නවතම Honda Hornet 2.0 කරළියට 
මීට වසර 4කට පෙර හොන්ඩා සමාගම විසින් දකුණු ආසියානු යතුරුපැදි වෙලඳපොලට හඳුන්වා දුන් 160 කාණ්ඩයේ යතුරුපැදියක් වන හොනට් 160 හී දෙවන සංස්කරණය ලෙසට Hornet Version 2.0 අද දින ඉන්දියාවේදි නිකුත් කරන ලදි.
184cc තනි සිලින්ඩර වෑල්ව 2ක Programmed Fuel Injection තාක්ෂණය සපිරි එන්ජිමකින් බල ගැන්වෙන මේ යතුරුපැදිය අශ්වබල 17.3ක බලයක් ජණනය කරනු ලබනවා.
මීට අමතරව නවතම පෙණුමකින් නිර්මාණය කර ඇති මේ යතුරුපැදියට Single Channel ABS, නවතම LCD මීටර් පද්ධතියක් මෙන්ම KTM හැර අනෙකුත් කිසිදි 200 ධරිතාවයෙන් පහල යතුරුපැදියක දැකගත නොහැකි USD Suspension ද යොදාගෙන තිබෙනවා එමෙන්ම මේ Suspension රත්රන් වර්ණයෙන් ඇති නිසා වැඩි කැපි පෙනෙන බවකින් යුක්තයි.
ඉන්දියාවේදි ඉන්දියානු රුපියල් ලක්ශ 1.26 එනම් මෙරට මුදලින් රුපියල් ලක්ශ 4කට (බදු රහිත) ආසන්න මුදලකට අලෙවි කිරීමට නියමිතයි. කෙසේ වෙතත් වර්තමානයේ කොවිඩ් තත්වයෙන් පසුව රජය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ හැර අනෙකුත් දේ ගෙන්වීම සීමා කර ඇති පසුබිමක දැඩි යතුරුපැදි සහ අමතර කොටස් හිඟයක්ද ඇති තත්වය යටතේ මේ යතුරුපැදිය මෙරට වෙලඳපොලට සේන්දු වීමට තවත් මාස 6කට ආසන්න කාලයක් ගත වන ඇති බවට අනුමාන කල හැකියි.
Wandi - වණ්ඩි©
උපුටා ගැනීමකි