උපාසක ගෙදර නසරානියා - Nissan GT-R
ඔන්න එකමත් එක කාලෙක පිටිසරබද ගම්මානෙක උපාසක ගෙදරක් තිබුණා. මේ ගෙදර මිනිස්සු ඕන වෙලාවක බැලුවොත් පන්සලේ. ඒ වගේම කාටවත් බොරු සද්ද දැමිලි, රණ්ඩු කිරිලි මෙයාලගේ නෑ. ගමේ කවුරුත් කිව්වේ මෙයාලා හරි හොඳ මිනිස්සු කියලා තමා. මෙයාලට ඉපදුණු දරුවොත් මෙයාලා වගේම හරිම සන්සුන්, පාඩුවේ ඉන්න, මදුරුවෙක් වත් නොමරන මිනිස්සු. ඉඳලා හිටලා පොඩ්ඩක් දඟලපු කොල්ලෙක් කෙල්ලෙක් හිටියත් මෙයාලා ඒ ගැන වැඩිය පිටට ආරංචි වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඔය අතරේ 1969 දී විතර මේ පවුලේ ඉස්සරට වැඩිය බරපතළ දඟයෙක් උපන්නා. මූ ගැනත් ගමේ එච්චර කතාබහක් තිබ්බේ නෑ. මූ ඔහේ උගේ පාඩුවේ සතෙක් මරාගෙන, එකෙක්ගේ දෙන්නෙක්ගේ හොම්බට ඇනගෙන ජීවත් වුණා. ඔහොම දශක දෙකතුනක් ගියාම 2007 දී මූටත් පුතෙක් උපන්නා. පුතණ්ඩියා වැඩ පටන්ගත්තේ ගමටම සද්දේ දාලා. දැන් නම් ගමම පුතණ්ඩියට බයයි වගේ. ගමේ මිනිස්සු අහනවා ඇවිදින එකත් පොළොවට නොදැනෙන්න ඇවිද්ද පවුලකට කොහොමද මේ වගේ එකෙක් උපන්නේ කියලා...
පුතණ්ඩියගේ නම Nissan GT-R...
(අනතුරු ඇඟවීම: ජනකතාව අවසානයි. මෙතනින් එහාට තියන දේවල් බෝරිං නොවෙන්නේ GTR එකක් දෙනවා කිව්වොත් පිටකොටුවේ 24/7 මුට්ට කරගහන්න වුණත් ලෑස්ති අපි වගේ හාල්පාරුවන්ට විතරයි)
මේ දවස්වල කාර් ලෝකයේ හැමෝම කතාකරන්නේ GT-R එක ගැන. මේ කාර් එකේ අලුත්ම වර්ෂන් එක සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ මාකට් එකට එනවා. මේ ගැන රිවීව් එකක් ලියන 'ඔටෝ කාර් ඉන්දියා' එකේ Hormazd Sorabjee (මෙයාගේ නම සිංහලෙන් ලියන්න මම දන්නේ නෑ. හින්දි ෆෑන්ස්ලා කමත්වා!) දකුණු ආසියානු කලාපයේ ළිංවලට වෙලා ජීවත් වෙන අපි බොහෝ දෙනෙකුගේ හිතට නැගෙන ප්‍රශ්නයක් අකුරුවලට නගනවා. එයා කියන්නේ Nissan GT-R එකට ඉන්දියාවේ කරන්න වෙලා තියෙන්නේ සනී සහ මයික්‍රා වගේ (ජරා) කාර් හදන සමාගමකට මේ වගේ සුපිරි වැඩත් කරන්න පුළුවන් කියලා ඔප්පු කරන එකයි කියලා ('ජරා' කතාව මගේ). ඒ කියන්නේ උපාසක ගෙදර නසරානියෙක් ඉපදිලා කියලා ලවුඩ්ස්පීකර් දාලා කියන එක තමයි.
Nissan GT-R එක 2007 දී ආවට ඇත්තටම ඔරිජිනල් Nissan Skyline GTR එක ආවේ 1969 දී. Skyline කියන නම මුලින් Prince කියන කාර් කොම්පැනියට අයිති වෙලා තිබුණු නමක්. මුලින් ස්වාධීන කොම්පැනියක් හැටියට තිබුණු ප්‍රින්ස් එක පස්සේ Nissan-Datsun සමාගමට අයිති වුණා. GTR එක ඉස්සරලාම ආවේ දොර 4 කාර් එකක් විදිහට, අශ්ව බල 160 ක 2.0 L DOHC එන්ජිමක් එක්ක. GTR කියන්නේ Gran Turismo Racer කියන එක කෙටි කිරීමක්.
