නව පරපුරේ මාස්ටර්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මතකයි දිනේශ් ස්වර්නවාහිනියට ඇවිල්ලා වයොලින් වාදනයක් කලා දැනට සෑහෙන කාලයකට කලින්. ඒ තමයි එයා ක්ෂේත්‍රයට ආපුම කාලේ... ඈම් ඕල්සොඅ අ ගුඩ් ෆෑන් ඔෆ් හිම්.

    ස්තූතියි මේ දක්ශයා ගැන ත්‍රෙඩ් එකක් දැම්මට:yes:

    රේප් +:cool:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම කලින් මෙයාගේ නිර්මාණ දැකලා තියනවා. ගොඩක් දක්ෂයෙක්. නමුත් මුලින් හැමෝම කිව්වා වගේ සමාජයේ රස වින්දනය අද බොහොම පහත් තැනක තියෙන්නේ. ඉතාම සුළුතරයක් විතරයි උසස් රස වින්දන පිපාසාවකින් පෙළෙන්නේ. මිනිහගේ මොලය ඕනේ දේකට train කරන්න පුළුවන්. FM radio, visual වලින් කරන්නේ ඒකයි. ඕනෙම ජරාවක් රසයි කියල විඳින්න මොළේට බලපෑම් කරනවා උදේ හවස. මිනිස්සුත් ඇහෙන හන්ද අහගෙන ඉන්නවා. රස වින්දනය කියන දේ ගැන හැඟීමක් ඇත්තේ නැහැ.ඕක තමයි සල්ලි පස්සේ දුවන සමාජයේ යථාර්තය. ඒත් ඉතින් කවදා කොතැනදී හෝ හරි දේ කරන දක්ෂයාට සුදුසු තැන ලැබෙනවයි කියන දේ මම විශ්වාස කරනවා...බෙදා ගත්තට ගොඩක් ස්තුතියි මල්ලි.

    FM radio, visual වලින් කරන්නෙ නම් ජරාවට මොල ට්‍රේන් කරන එක තමයි අක්කේ. ඒකනේ දැන් කොල්ලෝ කෙල්ලෝ මෙලෝ ගුණයක් නැතුව යන සිංදු අහන්න පුරුදු වෙලා ඉන්නේ. අනික දැන් ඉන්න කොල්ලෝ කෙල්ලංටත් වඩා ගෑනු ලමයි වගේ. මුං බලන්නේ පව්ඩර් බබා ලා වගේ මියුසික් වීඩියෝ වල පේන විදිහට ජීවත් වෙන්න තමයි.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම දන්න විදියට දිනේෂ් සුභසිංහ පල්ලියේ ගීතිකා කණ්ඩායමෙන් තමයි මුලින්ම සංගීතය පටන් ගත්තේ පස්සේ කේමදාස මාස්ටර්ගේ වාදක මණ්ඩලයේ වැඩ කලා. ඒ විතරක් නෙමේ පසු කාලයේ කේමදාස මාස්ටර්ගේ සංගීත පටිගත කිරිම් බොහොමයක් කලේ දිනේෂ් සුභසිංහගේ මීගමුවේ ශබිදාගාරයේ තමයි. මාස්ටර් කොළඹ ඉදන් මීගමුවට යනවා සංගීත පටිගත කිරිම් වලට.

    දිනෙෂ් ට අවස්ථාවක් ලැබුනා A.R. රහුමාන්ගේ සංගීත ඇකඩමියේ සංගීත හදාරන්න මම හිතන්නේ අවුරුදු 2 හෝ 3 පුර්ණ කාලීනව A.R. රහුමාන් සංගීත ඇකඩමියේ සංගීතය හැදෑරුවා.

    මම හිතන්නේ දිනේෂ් ගොඩක් දක්ෂ පසුබිම් සංගීත නිර්මාණයට කියලා උඹට මතක ඇති "සිරි සිරිමල්" කියන ටෙලි නාට්‍ය එකේ සංගීතය කලේ දිනේෂ් මම ගොඩක් ආස කරනවා ඒකේ තේමා සංගීතයට හරිම අපුරු නිර්මාණයක්

    දිනේෂ් කියන්නේ දක්ෂ සංගීත ශිල්පියෙක් නමුත් ඔහුගේ යම් යම් භාවිතයන්, ආකල්ප, මැදිහත්විම් සම්බන්ධයෙන් මගේ කිසිම ප්‍රසාදයක් නැති බවත් කියන්න ඕනෑ
     
    • Like
    Reactions: Mr.Tom

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    අලුත් පරපුරේ දක්ෂ වැඩක් කරන්න පුළුවන් කට්ටිය නෑ කියන්න බෑ.. ඒගොල්ලෝ FM channel වලට ඕනේ විදියට market වෙන්නේ නෑ ඒකයි වැඩිය ඇහෙන්නේ නැත්තේ.. එත් කොච්චර සංගීත ප්‍රසංග තියනවද ඒගොල්ලෝ.. ඒවාට ගිහින් හරි සහයක් දක්වන්න ඕනේ ඒ අයට ඒ සින්දු FM වල ඇහෙන්නේ නෑ කියල බැන බැන ඉන්නවට වඩා..
     
