යුරේනස්
නූතන කාලය තුළ සොයාගත් මුල්ම ග්‍රහ වස්තුව ද මෙය වේ. මුලින්ම සොයාගත් ග්‍රහයින් පස්දෙනා මෙන්ම පියවි ඇසට දර්ශනයවුවත් පැරණි නිරීක්ෂකයන් එය ග්රහලොවක් ලෙස හඳුනා නොගත්තේ එහි තිබූ අඳුරු ගතිය නිසාවෙනි. නූතන ඉතිහාසයේ ප්‍රථම වරට සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව දැන සිටි සීමා මායිම් පුළුල් කරමින් 1781 මාර්තු 13 වන දින සර් විලියම් හර්ෂෙල් විසින් යුරේනස් සොයාගැනීම ප්‍රසිද්ධියට පත් කරන ලද අතර එය දුරේක්ෂයක් යොදාගනිමින් සිදු කළ ප්‍රථම සොයාගැනීම ද විය.
යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයින් දෙදෙනා අභ්‍යන්තරික හා වායුගෝලීය සංයුතීන් අනුව විශාල වායු යෝධයින් වන බ්‍රහස්පති හා සෙනසුරුගෙන් වෙනස් වේ. අභ්‍යාවකාශ විද්‍යාඥයින් ඇතැම් විට ඒවා අයිස් යෝධයන් ලෙස වෙනස් වූ වර්ගීකරණයට ඇතුළත් කරයි. යුරේනස්ගේ වායුගෝලය බ්‍රහස්පති හා සෙනසුරුට සමාන වන මුලිකවම හයිඩ්රජන් හා හීලියම්වලින් සමන්විත වන අතර ජලය , ඇමෝනියා හා මීතේන් වැනි අයිස් විශාල ප්‍රමාණ වලින්ද සාමාන්‍ය හයිඩ්‍රොකාබන ශේෂයන් ෙගන්ද සමන්විතවේ. තවද එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සිසිල්ම ග්‍රහලෝකය ද වේ. එහි අවම උෂ්ණත්වය 49K (-224oC) පමණ වේ. එයට ස්ථරවලින් යුත් සංකීර්ණ වලාකුළු අකෘතියක් පවතී. එහිදී ජලය එහි පහළින්ම ඇති වළාකුළු ස්ථරය සාදන බවත් මීතේන් එහි ඉහළින්ම ඇති වලාකුළු ස්ථරය සාදන බවට උපකල්පනය කර ඇත.
අනෙකුත් යෝධ ග්‍රහලෝක මෙන්ම යුරේනස් හට ද වළලු පද්ධතියක් චුම්බක ගෝලයක් (magnetosphere) හා චන්ද්‍රයින් විශාල සංඛ්‍යාවක්ද ඇත. යුරේනස්ගේ පද්ධතිය පමණක් සතු ගුණාංගයක් පවතී. ඒ එහි භ්‍රමණ අක්ෂය ආසන්නව යුරේනස් හි සුර්යා වටා භ්‍රමණ තලයෙහි වන පරිදි පැත්තකට ඇලවී තිබිමයි.පබාහොමයක් ග්‍රහලොක වල සමකයන් ඇති පැත්තෙහි යුරේනස්ගේ ධ්රැව පිහිටයි. පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීමේ දී වළලු පද්ධතිය තුළ ඇති යුරේනස් දුනුවායන්ගේ ඉලක්කයක් ලෙස පෙනෙන අතර එය වටා ගමන් කරනා චන්ද්‍රයන් ඔරලෝසුවක කටු මෙන් වෙයි. නමුත් 2007 හා 2008 දී වළලුවල මායිම පෙනෙන ලදී. 1986 දී වොයෝජර් 2 යානයෙන් දුන් ඡායාරූප මගින් පෙන්වා දුන් පරිදි යුරේනස් සැබවින්ම දෘශ්‍ය ආලෝකයේදී එවැනි ලක්ෂණ නොමැති වෙනත් යෝධ ග්‍රහයින් මෙන් ස්ථරයන්හා කුණාටු වලින් තොර එකක් විය.කෙසේ නමුත් යුරේනස් පසුගිය වසර කිහිපය තුළ එහි සමකතා ලක්ෂයට ළඟා වීමත් සමඟ සෘතු වෙන්වීම කාළගුණ හැසිරීම්වල වෙනසක්ද පෘථීවි නිරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කර ඇත. යුරේනස් මත වන සුලංවලට තත්පරයට මීටර් 250ක පමණ වේගයක් ළඟා කර ගත හැක.
