නතර කරමුද? කරමුද ? පොර්ට් සිටි!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    නතර කරමුද? කරමුද ? පොර්ට් සිටි!!!!!!!!!!!!!!



    එදා සහ අද වෙනස




    :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P

    මේක තමයි දේශපාලනය කියන්නේ. අසරණ එළකිරි කීදෙනෙක් මේකේ පොර්ට් සිටි හොද නැහැ කියල ඉස්සර මරාගන්න ආවද?

    නළුවෙක් නොව මොලයක් (අනිත් පැත්තද මන්ද?)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ශ්‍රී ලංකා ආන්ඩුව, චීන අරමුදල් වලින් ඉදි කෙරෙමින් පැවති වරාය නගර ව්‍යාපෘතියේ තහනම ඉවත් කර යි


    ආයෝජන ඇදගැනීමේ මංමුලා සහගත ව්‍යායාමයක නිරතව සිටින ආන්ඩුව, චීනය අරමුදල් සැපයූ කොලඹ වරාය නගර (සීපීසී) ව්‍යාපෘතියේ තහනම ඉවත් කලේ ය. මුදල් ඇමති රවි කරුනානායක සවුත් චයිනා මෝනිං පෝස්ට් පත්‍රයට මෙසේ පැවසීය : “අපි අවශ්‍ය සියළුම දේ නිරාකරනය කර ඇත්තෙමු. දැන් සුළු ප්‍රශ්න විසඳා ගැනීම ආයෝජකයින්ට බාර ය.”

    ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක එම ව්‍යාපෘතියට අරමුදල් සපයන චීන ආන්ඩුවේ චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි (සීසීසීසී) නම් සමාගමේ නිලධාරීන්ට අනුව, අවසාන විස්තර බේරුම් කර ගැනීමෙන් පසු, පෙබරවාරියේ දී පමන වරාය නඟර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට බලපොරොත්තු වේ.
    ජනවාරියේ බලයට පත්වීමෙන් ක්ෂනික ඉක්බිත්තේ සිරිසේනගේ ආන්ඩුව, මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් දියත් කරන ලද, චීනයට සම්බන්ධ වරාය නඟර හා තවත් ව්‍යාපෘති කීපයක් තහනම් කලේ ය.

    සිරිසේනගේ ආන්ඩුව ප්‍රකාශ කලේ, “අක්‍රමිකතා හා දූෂන” පැවතුන අතර විශේෂයෙන් ම සීපීසී ය සම්බන්ධ ව “නියම පාරිසරික බලපෑම් පිලිබඳ ඇගයීමක් නොවූ ” බව යි. එහෙත් සැබෑ හේතුව වූයේ, රාජපක්ෂ කිට්ටු සම්බන්ධකම් වර්ධනය කර ගත් බීජීනයෙන් බැහර ව ආන්ඩුව, කොලඹ විදේශ ප්‍රතිපත්තිය වොෂින්ටනය හා එහි මූලෝපායික හවුල්කරුවා වන ඉන්දියාව වෙත හැරවීම යි.
    සිරිසේනගේ ආන්ඩුව, තවත් චීන ආයෝජනයක් වන ඩොලර් මිලියන 104.3ක් වටිනා කොලඹ නෙළුම් කුළුන ව්‍යාපෘතියේ තහනම ද ඉවත් කර ඇත්තේ ඉදිකිරීමේ ප්‍රදාමදයන් වෙනුවෙන් කිසිදු වන්දියක් නොමැතිව ය. විදුලි සන්දේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් එස් සිරිසේන පැවසුවේ, 2017 ඔක්තෝබරයේ දී ව්‍යාපෘතිය අවසන් කල යුතු බවට සාකච්ඡාවලින් පසු ගිවිසුමට නව දිගුවක් ඇතුලත් කල බව යි.

    ගෝලීය මන්දගාමිත්වය නිසා ආර්ථික අර්බුදයකට මුහුන දෙන, අරමුදල් වලින් මිරිකුන ආන්ඩුව, චීන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට තීරනය කලේ ය. කරුනානායක පෝස්ට් පත්‍රයට මෙසේ ද පැවසී ය: “මම චීනයෙන් අයැද සිටින්නේ, අප අතීත අසමඟිකම් පසෙක තබා, ඒවා වඩාත් ශඛ්‍ය කරනු පිනිස නය කොන්දේසි ගලපමින් අපට උදව් කරන ලෙස යි. ”

    ව්‍යාපෘතිය තහනම් කිරීමේ ප්‍රධාන හේතුව යථා යෝග්‍ය පාරිසරික බලපෑම් ඇගයීමක් නොමැති වීම යයි ආන්ඩුව පවසා තිබුන ද කරුනානායක මෙසේ පැවසී ය: “අපේ පැත්තෙන්, ව්‍යාපෘතියේ පාරිසරක බලපෑම් ඇගයීම සම්බන්ධ වාර්තාව ගැන ආන්ඩුව සෑහීමකට පත්වෙනවා.”

    පසු ගිය සය වසර තුල ශ්‍රී ලංකාව චීනයෙන් ආධාර, සැහැල්ලු නය හා ප්‍රදාන වශයෙන් ඩොලර් බිලියන 5ක් ලැබීමට නියමිතව තිබුන බවට ගනන් බලා ඇත. රට තුල පොදුකාර්ය ව්‍යාපෘතිවලින් ආසන්න වශයෙන් සියයට 70කට අරමුදල් සපයා තිබුනේ චීනය වන අතර ඒවා ගොඩනගන ලද්දේ චීන සමාගම් විසිනි.

    ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පාලිත ඒකනායකට අනුව, 2010දී රටේ දල දේශිය නිෂ්පාදනයෙන් සියයට 36ක් වූ විදේශ නය, 2013 අග වන විට සියයට 65 දක්වා නැගුනු අතර මෙම වසරේ දී සියයට 95 දක්වා නගිනු ඇති බවට ගනන් බලා ඇත. ඔහු මෙසේ ද පැවසී ය: “නය වාරික හා පොලී බැඳීම් දැනටමත් රජයේ ආදායම ඉක්මව යි. එහි අර්ථය, පවතින නය ගෙවීමට අපට තවත් නය ගැනීමට සිදුව ඇති බව යි.”

    පසු ගිය වසරේ ඩොලර් බිලියන 9.1ක වූ විදේශ සංචිත මෙම සැප්තැම්බරය අග දී ඩොලර් බිලියන 6.8 දක්වා අඩු විය. මෙම වසරේ දී රුපියලේ වටිනාකම සියයට 7.5කින් පහත වැටී ඇති අතර විදේශ ආයෝජකයෝ රුපියල් බැඳුම්කර විකුනා දමමින් සිටිති.

    ශ්‍රී ලංකාව තුල තනි විශාල ම ආයෝජනය වන සීපීසී ව්‍යාපෘතිය, චීනයට මූලෝපායිකව වැදගත් ය. එය බීජීනයේ නාවික සේද මාවතේ කොටසකි, එය කලාපය තුල ඇමරිකානු ආක්‍රමනකාරී පියවරයන් හමුවේ, ඉන්දියානු හා ශාන්තිකර සාගර හරහා තීරනාත්මක බලශක්ති හා අමුද්‍රව්‍ය සැපයීමට ප්‍රවේශයක් සහතික කර ගැනීමේ සැලැස්මකි.

    ඇමරිකාව හා එහි සහචරයෝ, විශේෂයෙන් ම ඉන්දියාව, චීනය සමග රාපක්ෂගේ උනුසුම් සම්බන්ධකම්වලට විරුද්ධ වූහ. මෙම බැඳීම් අවසන් කරන ලෙස ඔහුට කල බලකිරීමේ උත්සාහය අසාර්ථක වීමෙන් පසුව ඔවුහු, ජනවාරියේ දී සිරිසේන මගින් ඔහු ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කලහ. ඇමරිකාව හා ඉන්දියාව විශේෂයෙන් ම සීපීසී වයාපෘතියට විරුද්ධ වුයේ, එය ඉන්දියානු සාගර කලාපයේ ඔවුන්ගේ ආධිපත්‍යයට තර්ජනයක් ලෙස සලකන ලද බැවිනි. පසු ගිය වසරේ දී චීන සබ්මැරීන දෙකක් කොලඹ වරායට සේන්ඳු වූ අවස්ථාවේ දි ඉන්දියාව, ප්‍රසිද්ධියේම සිය කනස්සල්ල ප්‍රකාශ කල අතර සීපීසී ව්‍යාපෘතිය සලකන ලද්දේ, රාජපක්ෂ සමග ඉන්දියානු සම්බන්ධතාවන්ට අවසාන ඇනය ගැසීමක් ලෙස ය.