    • Like
    Reactions: Mr.Tom

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මුගෙත් මචන් ටිකක් කේමදාස මාස්ටර්ගෙ මියුසික් වල එන හුරුවක් තියනව වගේ. මම කලින් මෙක කියවල විතරයි ගියේ, අද තමා ටිකක් අහල බැලුවේ. නිදහසේ පස්සේ අහන්න ඔනේ. කොහොමත් මම කැමතිම නොමල් මියුසික් වලට තමා.:) අනිත් එවා හොදයි කන පැලෙන්න ගහල ඉන්න වෙලාවට.:lol:

    09115e597def.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුත් පරපුරේ දක්ෂ වැඩක් කරන්න පුළුවන් කට්ටිය නෑ කියන්න බෑ.. ඒගොල්ලෝ FM channel වලට ඕනේ විදියට market වෙන්නේ නෑ ඒකයි වැඩිය ඇහෙන්නේ නැත්තේ.. එත් කොච්චර සංගීත ප්‍රසංග තියනවද ඒගොල්ලෝ.. ඒවාට ගිහින් හරි සහයක් දක්වන්න ඕනේ ඒ අයට ඒ සින්දු FM වල ඇහෙන්නේ නෑ කියල බැන බැන ඉන්නවට වඩා..

    දක්ෂයන්ට අත දෙන්න කෙනෙක් නැති එකත් ලොකු කේස් එකක් තමයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුගෙත් මචන් ටිකක් කේමදාස මාස්ටර්ගෙ මියුසික් වල එන හුරුවක් තියනව වගේ. මම කලින් මෙක කියවල විතරයි ගියේ, අද තමා ටිකක් අහල බැලුවේ. නිදහසේ පස්සේ අහන්න ඔනේ. කොහොමත් මම කැමතිම නොමල් මියුසික් වලට තමා.:) අනිත් එවා හොදයි කන පැලෙන්න ගහල ඉන්න වෙලාවට.:lol:

    09115e597def.gif

    මූ ඉස්සරහට තව පරිනත වෙනකොට තවත් මියුසික් පැත්ත දියුනුවෙයි මචං. තාම මූට වයස 35 යි නේ. ඒ වයසට මේ කරල තියන දේවල් දැක්කම මුගේ අනාගතය ගැන සතුටු වෙන්න පුලුවන්.:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දන්න විදියට දිනේෂ් සුභසිංහ පල්ලියේ ගීතිකා කණ්ඩායමෙන් තමයි මුලින්ම සංගීතය පටන් ගත්තේ පස්සේ කේමදාස මාස්ටර්ගේ වාදක මණ්ඩලයේ වැඩ කලා. ඒ විතරක් නෙමේ පසු කාලයේ කේමදාස මාස්ටර්ගේ සංගීත පටිගත කිරිම් බොහොමයක් කලේ දිනේෂ් සුභසිංහගේ මීගමුවේ ශබිදාගාරයේ තමයි. මාස්ටර් කොළඹ ඉදන් මීගමුවට යනවා සංගීත පටිගත කිරිම් වලට.

    දිනෙෂ් ට අවස්ථාවක් ලැබුනා A.R. රහුමාන්ගේ සංගීත ඇකඩමියේ සංගීත හදාරන්න මම හිතන්නේ අවුරුදු 2 හෝ 3 පුර්ණ කාලීනව A.R. රහුමාන් සංගීත ඇකඩමියේ සංගීතය හැදෑරුවා.

