මම ගියා... හිතන් හිටපු තීරනේ ගන්න තමා දැන් ප්ලෑන් එක... වයිෆ් (අනාගත) ගැන විස්තර කියලා දේවල් ටිකක් කිව්වා... නම් ටිකකුත් කිව්වා. කොමන් නම් ටිකක්. හිතන් හිටපු කෙනාට සමාන දේවල් කියලා හිතෙන දේවලුත් කිව්වා... නම නම් නෑ...

ඕන උට්ටක් කියලා කරන්න ගිය දේ කරනවා...
හැබැයි මේක මාර සීන් එකක් නේ බං... උන් මගෙ එක එක ඒවා අහ අහා පුස්කොල මිටියකින් එක එක අයින් කරා... 25 ක් විතර අයින් කරන්න ඇති... ඊට පස්සෙ හරි එක හම්බුනා... අම්මගෙ, තාත්තගෙ, මගේ නම්, මගෙ කේන්දරේ කොටු 12 ම හරියට කිව්වා යකෝ...

ෆින්ගර් ප්‍රින්ට් එකයි උපන් දිනෙයි විතරයි ගත්තෙ... අනාගතේ ගැන කියපුවා කේන්දරේට අනුව කිව්වද කියලත් හිතෙනවා... කට්ටියගෙ නම් කිව්වා වගේ ටක්කෙටම කිව්වෙ නෑ වයිෆ් ගෙ නම එහෙම.... අනාගතේ ගැන අනිත් දේවලුත් එහෙම තමා....