නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්

නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්

මාලිංග හර්මන් ගුණරත්න කලක් ජේ ආර්ගෙත් හිතවතෙක්. එහෙත් පසුව විරසක වුණා. ඔහු පොතක් ලියලා ඉංගිරිසියෙන්. එහි ඉංගිරිසි නම ගෝඩ්ස් සීක්‍රට් ඒජන්ට්, එනම් දෙවියන් වහන්සේගේ රහස් නියෝජිතයා. මා ඒ පොත කියවා නැහැ. දි අයිලන්ඩ් පත්‍රයෙහි ඒ පිළිබඳ ලියැවුණු විචාරයක් කියවීමට ලැබුණා. ඒ අනුව ක්‍රිස්තු භක්තිකයකු වන නිස්සන්ක විමලසූරිය නමැත්තකු ශුද්ධ වූ ආත්මයක් සමග යම් යම් ප්‍රතිහාර්ය කර තිබෙනවා. එහි ඒ ශුද්ධ ආත්මය දෙවියන් වහන්සේ කියා කියන්නේ නැහැ. නිස්සන්ක විමලසූරිය කොඩිවින කැපීම වැනි කාර්යයන් සිදු කර තිබෙනවා.

ගම්වල කට්ටඩි මහතුනුත් මෙවැනි දේ කරනවා. ඒත් යම්කිසි අදෘශ්‍යමාන ජීවියකුගේ ආධාරයෙන්. ඔවුන් අතර හොරු ඉන්නවා වෙන්න පුළුවන්. හොරු නැති ක්‍ෂෙත්‍රයක් නැහැ. එහෙත් හොරු සිටීම නිසා ක්‍ෂෙත්‍රයක් බොරු වන්නේ නැහැ. නිස්සන්ක විමලසූරියගේ කොඩිවින කැපීම බොරුවක් යැයි මා කියන්නේ නැහැ. ඇතැමුන්ට අදෘශ්‍යමාන ජීවීන් සමග සන්නිවේදනය කරන්න පුළුවන්. එය ආධ්‍යාත්මික ශක්තියක්. ඇතැමුන්ට ආධ්‍යාත්මික ශක්තිය (මේ එනර්ජි නොවන බව අවධාරණය කළ යුතුයි). දියුණු කර මනසින් ඇතැම් දේ දකින්න පුළුවන්. ඒ සඳහා පින, වාසනාව නැති අය එය බොරුවක් යැයි කියන්නේ කෙසේ ද? වැඩිහිටියන්ගේ ඕනෑම ක්‍රියාවක් සඳහා යම් ආකාරයක පුහුණුවක් ලැබිය යුතුයි. පුහුණුවක් වාසනාවක් නැති තැනැත්තා ඒ නැතැයි කීම වැරදියි.

ඇතැමුන්ට එවැනි ආධ්‍යාත්මික ශක්තියක් ඇති අය සමග සන්නිවේදනය කළ හැකියි. තමන් සන්නිවේදනය කරන්නේ කා සමග ද යන්න ගැන වැටහීමක් නැති වන්න ඉඩ තියෙනවා. ඇතැමුන් හිතනවා ඇති ඒ දෙවියන් වහන්සේ කියා, නැත්නම් බ්‍රහ්මන් කියා, එසේ නැත්නම් නාථ දෙවියන් කියා. ඒ සන්නිවේදනයේ අනෙක් පැත්තේ සිටින ප්‍රාණියා ඒ හැඟීම ඇති කරන බැවින් හෝ තමන් එසේ යැයි සිතන නිසා. අප ඒවාට රැවටිය යුතු නැහැ. එහෙත් අදෘශ්‍යමාන ප්‍රාණීන් සමග කරන සන්නිවේදනය සත්‍යයක් බව මා අත්දැකීමෙන් දන්නවා. මට එසේ සන්නිවේදනය කිරීම සඳහා පිනක් වාසනාවක් නැහැ. එහෙත් එලෙස සන්නිවේදනය කරන කිහිප දෙනකු මට මුණ ගැසී තිබෙනවා.

මහාචාර්ය ආශු මාරසිංහ පාර්ලිමේන්තුවේ දී අනුරුද්ධ පාදෙණිය ගැන කියා තිබුණා. මාරසිංහට නිවැරදි දත්තවත් නැහැ. පාදෙණිය මුණ ගැසෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක නො වෙයි. මාරසිංහ ලංකාවේ විශ්වවිද්‍යාලයක දැනට මහාචාර්යවරයකු වන්න බැහැ. පිටරට විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ද කියා මා දන්නේ නැහැ. එසේ නොවේ නම් යම් විශ්වවිද්‍යාලයක සේවාර්ජිත (සම්මානිත) මහාචාර්යවරයකු ද දන්නේ නැහැ. එසේත් නැත්නම් කිසියම් විශ්වවිද්‍යාලයකින් මහාචාර්ය යන්න ඊනියා උපාධියක් ලෙස ප්‍රදානය කර ඇත් ද දන්නේ නැහැ. මේ කිසිම ගණයක නැතිව මහාචාර්ය යන්න නමට කලින් මැද අග කොතැනකවත් යොදා ගන්න බැහැ.

