මම කලින් මෙයාගේ නිර්මාණ දැකලා තියනවා. ගොඩක් දක්ෂයෙක්. නමුත් මුලින් හැමෝම කිව්වා වගේ සමාජයේ රස වින්දනය අද බොහොම පහත් තැනක තියෙන්නේ. ඉතාම සුළුතරයක් විතරයි උසස් රස වින්දන පිපාසාවකින් පෙළෙන්නේ. මිනිහගේ මොලය ඕනේ දේකට train කරන්න පුළුවන්. FM radio, visual වලින් කරන්නේ ඒකයි. ඕනෙම ජරාවක් රසයි කියල විඳින්න මොළේට බලපෑම් කරනවා උදේ හවස. මිනිස්සුත් ඇහෙන හන්ද අහගෙන ඉන්නවා. රස වින්දනය කියන දේ ගැන හැඟීමක් ඇත්තේ නැහැ.ඕක තමයි සල්ලි පස්සේ දුවන සමාජයේ යථාර්තය. ඒත් ඉතින් කවදා කොතැනදී හෝ හරි දේ කරන දක්ෂයාට සුදුසු තැන ලැබෙනවයි කියන දේ මම විශ්වාස කරනවා...බෙදා ගත්තට ගොඩක් ස්තුතියි මල්ලි.
අනිත් එවා හොදයි කන පැලෙන්න ගහල ඉන්න වෙලාවට.
අලුත් පරපුරේ දක්ෂ වැඩක් කරන්න පුළුවන් කට්ටිය නෑ කියන්න බෑ.. ඒගොල්ලෝ FM channel වලට ඕනේ විදියට market වෙන්නේ නෑ ඒකයි වැඩිය ඇහෙන්නේ නැත්තේ.. එත් කොච්චර සංගීත ප්‍රසංග තියනවද ඒගොල්ලෝ.. ඒවාට ගිහින් හරි සහයක් දක්වන්න ඕනේ ඒ අයට ඒ සින්දු FM වල ඇහෙන්නේ නෑ කියල බැන බැන ඉන්නවට වඩා..
මුගෙත් මචන් ටිකක් කේමදාස මාස්ටර්ගෙ මියුසික් වල එන හුරුවක් තියනව වගේ. මම කලින් මෙක කියවල විතරයි ගියේ, අද තමා ටිකක් අහල බැලුවේ. නිදහසේ පස්සේ අහන්න ඔනේ. කොහොමත් මම කැමතිම නොමල් මියුසික් වලට තමා.අනිත් එවා හොදයි කන පැලෙන්න ගහල ඉන්න වෙලාවට.
![]()

සිරි සිරිමල් එකේ සංගීතයට මාත් ආසයි.මම දන්න විදියට දිනේෂ් සුභසිංහ පල්ලියේ ගීතිකා කණ්ඩායමෙන් තමයි මුලින්ම සංගීතය පටන් ගත්තේ පස්සේ කේමදාස මාස්ටර්ගේ වාදක මණ්ඩලයේ වැඩ කලා. ඒ විතරක් නෙමේ පසු කාලයේ කේමදාස මාස්ටර්ගේ සංගීත පටිගත කිරිම් බොහොමයක් කලේ දිනේෂ් සුභසිංහගේ මීගමුවේ ශබිදාගාරයේ තමයි. මාස්ටර් කොළඹ ඉදන් මීගමුවට යනවා සංගීත පටිගත කිරිම් වලට.
දිනෙෂ් ට අවස්ථාවක් ලැබුනා A.R. රහුමාන්ගේ සංගීත ඇකඩමියේ සංගීත හදාරන්න මම හිතන්නේ අවුරුදු 2 හෝ 3 පුර්ණ කාලීනව A.R. රහුමාන් සංගීත ඇකඩමියේ සංගීතය හැදෑරුවා.
මම හිතන්නේ දිනේෂ් ගොඩක් දක්ෂ පසුබිම් සංගීත නිර්මාණයට කියලා උඹට මතක ඇති "සිරි සිරිමල්" කියන ටෙලි නාට්‍ය එකේ සංගීතය කලේ දිනේෂ් මම ගොඩක් ආස කරනවා ඒකේ තේමා සංගීතයට හරිම අපුරු නිර්මාණයක්
දිනේෂ් කියන්නේ දක්ෂ සංගීත ශිල්පියෙක් නමුත් ඔහුගේ යම් යම් භාවිතයන්, ආකල්ප, මැදිහත්විම් සම්බන්ධයෙන් මගේ කිසිම ප්‍රසාදයක් නැති බවත් කියන්න ඕනෑ
මේ දවස්වලත් රෑ 9 ට මොකක් හරි ටෙලිනාට්‍යක් යනවා දිනේෂ් මියුසික් කරපු. අපේ රටේ සංගීතයේ බොහෝ දෙනෙක් මාස්ටර් යනුවෙන් හදුන්වන්නේ අමරදේවයන් හා ප්‍රේමසිරි කේමදාසයන් යන දැවැන්තයින්වයි.





) - එදා හිටිය බර්මාන්ලා (SD, RD), ලක්ශිමිකාන්ත්ලා පෙයර්ලාල්ල, කල්යන්ජි ආනන්ද්ජිලා වගේ නිර්මානශීලී සහා ශාස්ත්‍රය පතුලටම දැනගෙන ඒක තම නිර්මාන වලට යොදා ගන්න අය අඩුයි



මමත් නදීකට ගොඩක් ගරු කලා - නදීක හැබැයි දුටුගැමුනු එකේ ටයිටල් මියුසික් එක එම්පයර් අර්ත් ගේම් එකෙන් කොපි කරපු නිසා ඒ පැහැදීම අඩුවෙලා ගියාමේ කතාවට මමත් එකඟයි.. ලහිරු පෙරේරා සනුකට කලා වගේ මුටත් වෙන්නේ.. හැබැයි පෞද්ගලිකව මට නදීක ගුරුගේ හොඳයි මේ බුවාට වඩා.. නදීකගේ සංගීතයේ අත්හදාබැලීම් මිනිහගේ හඬේ පෞරුෂත්වය වැඩි..
- කොපි කරපු එකට (ඊටත් වඩා) නෙවෙයි ඒ හඩ සිංහල රජ කතාවකට කොහෙත්ම නොගැලපෙන නිසා.
මමත් නදීකට ගොඩක් ගරු කලා - නදීක හැබැයි දුටුගැමුනු එකේ ටයිටල් මියුසික් එක එම්පයර් අර්ත් ගේම් එකෙන් කොපි කරපු නිසා ඒ පැහැදීම අඩුවෙලා ගියා- කොපි කරපු එකට (ඊටත් වඩා) නෙවෙයි ඒ හඩ සිංහල රජ කතාවකට කොහෙත්ම නොගැලපෙන නිසා.
බලමු නදීක ඉස්සරහට මොකද කරන්නේ කියලා අනිවාර්යයෙන් නදීක දිනේශ්ට වඩා නම් ගොඩක් ඉහලින් ඉන්නේ![]()
ඒ theme song එකේ link එකක් දීපන්කො.. නදීකගේ ලේලැසියේ ඇහුවද? අහපු පට්ටම එක