    යෝජිත වරාය නගරය වනාහි, කොලඹ වරාය ආසන්නයේ සමූද්‍රය ගොඩ කිරීමෙන් අවන්හල්, මහල් නිවාස හා කාර්යාල ගොඩනැගිලි සහිත හෙක්ටයාර් 230ක සංකීර්නයකි. මුල් ගිවිසුමට අනුව, හෙක්ටයාර් 20ක් සින්නක්කර පදනම මත ද සෙස්ස 99 අවුරුදු බදු මත ද වන සේ චීන සමාගම හෙක්ටයාර් 108ක් පාලනය කිරීමට නියමිතව තිබුනි. ඉතිරි හෙක්ටයාර් 125 ශ්‍රී ලංකාවට අයිති වනු ඇත.
    සීපීසී ව්‍යාපෘතියේ බාධක ඉවත් කරන අතර සිරිසේන ආන්ඩුව, චීන සමාගමට කිසිදු ස්ථිර ඉඩම් අයිතියක් නොදීම පිනිස, “සින්නක්කර ඉඩම” වෙනුවට “බදු ඉඩම” යනුවෙන් කොන්දේසි වෙනස් කිරීමට යෝජනා කර ඇත.

    කරුනානායකපැවසුවේ එම සංශෝධනයට එකඟවන ලෙස ආන්ඩුව සමාගමෙන් ඉල්ලා ඇති බව යි. “මෙය රටේ නීතියට අනුරූප ය. විදේශිකයන්ට මෙම රට තුල ඉඩම් අයිති කර ගත නො හැක, සෑම අයෙකු ම එයට බැඳිය යුතු ය.”
    21දා පාර්ලිමේන්තුවේ මතු කරන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ, කොන්දේසිවල වෙනස යලි තහවුරු කලේ ය. ඔහු මෙසේ පැවසී ය: “විදේශ සමාගම්වලට ඔප්පු මත ඉඩම් විකිනීමට හෝ බදු දීමට ඉඩ තියෙනවා, නමුත් අපි විදේශ සමාගම්වලට අයිතිය දීලා නෑ.”

    ආන්ඩුව ව්‍යාපෘතිය සඳහා තව දුරටත් කොන්දේසි නියම කිරීමට, විකල්ප විවෘතව තබනු ඇතැ යි ඉඟිකරමින් වික්‍රමසිංහ මෙසේ ද පැවසී ය: “අපි ඉස්සෙල්ලම පාරිසරික බලපෑම් ඇගයීම පරීක්ෂා කිරීම අවශ්‍යය යි. ශ්‍රී ලංකාවේ වෙරලට මොනයම් හෝ හානියක් වනු දැකීමට අපට අවශ්‍ය නෑ. එවැනි බලපෑම් තියෙනවා නම් අපට යෝජනාව සංශෝධනය කරන්න පුළුවන්.”

    ආසියානු ශාන්තිකර කලාපය තුල චීනයට එරෙහිව වැඩෙන ඇමරිකානු ප්‍රකෝපකාරිත්වය පිටුදැකීමට ශ්‍රී ලංකාව තුල සිය ව්‍යාපෘතිය නැවත ඇරඹීමට චීනය උනන්දුවෙන් සිටියි. සීපීසී ව්‍යාපෘතිය සමග ඉදිරියට යෑමේ සිය කැමත්ත ගැන බීජීනය ඉඟි කර ඇත.

    චීනයේ දකුනු ආසියානු භාගයේ චීන උපදේශක හා අධ්‍යක්ෂ චෙන් ෆෙන්ග් සංචාරක මාධ්‍යවේදීන්ට පැවසුවේ, ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරනය චීන ආන්ඩුව සතුටින් පිලිගන්නා බව යි: “අපි හිතන්නේ කොලඹ වරාය නගරය හා හම්බන්තොට වරාය (චීනය විසින් අරමුදල් සපයන ලද) ශ්‍රී ලංකාවේ සංවර්ධනයට වැදගත්, එය සේද මාවතේ ඉතා වැදගත් කොටසකි. චීනය වේගයෙන් දියුනු වෙමින් සිටිනවා, ශ්‍රී ලංකාව ඇතුළු අපේ අසල්වාසින්ට ඉන් ප්‍රයෝජන ලබා දීමට අපට අවශ්‍යය යි.”