ඒ කුමක් වුවත් මා දන්නා තරමින් ඔය කියන කාන්තාව, නාථ දෙවියන් පාදෙණිය ඇමතිවරයකු හෝ ජනාධිපතිවරයකු හෝ වන්නේ යැයි කී බවක් කියා නැහැ. එක් එක් අයගේ අර්ථ නිරූපණ නාථ දෙවියන් පිට පැටවීමට කරන උත්සාහ. මාරසිංහ බෞද්ධයකු දැයි මා දන්නේ නැහැ. කෙසේ වෙතත් මතු බුදුවන නාථ දෙවියන් ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම බෞද්ධයකුට තබා කිසිවකුටවත් වටින ක්‍රියාවක් නො වෙයි. එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාර පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මෙරට කරන්න පුළුවන්. එහෙත් පරලොවට පාර්ලිමේන්තු වරප්‍රසාද වලංගු වන්නේ නැහැ. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ බව සිහි කරනවා නම් හොඳයි. ඒත් සමහරවිට ඔවුන් නොපෙනෙන පරලොවක් ගැන විශ්වාස නොකරන පඬියන් විය හැකියි.

මෙරට මහාචාර්යවරුන් වූ නොවු සියල්ලන්ට නාථ දෙවියන්ට, කට්ටඩි මහතුන් සමග සන්නිවේදනය කරන ප්‍රාණීන්ට ගරහන්න පුළුවන්. ඒ අදෘශ්‍යමාන ප්‍රාණින් අපහාස නඩු පවරන්නේ නැති බැවින් ද? කොහෙමටත් බුද්ධාගමට මේ රටේ ප්‍රමුඛස්ථානය තබා කිසිම තැනක් නැහැ. මේ රටේ බෞද්ධ අධ්‍යාපනයක්, බෞද්ධ නීතියක් හැකි නම් පෙන්වන්න. අප බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉල්ලන්නේත් ක්‍රිස්තියානි රෝම ලන්දේසි නීතිය උපයෝගි කරගෙන! සිංහල වෙදකමට මේ රටේ ඇති තැන කුමක් ද? සිංහල ගොවිකම වස විසෙන් වැහිලා. එය බෞද්ධ ක්‍රමයක් ද? එය ආත්මාරක්‍ෂාව සඳහා කරන වස විස ඉසීමක් ද?

හෙට පැවැත්වෙන වෙසක් උත්සවයෙන් ගැමුණු රජුගේ කාලයේ සිට තිබූ ජනසහාභිගීත්වය අවම කරලා. ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවයක් පවත්වනවා. මෙවර ආණ්ඩුවේ වෙසක් පැවැත්වෙන්නේ හින්දුන්ගේ ප්‍රධානත්වයෙන්. මෝදිලාට අනුව බුදුන් වහන්සේත් හින්දු. ඉන්දියාවෙ ජනාධිපති වෙලා හිටිය සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් කිව්වෙත් එහෙමයි. මේ වෙසක් උත්සවයෙන් ජනතාව ඈත් කිරීම කාගේ වුවමනාවකට සිදු කරන දෙයක් ද?

නාථ දෙවියන් ගැන, කට්ටඩි මහතුන් ගැන, ගිනි පෑගීම ගැන කතා කළාට, ඒවාහි ඊනියා විද්‍යාව ගැන කතා කළාට, පඬියන් නිස්සන්ක විමලසූරිය ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඒ මෙරට ප්‍රමුඛස්ථානය ඇත්තේ ක්‍රිස්තියානියට නිසා. මා කියන්නේ විමලසූරිය ගැන ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණයක් කළ යුතු බව නොවෙයි. ඊනියා විද්‍යාවක නාමයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට කරන කෙණෙහිළි ගැන අප විමසිල්ලෙන් සිටිය යුතුයි.

බුදුන් වහන්සේට පසක් වූ දෙවියන්, භූතයන් ගැන ප්‍රශ්න කරන අය නිව්ටන්වත් දැක නැති, ඔහුගේ පංචෙන්ද්‍රියවලටවත් ගෝචර නොවූ ගුරුත්වාකර්ෂණය ඇතැයි කියා පිළිගන්නවා (විස්තර සඳහා බෞද්ධයා නාළිකාවේ අඳුරට එළියක් වැඩ සටහන නරඹන්න https://www.facebook.com/nalinkalaya/). අද අපට බුදුන් වහන්සේට වඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානි නිව්ටන් වටිනවා. වෙසක් උත්සවයට එන්න කියා නව ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්රොන්ට එස්එම්එස් පණිවුඩයක් යවමු ද? ඔහු චන්ද්‍රිකාටවත් තේරෙන්න කතා කරාවි. චන්ද්‍රිකාට කතාව සිංහලට පරිවර්තනය කරන්න කියමු. අපි අහගෙන ඉමු.

