නදීෂාට ‘රොමා’ ඇණයක් වෙලා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නදීෂාට ‘රොමා’ ඇණයක් වෙලා

    nadeesha-1.gif

    සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට ඇගේ නිවසට නිතර යන එන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු නිසා පසුගිය කාලයේ ප‍්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

    මෙම මන්තී‍්‍රවරයා ඇගේ නිවසට නිතරම පැමිණෙ#05; බවත්, එසේ පැමිණෙන්නේ ආරක්‍ෂක රථ හා ආරක්‍ෂක නිලධාරීන් පිරිවරාගෙන බවත් පැවසේ.

    නදීෂා මීට පෙර පැලවත්තේ පෙරේරා මාවතේ කුළියට ගෙන තිබූ නිවස අතහැර යන්නට සිදුවූයේද අදාළ තත්ත්වය හේතුවෙන් බවද පැවසේ.

    පෙරේරා මාවතේ පිහිටි නිවසේ හිමිකරුවන් විසින් අදාළ මන්තී‍්‍රවරයාගේ ආරක්‍ෂක රථ හා ආරක්‍ෂක භටයන් අසල් වැසියන්ට කරදරයක්වී ඇති බවත්, එනිසා කරුණාකර පදිංචියට වෙනත් ස්ථානයක් සොයාගන්නා ලෙස පැවසීමෙන් පසුව නදීෂා වර්තමානයේ පදිංචිව සිටින පැලවත්තේ ලියනගේ මාවතේ නිවස සොයාගෙන ඇතැයි වාර්තා වේ.

    ලියනගේ මාවතේ නදීෂා පදිංචිව සිටියද එම මාවතේ නිළියක් සිටින බව කිසිවෙකු නොදන්නා බවත්, එහි සිටින නදීෂාගේ අසල්වාසීන් සිතා සිටින්නේ අදාළ නිවසේ ඇමතිවරයෙකු සිටින බවයැයි ද පැවසේ.

    පසුගිය දිනක නිදීෂා සොයා ගිය කලාකරුවන් පිරිසකට ඇගේ නිවස සොයා ගැනීමට නොහැකිව පැය කිහිපයක් රස්තියාදුවීමට සිදුවී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

    අදාළ මන්තී‍්‍රවරයා බොහෝදෙනෙකු හඳුන්වන්නේ ‘රොමා’ යන අන්වර්ථ නාමයෙන් බවද පැවසේ.

    එසේම මොහු තවත් ජනපි‍්‍රය නිළියක් හා පළාත් සභා මන්තී‍්‍රනියක් සමග නඩු හබයක පැටලීම නිසා ජනපි‍්‍රයත්වයට පත්වූ අයෙකි.

    නදීෂා පසුගිය කාලයේදී වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූයේ තෙලිඟු විත‍්‍රපටයක රඟපෑමේ වරම් ලැබීම නිසාය.

    ඇය මෙලෙස සිය රංගන දායකත්වය සපයා ඇත්තේ ආර්.වී. උයද කුමාර් නැමැති ජනපි‍්‍රය දමිළ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයාගේ ‘මිස්ටර් රාස්කල් ’ චිත‍්‍රපටය සඳහාය.

    ඉදිරි කාලයේදී එම චිත‍්‍රපටය ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ සිනමාහල්වල තිරතවීමට නියමිතය.

    එසේම ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහාද අත ගසා ඇතැයි පැවසේ.

    නදීෂා විසින් නිෂ්පාදනය කරනු ලබන සිය කුළුදුල් ටෙලි නාට්‍යයේ ඇය විසින් ගැටඹි හා මලිති යන ද්විත්ව චරිත නිරූŞ8;ණයක් සිදු කිරීම ද විශේෂිතය.

    මෙම ටෙලි නාට්‍ය ඇත්කඳලිහිණි යනු වෙන් නම් කර තිබේ.

    නදීෂාට රීල් ඇන්ඩ් ට‍්‍රැක් නමින් නිෂ්පාදන හා අලෙවිකරණ ආයතනයක් ද ඇත.

    එම ආයතනය තුළ පසුගිය කාලයේදී ටේ‍්‍රන් ටු කැන්ඩි නමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට චිත‍්‍රපටයක් නිෂ්පාදනය වූ බවත්, දුන්හිඳ අද්දර ටෙලිනාට්‍ය පිටපත ඩී.වී.ඩී. තැටියක් කළ බවත්, ඇය පවසන්නීය.


    216113_10150230796622803_239389452802_8501552_6600407_n.jpg


    nadeesha-hemamalini-%20(5).jpg


    247174_10150259421052803_239389452802_8755335_305649_n.jpg