නාමල් රාජපක්ෂගේ ලිපියකින් රුහුණු සරසවි&
රුහුණු විශ්ව විද්‍යාලයට ශිෂ්‍යාවක් ඇතුළත් කර ගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කර තිබුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලිමක් මත උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නිර්දේශයක් මත යැයි විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති සමිමේලනය පවසයි.
සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ ඒ ආකාරයට දේශපාලන හිතවත්කම් මත වසරකට කොතරම් සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නේද යන්න ගැනත්, දේශපාලන හිතවත්කම් නැති සිසුන්ට අත් වන ඉරණම කුමක්ද යන්න ගැනත් සභාපතිවරයා රටට පැවසිය යුතු බවයි.
මෙම ශිෂ්‍යාව 2011 වසරේ දී උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙකු වන බවත් සිය අභියාචනය ඉදිරිපත් කළේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සහ එස්.බී. දිසානායක ඇමතිවරයාගේ නිර්දේශ ලැබීමට පෙරද, පසුද යන්න ගැනත්, එම දේශපාලඥයන්ගේ නිර්දේශ ලිපිය ලැබුණු දිනය කවදාද යන්න ගැනත්, අදාළ ශිෂ්‍යාව අභියාචනාව ඉදිරිපත් කළ දිනය කවදාද යන්න ගැනත් රට හෙළි දරව් කරන්නැයි හෙතෙම ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ල්ලීමක්ද කලේය.
source :LankaCnews