උපුටා ගැනීම: http://www1.kalaya.org/2017/05/blog-post_9.html
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවුටන් කිව්වෙ ඇත්තද බොරුද කියල ගලක් පොලවට අතෑරල ඒකෙ චලිතය ඇසුරෙන් කියන්න පුලුවන්... මෙහෙදි බරට තියන ගල අබ්යාවකාශෙට ගියාම බර නැත්තෙ ඇයි කියල නිව්ටන් කිව්ව දේ එක්ක ගලපල කියන්න පුලුවන්...
    ඒත් දෙයියො ගැන එහෙම මුකුත් හොයා බැලීමක් කරන්න පුලුවන්ද..?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිවුටන් කිව්වෙ ඇත්තද බොරුද කියල ගලක් පොලවට අතෑරල ඒකෙ චලිතය ඇසුරෙන් කියන්න පුලුවන්... මෙහෙදි බරට තියන ගල අබ්යාවකාශෙට ගියාම බර නැත්තෙ ඇයි කියල නිව්ටන් කිව්ව දේ එක්ක ගලපල කියන්න පුලුවන්...
    ඒත් දෙයියො ගැන එහෙම මුකුත් හොයා බැලීමක් කරන්න පුලුවන්ද..?

    නිව්ටන් කිව්වෙ ගලක් අතෑරියාම වැටෙනව කියන එක නෙමේ. ඒ වැටීම අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙනව. නිව්ටන් කිව්වෙ ස්කන්ධ 2ක් අතරෙ ගුරුත්වාකර්ශන ක්ශේත්‍රයක් තියෙනව කියල. එහෙම ගුරුත්වාකර්ශන ක්ශේත්‍රය කියල එකක් කිසිම ඉන්ද්‍රියකට ගෝචර වෙන්නෑ. අපි කරන්නෙ ගලක් වැටෙනව දැකල ආ ගුරුත්වාකර්ශනය තියෙනව කියල කියන එක. ගුරුත්වාකර්ශනය කියල ඇති දෙයක් නෑ. ඒක අපි අත්දකින දේ විස්තර කරන්න හදාගත්තු කතන්දරයක් විතරයි. ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් බොරු. ඒව පැහැදිලි කරන්න හදාගන්න වියුක්ත කතන්දර පට්ටපල් බොරු :yes: :yes:
    දෙයියො ගැන පුලුවන් දෙයියොත් එක්ක කතා කරන අයව හම්බවෙන්න ඕනෙ :yes: :yes:
    ඔය නලීන් ද සිල්ව කියල තියෙන්නෙ හම්බවෙලා කතා කරල අත්දැකීම් තියෙනව කියල :yes: :yes:
    අනික ඕකෙම කියන්නෙ දෙයියො කියන්නෙ අපි ඒ ජීවීන්ව තේරුම් ගන්න හැටි කියල :yes: :yes:
    උඹලෑ ආගමේ ඉන්නවලු නේද දිවැසිවරු කියල ජාතියක් ? නලීන්ද සිල්ව කියන්නෙ ලෝකෙ සංස්කෘතීන් ගණනාවක් මේ අදෘශ්‍යමාන ජීවීන් එක්ක සම්බන්ධකම් පැවැත්වුව කියල :yes: :yes:
    ඒ ඒ සංස්කෘතීන් වල අය ඒ ඒ සංස්කෘතීන් වලට සාපේක්ශව ඒ ජීවීන්ව තේරුම් ගත්ත :yes: :yes:
    වියුක්තව හිතන්න පුරුදු කරපු සංස්කෘතීන් වල අය රූපයක් නැති සර්වබලධාරී සෑම තැනකම ඉන්න කෙනෙක් විදිහට තේරුම් ගත්ත, සංයුක්තව හිතන භාරතේ වගේ අය මිනිස්සුන්ට සමාන රූපයක් තියෙන මානවරූපී අය විදිහට තේරුම් ගත්ත. සමහර අය විශාල ශරීර තියෙන යෝධයො විදිහට තේරුම් ගත්ත. ඒක ඒ ඒ සංස්කෘතීන් වල අය තේරුම් ගත්ත හැටි. ඇත්තටම ඒගොල්ලො අපිට නොපෙනෙන අමුතු විදිහක ජීවීන් කොට්ඨාශයක් අපිට මනස දියුණු කල්ල සන්නිවේදනය කරන්න පුලුවන් ඔවුනුත් මනස දියුණු කල්ල දැනුම ගන්නව තව අය එක්ක සන්නිවේදනය කරනව. :yes: :yes:
     
    හරි බන් මම කිව්වෙ නිවුටන්ගෙ නියමෙ ටැස් කල්ල බලන්න පුලුවන් විදියක්.. ගුරුත්වාකර්ශනේ (for lack of a better word )වැඩි උනාම පොලවට වැටෙන ප්‍රවේගෙ වැඩීනෙ... ඒක මොනදේට කලත් ලැබෙන උත්තර සාමාන්ය බාවිතා වලදි ඌ කිව්ව සමීකරන වලට ගැලපෙනව.. ඉතින් ගුරුවාකර්ශනයක් තිබ්බත් මොකෝ නැතත් මොකෝ වැඩේ කෙරෙනව නම්...