    මම හිතන්නේ දිනේෂ් ගොඩක් දක්ෂ පසුබිම් සංගීත නිර්මාණයට කියලා උඹට මතක ඇති "සිරි සිරිමල්" කියන ටෙලි නාට්‍ය එකේ සංගීතය කලේ දිනේෂ් මම ගොඩක් ආස කරනවා ඒකේ තේමා සංගීතයට හරිම අපුරු නිර්මාණයක්

    දිනේෂ් කියන්නේ දක්ෂ සංගීත ශිල්පියෙක් නමුත් ඔහුගේ යම් යම් භාවිතයන්, ආකල්ප, මැදිහත්විම් සම්බන්ධයෙන් මගේ කිසිම ප්‍රසාදයක් නැති බවත් කියන්න ඕනෑ
    සිරි සිරිමල් එකේ සංගීතයට මාත් ආසයි. :) මේ දවස්වලත් රෑ 9 ට මොකක් හරි ටෙලිනාට්‍යක් යනවා දිනේෂ් මියුසික් කරපු.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අපේ රටේ සංගීතයේ බොහෝ දෙනෙක් මාස්ටර් යනුවෙන් හදුන්වන්නේ අමරදේවයන් හා ප්‍රේමසිරි කේමදාසයන් යන දැවැන්තයින්වයි.

    හොද ලිපියක් මචන්!
    මම මගෙ පෞද්ගලික මතය කියන්නම්, මට පොරත් එක්ක කිසිම අමනාපයක් නෑ සහ මට මූ සමග කිසිම විදිහක ඇදුනුම් කමක් ඇත්තෙත් නෑ:baffled:
    මට මුලින් දිනේශ් සුබසිංහ කියන කලා කාරයගේ ගීයක් ඇහෙන්නේ මේ ආදරද ගීතය
    පොරගේ ගෲප් එකක් ඒක කීවෙ. මම අදටත් ඒ ගීතයට ආසයි:yes::love:
    මිනිහා ගොඩක් දක්ශතාවය තියන කෙනෙක් අනිවාර්යයෙන්. හැබයි එයා එයාව ප්‍රමෝට් කරගන්න කරන දේවල් වලට මගේ පැහැදීමක්නම් නෑ - රහමාන්ගේ ගෝල කතාව ගැන දන්නෝ දනිති -:dull:
    රහමාන් කියන්නේ ශ්‍රේෂ්ඨ පරන බටහිර කලාකාරයන්ගේ මියුසික් වල කෑලි තැනින් තැන අරන් මිශ්‍ර කරලා අලුත් දේවල් හදන කෙනෙක්. එයා දක්ශයෙක් සහ මාරම බුද්දිමත් කෙනෙක්, එයා කොපි කරන්නේ ගෙඩි පිටින් නෙවෙයි. චූටි කෑලි. ඒවා දක්ශතාව නිසා නියමෙට එකට මුහු කරනවා - අඩුපාඩු නැතිවෙන්න!:rolleyes:
    අද ඉන්දියාව එයාට ඔය තරම් පිදුම් දෙන්නෙ ඔය තරමටවත් ලගින් යන ශෂ්ත්‍රීය සංගීතෙ යොදා ගන්න අය අඩු නිසා - අද ඉන්න හුගක් ඉන්ඩියන් මියුසිශියන්ලා හරියට අපේ සමහර අය වගේ (සංගීත නිර්මාණ වෙනුවට මියුසික් ට්‍රැක් හදන ගොයියලා:growl:) - එදා හිටිය බර්මාන්
    ලා (SD, RD), ලක්ශිමිකාන්ත්ලා පෙයර්ලාල්ල, කල්යන්ජි ආනන්ද්ජිලා වගේ නිර්මානශීලී සහා ශාස්ත්‍රය පතුලටම දැනගෙන ඒක තම නිර්මාන වලට යොදා ගන්න අය අඩුයි:no:
    අනික දිනෙෂ්ව කේමදාස මාස්ටර් ලගින් (හෝ ඒ කුලකයේ පහලින්වත් දැනට) තියන එක නම් කීයටවත් අනුමත කරන්න බැ. ඇත්ත ගත්තොත් කේමදාස මාස්ටර් ඔය රහමාන්ටත් වඩා හපනෙක්, කරුමෙට ඉපදුනේ ලංකාවෙ - ලංකාවට අපහාසයක් නෙවෙයි මම කලේ අපේ කුඩා වපසරිය ඇතුලේ එයාගේ දක්ශකම් පෙන්වන්න ඉඩ මදි - පෙන්නුවත් ඒකට ලෝකප්‍රසිද්ධියක් ලැබෙන්න අවස්ථව නෑ. (කවදහරි දවසක මේ දිනේශුත් හැබැ දක්ශයෙක් වුන දවසට එයාටත් ඔය බැරියර් එක හමු වේවි )
    අනික දිනේශ් තවම කරලා තියෙන්නෙ සොච්චමයි ඒවාගේ එයාගේ අනන්යතාව කියන දෙයක්නම් මට හමුවෙලා නෑ - හැබැයි එයා අපේ තරුන හොද සංගීතඥයෝ ගොඩට දාන්න පුලුවන්
    දිනේශ් එයාව ඔය මාර්කට් කරගන්න දගලන්නේ නැතිව සංගීතය හරියට කරනවා නම්, කවදහරි දවසක හැමෝම එයාට උතුම් පුද්ගලයෙක් කියලා කියන්න ගනීවි
    ඕනවට වඩා ප්‍රේයිස් කරන්න තවම කල් වැඩියි මචන් -(එහෙම කලොත් ඔහුව නරක්වෙයි දියුනුවට වඩා) - ඔහු තාම කරලා තියන වැඩ සොච්චමයි - කියන තරම් ලොකු අනන්‍යතාවක් නම් මම හිතන්නෙ නැ තවම ඇතියි කියලා:nerd:
    අද ඉන්න ගොඩේ සැබැ අනන්‍යතාවක් එක්ක හැබෑ දක්ශකමක් තියෙන්නේ කසුන් කලහාරට විතරයි - දිනේශ් තවම කසුන් එක්කවත් සසදන්න අමාරුයි මටනම්:rolleyes:
    අනික සංගීතය ගත්තහම නාද්‍රොලා වුනත් හොද අනන්‍යතාවක් එක්ක යනවා
    (මේ දිනෙශ්ට ගැරහීමක් නොවෙයි )