    සීපීසීය තහනම් කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාව තුල ආයෝජන කිරීම පිලිබඳව චීන සමාගම දෙගිඩියා සහගත දැයි විමසූ විට චෙන් පැවසුවේ, චීන ආන්ඩුව ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීමට සමාගම් දිරි ගන්වනු ඇති අතර ඒ පිලිබඳව වැඩි දුරටත් අවස්ථා සොයනු ඇති බව යි.

    කෙසේ නමුත් ගිවිසුමේ වෙනස් කරන ලද කොන්දේසි පිලිබඳව කොලඹ ඉල්ලීම්වලට, බීජීනයේ ප්‍රතිචාර තවමත් දැනගැනීමට නැත. ජ්‍යේෂ්ට චීන නිලධාරියෙකු සවුත් චයිනා මෝනිං පෝස්ට් පත්‍රයට පැවසුවේ, බදු කොන්දෙසි පිලිබඳ සාකච්ඡා සති දෙකකින් අරඹනු ඇති බව යි. “අපට සින්නක්කර ඉඩම් නො දීමට ආන්ඩුවට පීඩනය යෙදීම”සම්බන්ධයෙන් ඔහු ඉන්දියාවට චෝදනා කලේ ය. මෙය අඟවන්නේ සීපීසී හා අනෙකුත් ව්‍යාපෘති වටා වන භූ-මූලෝපායික ආතතීන් විසඳී නොමැති බව යි.


    https://www.wsws.org/sinhala/2016/2016jan/slch-02j.html
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe



    මේක තමයි දේශපාලනය කියන්නේ. අසරණ එළකිරි කීදෙනෙක් මේකේ පොර්ට් සිටි හොද නැහැ කියල ඉස්සර මරාගන්න ආවද?

    නළුවෙක් නොව මොලයක් (අනිත් පැත්තද මන්ද?)
    :yes::yes::yes: අනේද කියන්නෙ ඉස්සර මෙකෙ උන් ඔකට කොච්චර පොර ටොක් දුන්නද , එහෙම පොර ටොක් දුන්න එවුන් වරෙල්ලකො පොඩ්ඩක් මුන බලන්ඩ ආසාවෙ බැ,
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    :yes::yes::yes: අනේද කියන්නෙ ඉස්සර මෙකෙ උන් ඔකට කොච්චර පොර ටොක් දුන්නද , එහෙම පොර ටොක් දුන්න එවුන් වරෙල්ලකො පොඩ්ඩක් මුන බලන්ඩ ආසාවෙ බැ,

    unta dn muna denna be bn.ohoma kiyann epa.:D:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    :yes::yes::yes: අනේද කියන්නෙ ඉස්සර මෙකෙ උන් ඔකට කොච්චර පොර ටොක් දුන්නද , එහෙම පොර ටොක් දුන්න එවුන් වරෙල්ලකො පොඩ්ඩක් මුන බලන්ඩ ආසාවෙ බැ,

    :lol::lol::lol:
    පව් බන්. උන් ටික පහුගිය කලේ හොද ලනු ටිකක් ගිල්ල. දැන් දිරවගන්න බැරිව ඉන්නවා. බුද්දිමත් කට්ටියලුනේ ඉස්සර ITN, RUPAWAHINI බලන්නේ නැති.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol::lol::lol:
    පව් බන්. උන් ටික පහුගිය කලේ හොද ලනු ටිකක් ගිල්ල. දැන් දිරවගන්න බැරිව ඉන්නවා. බුද්දිමත් කට්ටියලුනේ ඉස්සර ITN, RUPAWAHINI බලන්නේ නැති.

    ලොල් නියම බුද්ධිය දැන් ආසවට එකෙක් නැනෙ මචන්, ඔක්කොම හිමිට මාරු වෙලා, කොච්චර කියුවද පබයෙක්ට චන්දෙ දෙන්ඩ එපා කියල, ඒ කාලෙ පොර ටොක් ගම්කට දැන් ගුලට වෙලා ඉන්නව මික නැතුව විලි ලැජ්ජයි.,
     
    • Like
    Reactions: shaminda peiris