    ඔව් ක්‍රිස්තියානියෙත් එහෙම එක එක ජාතියෙ උන් ඉන්නව තමා... වියුක්ත වේවා සන්යුක්ත වේව.. ඔය හැම සන්ස්කෘතියක්ම ඕව ඉමැජිනේට් කරනව කියල උඹ හිතන්නෙ නැද්ද.? මිනිස්සුන්ව කොච්චර ලේසියෙන් අන්දන්න පුලුවන්ද.. ගහක හෙවනල්ලක් දැක්කත් පනකඩාගෙන දුවන මිනිස්සු දැනටත් ඉන්නව.. ඉතින් අද්‍යාපනය ඉතාමත් සුලුතරයකට සීමා වෙලා තිබ්බ අතීතය ගැන කවර කාතාද..
     
    ඔව් නිව්ටන් නියම වලිං වැඩක් ගන්න පුලුවන් තමා ඒක මාත් පිලිගන්නව. ඒත් බලපං ලංකාවෙ ඉතිහාසෙ චීනෙ ඉතිහාසෙ වගේ කොහෙවත් ඔය චෛත්‍ය නැව් පාලම් වැව් මොකවත් හදන්න දැන් තියෙනව වගේ තාක්ශණයක් තිබ්බද ? කොහෙවත් නෑ. නිකංම හිතිල හැදුව වගේ හැබැයි ලේසියෙන් කැඩෙන්නෙත් නෑ හරි. එතකොට ඒ දැනුමට මොකෑ වුනේ ? වෙච්චි දෙයක් නෑ. ඒ සේරම මේ වගේ මනස දියුණු කල්ල හෝ මනස දියුණු කරපු අය (අපි දෙවියො කියල හඳුන්වන ජීවීන්) සමඟ සම්බන්ධ වෙලා ගත්තු දැනුම :yes: :yes:
    පොඩ්ඩක් මාධවල ගැන එහෙම හොයල බලපං සමීකරණ තියෙනව ඔප්පු කිරීම් නෑ අපිට හිතාගන්න බෑ මුන්ට මේව කොහොම හිතුනද කියල ඒ කාලෙ මිනිස්සු මාධව කිව්වනෙ කියල ඒ මනුස්සය කෙරෙහි භක්තියෙන් ඒව පාවිච්චි කලා ඊලඟ පරම්පරාවට ඉගැන්නුව විතරයි. ඔප්පු කිරීම් නැතුව කොහොම හිතෙනවද කියල හිතාගන්න බැරි දිග එව්ව තියේ. මෑතකදි man who knew infinity කියල film එකක් හැදුවෙ තමිල්නාඩුවෙ ඉපදුන ගණිතඥයෙක් ගැන ශ්‍රීනිවාස රමනූජන්. ඒ මනුස්සයත් එහෙමයි කොහෙන්වත් හරි හමං අධ්‍යාපනයක් ලබල නෑ OL වගේ ගනං විතරයි. ඒ වුනාට හාඩි වගේ අයටවත් හිතාගන්න බැරි සමීකරණ ලිව්ව කොහෙවත් ඔප්පු කිරීමක් නෑ ටෙස්ට් කිරිලි නෑ නිකංම ඔහේ ලියනව. ඒ මනුස්සය කිව්වෙ නමාගිරි කියල ඒ මනුස්සය වඳින දෙවඟන ඇවිත් එයාට ඒව කියනව කියල. ඔප්පු කරන්න කිව්වාම ඔප්පු කරන්නෙ මොකටද මේ තියෙන්නෙ ඕක හරිනෙ කියනවලු. පොඩ්ඩක් ඒකක් දිහා බලපං නිකං randomly ඔච්චර තඩි එකක් මනුස්සයෙක්ට හිතෙන්න පුලුවන්ද කියල. චීන්නු ටෙලස්කෝප් හොයාගන්නත් කලිං ඉඳන් සූර්යලප ගැන වාර්තා තියල. මේ සේරම නිකංම අහඹු දේවල් වෙන්න පුලුවන්ද ? බොරු කාරයො ඉන්නව තමා ඒත් මනස දියුණු කල්ල සහ අපි දෙවියො කියල ජීවීන් එක්ක කතාකරන්න පුලුවන් අය මාර්ගෙන් ඉස්සර මිනිස්සු දැනුම ලබාගත්ත. නලීන්ද සිල්වා කියන්නෙ මීට අවුරුදු 400කට 500කට විතර කලිං වුන ක්‍රිස්තියානි මොකක්ද විප්ලවයක් නිසා තමා මේව නැතුව ගියෙ කියල. ඒ විප්ලව කරපු අයට එහෙම ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න බෑලු. ඒ නිසා ඒ මිනිස්සු කලේ විශ්ලේෂණය කල්ල තර්කය පාවිච්චි කල්ල දැනුම තමන්ම නිර්මාණය කල එකලු. පස්සෙ ඒ ක්‍රමේ ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා දැන් අපි ඒ ක්‍රමේට නැතුව අනික් ක්‍රම වලට ගන්න දැනුම සේරම මිත්‍යාවල් කියනව. ඒ ක්‍රමෙත් හොඳයි නැත්තෙ නෑ. ඒත් මනස දියුණු කල්ල දැනුම ගන්න පුලුවන්නං මීට වඩා සෑහෙන්න දියුණුවක් මිනිස්සුන්ට ලබන්න පුලුවන්. රමනූජන් කලා වගේ. :yes: :yes:
     
    ඔය ඉස්සර හදපු දාගැබ් වගේ ඒව නම් අවුරුදු ගානක් තිස්සෙ සිය දහස් ගානක් මිනිස්සු ජීවිත පූජා කරල හදල තියෙන්නෙ දන්න විදියට... ඉතින් මහලොකුවට තාක්ශනයක් තිබ්බෙ නති උනත් රජාගෙ අණ නිසා කරන්න පුලුවන් හැම කැපවීමක්ම කරල ඕව හදන්න ඇති...

    ඔය ගණිතඥය ගැන නම් මන් අහල නෑ හොයල බලන්න වටිනව...

    මෙහෙමනෙ බන් ඉස්සර සමස්තයක් විදියට ගත්තම මිනිස්සු නූගත් උනාට පාරම්පරිකව යම් යම් ශිල්ප ප්‍රගුන කරගත්ත කුල තිබුනනෙ.. ඉතින් ඒ මිනිස්සු ගාව යම්කිසි දැනුමක් තියෙන්න ඇති.. ඔය දැනුම ලැබුනෙ දෙයියන්ගෙන් කියල හිතන්න කිසිම හේතුවක් නෑනෙ.. සමහර විට දැනුම පිටසක්වල ජීවීන්ගෙන් ලැබෙන්න ඇති. තර්කානුකූලව හිතුවම එහෙම වෙන්න පුලුවන් හැකියාව වැඩී දෙවියන්ගෙන් ඔය දැනුම ලැබෙනවට වඩා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව් නිව්ටන් නියම වලිං වැඩක් ගන්න පුලුවන් තමා ඒක මාත් පිලිගන්නව. ඒත් බලපං ලංකාවෙ ඉතිහාසෙ චීනෙ ඉතිහාසෙ වගේ කොහෙවත් ඔය චෛත්‍ය නැව් පාලම් වැව් මොකවත් හදන්න දැන් තියෙනව වගේ තාක්ශණයක් තිබ්බද ? කොහෙවත් නෑ. නිකංම හිතිල හැදුව වගේ හැබැයි ලේසියෙන් කැඩෙන්නෙත් නෑ හරි. එතකොට ඒ දැනුමට මොකෑ වුනේ ? වෙච්චි දෙයක් නෑ.

    දැන් උඹ පාරේ යද්දී මඩ වලක් දැක්කොත් උඩින් පැනල යන්න ඕනෙය කියන දැනුම ආවේ කොහෙන්ද :oo: නිකන්ම හිතිලා පනිනවනේ ඒකත් දෙයියෝ කනට කොඳුරලා කියන්න ඕනෙද :oo: ඕකම ටිකක් දුරට ගිහින් පොඩි ඇලක් උඩින් යන්න පොල් කොටයක් හරහට දාල පුළුවන් කියන දැනුම කොහෙන්ද ආවේ. ඒකත් දෙයියෝ කනට කොඳුරලා දුන්නද :oo: පොල් කොටේ පළල මදි අඩිය තියල යන්න කොට තුන හතරක් දාල තව අත්වැටකුත් දැම්මොත් මිනිස්සුන්ට නොවැටී යන්න පුළුවන් කියල හිතෙන්නේ කොහොමද නිකන්ම ඒවත් දෙයියෝ කියල දීලද :oo:

    ඕව කොමන් සෙන්ස් බන්, ඒවා පියවරෙන් පියවර සෑහෙන කාලයක් වැරදි වැරදි කරලා ආය වැරදි හරිගස්සගෙන කෑලි බෑලි එකතු කරලා තමා මිනිස්සු දියුණු නිර්මාණ කරේ. උඹ මේ ඒවත් දෙයියෝ දුන්න කියල මිනිස්සුන්ගේ බුද්ධියටයි අපේ මුතුන් මිත්තන්ගේ මහන්සියටයි අපහාස කරන්නෙ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Nalin lokka dan hodatama pisuwa thada wela dath miti kagena oya miniha katha karanne..
     
    තොට හුත්තෝ කියලා තියෙනවා නේද මේ වග්වෙ හුත්තවල් දාල ත්‍රෙඩ් නාස්ති කරන්න එප කියලා
    ඊට පස්සෙ උබයි උබේ ගල් කොල්ලෝ ටිකයි හෑලි කමෙන්ට් දානවා :baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ඉස්සර හදපු දාගැබ් වගේ ඒව නම් අවුරුදු ගානක් තිස්සෙ සිය දහස් ගානක් මිනිස්සු ජීවිත පූජා කරල හදල තියෙන්නෙ දන්න විදියට... ඉතින් මහලොකුවට තාක්ශනයක් තිබ්බෙ නති උනත් රජාගෙ අණ නිසා කරන්න පුලුවන් හැම කැපවීමක්ම කරල ඕව හදන්න ඇති...

    ඔය ගණිතඥය ගැන නම් මන් අහල නෑ හොයල බලන්න වටිනව...

    මෙහෙමනෙ බන් ඉස්සර සමස්තයක් විදියට ගත්තම මිනිස්සු නූගත් උනාට පාරම්පරිකව යම් යම් ශිල්ප ප්‍රගුන කරගත්ත කුල තිබුනනෙ.. ඉතින් ඒ මිනිස්සු ගාව යම්කිසි දැනුමක් තියෙන්න ඇති.. ඔය දැනුම ලැබුනෙ දෙයියන්ගෙන් කියල හිතන්න කිසිම හේතුවක් නෑනෙ.. සමහර විට දැනුම පිටසක්වල ජීවීන්ගෙන් ලැබෙන්න ඇති. තර්කානුකූලව හිතුවම එහෙම වෙන්න පුලුවන් හැකියාව වැඩී දෙවියන්ගෙන් ඔය දැනුම ලැබෙනවට වඩා

    එහෙම ටෙස්ට් කලා නං ඒවගෙත් නටපුන් තියෙන්න එපෑ බං තියෙනවද ? කොහෙවත් නෑ. ඉතිං මේ කියන පිටසක්වල ජීවීන්ට අපි දෙවියො කියනව කියල තමයි මේ කියල තියෙන්නෙ. රමනූජන්ල මාධවල ගැන හොයල බලපංකො. පරණ චීන ශිෂ්ඨාචාර වල උන් කල දේවලුත් බලපං. අපි අද එකම ක්‍රමේ කියල හිතං ඉන්න තර්කය පාවිච්චි කල්ල දැනුම නිර්මාණය කිරීමට අමතරව දැනුම ගන්න ක්‍රම තිබ්බ :yes: :yes:

    දැන් උඹ පාරේ යද්දී මඩ වලක් දැක්කොත් උඩින් පැනල යන්න ඕනෙය කියන දැනුම ආවේ කොහෙන්ද :oo: නිකන්ම හිතිලා පනිනවනේ ඒකත් දෙයියෝ කනට කොඳුරලා කියන්න ඕනෙද :oo: ඕකම ටිකක් දුරට ගිහින් පොඩි ඇලක් උඩින් යන්න පොල් කොටයක් හරහට දාල පුළුවන් කියන දැනුම කොහෙන්ද ආවේ. ඒකත් දෙයියෝ කනට කොඳුරලා දුන්නද :oo: පොල් කොටේ පළල මදි අඩිය තියල යන්න කොට තුන හතරක් දාල තව අත්වැටකුත් දැම්මොත් මිනිස්සුන්ට නොවැටී යන්න පුළුවන් කියල හිතෙන්නේ කොහොමද නිකන්ම ඒවත් දෙයියෝ කියල දීලද :oo:

    ඕව කොමන් සෙන්ස් බන්, ඒවා පියවරෙන් පියවර සෑහෙන කාලයක් වැරදි වැරදි කරලා ආය වැරදි හරිගස්සගෙන කෑලි බෑලි එකතු කරලා තමා මිනිස්සු දියුණු නිර්මාණ කරේ. උඹ මේ ඒවත් දෙයියෝ දුන්න කියල මිනිස්සුන්ගේ බුද්ධියටයි අපේ මුතුන් මිත්තන්ගේ මහන්සියටයි අපහාස කරන්නෙ.

    ඔහොම trial and error ක්‍රමේට රමනූජන් කියපුව පැහැදිලි කලෑකිද ? ඔය ක්‍රමේ තමා විද්‍යාවෙ පාවිච්චි වෙන්නෙ. ඔතන තියෙන්නෙ තර්කය. මේ කියන්නෙ ඊට වඩා වෙනස් ක්‍රම වලට දැනුම ලබාගෙන තියෙනව කියල :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔහොම trial and error ක්‍රමේට රමනූජන් කියපුව පැහැදිලි කලෑකිද ? ඔය ක්‍රමේ තමා විද්‍යාවෙ පාවිච්චි වෙන්නෙ. ඔතන තියෙන්නෙ තර්කය. මේ කියන්නෙ ඊට වඩා වෙනස් ක්‍රම වලට දැනුම ලබාගෙන තියෙනව කියල :yes: :yes:

    ඒක තමා මම ඒක අතඇරල අදාළ කෑල්ල විතරක් කෝට් කරේ. :yes:

    රාමනුජන් ගැන මම වැඩිය දන්නේ නෑ කියන්න නම අහල තියෙනව විතරයි. හැබැයි එයාගේ දැනුම අර මුහම්මද්ට එකපාරට දෙයියෝ කනට කෙඳිරුවා වගේ නිකන් ගෙදර ඉද්දි එකපාර හම්බුනා කියල නං නෑ මම දැක්ක විදිහට, එයා ඉස්කෝලේ ගහින් ගණන් ඉගෙනගෙන තියෙනව, විභාග ලියල තියෙනව, පොත් කියවල තියෙනව. එතන අසාමාන්‍ය දක්ෂතාවයක් තියෙන කෙනෙක් මිසක් වෙන දේව බලයක් නෑ.

