නවීන ලෝකයේ වහල්ලු
"මෙහි දැක්වෙන්නේ පසු ගිය සතියක ෂැන්ග්‍රිලා හෝටලයේ අතුරුපස සඳහා තැබූ භෝජනයකි!. ඇය අනෙකුත් සියලු දෙනා ආහාර ගෙන අවසන් වන තුරු මෙහි සිනහවෙන් සැරසී සිටිය යුතුය. ඔබ වහලුන් හා වහල් සේවය දැක නැතිනම් මේ ඊට නිදසුනකි. මේ නුතන වහල් සේවයයි. ඇයගේ ශරීරය සහ භෝජනය දෙකක් නොව එකක් බවට පත් වී තිබේ. ඇයව අනුභව කරන්නට ඔබට ඉඩ දී තිබේ! වහල්භාවය යනු ඔබ දෙයක් බවට නැතහොත් ඔබගේ පැවැත්ම භාන්ඩකරණයකට පිරිහෙලීමයි. මේ ස්ත්‍රීන් පවතින්නේ මේසයක්, මේස රෙද්දක්, භෝජනයක් ලෙස මිස ඇත්තටම පැවැත්මක් ලෙස නොවේ. වෙළඳපොළ තුල ඇයව පවතින්නේ භාණ්ඩයක වටිනාකමකිනි. වහලුන් භාණ්ඩකරණයට ලක් කිරීම පිලිබඳ ලියන ස්ටේෆනි ස්මොල්වූඩ් පවසන්නේ "සමාජ වටිනාකමක් නැති මිනිසුන් මිලට ගැනීම ආචාරධර්ම ප්‍රශ්න කිරීමක් හෝ ඒවා කඩ කිරීමක් නොවේ. ඒ වෙනුවට අවස්ථාවට සුදුසු ආකාරයට හා නිවැරදිව ඊට ප්‍රතිචාර දැක්වීමකි. ඇත්ත වශයෙන්ම වෙළඳපොල විසින් ඊට වැඩිමනත් දෙයක් ඔබෙන් අපේක්ෂා නොකරයි" (2007:37).
මේ ස්ත්‍රීන් මෙලෙස සිනා මුසු මුහුණින් සිටින්නේ සිය කැමැත්තෙන් බව යමෙකුට කිව හැකිය. ඇත්ත වශයෙන්ම එය ඇගේ ශරීරය පිළිබඳ, සිය ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට ඇයට ඇති අයිතිය භාවිතයෙහි යෙදවීම යැයි කිව හැකිය. කෙසේ වුවත් එමගින් අපට මග හැරෙන්නේ මෙම කැමැත්ත නිර්මාණය කරන ව්‍යුහයන්ය. එම අදහස විසින් සේවය කරන්නේ එම ව්‍යුහයන් පවත්වාගෙන යන හිංසනීය ව්‍යුහයන්ටය. උදාහරණයක් ලෙසට මුහුණ වසාගෙන හඳින්නට ස්ත්‍රීන්ට තීරණය කරන්නට ඉඩ දිය යුතු යැයි කියන විට අප අමතක කරන්නේ එම තීරණය ගැනීමට නිදහසක් ඇත්තටම තිබෙනවාද නැද්ද යනුයි. ඇයට එසේ නොකොට සමාජයේ ඉන්නට ඇයව පාලනය කරන හර පද්දතිය විසින් ඉඩ ලබා දෙන්නේද යන්නයි.
ඇත්ත වශයෙන්ම මෙම ස්ත්‍රීන්ට තමන් ගැන තීරණයක් ගන්නට නිදහසක් තිබේය යන්න මගින් ඉඟි කරන්නේ මර්ධනය තිබුණු හැම විටෙකම එසේ තිබියදී පීඩිතයා විසින් එයට කැමැත්තෙන් සහමතිය පල කළේය යන්නයි. කෙටියෙන් කිවහොත් ඉතිහාසයේ වහලුන් සිටියේ නැත යන්නයි. මන්ද ඔවුන් වහල් සේවයේ යෙදුනේ ඔවුනගේ කැමැත්ත නොමැතිව නොවේ!!!
වෙළඳපොල මුලික කරගත් ආයතනවල ඇති ත්‍රස්තය වන්නේ එමගින් විශාල පිරිසක් පීඩිතභාවයට පත් කිරීමම නොව එමගින් යම් සමාජයක පීඩිතයා තවදුරටත් අවමානුෂිකකරණයට හා භාණ්ඩකරණයකට ලක් කිරීමය."
Geethika dharmasingheගේ සටහනකි!