    සුබ පතනවා දිනක ශ්‍රේෂ්ඨයෙක් වෙන්න කියලා:D
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    මේ කතාවට මමත් එකඟයි.. ලහිරු පෙරේරා සනුකට කලා වගේ මුටත් වෙන්නේ.. හැබැයි පෞද්ගලිකව මට නදීක ගුරුගේ හොඳයි මේ බුවාට වඩා.. නදීකගේ සංගීතයේ අත්හදාබැලීම් මිනිහගේ හඬේ පෞරුෂත්වය වැඩි..
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේ කතාවට මමත් එකඟයි.. ලහිරු පෙරේරා සනුකට කලා වගේ මුටත් වෙන්නේ.. හැබැයි පෞද්ගලිකව මට නදීක ගුරුගේ හොඳයි මේ බුවාට වඩා.. නදීකගේ සංගීතයේ අත්හදාබැලීම් මිනිහගේ හඬේ පෞරුෂත්වය වැඩි..
    මමත් නදීකට ගොඩක් ගරු කලා - නදීක හැබැයි දුටුගැමුනු එකේ ටයිටල් මියුසික් එක එම්පයර් අර්ත් ගේම් එකෙන් කොපි කරපු නිසා ඒ පැහැදීම අඩුවෙලා ගියා :oo:- කොපි කරපු එකට (ඊටත් වඩා) නෙවෙයි ඒ හඩ සිංහල රජ කතාවකට කොහෙත්ම නොගැලපෙන නිසා.
    බලමු නදීක ඉස්සරහට මොකද කරන්නේ කියලා අනිවාර්යයෙන් නදීක දිනේශ්ට වඩා නම් ගොඩක් ඉහලින් ඉන්නේ:D
     
    Last edited:

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth

    මමත් නදීකට ගොඩක් ගරු කලා - නදීක හැබැයි දුටුගැමුනු එකේ ටයිටල් මියුසික් එක එම්පයර් අර්ත් ගේම් එකෙන් කොපි කරපු නිසා ඒ පැහැදීම අඩුවෙලා ගියා :oo:- කොපි කරපු එකට (ඊටත් වඩා) නෙවෙයි ඒ හඩ සිංහල රජ කතාවකට කොහෙත්ම නොගැලපෙන නිසා.
    බලමු නදීක ඉස්සරහට මොකද කරන්නේ කියලා අනිවාර්යයෙන් නදීක දිනේශ්ට වඩා නම් ගොඩක් ඉහලින් ඉන්නේ:D

    ඒ theme song එකේ link එකක් දීපන්කො.. නදීකගේ ලේලැසියේ ඇහුවද? අහපු පට්ටම එක
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඒ theme song එකේ link එකක් දීපන්කො.. නදීකගේ ලේලැසියේ ඇහුවද? අහපු පට්ටම එක

    කිරියෙම තිබුනා නූලක් - ඉන්නකො...
    Gotta....

    දුටු ගැමුණු ෆිල්ම් එකේ

    http://www.elakiri.com/forum/showpost.php?p=17927969&postcount=56

    මේ එම්පයර් අර්ත් එකේ

    http://www.elakiri.com/forum/showpost.php?p=17929516&postcount=67