    ගොඩක් ඔයවගේ අසාමාන්‍ය හැකියා තියෙන අයගෙන් ඇහුවම කියන්නේ මගේ දක්ෂතාවය දෙයියෝ දුන්න තෑග්ගක් කියල. ඒකෙන් කියවෙන්නේ නෑ දෙයියෝ දැනුම අකුරෙන් අකුර කනට කොඳුරලා එක එක පේලිය කියල දුන්න කියල. තමන්ගේ උපතින් ලැබුන බුද්ධිමත්කම දෙයියෝ දුන්න කියල එයා විස්වාස කරන බව ඒකෙන් අදහස් වෙන්නෙ. ආගමික භක්තිය එක්ක එන විස්වාසයක් ඒක.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    පන්චේන්ද්‍රියන්ට ගෝචර නොවන බලයන් ( දෙවියන්ගෙන් උපකාර හෝ තොරතුරු එහෙමත් නැත්නම් වෙනත් ) ගැන අන්තයකට ගොස් නෑ කියනව හෝ තියනවාමයි කියනවාට වඩා ගවේශනාත්මකව හෝ මධ්‍යස්තව ඉන්න එකතමයි හොද, මට හිතෙන හැටියට.

    මට තේරෙන හැටියට , මිනිසුන්ට ඒගැන ගවේශනය කිරීමට තාක්ශනය හිගයි. මෙතඩෝලොජි දන්නේනෑ.කියලදීලත් නෑ කවුරුවත්.

    ඒවගෙන් එකක් තම්යි ඉශ්ටදෙවිදේවතාවුන්. ඒ අය ගැන කවුරුවත් අහල තියනවාද?
     
    නෑ මනුස්සය කෙලින්ම කියල තියෙනව දෙවියො තමා ඇවිත් මේව කියන්නෙ කියල :yes::yes:
    ඒ මනුස්සයට හරියට ඉගෙන ගන්න හම්බුන්නෑ ඒ කාලෙ තිබ්බ විභාගයක් ජීව විද්‍යාව බැරි වීම නිසා පිට පිට අවුරුදු 4ක් පේල් වෙලා එතනිං එහාට අධ්‍යාපනය හමාර කල්ල දානව ගනං වුනත් ඔය කියන විදිහට ඉගෙන ගන්න පොත් වත් හරියට තිබ්බෙ නෑ. කොල නැතුව ඉඩ මදි හින්ද එක කොලේ පාට දෙකෙන් ලිව්ව. ඒත් දැන් ගණිතඥයො කරනව වගේ හැදුවෙ නෑ එක පාරට උත්තරේ විතරක් ලියල තියෙන්නෙ. ගණිතයෙ ඒ වෙනකොට හොයාගෙන තිබ්බ ගොඩක් දේවල් දන්නැති හින්ද ඒ මනුස්සය දෙවනි පාරටත් හොයාගෙන තිබ්බ. මොකේකටවත් ඔප්පු කිරීම් නෑ. දැන් උඹ කියන්නෙ trial and error ක්‍රමේට කියලනෙ. trial and error ක්‍රමේට ඔච්චර දෙයක් කරන්න බෑ බං ඒ මනුස්සය එහෙම කරල නෑ. නිකංම තඩි උත්තර පහල වෙලා. ඒ මනුස්සය කිව්ව නමාගිරි දෙවඟන ඇවිත් තමා ඒව කියන්නෙ එයා කරන්නෙ ඒව ලියන එක විතරයි හැම සමීකරණයක්ම දෙවියො දීපුව කියල. හාඩිට ඒව පෙන්නුවාම හාඩි කියනව ඔප්පු කරන්න කියල මේ මනුස්සය කියනව මොනාද මේකෙ ඔප්පු කරන්න තියෙන්නෙ මේ තියෙන්නෙ දෙවියො කියපුව මොකටද ඔප්පු කරන්නෙ කියල. අන්න එතනදි තමා පෙරදිග චින්තනයයි බටහිර චින්තනයයි වෙනස් වෙන්නෙ. බටහිරයො දැනුම නිර්මාණය කරන්නෙ තර්කය පාවිච්චි කල්ල. පෙරදිගයො එහෙම ඔප්පු කිරීම් කලේ නෑ. කොහෙවත් trial and error නෑ එක පාරට දැනුම පහල වෙලා. බටහිරයන්ට ආධ්‍යාත්මික දියුණුවක් ලබාගන්න බැරිවුන නිසා තමා එහෙම කලේ. බටහිර විද්‍යාවෙ දැන් කරන්නෙත් ඒක. තනිකර තර්කයෙන් සේරම විස්තර කරන්න යන්නෙ.

