නදීෂා එජාපයෙන් පංචස්කන්ධ දේශපාලනයට.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නදීෂා එජාපයෙන් පංචස්කන්ධ දේශපාලනයට.

    නදීෂා හේමමාලී එජාපයෙන් පංචස්කන්ධ දේශපාලනයට..!

    (ලංකා ඊ නිව්ස් -2013.දෙසැ.19, ප.ව.5.30) දකුණු ආසියාවේ පංචස්කන්ධ දේශපාලනයට තවත් පිටුවක් පෙරලමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නාරිමාංශ නිරුපිකාවක් ලෙස ප්‍රකට නදීෂා හේමමාලී අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා ය.

    දකුණේ ආණ්ඩු පක්ෂ දේශපාලනයේ කරනම් ගහන නාරිමාංශ නිරූපිකාවන් දෙදෙනෙක් වන ගීතා කුමාරසිංහ සහ අනර්කලී ආකර්ෂා සමග සටන් කිරීමට එජාපය නදීෂා හේමමාලී ලබන දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කිරීමට යන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    එජාපය මීට පෙර මෙවැනිම නාරිමාංශ නිරූපිකාවක් වූ උපේක්ෂා ස්වර්ණමාලී දේශපාලනයට ගෙන ආ අතර ඇය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පවා පරදවා ජයගත්තාය. පසුව මැදමූලන රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට කියා ආණ්ඩුවට එක්වූවාය. ඒ ගණුදෙනුවෙන් ලබා ගත් මුදල් ටික රැගත් ස්වර්ණමාලීගේ විවාහක සැමියා පසුව ඇය අතහැර දැමුවේය.

    විවාහක රූ රැජින ලෙස කිරුළු පලන් රෝසි බර්නඩීන් සේනානායක ද දේශපාලනයට ගෙනාවේ එජාපය ය. වාසනාවකට ඇය පිල් මාරු නොකර එජාපයේම රැඳී සිටින්නීය.

    මොළය ඇතුලේ කිසිවක් නැතත් පංචස්කන්ධයට වශී වී තම ඡන්දය භාවිතා කරන ජහමනයන් පිරිසක් ලංකාවේ සිටිති. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් ගෙන එන බව කියන එජාපය උඩුගං බලා පිහිනන අතර වාරයේ රැල්ල සමග පිහිනීමද අත්හැර නොමැති බව නදීෂාගේ දේශපාලන ආගමනයෙන් පෙන්නුම් කරයි. ආකාර දෙකටම පිහිනා ගංගාව තරණය කළ හැකිදැයි දැන ගැනීමට කාලයක් ගත වනු ඇත.


    1527011_637477462984089_382518208_n.jpg




    මේ හෙඩින් එක දැකල මට මේක පෝස්ට් කරන්ඩ හිතුනේ.හික්x :rofl: