරත්‍වයෙන් වශී වි සිටිනා තරුණයා මල් සේම අලද රසවත් විය යුතුයැයි සිතා පළමුව තමන් විසින්ම එක් අලයකින් මදක් සපා බලයි. සිරුරට ක්ෂණික අපහසුතාවයක් හෝ වෙනත් වරදක් ඇති නොවු බැවින් තම ආදරණිය නැගණියටද එහි රස බැලීමට එම අලයම ලබාදේ. නැගණියද ඉතා ආශාවෙන් අලය සම්පූර්ණයෙන්ම රස බලන අතර පසුව දෙදෙනා නැවතත් ගමන් අරඹයි. මෙසේ ගමනේ යෙදෙන අතරතුර යම් වේලාවක් ගතවු පසුව අවාසනාවන්ත ලෙස මොවුන් දෙදෙනාටම මත් ගතියක් සමගම ඔවුනොවුන් කෙරෙහි දැඩි රාග සිතුවිළි පහලවන්නට පටන් ගනි. එය කෙතරම් බලවත් සිතුවිල්ලක්ද යත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ තරුණයා තම නැගණිය සමග දැඩිව රමණයේ යෙදීමයි. වලක්වා ගත නොහැකි සහ අවාසනාවන්ත සිදුවීමකින් පසු ස්වල්ප වේලාවක් ගතවීමත් සමගම තරුණයා නැවත පියවි සිහියට පැමිනේ. පියවි සිහිය ලැබීමෙන් පසු සිදුවී ඇති දෙය දකිනා තරුණයාට ඉතා දැඩි මානසික කම්පනයකට පත්වේ. හෙතෙම තමාගේ ක්‍රීයාව කෙරෙහි ඇතිවන්නා වු ලැජ්ජාවත් පිළිකුලත් සමගම සමාව දිය නොහැකි වැරැද්ද කෙරෙහි ඇතිවු වේදනාවෙන්කල හැකි කිසිවක් සිතා ගත නොහැකිව වටපිට බලයි. අසල සරුවට වැඩි තිබෙනා නියඟලා වැලක් දැක එයින් අලයක් හාරා ගෙන කා සිය දිවි නසා ගැනීමට ක්ෂණිකව තීරණය කරන්නේ තව සුළු මොහොතකින් අවදි වන තම සුරතල් නැගණියගේ මුහුණ බැලීමට නොහැකි නිසාවෙනි.

    තරුණයාට මරණය ලඟාකර දීමට නියඟලා අලයම අවශ්‍ය වන්නේ නැත. අලයේ කොටසක් ඉතිරිව තිබියදීම තරුණයා මැරී වැටේ. මින් සුළු මොහොතකට පසු පියවි සිහියෙන් අවදි වන නැගණිය දකින්නේ නිදාගත් ඉරියව්වෙන් සිටිනා තම සොහොයුරාත් යම් අලයක කොටසකුත්ය. තමාට සිදුවු දෙය පිළිබදව කිසිදු අවබෝදයක් නොමැති දැරිය සිතන්නේ ආදරණීය සොහොයුරා මේ ඉතිරි කොට ඇත්තේ තමාගේ ආහාර කොටස විය හැකි බවත් තමාගේ නින්ද කඩා තමාව අවදි කිරිමට ඇති අකමැත්ත නිසා ඔහු විසින් මෙසේ කරන්නට ඇති බවත්ය. සොහොයුරා පිළිබඳ දැඩි විශ්වාසයෙන් සිටිනා නැගණිය අලයේ ඉතුරු කොටස සම්පුර්ණයෙන්ම ගිල දමයි. සොහොයුරා ගලවා දුන් මල් පැළයද අතැතිවම නැගණියද සොහොයුරා මත මැරී ඇද වැටෙයි.

    … සවස් විගෙන පැමිණියත් තම දරුවන් දෙදෙනා නැවත නිවසට නොපැමිනිම ගැන නොසන්සුන් වන දෙමාපියන් ගම්වැසියන් සමග දරුවන් සේවිම සදහා වනයට ඇතුල්වේ. වනය තුලදි ඔවුන් දකින්නේ එක ලග මැරී වැටී සිටිනා අයියා සහ නගෝ දෙදෙනාය. දැරිය අත තදට හිරවි ඇති මල් පඳුරේ ඇති තනි අලය දකිනා ගම්මුන් විශ්වාස කරනුයේ නැගණිය මිය යන්නට ඇත්තේ මෙම පඳුරේ අලයක් කෑම නිසා බවයි. තම නෙත් දෙක මෙන් ආරක්ෂා කිරිමට ප්‍රතිඥා දෙමින් වනයට නැගණියව කැදවාගෙන පැමිණි සොහොයුරා මේ අවාසනාවන්ත තත්වය වලක්වා ගැනීමට නොහැකිවිමේ ශෝකයෙන් සහ දෙමාපියන්ට නැවත මුහුණ දිමේ සහ පිළිතුරු දිමේ නොහැකියාවෙන් නියඟලා අලයක් කා සියදිවි නසා ගන්නට ඇතැයිද ගම්මුන් තීරණය කරති. නැගණිය අත ඇති පඳුරේ එක් අලයක් තරුණයා ඉතුරු කරන්නට ඇත්තේ ඉදිරියේදිත් ගම්මුන්ට මෙම අලයේ ඇති විෂ තත්වය දැන ගැනීම පිනිස වන්නට ඇති බව ගම්මුන් විශ්වාස කලෝය. එනිසා මෙම අල විශේෂය ගම්මුන් විසින්“නගා මැරූ අල” ‍ලෙස හැදින්වීම එදින සිට ඇරඹුව බව ආයුර්වේද ජන සාහිත්‍යයේ සදහන්වේ.

    මෙම ලිපියට ඉහලින් ඇත්තේ නගාමැරූ අල ශාකයක රූපයකි. විද්‍යාත්මක නාමය Daffodil orchid අඟල් 8ක් 10ක් පමණ උසට වැඩෙන එහි අග මල් කිනිත්තක් හට ගනී. මුහුදු මට්ටමෙන් අඩි 3000කටවැඩි උසකින් වැඩෙන මෙම පැළෑටිය පට්ටිපොළ වැනි ප්‍රදේශ වල සුලභය. වර්ශා කාළයේදි දක්නට ලැ‍බෙන අතර උෂ්ණ සෘතුවේදි මැරී යයි. කුඩා අල යුගලයක් ඇත.

    සැබවින්ම වාජීකරණ ඔසුවක්ද?

    සබරගමුව සහ ඌව යන පළාත් වල වන ගත උස් බිම් වල දක්නට ලැබෙන මෙම ශාකය වාජීකරණ ගුණයෙන් යුක්ත බවට ජනමතයක් එම ප්‍රදේශවල ඇත. එහෙත් වාජීකරණ ඖෂධ යෝග වල මෙම ද්‍රව්‍ය ඇතුලත්ව ඇති බවක් දක්නට නැත.

    Reference - http://www.wedasa.info/නගා-මැරු-අල-විෂද-2/#prettyphoto[gampaha]/0/