    දෙවියන් කියල හඳුන්වන ප්‍රාණීන්ගෙන් දැනුම ගන්න එක තාක්ශණය පාවිච්චි කල්ල කරන්න පුලුවන් දෙයක් නෙමේ. තාක්ශණේට අඩුම ගානෙ දෙවියො කියල කොට්ඨාශයක් ඉන්නව කියලවත් ගෝචර කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ? විද්‍යාඥයො පිටසක්වල ජීවය කියල හොයන්නෙත් අපි වගේ භෞතික ශරීර තියෙන ජීවියො විතරයි. භෞතික ශරීරයකින් තොරව මනසක් තිබිය හැකියි කියල බටහිර විද්‍යාව පිලිගන්නෙ නෑ. එහෙම ආධ්‍යාත්මය දියුණු කරගන්න තමා භාවනා තියෙන්නෙ. භාවනා කරල ඒ ආධ්‍යාත්මික දියුණුව ලබපු අය ඉන්නව එහෙම අය දැනුම දෙනව වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාත්ම ක්‍රමයට නෙමේ හින්ද බටහිර විද්‍යාඥයො ඒව පිලිගන්නෙ නෑ නිකංම මිථ්‍යාව කියල බැහැර කරනව. :( :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නෑ මනුස්සය කෙලින්ම කියල තියෙනව දෙවියො තමා ඇවිත් මේව කියන්නෙ කියල :yes::yes:
    ඒ මනුස්සයට හරියට ඉගෙන ගන්න හම්බුන්නෑ ඒ කාලෙ තිබ්බ විභාගයක් ජීව විද්‍යාව බැරි වීම නිසා පිට පිට අවුරුදු 4ක් පේල් වෙලා එතනිං එහාට අධ්‍යාපනය හමාර කල්ල දානව ගනං වුනත් ඔය කියන විදිහට ඉගෙන ගන්න පොත් වත් හරියට තිබ්බෙ නෑ. කොල නැතුව ඉඩ මදි හින්ද එක කොලේ පාට දෙකෙන් ලිව්ව. ඒත් දැන් ගණිතඥයො කරනව වගේ හැදුවෙ නෑ එක පාරට උත්තරේ විතරක් ලියල තියෙන්නෙ. ගණිතයෙ ඒ වෙනකොට හොයාගෙන තිබ්බ ගොඩක් දේවල් දන්නැති හින්ද ඒ මනුස්සය දෙවනි පාරටත් හොයාගෙන තිබ්බ. මොකේකටවත් ඔප්පු කිරීම් නෑ. දැන් උඹ කියන්නෙ trial and error ක්‍රමේට කියලනෙ. trial and error ක්‍රමේට ඔච්චර දෙයක් කරන්න බෑ බං ඒ මනුස්සය එහෙම කරල නෑ. නිකංම තඩි උත්තර පහල වෙලා. ඒ මනුස්සය කිව්ව නමාගිරි දෙවඟන ඇවිත් තමා ඒව කියන්නෙ එයා කරන්නෙ ඒව ලියන එක විතරයි හැම සමීකරණයක්ම දෙවියො දීපුව කියල. හාඩිට ඒව පෙන්නුවාම හාඩි කියනව ඔප්පු කරන්න කියල මේ මනුස්සය කියනව මොනාද මේකෙ ඔප්පු කරන්න තියෙන්නෙ මේ තියෙන්නෙ දෙවියො කියපුව මොකටද ඔප්පු කරන්නෙ කියල. අන්න එතනදි තමා පෙරදිග චින්තනයයි බටහිර චින්තනයයි වෙනස් වෙන්නෙ. බටහිරයො දැනුම නිර්මාණය කරන්නෙ තර්කය පාවිච්චි කල්ල. පෙරදිගයො එහෙම ඔප්පු කිරීම් කලේ නෑ. කොහෙවත් trial and error නෑ එක පාරට දැනුම පහල වෙලා. බටහිරයන්ට ආධ්‍යාත්මික දියුණුවක් ලබාගන්න බැරිවුන නිසා තමා එහෙම කලේ. බටහිර විද්‍යාවෙ දැන් කරන්නෙත් ඒක. තනිකර තර්කයෙන් සේරම විස්තර කරන්න යන්නෙ.

    රාමනුජන් ගණන් හැදුවේ trial and error ක්‍රමේට කියල කිවේ නෑ මම ඒක තමා පැහැදිලිව කිවේ ඒ කෑල්ල කෝට් කරේ නැත්තේ ඒකයි ඔය මනුස්සය ගැන මම දන්නේ නෑ වැඩිය කියල. නොදන්න කෙනෙක් ගැන ඔව් හරි නෑ හරි කියන්න බෑ නෙ මට :no: ටිකක් මනුස්සය ගැන හොයල තමා කියනන් පුළුවන්. මම මනුස්සය ගැන හොයල බලන්නංකෝ ඇත්තටම දෙයියෝ කනට කොඳුරලද කියල ගණන් හදන හැටි. :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන් නාථ දෙවියන්