නාමල් සහ මහින්ද

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නාමල් සහ මහින්ද

n55.jpg

එකෙක් ඉන්දියාවට රට විකුනලා කොමිස් ගහලා ඒක තම්බියෙක්ගේ එකවුන්ට් එකට දාලා කලු සල්ලි සුදු කරන්න ගිහින් අත් අඩංගුවට පත් වෙලා ඉන්නේ.අනිත් එකා 1981 බෙලි අත්තේ මහ දවල් අහිංඅක මිනිස්සු දෙන්නෙක් වෙඩි තියලා මරලා වැටිච්ච නඩුවකට.මේවා දේශපාලන වශයෙන් මාකට් කරන්න පුලුවන් ලංකාව වගේ රටකට විතරයි
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Namal-Remanded-BanglaDesh-whitewash.jpg

නාමල් බංග්ලා දේශයේ අල්සමාන් සමග කළු සල්ලි සුදු කළ හැටි අධිකරණයේදී හෙලිවේ: මරා හිරේට කෑම අදී


(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.11, ප.ව‍‍‍‍‍‍.11.30) මැදමූලන චෞර පවුලේ හොර පෙරකදෝරු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බංග්ලාදේශ ජාතිකයෙකු සමග එක්වී කළු සල්ලි සුදු කළ හැටි අධිකරණයේදී හෙලිවිය.

මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හෙවත් FCID ය මගින් නාමල් රාජපක්ෂ අත් අඩංගුවට ගෙන දණ්ඩ නීති සංග්‍රහයේ 386, 400 යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනුකරමින් කොටුව මහේස්ත්‍රාත්වරිය ලංකා ජයරත්න මෙනෙවිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ බව හෙලිවිය.

නාමල් රාජපක්ෂ විසින් බංගලාදේශයේ අල්සමාන් නමැත්තෙකුගේ ගිණුමට මැයි සහ ජුනි මාසවල දී රුපියල් මිලියන 52 ක් බැර කර ඇති අතර ඉන් මාස කිහිපයකට පසුව අල්සමාන් විසින් නාමල්ගේ ගිණුමට යලිත් රුපියල් මිලියන 50 බැර කර ඇති බව විමර්ෂණ වලදී අනාවරණය වූ බවත් FCID ය අධිකරණයට දන්වා සිටි අතර නාමල් එම මිලියන 50 විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා බැංකු අයිරාවකින් අමතර රුපියල් මිලියන 50 ක්ද ලබාගෙන මිලියන 120 කින් හෙලෝකෝප් නම් සමාගම BOI පහසුකම් සහිත ව්‍යාපාරයක් ලෙස ආරම්භ කර ඇතැයි FCID ය කීවේය.

අල්සමාන් නමැති බංගලිදේශ ජාතිකයා සොයා ගැනීමට නොහැකි බවත් ඔහු පොලිසිය මඟහැර සිටින බවත් අධිකරණයට දන්වා සිටි FCID ය හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම ඉන්දියානු ක්‍රිස් සමාගමට ලබා දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ එම සමාගමෙන් රු. මිලියන 70 ක් හෙවත් කෝටි 7 ක් කප්පම් හෝ කොමිස් මුදලක් ලබාගෙන ඇත්තේ ක්‍රිස් සමාගමේ ගුප්තා නමැත්තෙකුගෙන් බවද අධිකරණයට දන්වා සිටියේය.

මෙවැනි කළු සල්ලි සුදු කිරීම් හේතුවෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ විට නාමල් රාජපක්ෂලා පවසන්නේ මේවා පලිගැනීම් බවයි. නමුත් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කලින් පම්පෝරි කෙලින්නේ ‘කෝ හොරු ඇල්ලුවාද? යි ප්‍රශ්න කරමිනි.

කෙසේ වෙතත් 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ නාමල් රාජපක්ෂ කොළඹ මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා ඇත. ඔහු බන්ධනාගාරයෙන් සපයන රෑ කෑම වේල අද ලබා නොගත් අතර මහින්ද රාජපක්ෂ විසින් රාත්‍රී කෑම ගෙන එමින් නාමල් බැලීමට සවස බන්ධනාගාරයට පැමිණ සිටියේය.

විරුද්ධවාදීන් සුදුවෑන් වලින් අතුරුදහන් කරමින්, මාධ්‍ය ආයතන ගිනි තබමින්, මහජන මුදල් ප්‍රකෝටි ගණනින් සොරකම් කරමින් නාමල් රජ කරවන තුරු බලයේ සිටීමට සැලසුම් කළ මහින්ද රාජපක්ෂට නාමල් වෙනුවෙන් හිරේට කෑම අදින්න සිදුවෙතැයි කිසිදා සිතන්නට නැතිව ඇත. තමන් හොරකමට පුරුදු වූවා මදිවාට තම දරුවන්ටත් තරුණ වියේදීම හොරකම පුරුදු කළ කාලකන්නි පියෙකු වූ මහින්ද රාජපක්ෂ දැන්වත් අතීත වැරදි ගැන පාඩම් උගෙන ගන්නා බවක් නම් පෙනෙන්නට නැත.