සොයා ගැනීම
ග්‍රහයකු ලෙස සොයා ගැනීමය ප්‍රථම අවස්ථා ගණනාවක දීම යුරේනස් නිරීක්ෂණය කර තිබුණද එය තාරකාවක් බවට වැරදි ලෙස හඳුනා ගැනුනි. මුල්ම නිරික්ෂණය 1690 දී ජෝන් ෆ්ලැමිස්ටීඩ් විසින් සිදු කරන ලදි. ඔහු විසින් යුරේනස්, ටෝරි 34 කාණ්ඩයට වර්ග කරන ලද අතර 6 වරක් පමණ එය නිරෟක්ෂණය කිරිමට ඔහුට හැකි වී තිබේ. පිට පිට රාත්‍රී හතරක දී යුරේනස්, දොළොස් වරක් නිරීක්ෂණය කිරිමට 1750 සිට 1769 දක්වා කාලයේ දී ප්‍රංශ තාරකා විද්‍යාඥ පියරේ ලෙමෙනියර් හට හැකි වි තිබේ. 1781 මාර්තු 13 වන දින ශ්‍රීමත් විලියම් හර්ෂල් විසින් තම නිවසේ උද්‍යානයේ සිට යුරේනස් ග්‍රහයා නිරික්ෂණය කරන ලදි. (අද එම නිවස හර්ෂල් තාරකා විද්‍යා කෞතුකාගාරය බවට පත්ව ඇත) කෙසේ වෙතත් ඔහු 1781 අප්‍රේල් මාසයේ දී එය වල්ගා තරැවක් ලෙස වාර්තා කළ අතර තමන් විසින්ම නිරම්ාණය කරන ලද දුරදක්නයක් භාවිතයෙන් ඔහු විසින් තව දුරටත් එය නිරීක්ෂණය කරන ලදි.
ඔහු විසින් රාජකිය සංගමයට ඉදිරිපත් කල වාර්තාවේ මෙසේ සදහන් විය.
“ මේ වල්ගා තරුව මා විසින් මුල් වරට දකින විට බලය වුයේ 227 කි. ග්‍රහ ලෝක මෙන් නොව එකතැන රැඳුනා වූ තාරකා වල විෂ්කම්භය ඉහල බල යටතේ විශාලනය කිරීමේ දී සමානුපාතික ලෙස නිවැරදි ව විශාලනය නොවන බව මම අත්දැකීමෙන් දන්නෙමි. එනිසා මම 460 සහ 932 යන කාල බල යටතේ එය නිරීක්ෂණය කළෙමි. එවිට එහි විෂ්කම්භය බලයත් සමඟ සමානුපාතිකව වැඩි වුනි. නමුත් එය සමඟ මා විසින් සසඳන ලද තාරකාවල විෂ්කම්බය බලය සමග සමානුපාතිකව වැඩි නොවුනි. ඉහළ බල වලදී මෙම වල්ගා තරැව අපැහැදිලි ගතියකින් දිස් වුනත් අනෙක් තාරකා වල පැහැදිලි බව ඒ අයුරින්ම තිබුණි. මේ කාරණා විලන් පෙනී යන්නේ මාගේ අනුමානයන් නිවැරදි බවය. මෑතක දී අප දුටු වල්ගාතරුව මෙය බව පැහැදිලි වේ. ”
හර්ෂල් විසින් නෙවිල් මැස්කිලයින් නමැති රාජකීය තාරකා විද්‍යාඥයාට තම සොයාගැනීම දැන් වූ අතර ඔහු විසින් මෙසේ ප්‍රතිචාර දක්වනලදි.
“ එය කුමක්දැයි කීමට මට නොහැකිය නමුත් විකේන්ද්‍රීය ඉලිප්සයක ගමන් කරන වල්ගා තරැ මෙන් නොව එය සූර්යයා වටා වෘත්තාකාර කක්ෂයක ගමන් කරන සාමාන්‍ය ග්‍රහ ලොකයක් මෙන් දිස් වේ. වල්ගා තරැවේ කොටාව හෝ වල්ගය මම තවම නොදැක්කෙමි. ”
තම නව වස්තුව වල්ගා තරැවක් ලෙස හර්ෂල් විසින් තවදුරටත් විස්තර කරන අතරතුරේ දී වෙනත් තාරකා විද්‍යාඥයින් මේ පිළිබද සැක පහල කරන ලදි.