ඔය කෙල්ල හිටගෙන ඉන්නව..විශේෂත්වේ ඇදුම මේසේ උඩට තියනවා..අනික කකුලක්වත් පේනවද ඔය කෙල්ලගේ..නෑනේ...කලබ් වල නටන කෙල්ලෝ ඉන්නවා තමන්ගේ ආත්ම ගරුත්වේ තිය න් ඉන්න උන්..ඒ වගේම ගමේ චීත්ත අදින කෙල්ලො ඉන්නවා කැලේ රිංගන...ඒ නිසා ඇදුමෙන් ආත්ම ගරුත්වේ රකිනවද කියලා බලනවා නම් ඒක ෆේල්
"මෙහි දැක්වෙන්නේ පසු ගිය සතියක ෂැන්ග්‍රිලා හෝටලයේ අතුරුපස සඳහා තැබූ භෝජනයකි!. ඇය අනෙකුත් සියලු දෙනා ආහාර ගෙන අවසන් වන තුරු මෙහි සිනහවෙන් සැරසී සිටිය යුතුය. ඔබ වහලුන් හා වහල් සේවය දැක නැතිනම් මේ ඊට නිදසුනකි. මේ නුතන වහල් සේවයයි. ඇයගේ ශරීරය සහ භෝජනය දෙකක් නොව එකක් බවට පත් වී තිබේ. ඇයව අනුභව කරන්නට ඔබට ඉඩ දී තිබේ! වහල්භාවය යනු ඔබ දෙයක් බවට නැතහොත් ඔබගේ පැවැත්ම භාන්ඩකරණයකට පිරිහෙලීමයි. මේ ස්ත්‍රීන් පවතින්නේ මේසයක්, මේස රෙද්දක්, භෝජනයක් ලෙස මිස ඇත්තටම පැවැත්මක් ලෙස නොවේ. වෙළඳපොළ තුල ඇයව පවතින්නේ භාණ්ඩයක වටිනාකමකිනි. වහලුන් භාණ්ඩකරණයට ලක් කිරීම පිලිබඳ ලියන ස්ටේෆනි ස්මොල්වූඩ් පවසන්නේ "සමාජ වටිනාකමක් නැති මිනිසුන් මිලට ගැනීම ආචාරධර්ම ප්‍රශ්න කිරීමක් හෝ ඒවා කඩ කිරීමක් නොවේ. ඒ වෙනුවට අවස්ථාවට සුදුසු ආකාරයට හා නිවැරදිව ඊට ප්‍රතිචාර දැක්වීමකි. ඇත්ත වශයෙන්ම වෙළඳපොල විසින් ඊට වැඩිමනත් දෙයක් ඔබෙන් අපේක්ෂා නොකරයි" (2007:37).
මේ ස්ත්‍රීන් මෙලෙස සිනා මුසු මුහුණින් සිටින්නේ සිය කැමැත්තෙන් බව යමෙකුට කිව හැකිය. ඇත්ත වශයෙන්ම එය ඇගේ ශරීරය පිළිබඳ, සිය ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට ඇයට ඇති අයිතිය භාවිතයෙහි යෙදවීම යැයි කිව හැකිය. කෙසේ වුවත් එමගින් අපට මග හැරෙන්නේ මෙම කැමැත්ත නිර්මාණය කරන ව්‍යුහයන්ය. එම අදහස විසින් සේවය කරන්නේ එම ව්‍යුහයන් පවත්වාගෙන යන හිංසනීය ව්‍යුහයන්ටය. උදාහරණයක් ලෙසට මුහුණ වසාගෙන හඳින්නට ස්ත්‍රීන්ට තීරණය කරන්නට ඉඩ දිය යුතු යැයි කියන විට අප අමතක කරන්නේ එම තීරණය ගැනීමට නිදහසක් ඇත්තටම තිබෙනවාද නැද්ද යනුයි. ඇයට එසේ නොකොට සමාජයේ ඉන්නට ඇයව පාලනය කරන හර පද්දතිය විසින් ඉඩ ලබා දෙන්නේද යන්නයි.
ඇත්ත වශයෙන්ම මෙම ස්ත්‍රීන්ට තමන් ගැන තීරණයක් ගන්නට නිදහසක් තිබේය යන්න මගින් ඉඟි කරන්නේ මර්ධනය තිබුණු හැම විටෙකම එසේ තිබියදී පීඩිතයා විසින් එයට කැමැත්තෙන් සහමතිය පල කළේය යන්නයි. කෙටියෙන් කිවහොත් ඉතිහාසයේ වහලුන් සිටියේ නැත යන්නයි. මන්ද ඔවුන් වහල් සේවයේ යෙදුනේ ඔවුනගේ කැමැත්ත නොමැතිව නොවේ!!!
වෙළඳපොල මුලික කරගත් ආයතනවල ඇති ත්‍රස්තය වන්නේ එමගින් විශාල පිරිසක් පීඩිතභාවයට පත් කිරීමම නොව එමගින් යම් සමාජයක පීඩිතයා තවදුරටත් අවමානුෂිකකරණයට හා භාණ්ඩකරණයකට ලක් කිරීමය."
Geethika dharmasingheගේ සටහනකි!
mata nan kannath epa wuna

ඒසී එක යට හොඳට ඉඳගෙන ඉඳල කාටත් කරදරයක් නැතුව උන් කීයක්හරි හොයාගත්තම මක් වෙනවද.

unge yatin aniwa trouser ekak athi.. table eka nisa penne na.. 