Skyline GTR එක 5th Generation එක වෙද්දී සම්පූර්ණ වෙනස් කාර් එකක්. ඒක ඉස්සරලාම මාකට් එකට ආවේ 1999 දී. ඒක ඇමරිකාවට ආවේ 2568cc inline 6 cylinder twin turbo එන්ජිමක් එක්ක කියලා gtrnissanskyline.com වෙබ් අඩවියේ තියනවා. දොර 2 යි. පවර් එක 205.8 kw / 276.0 bhp @ 6800 rpm. මේවා ලංකාවෙත් 'සමහරු' ගාව තිබුණු සහ තියන නිසා ලංකාවේ අයට මේක අමුත්තක් නැහැ.
2002 අවුරුද්දෙන් පස්සේ මේක හදන එක නිසාන් සමාගම නැවැත්තුවා. මේ කාර් එකට එතකොටත් මරාගෙන මැරෙන fan club එකක් තිබුණු නිසා කට්ටිය ඒ ගැන හිටියේ බොහොම දුකෙන්. මේ වෙනකොට නිසාන් හිටියේ ලොකු මූල්‍ය අර්බුදයක.
1996 දී Carlos Ghosn කියන කෙනා Renault සමාගමට එකතුවුණා. 1999 දී තමයි Ranult-Nissan Alliance එක ආරම්භ වුණේ. මේක ක්‍රමෝපායික හවුල්කාරීත්වයක්. ඒ කියන්නේ strategic partnership එකක්. Ghosn ටික කාලෙකින් මේ සමාගම් දෙකේ ප්‍රධාන විධායක නිලධාරියා විදිහට පත්වුණා. මැරෙන්න ගිය නිසාන් එකට පණ දුන්නේ මේ Ghosn. මේ නිසා 'Fortune' සඟරාව 2002 දී එයාට 'වසරේ ව්‍යාපාරිකයා' සම්මානයත් පිරිනැමුවා. ඒ වගේම එයා ජපානයේ බොහොම ජනප්‍රිය චිත්‍ර කතා වර්ගයක් වන Manga Comics වල පවා ජනප්‍රිය වුණු සැබෑ ලෝකයේ සුපර් හීරෝ කෙනෙක් බවට පත්වෙලා ඉන්නේ.
Nissan GT-R එක ආපහු ගෙන්න ඕනේ කියලා තීරණය කළේ Ghosn. එයාගේ ඉලක්කය වුණේ Porsche 911 Turbo එකට ගේමක් දෙන්න පුළුවන් වාහනයක් ජපානයෙන් එළියට දාන එකයි. අවුරුදු 5 ක මහන්සියකින් පස්සේ 2007 දී Nissan GT-R එක එළියට ආවා.මේකේ සම්පූර්ණ කතාව ගැන National Geographic Channel එකෙන් ලස්සන documentary එකක් කරලා තියනවා. කැමති නම් ඒක YouTube එකේ බලන්න පුළුවන්.
දැන් ඔන්න මේ GT-R එකේ අලුත්ම Version එක ඇවිත් තියනවා. ඇමරිකාවේදී Nismo edition එකේ (Nismo කියන්නේ නිසාන් සමාගමේ in-house tuning අංශය. මේ නම හැදිලා තියෙන්නේ Nissan Motorsport International Limited කියන එක කෙටි වෙලා) මූලික මිල සඳහන් කරලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 149,990 ක් විදිහට. මේක 600hp කාර් එකක්. Torque එක 481 lb-ft. එන්ජිම 3.8-liter, high-capacity twin-turbocharged V6 එකක්. වීල් සෙට් එක
NISMO® Black 20" super-lightweight RAYS® forged-alloy wheel. ඇඬෙනවා නේ?
Nismo එක ගන්න බැරි අයට නම් මේ තරම් ඇඬෙන options හම්බවෙන්නේ නැහැ. Nisan News වෙබ් අඩවියේ GT-R එකේ වර්ගවල මිලගණන් සඳහන්කරලා තිබුණේ මෙහෙමයි.
GT-R Premium $101,770 USD
GT-R 45th Anniversary Gold Edition $102,770 USD
GT-R Black Edition $111,510 USD
GT-R NISMO $149,990 USD
මේක ලංකාවට නිල වශයෙන් එනවද කියන එක මට තහවුරු කරගන්න බැරිවුණා. නිසාන් ශ්‍රී ලංකා එක මේක තහවුරු කරන්න කැමති නම් ලොකු දෙයක්. කොහොම වෙතත් වෙන වෙන මාර්ග වලින් මේක ඉක්මනටම ලංකාවට ඒවි. සමහර විට දැනටමත් ඇවිල්ලත් ඇති. ඔයාලා කවුරුහරි ගාව තියනවා නම් comment එකක් දාන්න. විහිළුවට නෙමෙයි ඇත්තටම කියන්නේ!
උපුටා ගැනීම
( අලුත් කාර් Blog) එකේ Tharindu Sri Lokugamage අයියා ලියපු පෝස්ට් එකකින්... තෑන්ක් කරන්න ඕනේ තරිදු අයියට තමයි...

eka eka aya gennanne