රුසියානු තාරකා විද්‍යාඥ ඇන්ඩර්සන් ජෝන් ලෙක්සල් විසින් පෘථිවිය සහ සුර්යයා අතර දුර මෙන් 18 ගුණයක් දුරක් සූර්යයා සහ යුරේනස් අතර ඇති බව ඇස්තමේන්තු කලේය. පෘථිවි - සූර්ය දුරෙන් හතර ගුණයක්වත් ඈතින් පිහිටි වල්ගා තරුවක් මෙතෙක් නිරික්ෂණය කර නොතිබුණි. බර්ලින් තාරකා විද්‍යාඥ ජොහෑග් එලට් බෝඩ් විසින් නිගමනය කරන ලද්දේ එහි වෘත්තාකාර කක්ෂය නිසා එය වල්ගා තරැවකට වඩා ග්‍රහලෝකයක් වන්නට ඉඩ තිබෙන බවය. මෙම වස්තුව වැඩිකල් යන්නට පෙර ග්‍රහ ලෝකයක් ලෙස ලොව පුරා අය පිලිගත්හ. 1873 දි හර්ෂල් විසින් ද එය ග්‍රහ ලෝකයක් බව පිලිගත්තේ ය. මෙම සොයාගැනීම පිළිබද සතුටු වුනු තුන්වන ජොර්ජ් රජු විසින් හර්ෂල්ට පවුම් 2000 ක වාර්ෂක ත්‍යාගයක් දුර දක්නයෙන් නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි තම පදිංචියද මාරු කිරිමට හර්ෂල්ට සිදු විය.
කක්ෂය හා භ්‍රමණය
යුරේනස් සෑම පෘථිවි අවුරුදු 84 කටම වරක් සූර්යයා වටා පරිපූර්ණ වටයක් සම්පූර්ණ කරයි. එහි සිට සූර්යයාට ඇති මධ්‍යන්‍යය දුර කිලෝමීටර් බිලියන 3 ක් පමණ වේ. (AV20 පමණ) යුරේනස් මත සූර්යාලෝකනය තීව්‍රතාවය පෘතුවිය මතදී සුර්යයාලෝකයේ තීව්රතාවයෙන් 1/400 ක් පමණ වේ. එහි කක්ෂයේ මූලිකාංග මුලින්ම ගණනය කරන ලද්දේ 1783 දී පියරේ සිමෝන් ලාප්ලේස් විසිනි. කාලයත් සමගම ගණනය කරන ලද නිරීක්ෂණය කරන ලද කක්ෂ ගමන් මාර්ගය අතර වෙනස් කම් මතුවීමට පටන් ගත් අතර 1841 දී ජෝන් කවුච් ඇඩම්ස් මෙම වෙනස වෙනත් නොපෙනෙන ග්රහලොවක් නිසා සිදුවීමට ඉඩ ඇති බවට ප්‍රථම වරට ප්‍රකාශ කළේය. 1845 දී ජෝන් යුර්බේන් ලි වැරියර් යුරේනස්ගේ කක්ෂය පිළිබඳව ඔහුගේම නිදහස් ගවේෂණ කටයුතු පටන් ගත්තේය. 1846 සැප්තැම්බර් 23 ජොහාන් ගොට්ෆ්‍රයිඩ් ගෝල්, ලීවැරියර් අනාවැකි පල කළ ස්ථානයේදීම අළුත් ග්රහලොවක් සොයා ගත් අතර එය පසුව නෙප්චූන් නමින් නම් කරන ලදී.
අක්ෂයේ ඇලවීම
යුරේනස්ගේ අක්ෂයේ ඇලවීම අංශක 980 ක් පමණ නිසා යුරේනස්ගේ භ්‍රමණ අක්ෂය සෞරග්‍රහ මණ්ඩලයේ තලයට බොහෝ දුරට සමාන්තරව පවතී. මෙම නිසා එහි සෘතු විපර්යාස අනෙකුත් ග්‍රහ ලෝකවලින් සම්පූර්ණයෙන්ම වෙනස් වේ. අනෙක් ග්‍රහලෝක සෞරග්‍රහ මණ්ඩලයේ තලයට සාපේක්ෂව ඇලවෙන බෝල ලෙස දර්ශනය කළ හැකි අතර යුරේනස් වඩාත් සමාන වන්නේ පෙරළෙන බෝලයකටය. යුරේනස්ගේ සූර්ය නිවෘත්ති කාලය තුළදී එක් ධ්‍රැවයක් දිගටම හිරුට මුහුණලා තිබෙන අතර අනෙක් ධ්‍රැවය දිගටම හිරුට පසුපස හරවා පවතී. සමකය ආසන්නයේ පවතින තුනී තීරුවක් පමණක් වේගවත් දිවා රාත්‍රී චක්‍රයකට භාජනය වේ.
යුරේනස්ගේ කක්ෂයේ අනෙක් පසදී යුරේනස්ගේ ධ්‍රැවවල සූර්යයා කෙරෙහි දිශානතිය ප්‍රතිවිරුද්ධ වේ. සෑම ධ්රැවයක්ම එක දිගට අවුරුදු 42 ක සූර්යයාලෝකයක් ලබාගන්නා අතර එමෙන්ම එක දිගට අවුරුදු 42 ක් අදුරේද පවතී. වික්රාන්ති කාලය ආසන්නයේදී හිරු යුරේනස්ගේ සමකයට මුහුණපාන අතර එයට අනෙක් ග්‍රහලෝකවලට බොහෝ සමාන දිවා රාත්‍රී චක්‍රයක් ලබාදේ. යුරේනස් 2007 දෙසැම්බර් 7 එහි මෑතකදී සිදු වූ විශ්රවයට ළඟා විය.
උතුරු අර්ධගෝලය වසර දකුණු අර්ධගෝලය
ශිශිර සූර්ය නිවෘත්තිය 1902, 1986 ගිම්හාන සූර්ය නිවෘත්තිය
වසන්ත විෂුවය 1923, 2007 ශරත් විෂුවය
ගිම්හාන සූර්ය නිවෘත්තිය 1944, 2028 ශිශිර සූර්ය නිවෘත්තිය
ශරත් විෂුවය 1965, 2049 වසන්ත විෂුවය
මෙම අක්ෂීය දිශානතියේ ප්‍රතිඵලයක් වශයෙන් යුරේනස් තම පරිභ්‍රමණ කාලය තුළදී මධ්‍යගත වශයෙන් එහි ධ්‍රැවාසන්න ප්‍රදේශවලට, සමකාසන්න ප්‍රදේශවලට වඩා විශාල සූර්ය ශක්තියක් ලබා ගනී. කෙසේ වුවද යුරේනස්ගේ සමකය එහි ධ්රැවවලට වඩා උෂ්ණාධික වේ. මෙයට හේතුව තවමත් අනාවරණය කොට ගෙන නැත. යුරේනස්ගේ අසාමාන්‍ය අක්ෂ ඇලවීමට ද නිවැරදි හේතුවක් නොදන්නා නමුත් සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණයේදී පෘතුවියේ ප්‍රමාණය ගත් ප්‍රාක් ග්රහලොවක් යුරේනස් සමග ඝට්ටනය නිසා මෙය සිදු වන්නට ඇතැයි අනුමාන කෙරේ. 1986 වොයර් 2 හි පියාසැරියේදී යුරේනස්ගේ දක්ෂිණ ධ්‍රැවය සූර්යයාට බොහෝ සෙයින් කෙළින් එල්ල වී තිබුණි. මෙම ධ්‍රැවය දක්ෂිණ ධ්‍රැවය ලෙස නාමකරණය කරන ලද්දේ අන්තර් ජාතික තාරකා විද්‍යා සංගමයේ (International Astronomical Union) අනුමත කරන ලද අර්ථ දැක්වීමකට අනුවය. එහි දැක්වෙන පරිදි චන්ද්‍රිකාවක හෝ ග්‍රහලොවක උත්තරධ්රැවය වන්නේ ස්රර්යග්රහ මණ්ඩලයේ අචල තලයෙන් ඉහළට එසැවී තිබෙන ධ්‍රැවය වන අතර එයට ග්‍රහ ලෝකයේ භ්‍රමණ දිශාව බලනොපායි. කෙසේ වුවද සමහර අවස්ථාවලදී ධ්රැවතාවකරණය සඳහා වෙනස් සම්මුතියක් යොදා ගන්නා අතර ඒ පරිභ්‍රමණ දිශාවට අනුකූලව “දකුණත් නීතියෙන්” එම සම්මුතියට අනුව 1986 දී හිරුට මුහුණලා සිටියේ උත්තරධ්රැවයය. තාරකා විද්‍යාඥ පැට්රික් මුරේ මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “ඔබට කැමති එකක් හිතා ගන්න” යනුවෙනි.
දර්ශනය
1995- 2006 දක්වා යුරේනස්ගේ විද්‍යාමාන විශාලත්වය +5.6 සිට +5.9 දක්වා උච්ඡාවචනය වූ අතර පියවි ඇසට +6.5 ක සීමාවක දර්ශනයක් ලබාදුණි. එහි කෝණික විෂ්කම්භය විකලා 3.4 – 3.7 අතර වන අතර මෙය විකලා 16 සිට 20 දක්වා සෙනසුරුගේ කෝණික විශ්කම්භය සමග සැසඳිය යුතුය. පැහැදිලි අහසේදී යුරේනස් පියවි ඇසට අදුරේදී දර්ශනය වන අතර දුරදක්නයකින් අපැහැදිලි තත්ව යටතේ වුවද පැහැදිලිව දර්ශනය කර ගත හැක. බාහිර විෂ්කම්භය 15 – 23cm වූ දුරදක්න මගින් කොටසක් අඳුරු පැහැයෙනුත් කොටසක් ලා නිල් පැහැයෙනුත් සහිත තැටියක් ලෙස යුරේනස් පෙනෙන අතර විශ්කම්භය 25cm හෝ ඊට වැඩි විශාල දුරදක්න මගින් වළාකුළු රටා හා ටයිටේනියා ඔබිරන් වැනි විශාල චන්ද්‍රිකා පවා දර්ශනය කර ගත හැකිය.